Wednesday, May 17, 2017

56. කපුටු අම්මාගේ වලප


එල්පින්ස්ටන් හන්දියේ කහ ඇහැළ ගස මත කූඩු හැදුවා 
කළා කෙත ළඟ උපත ලැබුවට මගේ පැටවට ගීත බැරුවා 
අයාලේ යන කෙවිලියක් විත් හොරෙන් බිජුවට දමා තිබුණා
මගේ පැටවුන් වගේමයි උන් නොදැන පෙම් සිත් වඩා හැදුවා...... 

මවක් නැතිවුණ පියෙක් නැතිවුණ කොවුල් පැටවුන් යසට හැදුණා
ඇහෙන නාටක ගීත අහලම උනුත් තාලෙට තාල තැබුවා 
කතන්දර වල කොතෙක් කිව්වට කිසිත් ගැහැටක් අනේ නැතුවා 
මගේ උන් ලෙස අනේ සෙනෙහෙන් උනුත් මම ආදරෙන් වැඩුවා.....

ඉකුත් දවසක අලුත් නාටක ගීත හඬකුත් එහෙන් ඇහුනා 
අලුත් තටු ඇති මගේ කෙවිලිය ..දුවේ  නුඹ ඒ දෙසට ඇදුනා 
එහා ඉම සිට ඇදුන එළියක් ඇහැට ගිනිකණ එවා තිබුණා
තුඩග ගොළුවුන ගීතයක් ගෙන මගේ දූ මග මැරී වැටුණා......


2017/05/ 18 

17 comments:

  1. අගේ ඇති නිර්මාණයක්. හෙඩිම වෙනස් විය යුතු නේද //කපුටු අම්මාගේ වලප// විලාප

    ReplyDelete
    Replies
    1. නලීන්. මම අහලා තියෙන විදිහට "වලප" කියන්නෙත් "විලාප" කියන එකටමයි. විසිරිත් මේ ගැන කියයි.

      Delete
    2. ඔව් නලින් දුමි හරි..වලප යනු විලාප කියන එකටම වෙනත් වචනයක්..

      Delete
  2. එල ද බ්‍රා ..
    ඇත්තටම ලස්ස්සන්යි

    ReplyDelete
  3. බුකියේ දාල දවස් කීයකට පස්සෙද බ්ලොග් එකේ දාන්න මතක් වෙන්නේ? :/

    ReplyDelete
  4. මේක මම කලින් බුකියෙන් කියවපු එකක්නෙ..හරි අපූරුයි අක්ක වෙනස් විදියට හිතල ලියල එකක්නෙ

    ReplyDelete
  5. මේක ශෝක්..
    ජයවේවා..!!

    ReplyDelete
  6. හරිම ලස්සන කවියක්. වෙනස්ම විදියකට හිතල ජය වේවා අක්කේ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කටකාරී,,,නංගි

      Delete
  7. මේ වැළපිල්ල සංවේදීව ලියලා. අපූරුයි විසිරී.

    ජයවේවාල්!!!

    ReplyDelete
  8. ලස්සනයි අක්කා
    කලින් කියෙව්වාත් ආයෙමත් ඒ අපුරුවම වින්දා

    ReplyDelete