අහස හරිම දුක්බරව බලන් ඉන්නේ කොයි වෙලාවේ හඬා වැටෙන්නද කියලා වගේ....
මේ අහසට ...මේ වැස්සට දැනෙනවා නම් ...මට දැනෙන දුක....මගේ තනියට නොනවත්වාම අඬාවී....
තනිකමත් පාළුවත් අතරේ ජීවිතය තනි වූයේ ...අද ඊයේ නොවෙයි....
නමුත් මේ වේදනාව අලුත්ම දෙයක්..
.
*****************************************************************
කාට හෝ කියන්නට ඇත්නම්.......
ඒත්.....කාට කියන්නද.....?
කවුරුන් නම් තේරුම් ගන්නද...?
මේක සාමාන්‍ය කතාවක් නම් නෙවෙයි.....
මම හෙමින් ආපිට හැරිලා බැලුව ...
පන්තියේ මට එහා පැත්තේ කොනේ සමුදි හිටපු තැන ,,,,...එතන හිස් ඒ එක්කම ...ඊට එහා පැත්තේ පිරිමි ළමයි ඉන්න පේලියේ ...බැංකුවක් ලග ...පිරිමි ළමයි කීප දෙනෙක් කතාවක....කතාව මොකක් වුනත් ..ඒ කතාවේ ඉන්නේ මම
ඒක මම දන්නවා
ඒ හැම ඇහැකම තියෙන්නේ දුක...
මගේ ගැනද...සමුදි ගැනද...?
එහෙමත් නැත්නම්.....?
කවුරු ගැනද...?
එත්..මට දැනෙන දේ...සමුදි...ට දැනෙන දුකට වඩා මගේ දුක වෙනස්...
වඩා බරපතල දුක කාගේ වෙන්න පුළුවන් ද...?
කිරා මැනලා බැලුවොත්....හ්ම්ම්ම්ම්ම්.....එක මගේ පැත්තට බර වෙයි...
ඒත්...එහෙමත් කියන්න බැහැ...
සමුදිගේ බලාපොරොත්තු....ඉටුනොවුන බලාපොරොත්තු..ඒ බිඳුණ...ආදරය....
ඒ දුක මට වඩා ඇති....
නැහැ....මගේ හිතට දැනෙන දුකයි වැඩි...
මට හිතෙනවා..
මගේම නොවුනත්..මට අයිති වෙලා තිබුන හිතක් ඒ....
ඒ හිත බලන් ඉඳලා තියෙන්නේ මා වෙනුවෙන්...
මා නොදන්නවා වුනාට....
සමුදි...මගේ හොඳම යාළුවා....අපි දෙන්නා..පුංචි කාලේ ඉඳන්ම හැදුනේ එකට...
දැන් මේ O/L කරන පන්තියට එනකලුත්..අපි උන්නේ එකම පන්තියේ...
හිරිමල් වියේ දැනෙන හැගුම්...සමුදිගේ හිත තුල දඟ කෙරුවේ...ඉඳුවර අයියා දැක්ක දවසේ ඉඳලා කියලා මට හිතෙනවා....මට එහෙම නොවුනාට...සමුදිගේ ඇස්වල තිබුන ඒ සුන්දර හැගීම මට හොදට තේරුනා...
ඉඳුවර කියන්නේ...උස කඩවසම් ඉගනගන්න දක්ෂ කොල්ලෙක්..
අපිට වඩා..එක පන්තියක් ඉහලින් එයා හිටියට..අපේ පන්තියේ උන්න..හැම පිරිමි ළමයා එක්කම එයා සුහදයි..අපි එක්ක වුනත්...එහෙමයි..කෙල්ලෝ එහෙම එයා ගැන පුදුම කැමැත්තකින් තමයි හිටියේ...
ඉඳුවර අයියා...අපේ පන්තියට එන්න අරන් ටික කාලයක්..ටියුෂන් ක්ලාස් වලදී....ගැහැණු පිරිමි බේදයක් අපේ තිබුනේ නැහැ..එකට කෑවා...රණ්ඩු වුනා...යාලු වුනා....කොයි තරම් සුන්දර ද ...
මට පිරිමි ළමයෙක් ගේ ආකර්ෂණයන් නොතිබුනා නෙවෙයි..ඒත්..මට හැම තිස්සෙම ආපස්සට ඇදෙන මානසිකත්වයක්..තියෙන්නේ....
ඊටත්...හිත ගිය රුවක් නම් ...තිබුනේ ම නැහැ....
සමුදි....කෙල්ලෙකුට වඩා කොල්ලෙක් වගෙයි හැදුනේ...එයා අපේ ඉස්කෝලේ..sport captain...ඒත්...එයාගේ හිත සියුමැලියි කියලා මම හැමදාම දැනගෙන උන්නා..
ඒත්...ආදරයක්....එහෙම හැගීමක්..ඒ හිත තුල උපදින්නට ඉඩක් තිබුනාද...?..මට හිතා ගන්න බැහැ..
ඉඳුවර ....අපේ අතරට ආවේ මේ අතරේදී...
හැමදාම කන්නට වෙලාව බලන් ආව..කාටවත් නොතේරුන...හේතුවක් නිසා...ඉඳුවර එනවට අපි හැමෝම කැමති වුනා...කොල්ලෝ ටික පවා..
සමුදිගේ ගැහැණුකම්..හෙමීට එලි දකින්නට පටන් ගත්තා..මට ඒ සියුම් වෙනස තේරුනා...
ඒත්..ඉඳුවර...ඔහු එය දුටුවාද..?
මට එහෙම දැනුනේ නැහැ...
කොහොම නමුත්...සමුදි ...මට ඇගේ හිත හෙලිකල අපූරුව....
"මම ඉඳුවරට කැමතියි...."
කෝල බැලුම් ඒ ඇස්අග පිපුන හැටි...
"මම උදවු කරන්නද..?"...මම ඇහුව...
"එපා....."....රතු වූ මුහුණ....ක්ෂණික උත්තරයක්...හැම කෙල්ලම ඔහොමයි...
කාලය ගෙවුනා....මේ නිහඬ ප්රේමය ගලා ගියා..සමුදි හිතෙන් දුරක ගියා..ඉඳුවර කිසිම වෙනසක් නැහැ...වෙනදා..වගේම ආව..ගියා..අපි එක්ක කෑවා...
හැබැයි..උපදෙස් ..පරෙස්සම් වෙන්න..යන එන තැන්..කරන කියන දේ...හැමදේම පස්සෙන් ..ඉඳුවර ගේ දෑස්...තිබුනා..
මමයි..සමුදියි...ආවේ..ගියේ..එකටමයි...මේ හැසිරීම් රටා තුලින්..සමුදි දිරිමත් වුනා...ඒත්..නිහඬ ප්රේමයක්...
වචනයක් වත් කතා නොකළ ප්රේමයක්....
මම මේ සුන්දරත්වය හරියට වින්දා...
ඉඳුවර....ඉගන ගන්න ..දක්ෂයි..සමහර දවසට අපිට ගණනක් දෙකක් පවා කියල දෙන්න ආවා...සමුදි..මාව ඉස්සරහට දාලා පස්සට වුනා..කෙලිකමක හැටි..මම ඇයත් ඇදගෙනම ඒ පාඩම් වලට ගියා...මට ඔහුගෙන් පෙනුනේ..මට නැති ලොකු අයියෙක්ගේ සෙනෙහස...ඉන් එහා මොකුත්ම නැහැ...
කවදා හෝ ඉඳුවර අසන තුරු සමුදි බලන් උන්නා....
ඒත්...ඉඳුවර ගේ..මගේ..සමුදි ගේ යාලුවෝ..කවුරුත් දැනගෙන හිටියේ නැහැ...සමුදී ගේ හිත තුල ඇති වූ ප්රේමය...ඒක පාර්ශවීයව වුනත්..දළුලා වැදුන ඒ ආදරය..
මම විතරයි දුටුවේ...
ඒ කාලය භීෂණය රටටම ගෙනාවා...1989....අපි මග තොට බැස්සෙත්..හරිම බයෙන්..
ඒත් O/L ළඟ නිසා...අපි පන්ති ගියා...
පන්ති ඉවර වෙලා බස් එක එනකල් ..අපිට තනි රැක්කේ ඉඳුවර සහ යාලු පරම්පරාව..
කාලයත් ඔහේ ගෙවුනා...
භීෂණය ..රටම වෙලා ගෙන...
අපි පන්ති ආව...
සමුදි..මම....
පන්තිය....බලන්න බැරි තරම් මුසල වෙලා...කොල්ලෝ සේරම ඇස් රතු කරන්...
මහා නපුරක් හිතට දැනුනා...
අපේ පන්තියේ උන්න...චන්ඩියා,...සුදේශ්...
නපුරු කෙල්ල..මංජු...
බට්ටි....
හැමෝම....අඬනවා..
අපි දැක්කම ඒ හැඩුම් පිපිරුණා....
සමුදි..මම...අපි අත් අල්ලාගත්තේ බයටම...
"මොකද වෙලා තියෙන්නේ..."
සමුදි...ඇහුව...
මාවයි..සමුදිවයි...බංකුවක වට කරගත්තු කොල්ලෝ කෙල්ලෝ ටික...
ඒ ඇස්වල පිරුණු කඳුළු...
" කෝ ඉඳුවර.."
සමුදි..මම ..එකපාරටම ඇහුව...
සුදේශ්...නැගිටලා ඇවිත්.....මගේ ළඟ වාඩි වුනා
"නංගි......"
කවදාවත් සුදේශ් මට එහෙම කතාකරල නැහැ...
යකෝ..මෝඩි..ඔන්න ඔය වගේ...නම් විතරයි...
"මේ කතාව ඔයාලට කියන්න බැහැ..ඒත්...අපිට අද මේක කියන්නම වෙලා තියනවා..."
සුදේශ් ආපහු..නැවතුනා..
"අනේ මේ..අද අප්රේල් පළවෙනිදා..නෙවෙයි නේ..උඹලා මොකක්ද මේ කරන්න හදන නාඩගම.."
සමුදි ගේ සුපුරුදු දැඩි බව නැගී සිටියා,,...
" සමුදි...වාඩිවෙයන්.."
සුදේශ් ..තදින් කිව්වා...
"නංගි...මේ අහපන්...ඉඳුවර...මේක කියන්න කිව්වා..ඒත්...අද මේක උඹට කියන්නයි ඉඳුවර එන්න හිටියේ...ඒත්..ඒත්..."
සුදේශ් ගේ හඬ බිඳෙන්නට වුනා...
මහා කරුමක්කාර හැගීමක් උතුරා යන්නට පටන් ගත් බවක් මට දැනුනේ ඒ මොහොතෙමයි..
"ඉඳුවර..උඹට ගොඩක් ආදරේ කලා නංගි...ඒත්..ඌ කවදාවත් ඒ ගැන..උඹට කිව්වේ නැහැ..එකක් උඹ තවම පුංචියි කියල..ඌ හිතුවා..අනික...උඹ නොදන්නවට ඌ,..JVP කලා...කවදාවත්..ඒ දේශපාලනය නිසා උඹට කරදරයක් වෙන්න ඌ ඉඩදෙන්න කැමති වුනේ නැහැ...ඒත්..ඊයේ අපි ඔක්කොම ඉන්න තැන ඌ කිව්වා...තවත් මේ හැගීම හිතේ තියන් ඉන්න බැහැ කියල..අද උඹට මේ සේරම කියන්නයි..ඌ එන්න හිටියේ.."
මම ගල් ගැසුනා...සමුදි..නිහඬවම බිම බලන් උන්නා...
"කෝ ...දැන් ඉඳුවර.."
මගේ හඬ බිඳෙන්නට ඇති...
"නංගි...ඊයේ රෑ..ගෙදරට ආව හමුදාවෙන් කියල කට්ටියක් ඉඳුවර අරන් ගිහින්...ඉඳුවර ගෙනියන්න කලින් අම්මට කියල තියනවා...ඔයාට කියන්න කියලා...කවදාවත්.මේ දේ නොකියපු එක ගැන අහිතක් හිතන්න එපා කියලා....අම්මාට හැම දේම කියපු මේ කොල්ලා..අන්තිමේ අම්මට කිව්වලු..කවදා හරි ආපහු එනකල්...ඔයාව බලාගන්න කියල.."
මුළු පන්තියම හඬා වැටුනා....
මම ගල් ගැහුනා...හඬන්නට කෝ මට කඳුළු...
"නංගි..අපි දන්නවා..උඹ මෙහෙම දෙයක් ගැන හීනෙන් වත්..නොහිතපු බව...සමුදි...නංගි..උඹ තරහා ගන්නෙපා ..ඉඳුවර නොදන්නවා නෙවෙයි..උඹ එයා ගැන හිතේ තියන් උන්න බව...ඒත්..උගේ හිතේ ඉඩ තිබුනේ...මෙන්න මේකි ගැන විතරයි..අපිටවත් අදහගන්න බැරි තරම් ඌ මේ කෙල්ලට ආදරේ කලා..."
ජීවිතය ගැන මට යලිදු හිතන්නට අවැසි නොවීමය...
මේ මා බලා උන් දෙයක් නොවේ...
එසේනම්..ඉඳුවර..පෙම් කර ඇත්තේ මටය..
සමුදිට නොවේ...
ඒත්..සමුදිගේ ප්රේමය...
මම සමුදි දෙස බැලීමි...ඇය..මේසයට හිස ගසා ගෙන සිටින්නීය...
මම බලා ඉමි...මේ වසන්තයට පෙර පැමිණි අනෝරාවකි...
එහෙත්.....මා නොදත් උතුම් වූ සෙනෙහසක් මා වෙනුවෙන් ඔහු ළඟ තිබෙන්නට ඇත..
ඔහු එය..සුරැක ගත්තේය..
එද...පුදන්නට පෙර.....
ඔහු කොහේ හෝ ගෙන ගොසිනි...
කවුරුන්ද...කොහිද..කුමකටද....?
කිසිදා පිළිතුරු නොලැබුන පැණයක්..පමණක්ම විය..
මා ඔහුට ආදරය කල බව මට කීමට නොහැක...
එද...ඔහු මට වසන් කල මේ ප්රේමය එලි වූ දා..මට දැනුනේ කුමක් දැයි මගෙන් නොඅසන්න...
ඉතින්....අසන්න....
අද ද මා ඇසට කඳුලක තෙතමනය ගෙනෙන මේ කතාව...වසර විසි ගණනකට පසුව..මම ලියාතබද්දීත්..මට දැනෙනුයේ සිහින් කම්පනයකි...
මෙය සත්‍ය කතාවකි...නමුත්..මෙහි චරිත වලින් ..ඉඳුවර හැර..ඉතුරු සියල්ලෝම..අදටත්..අප අතර සිටිති..ඉඳුවර යලි ආවේම නැත...
ඒ කවුරුන්දැයි...මගෙන් නොඅසන්න...
මා කවුරුන්දැයි...මගෙන් නොඅසන්න...
මෙවන් වූ සෙනෙහසක නිමිති....කඳුලකට මුවා කොට...
ඉතින් මම සමුගන්නම්....
ඔහ්.. කොමෙන්ට් එකක් හිතා ගන්න බෑ.. :'(
ReplyDeleteඑහෙම කියලා කොහොමද....
Deleteආපෝ අක්කා... මුලු ඇගම හිරිවැටුනා..මේක මගක් හරියට කියවනකොට මම ප්‍රාර්ථනා කලේම මේක ඇත්ත කතාවක් නොවේවා කියල. ඒත් ඒක එහෙමම උනා.
ReplyDeleteඒ කවුරුන්දැයි...මගෙන් නොඅසන්න...
මා කවුරුන්දැයි...මගෙන් නොඅසන්න...
ඉතින් එසේ නොඅසමි. එහෙත් හැමදේම හිතාගනිමි.
ඔව් ඔය කතාවේ කොණක මං ඉන්නවා....ඒක හංගන්න ඕන නෑ මට.....
Deleteහදේ කොතැනක හෝ හිඳී ඔබ
ReplyDeleteනිදා නොනිදා මෙන්
බලා අවසර සොයා කල් දැන
වෙළා හස රැහැනින්
පෙළයි මා මුදා සුව දැහැනින්
සයුරු ඉම රත් සිතිජ රේඛාවේ
මියෙන හිරු සේ ගිලී බිම් අඳුරේ
තළා මා සිත පලා ගිය ඔබ
දවලයි මා - අද
තනි වෙනා මොහොතින්
උතුම් පිවිතුරු පේ‍්‍රමයේ නාමෙන්
සහස් සුවහස් පැතුම් බල මහිමෙන්
ඉනූ කඳුළ ද සිඳෙන්නට පෙර
යදින්නම් - ඔබ
මැකී යනු මතකින්
---------------------------------------------------------------------------------------------------------
පද රචනය - කුමාරදාස සපුතන්ත්‍රී
සංගීතය - රෝහණ වීරසිංහ
ගායනය - සුනිල් එදිරිසිංහ
බොහොම අමාරුවෙන් හිත තදකරගෙන කියවගෙන ආවා.... පව්ලුශා එකතු කරපු මේ සිංදුවත් එක්ක මොකද මට උනේ කියලා තාම හිතාගන්න බැ
Delete@ ඉවාන් ...එහෙම මැකිලා යන මතකයක් උනා නම් මේක ලියවෙන්නේ නැහැ මෙච්චර කලකට පසුත් ...නේද
Delete@ එරන්දි.....හමුවෙන වෙන්වෙන බැඳීම් අතර......ජිවිතේ මහා කම්පනයක් ඉතුරු කළ සොහොයුරෙක් ....ඒක මටත් අමතක කරන්න බැහැ නංගි
Deleteජීවන මංපෙත මලින් සැදීගිය
ReplyDeleteයුගයක නොව ඔබ හමුවුයේ
කටුකොහොලින් පිරි කලල් දියේ මා
තනිව මියෙද්දිය හමුවූයේ
එයාට එහෙම හිතෙන්න ඇති නේද බක්කරේ
Deleteපන්තියේ මගෙ හිත ඇදීගිය රුවැත්තිය නුඹ රත්තරන්
ReplyDeleteඋන්නු දින නුඹෙ හිතේ සෙනෙහස තනිව වින්ඳෙමි සිහිකරන්
ඉන්න තැන සතුටක්ම විඳ විඳ දිවිය ජයගණු දිරිඅරන්
සන්සාර දිවි සාගරේ මතු ළඟින් ඉමු අපි රත්තරන්......
------ඉඳුවර----------
හිතට දැනෙන්නම විසිරි අක්කා මේක අපූරුවට ලියළා.
ජයවේවා!!!
සමහරක් විට එයාගේ හිතෙත් අවසන් මොහොතේදී ඕක තියෙන්න ඇති නේද දුමී මල්ලී...
Deleteස්තුතියි මෙන්ඩා
ReplyDeleteතුණු කෝල කොමල හිත්.. සොඳුරු තඩාගේ..
ReplyDeleteපිපුණු එකම සුදු.. සිහින පියුම ඔබ..
පරව සැඟව යන්නේ..
දිවි සාර සසල විල.. රළුව කලඹනා..
කළු හංස පියාපත්.. ගෑටී මිලින වූ..
චන්න කිණ්නරානෝ..
ඉනු වියලි කඳුලු තව.. නෙතට බෝම බර.. හිමි නැතිද අපට අප..කිම වෙන්ව දුරක යන්නේ..
(කාලෙකට කලින් ලියපු කවියක් පොඩ්ඩක් මොඩිෆයි කරා..)
ස්තුතියි කමි.....ඒක ලස්සනයි
Deleteසත්‍යය ප්‍රබන්ධයට වඩා ............
ReplyDeleteහිස් තැන පුරවාගන්නට වදන් නැහැ අක්කේ. හිත තාමත් හිර වෙලා ඔයාගේ මේ සටහනෙන්. :(
ඔව් සත්‍යය ප්‍රබන්ධයට වඩා ඉතාම කටුකයි..ඒත් එක පිළිගන්න වෙනවා
Deleteලෙසියෙන් අඩන්නැති මට කඳුළු ආව මේ
ReplyDeleteඇත්තමයි තාමත් මම හිතනවා මේ ඇත්තටම ද ඇත්තද කියලා
හරිම සංවේදී
විසිරි සිහිනයක්මයි ඒ ආදරයත්
මං අඬන්නේ නැහැ.....
DeleteLassanayi wisiri,meke sinhalen type karaganna ba..dukama hithena kathawak..oya meke mona koneda inne?oya giye girls school ne..
ReplyDeleteඅපි ගර්ල්ස් ස්කුඋල් ගියාට ක්ලාස් ගියේ කොල්ලෝ එක්ක...අපේ ඒ කාලේ තිබ්බ බැඳීම් අදටත් එහෙමමයි..ඒත් කිසි කෙනෙක් මේ සිද්ධිය ගැන නැහැ වචනයක් වත් කියන්නේ
Deleteඅෙන් ෙදයියෙන්
ReplyDeleteහ්ම්ම්ම්ම්
Deleteඅනේ පව්, තුන්දෙනාම, මටත් දුක හිතුනා හොඳටෝම
ReplyDeleteමාරයි !!
ReplyDelete