මිනිස්සුන්ගේ ජීවිත වල ඇති පීඩනය ගැන අපි කතා කලා....
ඇත්තෙන්ම .....දුවන ජීවිත අස්සේ...අපි මෙහෙම සැනසීමෙන් ඉන්න එකත් කොච්චර දෙයක්ද....කියලා මට ඒ වෙලේ හිතුණා.....
වගකීම් බහුල රැකියාවක..ගෙදර දොර කුටුම්භයෙ මහා වගකීම් ගොන්නක හිර වුණත්...ඒ හැම එකක්ම මැදහත් සිතින් ඉවසා දරාගෙන....හිනාවකින් ජීවිතේ ගෙවන්න තියන එක අපූරූම දෙයක්......
කොහොම නමුත් කවි පද ටිකක් ලියන්න හැකි වුණා..ඒ ඔස්සේම හිත දුවන කොට......
අසෙනි වරුසා කඩා හැලෙනා
දවස් බෝ ඇත ජීවිතේ
එවන් දවසට සෙවන දෙන්නට
නුඹයි මට අවැසිම ප්‍රියේ...
විඩාපත් හිත දරා ඉවසන
වෙහෙස රැඳි මේ මාවතේ
නිවා සනසන උරහිසක් වන
නුඹයි මට මගෙ ජීවිතේ .....
වසත් කල හෙමිහිට ඉකුත් වන
ප්‍රේමයෙන් පිරි ජීවිතේ
ඉතින් අපි යමු ඉසුඹුවක් ගෙන
නිවී සැනසෙන දා ලොවේ......
විසිරි
+++++++
ReplyDeletethank you
Delete❤❤
ReplyDeleteස්තුතියි ගොඩාක්
Deleteඑකට කොහේ යන්නද පතන්නේ
ReplyDeleteසන්සාරෙන් අපි සමුගන්නාදා ඒ ගමනත් අපි එකට යමූ.....ආන් එහෙමයි
Delete