Thursday, December 1, 2016

13.නුඹම හිනැහෙන ප්‍රේමයක් (කවි)





බලා උන් සඳ දෙනෙත් නොපියා
නෙතින් පිබිදුණ හීනයක්
අතින් වත් නුඹ ඇල්ලුවේ නෑ
කියා ගතු කී ප්‍රේමයක්....



සිතින් ලොබ බැඳි සෙනෙහෙ සුසුමක
අතරමං වූ ප්‍රේමයක්
කඳුලු තිර පට වැසුණ දෑසක
සෙමින් ඇතිරූ හීනයක්...


නුඹේ ලය මත පෙමින් දැවටෙන
එකම මොහොතක හීනයක්
ඇසැර බැලු සඳ කිසිත් නොම වන
නුඹම හිනැහෙන ප්‍රේමයක්



2016 / 12 / 02

2 comments: