47 . යාලුවෙක් කියන්නේ
යාලුවෙක් කියන්නේ මහ රණ්ඩු කෙක්කකට
ඉඳහිටක නැති දාක පාලුවක් වෙන එකට
කොහේ හරි ඇති දේක ඇදයක්ම හොයනෙකට
යාලුවෙක් කියන්නේ ජීවිතේ කොටසකට
නිහඬ මොහොතක් ගානෙ කම්මැලිද අහනෙකට
හිතේ මහ බර පොදිය ඉවත විසි කරනෙකට
දයාබර තරවටුද නෝක්කඩු එමට දෙන
යාලුවෙක් කියන්නේ නැතුව බැරි ඇසුරකට
නොරිස්සුම් වෙලාවක හිනාවක් වෙන එකට
කාන්සිය අරන් නිති සැනසුමක් වෙන එකට
යාලුවෙක් කියන්නේ ඔන්නොහොම ළමයෙකුට
ජීවිතේ මහ ඉඩක් ඉතුරු කර ඇති කමට
**** විසිරි ***
කිව් නිසා මේ කවිය දැනෙනවා හදවතට
ReplyDeleteරැව් දෙනා මතකයක් කඳුළු දෙයි නෙත් අගට
කව් රු කාහට වුණත් යහලුවෙකි ජීවයට
ඔව් යාලු කියන්නේ හදවතේ කොටසකට
විසිරී, ලස්සන කවිය ඔස්සේ මම අතීතෙට ගියා. අදටත් හේතුවක් නැතිව තරහ වුණු මිතුරෙක් ( තරහ වුණත් මට මිතුරෙක් ) මට මතක් වුණා.
ජයවේවා!!!
ස්තුතියි දුමී...ඔව් එහෙම යාලුවො ඉන්නවා...උන්නා මටත්
Deleteමේ අපි වගේ අවංක අහිංසක යාළුවො නේ
ReplyDeleteඅහිකුංටික?
Deleteඅපෝ ඔව්....ඒ ගැන කියලා මොකටද....
Deleteමාළුවෙක් වගේ කෙනෙක්ට...!
ReplyDeleteහ්ම්ම්ම්
Deleteයාලුවෝ යාලුවෝ විදිහට ඉන්න කම් නම් පට්ටයි.
ReplyDeleteඋන් මාලුවෝ වෙච්චි දාට තමා ඉතින්
මොනා කරන්නද නේද ඉතින්
Deleteයාළුවො යාළුවො විදියට මරු
ReplyDeleteඇත්තෙන්ම ඔව්
Deleteඅපි නම් අහිංසකම අහිංසක යාළුවෝ වේ.
ReplyDeleteඅනේද කියන්නෙ අහිංසක කම උතුරනවා
Deleteඅපේ යාලු මාලූ...
ReplyDeleteමාලු......?
Deleteමොකෝ මූදු ගියායැ
යාළුවෝ අපිට හම්බෙන වටිනම දෙයක්
ReplyDeleteඔව් ඇත්තෙන්ම
Delete