Saturday, April 29, 2017

52. ඒ සොඳුරු අවසානය




මේ ලියන්නට යන පෝස්ටුව ටිකක් වෙනස් එකක්..ඒත්...ලෝකයේ අපි නොදත් ඉසවු බොහොමයක් තියනවා..අපි දවසින් දවස ඒවා හඳුනා ගන්නවා...මේ එවැනි එක දෙයක්...
මේ ලිපියෙහි පදනම  මගේ උපාධිය සඳහා පැවති දේශනා මාලාවකින් මා උගත් දෙයක්...


palliative care....
මේ ගැන අහලා තියද..?
සුව කල නොහැකි රෝගයක් වැළඳුන කෙනෙක් ...වෙනුවෙන්..ජීවිතයේ අවසන් කාලය ලඟා වන තුරු ලබා දෙන සත්කාරක සේවාවක් තමයි ඉහත නමින් හැඳින් වෙන්නේ..මට මේ සඳහා සිංහල වචනයක් හදා ගන්න අමාරුයි...

"DEATH is not something to be feared.It is something to be acknowledged and accepted"
මේ දෙය වදාළේ .බුදු සමිඳුන් විසින්..
මා ඇතුළු මේ දේශනය සඳහා පැමිණි මගේ batch mates ල හැමෝම මදක් නිහඬ වුන..මේ පළමු slide එක දැක්ක ගමන්...මොකද අපිට මේ දේශනය කරන්න ආවේ..සුදු ජාතික දේශක වරියක්...
බුදුන්ගේ දර්ශනය..අද හැම තැනකම පිළිගත් දර්ශනයක් බව ඇය නොකියා කීවා..

මේ palliative care කියන දේ අපිට ඒ තරම් හුරු දෙයක් නෙවෙයි..ඒත් විදේශ රට වල මේ සේවාව අද හොඳින් ඉතා පහසුකම් ඇතුව රෝගීන් වෙත සපයනවා..

* HIV
* පිළිකා
* දරුණු ගණයේ වකුගඩු සහ හර්ද රෝග
* අවසාන අදියර තෙක්ම පැමිණි පෙනහළු රෝග
* දිනෙන් දින අසාධ්‍ය තත්වයට පත්වන ස්නායු ආබාධ
* අනෙකුත්.....ජීවිතයේ සීමාව පෙන්වන රෝගාබාධ

                                  මෙන්න මේ වගේ රෝග වලින් පෙලෙන්නන් සඳහා මේ palliative care සපයනු ලබනවා...




මෙහි මුලික අරමුණු වන්නේ...
!...රෝගියා සහ ඔහු/ඇය ගේ පවුල සඳහා රෝගයට යම් හුරු වීමක් ලබාදීම..
!...යම් තාක් දුරට රෝගයට අවැසි ප්‍රතිකාර ලබාදීම
!...රෝගය මරණයෙන් කෙලවර වුවද..ඒ සඳහා මනා මානසික හා ශාරීරික පසුබිමක් සැපයීම
!..ඔහු/ඇයගේ අධ්‍යාත්මික දියුණුව කෙරේ අවශ්‍ය පහසුකම් සැපයීම
!...රෝගියා ගේ ආශාවන්..කැමැත්ත..සහ මුලික අවශ්‍යතා සඳහා ප්‍රමුඛත්වය සැපයීම..

                                                                                                                                                                        ආදියයි...

hospice....
මේ නමින් හඳුන් වන්නේ මාරාන්තික රෝගවලින් පෙලෙන්නන් සඳහා පවත්වාගෙන යන ආයතනයන්..මෙහිදී රෝගියාට සිය මරණය දක්වා එළඹීම සිය ආත්ම අභිමානයට හානියක් නොවන සේ ලඟා කරදෙනු ලබනවා..
මේ ගැන හිතන්නත් ටිකක් අකැමතියි වගේ නේද..? ඒත් මේ මාතෘකාවේ මට දැනුන විශේෂය...නිසාමයි අද මම මේ ගැන කියන්න හිතුවේ...



අපේ සමහර වැඩිහිටියෝ..මරණය ගැන කලින් තියාම ප්ලෑන් කරනවා..ඒ අනිත් අයට කරදරයක් නොවෙන්න හිතාගෙන..ඒත්..මරණය..එන බව දන දැනම..එහෙම ප්ලෑන් එකක් හදන්න කෙනෙකුට පුලුවන්ද..විශේෂයෙන්ම...මරණය උරුම වෙන රෝගයක් වැළඳුන කෙනෙකුට..

මේ වගේ care එකක වැදගත් කම වන්නේ....මරණය එළඹෙන තුරු ජීවිතය ඒ අදාළ කෙනාගේ අවශ්‍යතාවන්..කැමැත්ත ..ආදියට ඉඩ දෙමින් පවත්වාගෙන යාම...
මෙහිදී...ආගමික කටයුතු..අධ්‍යාත්මය සංවර්ධනයට අවශ්‍ය කටයුතු,විනෝදාස්වාදය සඳහා ක්‍රියාකාරකම්..ආදී නොයෙකුත් පහසුකම් සපයනවා...රෝගී වූ තැනැත්තා...සිය අවසානය වෙත..සුන්දරව ගමන් කිරීමට සැලසීම මේ හරහා කෙරෙනු ලබනවා..

අපේ රටේ මෙවැනි hospice ඇති බව නම් මම දන්නේ නැහැ...මරණයට නියත රෝගයක් වැළඳුන කෙනෙක්ට ...තමන්ගේ නිවහනේ නොකා නොබී  හරි වැටිලා අන්තිම හුස්ම යවන එක...අපේ රටේ අයගේ තවමත් කැමැත්තයි....මම හිතන විදියට..


නමුත්...විඳවනවාට වඩා....විඳීම ....මනසට සොඳුරු යි....නේද..?


22 comments:

  1. මං තරහ නිසා කමෙන්ට් කරන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. අනේ ලොකු දෙයක්.....ඔහොමම හිටපියකො.....හැබැයි පුතෝ ...මේ අක්කා කිව්වොත් කිව්වා....

      Delete
  2. නමුත්...විඳවනවාට වඩා....විඳීම ....මනසට සොඳුරු යි....නේද..

    ජය වේවා ...!!!!

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම ඔව්....ස්තුතියි සුමුදු

      Delete
  3. මිය ‍යන තුරුම තවමත් අපෙ වැඩිහිටියෝ
    සිය නෑසියන් හා ඉන්නට සිත් ඇතියෝ
    කිය වූ ලිපියෙ වටිනාකම බොහො ඇතියෝ
    ලියමින් දැණුම දුන්නට පිං බොහො ඇතියෝ......

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත....දුමී...

      අගේ ඇති කවිය...ස්තුතියි ඔයාට

      Delete
  4. විචාරකතුමා ව මතක් උනා :'(

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්...ඒ වගේම මම දන්නා කියන තාත්තෙක් ගැන පහු ගිය දිනක අහන්නට වුන කතාවක් නිසයි මේක මම ආයෙම ලිව්වේ

      Delete
  5. Replies
    1. කම්මැලි ළමයෙක් කොමෙන්ට් කරන්නට

      Delete
  6. Death is not the end

    Why afraid to die
    Death is not the end
    There may be a life after death
    Consider we all are travelers
    We travel in the cycle of life
    Sometimes we get exhausted
    Death is an interval
    Until we find the next root
    Be a friend of death
    It is not cruel
    It had been always with us
    Every minute and every hour
    We walk towards the death
    It will never betray us
    It will never judge us
    Rich or poor
    Black or white
    Young or old
    Every one is the same
    When they meet death

    ReplyDelete
  7. මෙවන් ආයතන ලංකාවෙත් ඇතිවෙනවා නම් හොඳයි. ඒත් දරුවන් බොහෝ දෙනෙක් වයස්ගත සහ රෝගී දෙමව්පියන් රකබලා ගන්නා නිසා එතරම් සාර්ථක වෙයිද කියල සැකයි.

    ReplyDelete
    Replies
    1. බොහෝ දෙනෙක් එහෙම කලාට සමහරක් අය.......

      ඊයේ පෙරේදා අහන්නට වුන කතාවක් දිගේ මේක ලියවුනේ ඉයන් මහත්මයා...

      Delete
  8. මේක සුවකළ නොහැකි අසනිප තියන අයට විතරක් නෙමේ, හැමෝටම වටිනවා..

    ReplyDelete
    Replies
    1. කාලයක් යද්දී ...මේක එහෙමත් ඕන වෙයි සෙන්නා

      Delete
  9. Hospice සහ යූතනේශියා අතර සම්බන්ධයක් තියනවාද? කෙනෙක් සුවකල නොහැකි රෝගයකින් පීඩා විඳින බව නීත්‍යානුකූලව තහවුරු කිරීමක් අවශ්‍යද?
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. වෙනත් රට වල එය මුල් අවධියේදීම තහවුරු කරගන්නවා ....අපේ රටේ එහෙම තහවුරු කලත් රෝගියාට දැනුම් දෙන්නේ කලාතුරකින් නේ

      Delete
  10. දැඩි ශාරීරික වේදනා විඳිමින් පණ ඇදීමට වෙයිද කියන එක බය හිතෙන දෙයක්.
    ඊටත් වඩා බයයි හිත ක්‍රියා කරමින් සන්නිවේදන ඉන්ද්‍රියන් සියල්ල අක්‍රියව ඉඳීම.
    කවුරුහරි යූතනයිස් කිරීම හෝ ප්ලග් ගැලවීම කරනවා නම් එයට මා නම් ඉතා කෘතඥ වෙනවා

    ReplyDelete
    Replies
    1. ලංකාවේ නම් එහෙම තත්වයක් තාම නැහැ නේද.....( බය වෙන්න එපා )

      Delete
  11. අපේ රටේ ගොඩක් අය කරන්නේ එහෙම අසනීපයක් තියන අයගේ මනස හදනවා වෙනුවට ඒ පුද්ගලයගේ සුව දුක් විමසන්න කියලා ගිහින් තවත් ඒ පුද්ගලයාව මානසිකව වට්ටවන එක.ලොකු ලෙඩක් නෙමේ අපේ අම්මාගේ ඇහේ ජෙල් එක ඉහිරිලා එයාට බෙහෙත් කරන්න උනා. ඕක දැනගෙන බලන්න ආපු හිතවත් අය ,එක එක ඩොක්ටර්ස්ල ගැනයි ,ඔයවගේ වෙලා අරයට මෙහෙම උනා මෙයාට මෙහෙම උනා කියලා අම්මගේ ඔලුවට දාලා අයියෝ අපි වින්ද දුකක්.ඒ කියන කියන කෙනා ගාවට එක්කන් යන්න උනා අපට. බැරිම තැන ඩොක්ටර්ට හේතුව කියලා බොහොම අමාරුවෙන් තේරුම් කරවා ගත්තා.අපේ රටේ හරි අමාරුයි ඔය වැඩේ කරන්න. මැරෙන්න ඉන්න මනුස්සයාගේ එයිට කලින් මනස මරවනවා සමහර උදවිය

    ReplyDelete
    Replies
    1. ඔව් සෙව්වන්දි.....ඔන්න ඕක ඉතාම නරක තත්වයක්...ඉස්සර අපිට අපේ සමහර ලෙඩ්ඩු බලන්න එන නෑදෑයෝ එලවන්න උනා..මෙන්න මේ එක එක දේ ඔලුවට දැමිල්ල නිසාම....

      Delete