අපේ ජීවිතයේ හෘදයාංගම වචන වලට තියෙන තැන ගැන මම නිවාඩුවෙ කල්පනා කලා...
.
ඉස්සරම දවස් වල ඉස්කෝලෙ පන්ති යනකොට අම්මාට වඳින වෙලාවට අම්මා කියන්නෙ...බුදුසරණයි ...පරෙස්සමින් ගිහින් එන්න ඕන තේරුනාද....ඒක ටිකක් තදින් ඒත් ආදරයෙන් දෙන අණක්....
.
ඒත් තාත්තාගෙ ගාවදි ඒක කියවෙන්නෙ ඊට වඩා මෘදුව...තාත්තා ලා එහෙමයි.....අදටත් තාත්තා ට උදේ වැඩට යන ගමන් කතා කලාම ...බස් එකේද දෝණි එහෙනම් පරෙස්සමින් යන්න කියනවා....ඒක මුලු දවසටම ජීවිතේ ආශීර්වාදයක් වෙලා තියෙනවා වගෙ දැනෙනවා.....
.
මමත් කොල්ලො දෙන්න බයිසිකලේ අරන් එළියට බහිද්දි කෑගහනවා...පරෙස්සමින් හරිද...කියල...ඒ අම්මෙක්ගෙ tone එක....කොහෙ ගියත් අම්මාට කියල යන පුරුද්ද ඇති වෙන්නෙ ඒ හරහා කියලා ඉබේම මට දැනෙනවා...
.
අපේ ගෙදර ඉතින් මගෙන් ඇරෙන්න මට ඕක ආයෙ කියන කෙනෙක් නම් නෑ....මොකද ස්වාමිපුරුෂයා සහ ළමයි දන්නව ....එළියට බැස්සොත් හරි පරෙස්සමට ආයෙ ගෙදර එන වගකීම අම්මා අත ඇති බව....ඉඳහිට උඩ බලන් ගිහින් ලයිට් කණුවක හැප්පෙන එක...බස් එකේ බ්‍රේක් ගහන කොට විසිවෙලා වැටෙන එක වගෙ ඒවා නෙවේ මේ කියන්නෙ...
.
සාමාන්‍යයෙන් කෙනෙක්ට කටපාඩමට පරෙස්සමින් යන්න...බුදුසරණයි ...take care, god bless...ඕනම එකක් කියලා දාන්න පුලුවන් ....ඒත් හෘදයාංගම ව ප්‍රාර්ථනා කරන දේක ඊට වඩා ලොකුම ගැම්මක් හයියක් තියෙනවා....ඒ කියන කෙනා තමන්ගෙ කවුරුවත් වෙන්න ඕන නෑ ඒ වෙලාවට......
.
අපි ජීවිතේ හෙම්බත් වෙන කල් වැඩ කරන මිනිස්සු...ඒ ජීවිතේ තමන්ට ආශීර්වාද කෙරෙන සමහර වචන හරියට සෙත් පිරිත් වගේ.....
.
විසිරි
No comments:
Post a Comment