මේ බ්ලොග් පෝස්ටුවට පින්තූරයක් දමන්න මම අන්තර්ජාලයේ school girls in srilanka කියලා ටයිප් කලාම මට බ්ලොග් පෝස්ටුව ලියන එක අත්හැර දමන්නත් හිතුණා....අනේ අපේ දරුවන්ගේ වර්තමාන පාසල් දිවිය එහි පෙන්වන හැටි...
කෙසේ වුවත් අන්තිමට පැන්සල් සටහනකින් වත් රුවක් මම එක්කර ගන්නවා...මෙන්න මෙහෙම
අපේ ජීවිතේ පාට පාට හීන තියන කාලයක් තියනවා...ඒ කාලේ තමයි ඉස්කෝලේ ගියපු කාලේ.මගේ ඉස්කෝලේ කාලේ නම්න් සුන්දර හීන මතක රාශියකින් පිරිලා තිබුණා...පාට පාටින් හැඩ වුණ ඒ හීන ඇතුලේ ඉඳහිට කඳුලුත් නොතිබුනා නෙවෙයි..ඒ වුනාට ලෝකෙටම පේන්න අපි හිනා වෙලා උන්නා..
බාලිකාවේ අරලියා සුවඳ එක්ක අපේ ජීවිත හරි අපූරුවට ගෙවුණා...දඩබ්බර කම් නොකලා නෙවෙයි...අනන්තවත් කලා..ගුරුවරුන්ගෙන් බැනුම් අහන්න ඇති කප්පරකට...ඒත් අපේ ගුරුවරුන්...ඔක්කොම වගේ ගුරුතුමියන්....අදත් අපිට හරිම ආදරෙයි..අවුරුදු විසි ගානකට පාසේ ගිය අවුරුද්දේ පාසලේ පා ගමනට ගියාම ඇවිස්සුන මතක අස්සේ අපි තාම ඉන්නවා නේද කියලා මට දැනුනා
ඕනෑම ගෝලයෙක්ට මේ පරණ අපිව තාම අඳුන්වලා දෙන්නේ හොඳම නිර්වචනයන් එක්ක,....හුඟාක් වෙලාවට දුන්න ප්‍රසිද්දම කොමෙන්ට් එක වුනේ..."මුන් අර එක ලමයෙක්ට පිස්සු හදවපු උන් නේ......."....තනිකරම පිස්සු වැඩ කල අපි එක්ක උන්න එක ලමයෙකුට ඇත්තටම මානසික ආබාධයක් හැදුනා...මේ කතාව අතිශයෝක්තියක් නම් නෙවේ...නමුත්...ඒක ප්‍රසිද්ද කරන්න බැරි තවමත්...මේකෙ චරිත ජීවමාන නිසා...ඇත්තෙන්ම කිව්වොත් ඒක අපේ වරදක් නොවෙයි..
මම කියන කෙනා සාමාන්යයෙන් ඒ තරම් ප්‍රසිද්ද චරිතයක් වුනේ නැහැ....කිසිම පැත්තකින්...
ලස්සන පෙනුමකින් වත්..ක්‍රීඩාවෙන් වත්...ඉගනීම අතින් වත්....ප්‍රබල දක්ෂතා පෙන්නපු අය අතරට මම එක්කාසු වුණේ නැහැ...
ඉතින් බොහොම සාමාන්‍ය චරිතයක් තමයි මම
මට උන්න යාලුවො අතරේ හරිම ලෙන්ගතු අය උන්නා...අදටත් මම ඒ අයව මතක් කරන්නේ හරිම ආදරෙන්.සමහර මතක අමතක කරන්න බෑ...ඒත් මම දන්නවා ඒ කිසිම කෙනෙක් මේ බ්ලොග් අඩවියේ නම් නැහැ කියලා...එහෙම කියවන අය උන්නා නම් අපට ඒ ලෙන්ගතු හිත් ආයෙ ආයෙම හමුවෙයි...
මම උපන් ගමින් සමුගෙන කොලඹට එද්දි...කොලඹ පාර පනින හැටි පවා කියාදුන්න මගේ ලෙන්ගතුම මිත්‍රයෙක් උන්නා....අද ඉතින් දොස්තර මහත්තයෙක් වෙලා මාතර රෝහලෙම වැඩ කරනව...( නම් ගම් කියන්න බැහැ නෙ..ඒ නිසා..) තවමත් හැබැයි ...පරන මතක ඇවිස්සුවොත් අදටත් ඒවා මතක් කරලා හිනාවෙන්න පුලුවන් සරලම මනුස්සයෙක්...
ඒ වගෙම ඉස්සරම දවසක ....පන්ති ඉවර වෙන්න රෑ වුනාම මාව බස් එකට නග්ගවන්න හිතේ මොකුත්ම වෙනසක් නැතුව ආපු එක කොල්ලෙක් උන්නා....කාලාන්තරයකට පස්සෙ මුහුණු පොතෙන් මට ආයෙම ඔහුත් හමු වුණා...අපේ ඒ කාලෙ කෙල්ලො...ඔක්කොම අද අම්මලා...මුහුණු පොතට පින් සිද්ද වෙන්න මට මගේ යහලු යෙහෙලියන් බොහොමයක් ආපහු හම්බ උනා...
මේ මතක අස්සේ පැල පදියම් වුන සුන්දර මතක කොච්චරද....අදටත් සොඳුරු මතකයක් ව ඉන්න මිනිස්සු....
අපේ ඒ කාලය හරිම සංවේදී කාලයක් උනා...පන්ති වල...මගතොටදී...රහසේ කතා කරපු ඇස් අතරේ...අපේ සමහර මතකයන් තාමත් ඉතිරි වෙලා ඇති...
අද කාලේ ඇතිවී නැති වී යන සම්බන්දතා අතරේ..ඒ අතීතයන් ඇත්තටම හරිම සුන්දර මතකයන්
අපි අතර තිබුන යාලුකම් ..සම්බන්දකම්...ගැන කෙලිකවට සිනා ගැන දඩබ්බර කම් ගැන....තවමත් ඒ පන්ති කාමර අපට කියාවි...
ගුරුවරු මැද අකුරු කරපු පන්ති කාමරේ
ReplyDeleteමතක මැදින් අමතක නෑ තවම ආදරේ
සතුට දුකද සිත් හැමගේ එකට යා කෙරේ
දාල ගියත් හිත එතනයි පන්ති කාමරේ.......
ජයවේවා!!!
තාමත් හිත එතනමයි...කලක් ගත වී ඇතත්
Deleteආ .. ලොකු අක්කේ ඔයා ඉස්කෝලෙත් ගියාද ? පුදුමයි එත් ඇත්තයි
ReplyDeleteඅර යාලුව ඉවාන් ලව්පූස් නෙමෙයි නේද?
DeleteSorry sorry.. //ඒක ප්‍රසිද්ද කරන්න බැරි තවමත්...//
@ ඉවාන් ඉස්කෝලෙ ගියා බං වැස්සට වගේ ඒකනෙ අද මෙතන ඉන්නෙ
Delete@ pra jay හපෝ ඔයාට එහෙම හිතුණද...මම ඉස්කෝලෙ යන කාලෙ මූ ඉපදිලත් නෑ..මගෙ හිතේ...
Deleteඒ යාලුවා දර්ශන කියලා මගේ ක්ලාස්මේට් කෙනෙක් ප්‍රාජේ...පසු කලක මට මුහුණු පොතෙන් උන්දැ ආයෙ මුණ ගැහුණා...
ආදරේ කුමාරි ඔබයි.. සතුටද සුසුමද ඔබමයි..
ReplyDeleteමේ පොලෝ තලේ උපන් සුජාත දියණි.. :))))
ආන්න ඒකනෙ...සුජාතාව කියන්නෙ කොහේ ගියත් කැපිල පේන ඉස්කෝලෙ
Deleteපියමං කෙරුවෙමු මහ වේ මැද්දෙන්....
ReplyDeleteපෙම්බස් දෙඩුවෙමු උයන් කොනෙක හිද......
ශිල්ප උගත්තෙමු ණැන ලැබ ගත්තෙමු......
දෙපාවාරු නැත ඔබ හැර යන්නට.....
නිල් තණ පලසෙහි ගැටුන දෙපාවයි.......
කෝල හැගුම් කෙළි කවට සිනාවයි.....
මල් නැටුමයි කළ ගෙඩි නැටුමයි......
මගේ දෑස තුල යළිත් ඇදේවිද.......
පියමං කෙරුවෙමු මහවේ මැද්දෙන්.....
නෙත කදුළින් හසකැනින් මුවා කල.....
සොදුරු පැතුම් පුරවා මන මත් කල....
මගෙ කෙළිලොල් විය ගෙවුනු වගයි.....
මා හැදු පාසල් මවුනි දයාදර.....
ඇඩෙනවා නේ.. :'(
අම්මප ඔව් ඕයි
Deleteඔව් ඔව් අනික්වා කෙසේ වෙතත් මේ ඩබල නම් පෙම් බස් දොඩපු පාටයි ඉස්කෝලෙ කාලෙ ඉඳන්ම.....හැක්...
Deleteමම ආසම සින්ඳුවක්...ඇත්තෙන්ම මතක් වෙනව....හැබැයි ඔය සිඳුවට ගැලපෙන්නෙ මගෙ ගමේ ඉස්කෝලෙ..මම පහට යන කල්..ගිය වෙල් තැනිතලා මැද්දෙ....කඳු ගැටයක් උඩ තියන
පාසල් කලේ තරම් සුන්දර කාලයක් නැහැ විසිරී.. ඒ කාලේ අගේ දැනෙන්නේ අපි පරිනත වුනාම...මටත් මගේ පාසල් කාලේ මතක් වුනා.
ReplyDeleteපසු ගිය දවසක පාසැලේ පා ගමනට ගියාම මට ආයේම හිතුණා...අපි ඉස්කෝලෙ කාලෙටම ගියා නේද කියල
Delete"ඒ වගෙම ඉස්සරම දවසක ....පන්ති ඉවර වෙන්න රෑ වුනාම මාව බස් එකට නග්ගවන්න හිතේ මොකුත්ම වෙනසක් නැතුව ආපු එක කොල්ලෙක් උන්නා...."
ReplyDeleteශුවර් ද ? ගොළු හදවතක් වෙන්න බැරි ද ? සාමාන්‍යයෙන් මේ ලෝකේ කිසි කෙනෙක් කිසි දෙයක් කරන්නෑ ආයේ රිටර්න් එකක් ලැබෙන් නැත්නම්...
අපෝ නෑ,,...මෑන්ට ට්‍රයි කලා කෙල්ලෙක්...මමයි කපුවා...ඒත් මෑන් ඒකට කැමති උනෙ නෑ....අපි ඒකාලෙ පුදුම සහෝදර බැම්මක උන්නෙ සෙන්නා...අනේ මන්දා මට එහෙම බලපෑම් කාගෙන් වත් ආවෙම නෑ...මගෙ හිතෙ
Deleteමම නම් ඉස්කෝලෙ ගියේ නෑ.. එක හින්දා මට ඔය ප්‍රශ්ණ මුකුත්ම නෑ.. :D
ReplyDeleteදැන් දරුවා එක්ක වත් යන්නෙ නැද්ද....අපි ආයෙම ආයෙම ඉගන ගන්නෙ ඒ හරහා
Deleteනැතුව නැතුව.. පාඩම් කරණවා, ගනන් හදනවා... වැඩ කෝටියයි.. හොඳම වැඩේ අපි ඉගන ගන්නවා එයා බලන් ඉන්නවා...ඉගන ගන්න ඕනා කියන එක ගැනවත් වගේ වගක් නෑ.. :D
Deleteහම්මෙ ඒ කාලෙ නම්. අපි පුරුද්දක් විදියට ඉස්කෝලෙන් අයින් උන දවසෙ ඉදන් කොමස් එකේ හිටපු කොල්ලො සෙට් එකම අප්‍රිල් 15 එකතුවෙනවා... හම්මෝ තව සතියයි.
ReplyDeleteකොල්ලො නම් ඉතින් වයසට ගියත් කොල්ලොමනෙ..මගෙ මල්ලිල දෙන්නත් ඔහොම්මයි
Deleteසිංහල වචන සර්ච් කරන්නේ ම නැද්ද?
ReplyDeleteඒක අමතකම උනා රසික
Deleteඅම්මෝ ඒ සොඳුරු සමනල් වියේ මතකනම් කොච්චරක්ද ආයෙ ආයෙ මතක් කර කර හිනා වෙන්න සතුටු වෙන්න වගේම ඒ පහුවුනු කාලය ගැන මහා දුකකුත් හිතට දැනෙනවා වෙලාවකට.
ReplyDeleteඔව් සඳූ...කොච්චර නම් මතක තියද
Deleteඉස්සර ඉස්සකොලේ යනවයි කියන්නේ හරක් මරන්න අරන් යනවා වගේ තමයි...එත් ඒකාලේ කොඡ්චාර ෂෝක් ද ..?
ReplyDeleteදැන් නෙ ඒකෙ අගේ තේරෙන්නෙ..නේද
Deleteඒකාලේ සුන්දර මතක එමටයි. කිව්වොත් කියලා ඉවර කරන්නවත් ලිව්වොත ලියලා ඉවර කරන්නවත් නම් බැරි වෙයි
ReplyDeleteඒ වුනාට එක දෙකක් හරි ලඝු කරලා ලිව්වොත් නේද හොඳ
Delete