Wednesday, April 12, 2017

49. අවුරුද්ද....

මේ ටිකේ ලියන්නත් බැරි උනා...කිය්වන්නත් බැරි උනා බ්ලොග් පෝස්ට්...මොකද කාර්ය බහුලම උන නිසා...එකක් රැකියාවේ මහ වැඩ අධික කාලයක්...පුහුණු සිසුන්ගේ අවසාන විභාගය අත ලඟටම එන නිසා...ඒ පැත්තට ටිකක් අවධානය යොමුකලා...

අනික මගෙ කොල්ලො දෙන්න ට ඉස්කෝලෙ නිවාඩු නිසා....දවල් වෙලාවට රවුටරේ ඩේටා ටික ඉවර වීමේ අවදානම ආවා....නයිට් ටයිම් ඩේටා භාවිතය අපහසු උන නිසා.....ටිකක් මෙහෙට ආවෙ නෑ....

ඒත් ඉතින් රටම සැරසෙන මේ කල එළි මංගල්ලෙට වැඩ අල්ලන්නත් එක්ක...ඔන්න මෙහෙට ඇවිල්ල පෝස්ට් දෙක තුනක් අමාරුවෙන් ලෝ ඩේටා මට්ටමේම කියවලා...මේ සුබ පැතුම එක් කර යන්න මම ආවෙ...

මගෙ මේ දිනවල ලොකුම වැඩේ මගෙ පුංචි වගා බිමේ වැඩ තමා...ඉතින් ....ඒ මොකක්ද කියල පෙන්වන්න මම ෆොටෝ ටිකකුත් එක් කරන්නම්....


ගමක උපන් මට මේ ගෙවතු වගාව කියන එක ඇඟේම තියන එකක්...නමුත් කිසිම බෙහෙතක් රසායන ද්‍රව්‍යයක් නැතුව...පලදාවට වඩා වියදම වැඩියි කියන අපේ මහත්තයා...ඉරිද ට අහන්නෙ අද බත් එකට මොනවද ඔයාගේ වත්තෙන් එක්කාසු කලේ කියලා....

ගහක් කොලක අස්සේ ජීවිතේ මඳ වෙලාවක් ගෙවන්න...ඒක මේ දුවන අපේ ජීවිත වලට මහඟු දායාදයක්...මහ පරිමාණ ආදායම් ගැන නෙවේ...මේ කියන්නේ....දවල්ට උයන්නට පලා මිටක්..මාලු මිරිස් කරල් කීපයක්...වගේ දෙයක්...හිතට එක්කරන සතුට ...හරිම අපූරුයි




මාලු මිරිස්...ඉඳහිට කරලක් දෙකක් ඉදෙන්න අරිනවා....ඇට ගන්නට



                                           කාබරංකා

අත දිග හරියෙ කොස්


අඹ...මේවා අර සීනි අඹ... රට අඹ කියන ජාතිය...මම ආසම වර්ගය..වැඩිය කන්නෙ ලේන්නු තමා






එලවලු වර්ග දෙක තුනකුත් තියනවා




ඉතින් අපි අලුත් අවුරුද්දෙ සුබ හැඟුම් ඇතුව හමුවෙමු....


සුබම සුබ නව වසරක් වේවා...මම එලවලු කොටුවට යනවා..එහෙනම්


20 comments:

  1. දකින්න ආස හිතෙනවා..

    ගහකොල සෙවනේ.. වතුර පිනිට්‍ටුවක් අතින් ඇදලා ඇඟට හලාගෙන ආයෙ ජීවත් වෙන්න මේ ජීවිතේදිනම් ආයෙ ලැබෙන එකක් නෑ..

    ReplyDelete
  2. http://dumimda.blogspot.com/2016/10/blog-post_25.html?m=1

    ReplyDelete
    Replies
    1. කියවන්නම් දුමී ස්තුතියි ඔයාට

      Delete
  3. විසිරි උඩින් තියෙන්නේ ගෙවතු වගාව ගැන මම ලියපු ලිපියක්. මම කැමතිම මාතෘකාවක් මේ.
    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. කියවන්නම් දුමී ස්තුතියි ඔයාට....සුබම සුබ නව වසරක් වේවා

      Delete
  4. ////ගහක් කොලක අස්සේ ජීවිතේ මඳ වෙලාවක් ගෙවන්න...ඒක මේ දුවන අපේ ජීවිත වලට මහඟු දායාදයක්...////
    ++++++
    අක්කට සුභ නව වසරක් වේවා...

    ReplyDelete
    Replies
    1. සුබම සුබ නව වසරක් නංගී...

      Delete
  5. කාබරංකා කියන්නේ ඔය පැත්තෙ කියන නමද?මෙහෙ කියන්නේ කාමරංකා කියල.
    සුබ නව වසරක් වේවා !!

    ReplyDelete
    Replies
    1. මිස්ටර් ඉවාන් ලව්පූස්ලගෙ පැත්තෙ කියන්නෙ - කාම රංගා

      Delete
    2. අපේ පැත්තෙ කියන්නෙ කාබරංකා කියල

      Delete
  6. හරිම අපූරුයි ඔයාගේ ගෙවත්ත අක්කෝ... ඉතින් එහෙනම් සුබ අලුත් අවුරුද්දක් ඔයාටත්

    ReplyDelete
    Replies
    1. ආසාවට කරන දේවල් නෙ නංගී...ඔයාටත් සුබ නව වසරක් වේවා

      Delete
  7. ෂා බලන්න ලස්සන ගෙවත්තක් නෙවැයි.සුබ අලුත් අවුරුද්දක්....,

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හොඳේ..සුබ නව වසරක් වේවා

      Delete
  8. ශැහ් , අපි ඔය වත්තෙ එලවලු වලිං බයිටක් හදමු

    ReplyDelete
  9. ශැහ් , අපි ඔය වත්තෙ එලවලු වලිං බයිටක් හදමු

    ReplyDelete
  10. මේ අවුරුද්දේ තව එළවළු,පළතුරු වර්ග ගොඩක් වවන්න ලැබේවා!

    ReplyDelete