Sunday, April 7, 2019

105. ආදරය පමණක්......දෙන්න.

ආදරය පමණක්......දෙන්න.

උදේ ස්ටේශන් එකේ ෆ්ලැට් ෆෝම් එකට ගොඩ වෙන කොටම සාරියෙ පොටෙන් කවුද අදිනවා.....
මට මතක් වුනෙ

ඔසරි පොටෙන් අදින්නෙපා වලාකුලයි ඉරෙන්නේ....සිංදුව..
ඒත් ...මේ මගේ සාරි පොටෙන් අදින්න එහෙම අය නැති නිසා හැරිලා බැලුවෙ විමසිල්ලෙන්....

අපූරු ඉලන්දාරියෙක්...
ඇස් වලින් ඉඳලම හිනාවෙනවා....
මං ඇහුවා .....ඇයි මොකද කියලා....
සාරි පොට උදුර ගන්න ගමන්.....
මගෙ කටහඬින් තවත් උද්දාමයට පත් වෙච්ච එයා මගෙ වටේ නටන්න ගත්තා ඒ ගමන....
.
ඔව් ..ඔව් ..මේ අපූරු බලු ඉලන්දාරියෙක් ගැන මං කියන්නෙ....
ඇත්තෙන්ම හරි හුරතල්...නමුත් නොදන්නා සතෙක් නිසා " හා හා ඔයා ගෙදර යන්න " කියලා මං හැරිලා ආවත්..මෙයා මා එක්කම එනවා....

බෑගයේ උදේ කෑම එක මතක් වෙලා හෙමින් කෑම පෙට්ටියෙන් පාන් පෙත්තක් අතට ගත්තා දෙන්න....හැරිල බලන කොට එයාට අලුත් යාලුවො හම්බෙලා....

ආච්චි අම්මා එක්ක ගමනක් යන්න එන පොඩි ගෑණු දරුවො දෙන්නෙක්....
එයාට හිතෙන්න ඇති ...අන්න මගෙ වයසෙ කෙලි පොඩ්ඩො දෙන්නෙක්..මෙයා ඕන්නෑ මං එයාල ලඟට යනව කියල....මට දක්වපු පිලිගැනීමට එහා ඒ දැරිවියන්ට මෙයාගෙ තිබුණෙ...එක නැටිල්ලයි....ආච්චි අම්මා අමාරුවෙන් දරුවො අරන් ස්ටේශමට ආවා....අරයාව එළවලා.....

පසු ගිය දාක අහන්න ලැබුණ අවාසනාවන්ත සිද්ධිය ගැන මට ආයෙම මතක් වුණ....මටත් බලු සුරතලුන් දෙන්නෙක් ඉන්නව....ඇත්තෙන්ම ඔවුන් ගෙදර සාමාජිකයන් ගණනට ම වැටිලා ඉන්නෙ...

ඔවුන් අපිව තේරුම් ගන්න ආකාරය, අපිට ආදරය කරන ආකාරය කොන්දේසි විරහිතයි...උදේ ගෙයි ඉස්සරහ දොර අරිනකොට මාස ගාණකින් දැක්කා වගේ ඇඟට පණින්නෙ...ඔලුව අතගාලා ආදරේ පෙන්නලා උයන්න යනකොට දෙන්නා ඇවිත් කුස්සියෙ දොර ළඟ ඉඳන් එයාලගෙම භාෂාවෙන් එක එක සද්ද දානවා...උදේට වැඩට යන වෙලාවට පස්සෙන් ගේට්ටුව දක්වා පස්සෙන් එන්නෙ සමුදෙන්න...ආයෙ හවස එන වෙලාවට ගේට්ටුව ලඟ ඉඳන් පසු ගමන්....කඩේට ගියොත් ආයෙ එනකල් ගේට්ටුව ලඟ.....කිසිම දෙයක් බලාපොරොත්තු නොවී....එකම ආදරණීය වචනයක් ඔවුන්ට ප්‍රමාණවත්......

එහෙම සතුන් ට ආදරය කරන හිතට අර වගේ ආරංචියක් දරා ගන්න අමාරු වුණා...
ඉස්සර අපේ සීයා ....ගෙදර හරක් හැදුවා...කිසිම සතෙක්ට ගහල නැ...පුතා කියල කතා කලේ...පුදුම සැලකිල්ලකින්....

මිනිස්සුන්ගෙ මිනිස්කම් මෙහෙම ගිලිහිලා යන්නේ....ඇයි ...
කෲරත්වය මිනිස් හිත් වලින් අතුගෑවිල යන්න අවශ්‍යම කාලයක් මේක...
මනුෂ්‍යයෙක් ට වගේම සතා සීපාවාටත් ගහ කොලටත් ආදරය විඳින්න...ආරක්ෂාව ලබන්න...අයිතිය එක සේම තියනවා....

ආදරය පමණක් දෙන්න...ඔවුන් බලා ඉන්නේ එය පමණයි

විසිරි සිහින

3 comments:

  1. අපූරුයි අක්කේ.
    ජයවේවා!!!

    ReplyDelete
  2. මටත් හිටියා හරිම අපූරු ජීවන සහකාරයෙක් ඔය වගේ. මොනව කරන්නද අප්පා, හැම අවුරුදු දහයකට පහළොවකට වරක්ම අපිට අපේ දරුවෙක් නැති වෙනව... මේක බලන්න ශෝක රසයට අකමැති නැත්තම් විතරක්... https://drackey.blogspot.com/2017/11/blog-post_26.html

    ReplyDelete