Friday, April 3, 2020
142. අවදානම ට පෙර අවධානය......
පසු ගිය දිනවල මුහුණු පොත වගේම සෙසු මාධ්‍යයන්හි සැරිසරන වෙලාවල් වල මම දුටු එක් දෙයක් තමයි දරුවන්ගේ ආරක්ෂාව ගැන දෙමවුපියන් සහ සෙසු වගකිව යුතු වැඩිහිටියන්ගේ ඇති අවධානයේ අඩුකම.....
.
ඇත්තෙන්ම අවදානමක් ඇති විටෙක හරි....අනතුරක් වූවාට පසුව හරි ඒකට කලබල වෙලා ලෝකයම පෙරළන් දඟලනවාට වඩා වටින්නේ දරුවන්ගේ ආරක්ෂාව ගැන මඳක් සැලකිලිමත් වීමයි...
.
උදාහරණයක් ලෙස ....කී වතාවක් පත්තර සඟරා ගුවන්විදුලි රූපවාහිනී මාධ්‍ය වල පින්තූර වීඩියෝ පට පෙන්වමින් සවිස්තරව කිව්වත් දරුවන් ගින්දර සහ උණුවතුරෙන් පිලිස්සීම් අදටත් අඩුවක් නැහැ....මේක අනිවාර්යයෙන් ම වැඩිහිටි නොසැලකිල්ලෙන් වන දෙයක්....දරුවන් කියන්නේ එක් වයසකට එන තුරු අනතුර ගැන අවධානයක් අවබෝධයක් නැති කොටසක්....ඉතින් අනතුරක් වෙන්න ඉඩ තියෙන උණුවතුර ටික , ලිප දරුවාගේ ලඟා වීමේ මට්ටමින් ඈතක තියන එක තමා කළ යුතු එකම දේ....
ඒක සරලයි....නමුත් අපි සරල දේ නොකර ඉන්නවා වගේම අනතුර වූ විට යකා නැටූවන් සේ නටන්න ගන්නවා....
.
දරුවකු වැටීම් තැළීම් සීරීම් වලට ලක්වීම සාමාන්‍ය දෙයක්..නමුත් ඒ හැම එකක්ම සාමාන්‍ය වෙන්නෙ එක්තරා සීමාවකට යනකල් පමණයි....එතනින් එහාට ඒක අන්තිම දරුණු දෙයක් වෙනවා...සාමාන්‍ය වැටීමක් සීමාව පැන්න ගමන් අස්ථි බිඳීමක් , ස්නායු ආබාධයක්, මොලය සහ සුෂුම්නාවට වන දරුණු හානියක් දක්වා වෙන්න පුලුවන් ..ඒ නිසා ළමයි වැටෙන්න තුවාල වෙන්න ඕන ..ඒව අත්දැකීම් කියන අයට සීමාව මතකයේ තබා ගත යුතු බවත් අවධාරණය කරන්නම ඕන....
.
අනෙක් කාරණය වන්නේ යමක් වූ පසු....අපේ වැඩිහිටියන් ඊට අදාල ප්‍රථමාධාර ගැන ඇති අනවබෝධය .....යමක් වුණ ගමන් ෆේස්බුක් පෝස්ට් එකක් දමලා සෙත් පැතීම් සහ කල යුත්තේ කුමක්ද අහන සමාජයක අපි අද ඉන්නෙ....නමුත් ඊට වඩා වැදගත් වෙන්නේ තමන් ලඟ නිසි ප්‍රථමාධාර ගැන දැනුමක් තිබීම සහ කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වීම....අද හදිසි අවශ්‍යතාවයක් වෙනකොට අපේ එහෙමත් ගෙදරක තමයි ප්‍රථමාධාර පෙට්ටියක් තියෙන්නෙ....ඒකටත් ෆාමසි යට දුවන්න හුරුවෙලා ඉන්නෙ අපි .....
.
ඉතින් දරුවෙක් කියන්නෙ මල් වගේ සුන්දර ප්‍රාණීන්...ඔව් ඔවුන්ට අත්දැකීම් ගන්න දෙන්න...සමාජයට එක් වන්න ගැටෙන්න දෙන්න...නමුත් ...අවදානම යන දෙයට ඔබේ අවධානය සහ නිසි යෙදවීම තබා ගන්න....
විසිරි සිහින
Labels:
සමාජ විපරම්
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment