මම නිකම් ඉස්පාසුවක් නැතුව ලියන්න අරන් වගේ මට හිතෙනවා....නමුත් ඒ ආසාව වැඩි කලේ ඔබයි....මගෙ මතක ඇවිස්සෙද්දි ඔබ මාව තවත් දිරිමත් කලා...කාලයක් ගොඩක්ම ලිව්ව කෙනෙක් විදියට මගේ ලිවීම මගදි අඩපණ වුනේ..මුහුණු පොත නිසා....ඒකෙන් මිදෙන හොඳම මග ලෙස මම දැක්කෙත් ආයෙම පටන් ගත්තෙත් බ්ලොග් ලිවීම...
ජීවිතේ හැමදාම එක වගේ නැහැ..මම කාර්ය බහුල රස්සාවක යෙදෙන කෙනෙක්... සමහරක් විට ඉදිරි මාස වල මේ සීග්‍රතාවය අඩාල වේවි...ඒත් ලිවීමේ සා පිපාසාව නොසන්සිඳේවා කියලා මම මා වෙනුවෙන් පතනවා
ජීවිතේ හැමදාම එක වගේ නැහැ..මම කාර්ය බහුල රස්සාවක යෙදෙන කෙනෙක්... සමහරක් විට ඉදිරි මාස වල මේ සීග්‍රතාවය අඩාල වේවි...ඒත් ලිවීමේ සා පිපාසාව නොසන්සිඳේවා කියලා මම මා වෙනුවෙන් පතනවා
අර කියවන් ගිය කෑම ජාති වල රස අමතක වෙන්න කලින් ඔන්න මේ දෙවනි කොටසට ආවා....මුල් කොටස මෙතනින්
ඔය 70 දශකය තුළ උපත ලද අය ට මතක ඇති සීනි කූරු වගයක් තිබුනා...සුදු පාට හුණු කූරක් වගේ කූරෙ රෝස / කොළ වගේ පාටින් ඉරි වැටිච්ච...කන්න ගන්න කොටම දියවෙමින් යන....මට ඒකට සීනිකූරු කියනවට වඩා අනන්‍ය නමක් එන්නෙ නෑ...කොහොම හරි මට මතක කාල ඉවර වෙද්දි උඩ තල්ල හම ගිහින් කියන එක...
එතකොට අර හූණු බිත්තර / කඩි බිත්තර කියල කියපු සීනිබෝල ජාතිය..මැදට දුරු ඇටයක් දාල තිබුනෙ ..පාට පාටින්...ඉස්සර අපි දහම් පාසල් යද්දි...ලොකු හාමුදුරුවන් ගාව මේ තඩි බෝතලයක් තිබුනා...ලමයිටික පේලියට තියලා අල්ලට ටික ටික බෙදනවා....මට තාම මතකයි...
ඔය කඩවල් වල තිබුණ කෑම ජාති වලට අමතරව ගස් වල තිබ්බ නොකෑ දෙයක් තියේද කියල මම ආයෙම හිතුවෙ....අර මගේ අරපිරිමැස්ම පෝස්ටුවෙ ලිඛිතා දාල තිබුණ කොමෙන්ට් එකත් එක්ක...ගස් වල කුරුඳු පොතු ගහේ තියෙද්දිම උලාකෑව මතකය මටත් තියනවා...
අද කාලෙ අපේ ළමයින් මේව කියෙව්වොත්
හිතාවි...එක්කො මේ බඩජාරි කම කියල නැත්නම් හිතාවි අම්මලට ඒකාලෙ තිබුන බඩගින්න...ඇයි ගෙදරින් කන්න දුන්නෙ නැද්ද කියල...
අපේ ගම මැද්දෙන් ගලා ගියා ප්‍රධාන ගංගාවක අතු ගඟක්...ගඟේ නාන්න යන හැම විටකම ගඟට නැමුණ අත්තික්කා ගස් වල කිරි සහ කහට රස මුසු ගෙඩි කන්නත් අපි හරිම ආසයි....අත්තික්කා ගෙඩියක් දෙකට කැඩුවම ඒකෙ මැද රේනු අස්සෙ පොඩි පණුවො...කෝඳුරුවො නැතුවාම නෙවේ....ඉස්සර ගැමියො කිව්වලු කෝඳුරුවන් උපත ලබන්නේ අත්තික්කා ගෙඩි වලින් කියලත්....කට වහරෙන් අහුලා ගත්තු කතාවක් ඒක...
ගොඩපර කාල තියද....ඇඹුල්...කහට..හීන් පැනි රසක් එක්ක මුසු වුන ගොඩපර ගෙඩි කන්නෙ නිකම් ගහට වඳුරො වැහුවා වගේ..කටකලු පාට වෙන නිසාම කටකලුවා නමින් හැඳින්වුණ බෝවිටියා ගෙඩි ....දං පඳුරු වල පිරුණ දං ..කටු ගොඩේ සීරෙමින් කඩාගෙන කෑ එරමිණියා සහ ඇඹිල ....රස එකින් එක මනසට එකතු වෙනවා...
ගමේ ඇළදොළ වල පිපුණ නෙලුම්..ඕලු මල් වල ගෙඩි..( බට්ටො ) කන එක මම හිතන්නේ ඒ කාලෙ ඕනම ලමයෙක් ආසාම කල දෙයක්....ඕලු ගෙඩියෙ නම් පුංචි පුංචි ඇට ගොඩක් තිබුනෙ..කිරි රසට....නෙලුම් බට්ටා ඊට ලොකුයි..මැද තැනින් තැන තරමක ඇට...ඒවාත් කිරි රසයි......
අද ගමට ගියාම ඔය එක ගඩා ගෙඩියක් දකින්න ලැබෙන්නෙ නෑ.....කාලය එක්ක ගම ත් සංවර්ධනය වුනා...ගමේ සොබා සිරිය වැනසුනා...අද ඒක තවත් සීග්‍රයෙන් වැනසෙන බව ඇස් පනාපිටම අපි දකිනවා....
මතකයක අහුරා ගෙන පමණක් මේ අපූරු රසවත් අත්දැකීම් ලෝකයට දෙන්නයි දැන් අපට වෙලා තියෙන්නෙ
ජනවාරි මාසෙට සටහන් නවයක් ලියලා...මේ නව වැන්න...ඉතින් ආයෙම මාසෙකින් හමුවෙමු නේද...ඒ කියන්නෙ හෙටින් පස්සෙ පෙබරවාරි මාසෙනෙ
පළවෙනි කමෙන්ට් එක දාලම කියවනවා අද :)
ReplyDeleteඅම්මේ එකහුස්මට කියෙව්වා.... මේ පෝස්ට් එකේ තියෙන ගොඩක් ජාති මම කාලා නැ.... කන්න පුළුවන් බව දැනගෙන හිටියෙත් නැ... කොහේ හරි දැක්කොත් කන්නම ඕනේ විසිරි...
Deleteඔබ හරි අඩුතරමින් මේ ලියන දේවල් එක්ක පස්සේ කාලෙක කෙනෙක් කියවලා හරි රසවිඳී වී... ඉතින් ඒ නිසා ඔබ ලිවිය යුතුමය
ස්තුතියි එරන්දි....කෑම පිලිබඳ මතක පොත ටිකක් දැන් ඇති වගේ...ඉස්කෝලෙ කාලෙ පොඩි මතක ටිකක් ලියන්නට ඕන....
Deleteපොඩිකාලේ ඩේලි නෑවා කටුගස් ඇල්ලෙන්...ඒකේ තුන්හුලස් වල අයිනේ තිබුනා බටදොඹ ගහක්..බ්ලූ බෙරි වගේ චූටි පේර ගෙඩි හැඩේ මාර රහ කෑමක් ඒක..ඊට එහායින් තිබුන ඇටඹ ගහේ වලු පිරිලා හැදෙනව ඇටඹ..හම්මේ ඒව්වයේ රහ මතක් උනා...!
ReplyDeleteතාමත් ඉස්කෝලේ ටක්ශොප් එකේ බතල එහෙම දාලා හදන කට්ලට්ස් වල රහ හොයාගන්න බෑ කොහෙවත්...!!
දැන් දං කැලයක් හොයාගන්නවත් නෑනේ ඇත්තටම...!!
මම බටදොඹ කාලා නෑ....අර අපේ පැත්තෙ තිබුණා චීන පේර කියලා පොඩි පේර ජාතියක්..අන්න ඒව නම් කෑවා...
Deleteමතකයන් ගොඩාක් අලුත්වුණා මේ ලිපියත් එක්ක, විසිරි.
ReplyDeleteචෙෆාකි කිව්ව වගේ මම ඉස්කෝලෙ යන දවස්වල පාරෙ දං ගස් පේලියක් තිබ්බා. අදත් ඒ ගස් දෙකක් ඉතිරිවෙලා තියෙනවා. අද ළමයි ඒවා පලතුරක්ද කියලත් දන්නෙ නැතුව ඇති.
ජයවේවා!!!
දුමී දන්නවද...අපේ ගෙදර මාදං ගහක් තියනවා....අඩි තිහකට වඩා උසයි...ගෙඩි හැදෙන කාලෙට කන්න වෙන්නෙ ඉදිලා වැටුනම අහුලං....ඒ ගහ යට පිරිසිදුවටම ඉතින් තියාගන්නවා ඒ නිසා....
DeleteThis comment has been removed by the author.
ReplyDeleteගොඩපොර කියන්නෙ කන ජාතියක්ද ? අපේ ආච්ච්ලගේ ගමේ ඒවා තිබුනා හැබැයි අම්මලා අපිට කිව්වේ ඒවානම් කටේවත් තියන්න එපා වහ කියල.ඔයා කියලා තියෙන මේ ගඩා ගෙඩි වලින් දං , බෝවිටියා ඇරෙන්න අනිත් ඒවනම් මම කාලා නෑ අපි ජීවත් උන ප්‍රදේශයේ අපි පොඩි කාලෙවත් ඔහොම ගඩා ගෙඩි කන්න තැන් තිබුනේ නෑ හරිම නාගරිකයි. අපේ ආච්චිලගෙ ගෙදර ගියාම තමා මේ වගේ කැලේ පැන්නේ.එතකොට නම් කාලා තියෙනව ඇබිල්ල කියල ජාතියකුත් තව මොකක්ද කටු තියෙන ගහක ගෙඩියක් කෑවා මට ඒකේ නම මතක නෑ දැන්
Deleteගොඩපොර නෙවී ගොඩපර...කාපු තරමට වස වුනා නම් ගමේම ලමයි ඉවරයි...හිහි...හැබැයි ටිකක් පිස්සු ගතියක් ආවෙ ඒක නිසාද මන්දා.,,,ගමක ජීවත් වීමේ එක භාග්‍යයක් තමා ඕක..සීමා සහිත පහසුකම් මැද ජීවත් උනත්
Deleteමම ඇත්තෙන්ම ඔය කියපු එකක්වත් ඔය මූඩ් එකෙන් කාලා නැහැ..සීනි කූරු හැරුණම. අපේ නෝනා නම් ඉතින් ඒකටත් එක්ක...
ReplyDeleteකන එක මූඩ් එකේම කන්න ඕන කොච්චි.....හැබැයි ඒ කාලෙ කාපු මූඩ් එක රහට මතක් වෙන්නෙ දැනුයි...
Deleteමන් ගොඩපර ඔළුවෙ ගාලා ඉස්කෝලෙත් ගිහින් තියෙනවා
ReplyDeleteහෑ.. හෝදන්නේ නැතුව ?
Deleteඔන්න මට අහන්න වෙන්නෙත් දුමී අහපු එකම තමා....
Deleteසීනි කුරු නම් තවත් කනවා ඉඳලා හිටලා
ReplyDeleteමතක නේ
ඔව් ඔව් රසායි නේද
Deleteඅපේ ලමා කාලයනම් සුන්දර මතකයන් ගොන්නක්, නමුත් අද අපේ දරුවන් යාන්ත්‍රික වෙලා, ඒකට අපිත් වග කියන්න ඕන. මගේ දරුව පරිඝණකයෙන් ටිකක් දුරස් කරල සොබා දහමට තවත් නැඹුරු කරන්න මම හිතා ගත්තා මේ ලිපිය කියෙව්වට පස්සෙ. හැබැයි අපිට ලමා කාලෙදි තිබුණ බොහොමයක් සුන්දර දේ අද අපේ දරුවන් වෙනුවෙන් ඉතිරි වෙලා නෑ, ඒ අපරාධය කරල තියෙන්නෙත් අපේ පරම්පරාවමයි නේද කියල හිතෙනකොට හිතට එන්නෙ පශ්චත්තාපයක්
ReplyDeletehttps://nopalakatha.blogspot.com/
අඩු ගානෙ අපි වචනෙක දෙකක අමුනලා හරි මෙහෙම ලියනෙක වත් ඔවුන් කියවයි කවදා හෝ...මම ඔයාගෙ සමහර ලිපි වල ඒ අපූරු සුන්දරත්වය දුටුවා
Delete