Sunday, December 9, 2018

100. ලිවිම ඔසුවකි



කොහොම වුනත් යලට මහට ඇදට හරහට නැවතී නැවතී ලිව්ව විසිරි සිහින බ්ලොග් එකේ සිය වැන්නට ආවා...

ලිවීමට හොඳම තැන මොකක්ද ඇහුවොත් මම ඕනෑම කෙනෙක්ට කියන්නේ ඒ තමා බ්ලොග් එක කියලා.

ඒත් අපි මුහුණු පොතට තරම් බ්ලොග් කියන දේට සමීප වෙන්නේ නැහැ ..මං වුනත් ක්ෂණිකව මුහුණු පොතේ ලිව්වට බ්ලොගයට යන්නේ කාලයකින්.
මේ අද පෝස්ට් කීපයක්ම ලියලා සියවැන්නට ආවේ.....මාස ගානකට පස්සේ..
.
නමුත් බ්ලොග් එකක් කියන්නේ තමන් ලියපු දේ සුරක්ෂිත වෙන තැනක්...ඉස්සර මගේ කළු සහ සුදු බ්ලොගය මට අත හැරුනා..ඒත් ඒ ලිව්ව කාලය තමයි හොඳම කාලය...
ඉතින් මාසයකට ඒක පාරක් හරි ඇවිල්ලා පෝස්ට් දහයක් දොළහක් එකට ඇදල දාල හරි යන්න හිතාගත්තා.....

ඉතින් ජයවේවා....සිය වැන්නට .....



විසිරි

20 comments:

  1. යායට පිපුනු මල් සුවදින් පිපීයන්
    ඈතට නොගොස් බ්ලොගයේ නිති රැදීයන්
    සීතට ගලන උදුවප් සිරි රැදීයන්
    සීයට වඩා ලියන්න දිරි ලැබීයන්...

    ජයවේවා!:!:!

    ReplyDelete
  2. සියයට ජය වේවා !! බ්ලොග් තමයි ලියන්න හොඳම මාධ්‍යය . විසිරිගේ ලියමන් සරලයි රසවත් . දිගටම ලියන්න

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම ලියනවා...ස්තුතියි ඔබට

      Delete
  3. ලියන් විසිරි ඔබේ ලිපි ගැන Thilaka Sitha පවසන අදහසම මාත් ඉහළින්ම අනුමත කරනවා. බ්ලොග් එකේ ලියන්න. එය මූණු පොතට වඩා කාලයක් පවතිනවා. පහසුවෙන් නැවත සොයාගන්නත් හැකියි

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම ඔව් මම එය පිලි ගන්නවා...ස්තුතිය

      Delete