ඒ ආදරය අමතක කල හැකිද....?
ආදරය කියන්නෙ මහ පුදුමාකාර දෙයක්....කෙනෙක්ට තමන්ව තමන්ව ලබා දෙන්න වගේම තමන්ට තමාව අහිමි කරලන්නටත් මේ ආදරය කියන දේට මහ බලයක් තියනව....
අපි ජීවිත කාලෙදි හමුවුණ විවිධාකාර අයට විවිධාකාර පරිමාණ වලින්, අර්ථකථන දෙමින් ආදරය කරනව....සමහර ඒවා හිමි කරගැනීමේ ආත්මාර්ථයෙන්ද...සමහරක් ඒවා එසේ නොමැතිවමද හට ගන්නා ඒවා....
ඒත් කෙනෙක් ජීවිතයේ ආදරය වටහා ගන්නේ උපන් දා සිට...අම්ම තාත්ත කියන්නේ ඒ ආදරයේ උල්පත්. නමුත් හුඟක් අය ජීවිතයේ වැඩෙන කොට ඒ පළමු ආදරණීය හිත් වලට ඇති වටිනාකම ටික ටික අඩු වේගෙන යනවා....තමන්ට ඇති වගකීම්, යුතුකම් එක්ක අර මුල්ම ආදරණීයයන් මඳකට පසෙකට යැවෙන්න ගන්නව.... සමහර සාධාරණීකරණය කල හැකි හේතු මෙතන නැතිවා නොවෙයි...
න්‍යෂ්ටික පවුලකට වඩා විස්තීර්ණ පවුලක වටිනාකම දන්නේ එහෙම පරිසරයක උන්න අය...මම මගෙ සීයලා ආච්චිලාට මගෙ අම්මා තාත්තා සලකපු හැටි දෑසින්ම දැක්කා.. ඒ ආදරය අපරිමාණයි...
ඒත්....සමහරක් දෙමවුපියන් දරුවන්ගේ ජීවිත වලින් එළියටම වැටෙනවා...ඒකට සමහරක් විට හේතු වෙන්නෙ දෙමවුපියන් ගේ අතීත ගැටලු සහගත භාවයන් වෙන්න පුලුවන් ...එහෙමත් නැත්නම් දරුවන්ගේ ජීවිත වල ඇති දුෂ්කරතා වෙන්නට පුලුවන් .. ඒ කිසිවක්ම නැතිව දරුවන්ට දෙමවුපියන් අත හැරී යන්නත් පුලුවන් .......
ඒත්...අපේ මේ ජීවිතය හරි ම කෙටියි...ආදරය කියන්නේ ඒ කෙටි ජීවිතය ට ආශීර්වාදයක් ...ඒ නිසා ඔබේ දෙමවුපියන් ඔබට ලබා දුන් මේ ජීවිතයට මුලින්ම ස්තුති වන්ත වෙන්න...ඔවුන්ගෙන් ඔබව යම් තැනකදි අතහැරුණා නම් ඒක දැන් අමතක කරන්න.....
ඔබෙන් ඔවුන්ව අතහැරී ගොස් නම් ඒ දේ හදාගන්න...ඒකට එක් කාරුණික වදනක්...දුරකතන ඇමතුමක්...ප්‍රමාණවත්....
පසු ගිය දාක මගෙ තාත්තා එක්ක අපි පොඩි විනෝද චාරිකාවක් ගියා.... වියපත් වේගෙන යන වයසේ උන්නත් තාත්තා එදා අපි එක්ක අපෙ දරුවන් එක්ක උන්නෙ අමුතුම ජීවි බවකින්.....
තාත්තා ඒ ගමන අතරෙදි එක තැනකදි මෙහෙම කතාවක් කීවා....
" මෙහෙම දරුවො ටිකක් හදපු එකේ සතුට කොච්චර ද කියල මට දැනෙන්නෙ දැන් දෝණී..."
ඊට එහා ජීවිතේ ට අහන්න සුන්දර දෙයක් වෙන තියද ...දරුවෙක්ට
විසිරි සිහින
No comments:
Post a Comment