උදේ පුරුද්ද ට පාන්දරින් ඇහැරුණා....
අමුතුම ලෝකෙක ද මං මේ ඉන්නෙ කියල හිතුණා...
හරියට ඉස්සර ගමේ ඉන්නව වගේ.....
කිසිම වාහන සද්දයක් නෑ....කුරුල්ලොන්ගෙ ලේනුන්ගෙ හඬ...
ඉස්සරහ අඹ ගහට කොට්ටෝරුවා ඇවිල්ල වඩුවැඩ පටන් අරන්...
.
යාන්තමින් එළිය වැටෙන කොට පරිසරයෙ වෙනදට වඩා නැවුම් බවක් පේන්න අරන්...ඔව් ලෝකය විවේකයක් අරන්....
.
ඊයෙ පෙරේදා හිටවපු ගස් ප්‍රාණවත් ව ඉන්නව තාම...අදත් වත්තේ වැඩ ටික අරඹන්න කලින් එයාලට ලොකු වතුර සාත්තුවක් දුන්නා...
.
බක් මහට පිපෙන්න එන තොලබෝ පඳුරු යායම පොහොට්ටු පුරවලා... තොලබෝ පඳුරු හරියට මිනිස්සුන්ගෙ ජීවිතේ වගේ කියලයි මට හැමදාමත් හිතෙන්නෙ....මුලු අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කරන එයාල එක කාලෙකදි කොල සේරම හලල මියැදුණා වගේ ඉන්නව....එක පාරටම වැහි ඇල්ලක් එක්ක පොහොට්ටු පුරාගෙන පොලවෙන් මතුවෙලා මල් යායක් වෙනව...
අපේ ජීවිත වල දුෂ්කර කාලත් අන්න එහෙමයි...
ඉක්මනින් මල් පූදිනව...ඉවසීමෙන් බලාඉන්නයි ඕන....ආදරය හිතේ පුරවගන්න...සමස්ත ලෝකයටම ආදරය මේ වෙලාවේ අවැසියි...ඒ ගහට කොලටද...සතා සීපාවාටද...මනුස්සයාටද කියලා වෙනසක් නෑ....හැකි හැම මොහොතකම ඔබේ සිනහව්කින්...වචනයකින්...අකුරකින්..බැල්මකින් ඔබේ දයාර්ද බව ලෝකයට දෙන්න....
.
මේ අසීරු කාලය ඉක්මනින් ඉවර වෙයි.....
No comments:
Post a Comment