Thursday, December 1, 2016

12.මලක් වැනි ඔබේ දරුවා වටහා ගන්න (සෞඛ්‍ය)

මෙම  ලිපිය මා විසින් පවුර වෙබ් අඩවිය වෙත සම්පාදනය කරන ලද්දකි





උදෑසන දුම්රියේ සේවයට පැමිණෙන විට අපූරු අත්දැකීම්වලට  මුහුණ පාන්නට සිදුවීම  දවසේ  පුරුද්දක් වෙලා දැන. ඒ අතරේ  ලියන්නට දැනුමට යමක් එක් කරන්නට සමත් වෙන අත්දැකීම්ද නැතිවා නොවෙයි. 

මා ඉදගත් අසුනේ ඉදිරිපස  අම්මා කෙනෙකුයි  පොඩි පුතෙකුයි මා  දුම්රියට නගින්නේ අතරමැදි  නැවතුමකින් නිසා ඔවුන් ඉදිරිපස  තිබූ අසුනේ මම හිදගත්තේ  අවුරුදු  හතරක් පමණ වියැති  දරුවා ජනේල කවුළුව අසල ඉන් එහාට  වෙන්නට අම්මා. මම  පුදුරුදු පරිදි  පොතක් අතට ගත්තා. නෙත් කෙළවර ට හසුවන්නේ  දරුවාගේ  හැසිරිම් රටාව.


දුම්රිය කවුළුව ට මුව තැබීම, අත එළියට දැමීම ආදී නා නා ප්‍රකාර දඟ චරියාවන් අම්මාට  එපා  කියන වචනය  කියා නිම කරන්නට බැරි තරම් එපා කියන තරමට ම දරුවාගේ ඒ හැසිරීම්  වැඩියි  මඳක් වෙලා ගිය පසු දුම්රියේ  සෙවග  වැඩි වෙද්දී  අම්මාට සිදු වුනා  දරුවා උකුලට ගන්නට එම තත්වය තව තවත්  දරුවාගේ නොසන්සුන්කම  වැඩි කරන්නට සමත් වුනා. මවට පහර දෙන්නත්, සපා කන්නත් කොනිත්තන්නත් පටන් ගත් ඔහු  වරෙක බිම හිඳගත්තා දුම්රිය  මගින්ගේ විමසුම් බැල්ම මත  අම්මා පත් වුනේ අපහසුතාවයට.....

‘‘ මෙයා ටිකක් දඟයි  එත් මේ නම් උදේම නැගිටලා ආව නිසා... ,,  සමාව අයදින  ස්වරයෙන් ඇය ප්‍රකාශ කළා.  උදෑසන  තේ පානය වෙනුවෙන් ගත්  බිස්කට්  පැකට්ටුවක් බෑගයේ  ඇති බව මට සිහිවුනේ  ඒ අතරම දරුවගෙ මවගෙන් කැමැත්තගෙන එය ඔහු අත තැබූ විට  කලහකාරි බවින්  මිදුණු ඔහු පාඩුවේ  එය  කෑමට පටන් ගත්තා ‘‘ නැන්දාට තැන්යූ කියන්න ,, අම්මා කීවත් ඔහු එය ගණනකට ගත්තේ නැහැ නමුත් ලැජ්ජාශීලි සිනහවක්.
ඉහත කථා සිද්ධිය  දරුවා යම් චර්ය ගැටලු සහිත දරුවෙකු බව මා වටහාගත්තා.

නමුත් බොහෝමයක් දෙනා එය මවගේ  හෝ පියාගේ වැරදි “ දරුවා හදපු හැටි,  ලෙස සලකනවා. චර්යාත්මක ගැටලු දරන දරුවන් බොහෝ විට ඕටිසම් හෙවත්  ළමා මනෝ වික්ෂිප්ත භාවය (Autism)අධි ක්‍රියාකාරීත්වය හෙවත් hyperactivity හෝ අවබෝධ ඌනතා (leaming diffeculties)සහිත දරුවන් විය හැකියි. 

සාමාන්‍ය දරුවෙකුට වඩා විශේෂ  අවශ්‍යතා සහිත දරුවෙකු ගේ  විවිධ චර්යා ගැටලු  නිරීක්ෂණය  කළ හැකියි. ඉන් සමහරක් නම් 
01. සපා කෑම සහ බිම පෙරලීම 
02.සපා කෑම , කෙනිත්තීම
03.හිස යමක් වද්දාගැනීම 
04.ශරීරය දරදඩු කිරීම...
ආදියයි. මෙහිදී දරුවා මෙම චර්යා නිසා තම වර්ධන ක්‍රියාකාරකම්  වලින් ඈත්වන අතර  මුළුගැන්වීමට ද හේතුවේ

සාමාන්‍ය දරුවෙකුට වඩා  චර්යාත්මක  ගැටලු සහිත  විශේෂ  දරුවන්  කෙරෙහි  දෙමාපියන් අවධානය  යොමු කළ යුතුයි.  මන්ද  සාමාන්‍ය දරුවෙකුගේ උක්ත හැසිරීම් කාලය හා  ශාරීරික , මානසික වර්ධනය  සමග නිශේධනය වුවත් විශේෂ  අවශ්‍යතා ඇති  දරුවන්ගේ මෙම තත්වය වඩ වඩා උග්‍ර වන  බැවිනි.  කාලය හා වයස  සමගින් ඉහත ගැටලු සහගත  තත්වය  වැඩි වන අතර මේ හේතුවෙන්  දරුවාගේ  සියලුම ක්ෂේත්‍රවල  සංවර්ධනය අඩාල වේ.

විශේෂ  අවශ්‍යතා සහිත වන දරුවෙකු චර්යාත්මක දුබලතා  සහිතවීමට  විවිධ හේතු ඇත. ඉන් සමහරක් නම් 
01. ශාරීරික, මානසික හා අවබෝධ ඌනතා
02. සන්නිවේදනයේ ගැටලු 
03.සමාජගත වීමේ ගැටලු 
04.සීමා කිරීම් වැඩිවීම 
05. අවබෝධය

මෙම කරුණු ගැන පහත පැහැදිලි කරදෙන  ලෙසින් මදක් විමසිලිමත් වන්න. සාමාන්‍ය දරුවකු හට සේම  දුව පැන අවිදීමට නොහැකි  නම් යහත් මානසික සෞඛ්‍යයක් නොමැති වේ නම්  අවබෝධකර ගැනීමේ හැකියාව මඳවේ නම්  කේන්තියාම කලහකාරීවීම තනිවී සිටීමට කැමතිවීම ආදී හැසිරීම් රටාවේ වෙනස් කම් දරුවාට බොහෝවිට ඇතිවේ.

එමෙන්ම තමන්ගේ  අවශ්‍යතා අදහස් ප්‍රකාශ කළ නොහැකි වන විටත් අනුන් කියනා කරනා දෙය සහ අදහස් වටහා ගත නොහැකි වන විටත් දරුවෙකු දැඩි ලෙස නොසන්සුන්  වේ.

ඕටිසම් (Autism)  සහිත දරුවන් ඇතුළුව බොහොමයක්  දරුවන් සමාජශීලී නොවේ.  ඔවුන්ට සමාජීය හැසිරීම්  පුද්ගල සම්බන්ධතා අනොන්‍ය ක්‍රියාකාරකම් සම්බන්ධව සාමාන්‍ය පුද්ගලයෙකු සතුවන  සමාජ කුසලතා පිහිටන්නේ නැත.

එවිට ද චර්යාත්මක ගැටලු  ඇතිවීමට ඉඩ ඇත.
මෙවැනි දරුවන් සාමාන්‍ය  දරුවන්ට වඩා විශේෂ ආකාරයෙන්  රැකබලා ගැනීමට  දෙමව්පියන් පෙළඹීම නිසා සීමාවන් පැනවීම බහුලවම සිදුවේ. 

 අනතුරු සිදුකර ගැනීම හා දරුවාගේ  සීමා සහිත  කුසලතා මත දෙමාපියන්  බොහෝ විට  අත්‍යවශ්‍ය  තරමේ  සිමාවන්  දරුවන්ට  පනවනු දැකිය හැක.  නමුත් එපා යන වදනත් සමගින්  ඕනෑම දරුවකුසේම  මෙවැනි දරුවකුද පත්වන්නෙ අණකිරීම් හා විධාන  නොසලකා හරින මට්ටමටය. 
බොහෝ විට පහරදීම්  සපාකෑම්  කෙනෙත්තීම් ආදිය ද හිස බිත්තියේ වද්දා ගැනීම. අධික ලෙස  කෑගැසීම ආදී චාර්යාද දැකිය හැක.

දරුවකුගේ තවත් දරුවකුට මෙම චර්යා තත්වයන් වෙනස් වන අතර  මෙවැනි   දරුවකු ප්‍රතිකාර සදහා යොමු කිරීමේදී දරුවා සම්බන්ධ මනා නිරීක්ෂණයකින් වටහාගත් චර්යා ගැටලු  ඔබ  (දෙමාපියන් ) සටහන් කර තැබීම වැදගත් වේ. මන්ද ඔ බ දරුවාගේ  සියලුම අංශවල ගැටලු පිළිබද  වඩා  විමසිලිම්ත හෙයින් සමහර මද වෙනස්කම් ඇති චාර්යාද අසාමාන්‍ය ගැටලු ලෙස  වටහා ගත හැකි බැවිනි.  ඔබේ ළමා මනෝ වෛද්‍යවරයා වෙත මේ ගැටලු සමග යොමු වූ විට අදාළ චර්යා ප්‍රතිකාර  පිණිස  වෘත්තිය චිකිත්සක නිලධාරිනියකට වෙත ඔබේ දරුවා යොමු කරනු ඇත. 

චර්යා ගැටලු සදහා මනා ප්‍රතිකාර ක්‍රමවේදයක් ඉතා අවශ්‍ය වේ. මන්ද සුළු තත්වයේ ගැටලු ක්‍රමාණුකූලව වැඩිවී දරුවාගේ  එදිනෙදා  වැඩ කටයුතු අධ්‍යාපනය සහ සමාජ ගත වීම් සියල්ලම අඩාල වන හෙයිනි.

ඔබේ දරුවා හැමවිටම සුවිශේෂ බව මතක තබාගන්න. චර්යා ගැටලුවලදී ඇතැම්විට  දරුවාගේ සමහර  චර්යාවන් නොසලකා   හැරීමට  සිදුවේ.  අනවශ්‍ය අවධානය ඇතැම්විට  දරුවා ඔබගෙන් චර්යා ගැටලු හා එක්ව අපේක්ෂා කරන දෙයම වීමට ඉඩ ඇත. එබදු  විටෙක අනවශ්‍ය හැසිරීම්  කෑ කෝ ගැසීම් ඔබේ අවධානයට නොගත යුතුය.

එසේම දරුවාගේ කලහකාරී හැසිරීම අභිබවා  යන තත්වයකට  ඔබ පත් නොවිය යුතුය. 
දරුවා දිගින් දිගටම  නොසන්සුන් වේ නම්  ඊට හේතුවන  කාරණා  සෙවිය යුතු අතර අදාළ කාරණය ඉවත් කළ හැකි හා ඉවත් කළ යුතු සංසිද්ධියක් වේ නම් එය දරුවාගෙන් ඈත් කළ යුතුය. 


උදාරහණයක් ලෙස දරුවා නොසන්සුන්වන්නේ යම් ශබ්දයක් නිසා නම් එතැනින් එය ඉවත් කල හැක. එසේම දරුවාගේ  අවධානය ද ක්‍රමාණුකූල ලෙස වෙනතකට හැරවීමේ ක්‍රියාකාරකමක දරුවා යෙදවිය හැක.
සන්නිවේදන ය වැඩි දියුණු කිරීම බොහෝ චර්යා ගැටලු  වලට විසදුමකි. මේ ඇසුරින්  ඔබට දරුවාගේ  තත්වය වටහා ගත හැක. දරුවා වාචිකව හෝ අවාචිකව ඉදිරිපත් කරන අවශ්‍යතාවය ඔබ  මනා ලෙස අවබෝධ කර ගැනීමටත් ඔබ විසින් දරුවාට අදහස්  පැහැදිලිව හා  සරලව ලබාදීමත් ඉතා වැදගත් වේ. 

ඇතැම් විට දරුවා චර්යාත්මක ගැටලුවක් ලෙස ඔබ වෙත ගෙන හැර පාන්නෙ ඔහුගේ  යම් අවශ්‍යතාවක්  වන්නට පුළුවන කුසගින්න මුත්‍රා කිරිමේ අවශ්‍යතාය මළපහ වීමේ ගැටලු ආදිය වීමට ඉඩ ඇත.  ඔබ  දරුවාගේ ශාරීරික තත්ව  ගැන  එහෙයින් මනා සූදානමක් සහිතවීම  ඇතැම් ගැටලු  ගැටලුවක් නොවන  ත්තවයට ගැනීමට හේතුවේ. 

පෙර සූදානම්ක සහිතවීම  මෙවන් දරුවන් හා සිටීමේදී  වඩා වැදගත්ය.  දරුවා සදහා බිස්කට්  එකක් වතුර  බෝතලයක්  ලොකු ලේන්සුවක්  මෙන්ම කුඩා සෙල්ලම්  බඩුවක් නිතර  ඔබ සතුව  තිබීම  වැදගත්ය.

ඇතැම් දරුවන්  අධි කලහකාරීය එවාට සරල උපක්‍රම නිසා දරුවාගේ  චර්යා ගැටලු සුව නොවන  අතර මෙවිට  ස්ථාවර තද නමුත් වේදනාවක් ඇති නොවන සේ  දරුවාගේ කලහකාරී බව නැවැත්වීමට ඔබ සමත්විය යුතුය. මෙය ඉතා සුපරික්ෂාකාරීව වෘත්තිය  චිකිත්සක නිලධාරියක වෙතින් විමසා  ගත යුතුවේ. 

දරුවා යනු මලක් වැනි නොමේරූ සුන්දර  වස්තුවකි.  එබැවින්  දරුවාගේ ශාරීරික මානසික  යහපැවැත්ම පවත්වා ගැනීම ඔභ සතු වගකීමකි. දරුවකු  වෙනස් චරියා දක්වන විට ඔබ දැඩි අපහසුතාවයකට පත්වන නමුත් එයට ඔබ සතුවන සරල විසදුම් බොහෝ විට ඔබම නොදනී.




මෙම ලිපිය එවැනි දේ සම්බන්ධයෙන් ඔබ දැනුවත් කිරීම සදහා සම්පාදනය කරන ලද්දකි. 

2 comments:

  1. අක්කේ, ගොඩාක් ස්තූතියි මේ ලිපි වලට. මං පළමුවෙනි වතාවටයි ඔයාගේ මේ ලිපි කියවන්න ගොඩවුණේ. ගොඩාක් වටිනවා මේවා. :)

    ReplyDelete
  2. මට ඔබට කතා කළහැකිද ?මගේ දරුවාගේ හැසිරීම සාමාන්‍ය ද නැද්ද යන ගැටළුවක් මට ඇත.

    ReplyDelete