Monday, December 26, 2016

20. ඔබට හිමි එතැන (කවි)




ඔබ කිසිම කිසි දින වටහා නොගන්නා සොඳුරුම ඉසව්වක් ඔබ වෙනුවෙන් මේ හදවතේ ඇති බව..ඉතින් මා කෙලෙසක කියා දෙන්නද...

ඔබ ඇසුරේ කෙතෙක් දැවටුණද...ඒ ඔබ වටහා නොගන්නා අපූර්ව ප්‍රේමය උපදිනා ඉසව්වයි....


ඔව්....ඒ එතැන
ඔබ කිසිදු විට නොදන්නා
අදිසි තැන.....

ඔබෙ මතක සඟවන්න
හිතුවිටෙක යළි රැගෙන
දැකගන්න
මගෙ ලොවෙහි
ඔබට හිමි ඒ එතැන....

කවි ගීත සිතුවම්ද
සිය දහස් උපදින
යායකට මල් කිණිති ඇහැරෙන
ඒ නිහඬ තැන....

ඔබ හිඳින
ඔබ නොදත්
ඒ නිහඬ තැන...

ඔව් ...ඒ එතැන
ඔබ සඟවාන
මම ඉන්න
අදිසි තැන......

4 comments:

  1. ලොවටම හොරා
    ඔබටත් හොරා
    ඔබව සඟවන්
    රකිමි ඔබව මම

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සිතුවිලි අහුරක්

      Delete
  2. එ්තැන ඒ ඔබ ‍ෙනෙොදත් තැන

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම ඒ ඔබ නොදත් තැන.....

      Delete