Tuesday, January 17, 2017

26. ඉකුත් නොවනා ප්‍රේමය (කවි )




කාලය සමග ප්‍රේමය වියැකී යන බව අපි සිතමු...එය අපිට දැනෙන්නේ මුල්ම කාලයන්හි පැවතුණ උන්මාදනීය බව ක්‍රම ක්‍රමයෙන් හැංගෙන බැවිනි...එහෙත් සැබවින්ම එය එසේමදැයි මම විටෙක සිතමි....

ප්‍රේමය සහ ආදරය කාලය සමග ජීවිත වලට එබෙන්නේ වෙනස් වෙනස් අන්දමිනි.....

වරද ප්‍රේමයේ නොව ...එය අප වටහා ගන්නා ආකාරයේ ය...

නෙත් කොණින් හෙළනා
අඩ සොඳුරු බැල්මෙක
දෙතොල තද කොට හෙළන
නෝක්කඩු හිනාවක
නොරිස්සුම් ස්වරය මුසු
තරවටු වදනක
තාම හිර වී තියෙන 
ඉකුත් නොවනා ප්‍රේමය....

හිසට අතැඟිලි තබා
නර කෙසක් පෙන්වා තබන
පාට පොඩ්ඩක් ගෑවොතින් නරකද
අහකටම කියමින් ඇවිද යන
ඉකුත් නොවනා ප්‍රේමය....

බොජුන් හල අහර කිස විඳ
ඉනික්බිති ඉතුරු වී ගිය
සලාද කොළයක පවා රැඳුණ
කෑවා වගේ නොවෙයි බඩ එයි කියන
ඉකුත් නොවනා ප්‍රේමය....

උණුසුමට දුම් දමන
කෝපි බඳුනක අඩියෙ
ඉතිරි වී "මට වැඩි‍ය් "කියන
ඉකුත් නොවනා ප්‍රේමය...

අහම්බෙන් වැරදීමකින් වගේ 
ඇඟිලි තුඩකින් ඇල්ලෙන
එසැනින්ම අතහැරෙන
ලෝබ කම පමණක්ම ඉතුරු වන
ඉකුත් නොවනා ප්‍රේමය....

දවටනය පවා සුන්දර
රසම රස මසවුලක
නුඹ ඉතුරු කර මට තබා ගිය

ඉකුත් නොවනා ප්‍රේමය.....

10 comments:

  1. ඉකුත් නොවෙනා ප්‍රේමය....හරිම සොඳුරු විඳින්නට හැකි පද පෙළක්...

    ReplyDelete
    Replies
    1. ජීවිතේ අපූර්වත්වය විඳින්නට හැකි ඔබේ වගේ හිත් වලට

      Delete
  2. හරිම අපුරුයි අක්කා මේ කවිය

    ReplyDelete
  3. ආදරේට එක්ස්ෆයරි ඩේට්ස් නෑ කියල තේරෙන්නේ අපි වගේ වෑසට ගිහිනුත් ආදරෙන් ඉන්න ඈයොන්ට විතරමද අප්පා...?

    ReplyDelete
    Replies
    1. බොහෝ දෙනෙකුට කිසිම දවසක නොවැටහෙන දෙයක් මේක..ඔබ එය විඳිනවා කියන්නේ අපූර්වම අත් දැකීමක්

      Delete
    2. ඔය ශෙෆා කියන කතාවම තමයි මටත් අහන්න තියෙන්නේ. අපි එක්ස්පයර් වුනත්, ආදරය නම් එහෙමම තියෙයි. ආදරය යනු හැඟීමක් කියලමයි හිතෙන්නේ.

      Delete
    3. ඔව් ...මාත් ඒක පිලිගන්නවා

      Delete
  4. තරහා වෙලා ආපහු යාළු වෙන්න
    රටේ නැති දේවල් කරනනේ
    තරහා වෙලා ඉන්න බැරි හංදමයි..
    හොරෙන් හොරෙන් බල බල
    ගස්ස ගස්සා එබි එබි
    දඟලන්නෙම ඉකුත් නොවෙනා ප්‍රේමයට
    බැඳෙන්නමයි....

    ආදරෙන් ලඟින් හිඳ
    ගෙවුන කාලය මනරම්
    නොක්කාඩු ඉඳ හිටක
    රැවුම් ගෙරවුම් එක්ක
    කොයි තරම් මිහිරිද
    තවත් ආදරෙන් බැඳෙන කොට
    ඉස්සරටත් වඩා.....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පන්හිඳ ...ඔයාගෙ කවිකම් වලට

      Delete