ඉතින් ඔබ අසයි...
ප්‍රේමය කෙතෙක් නම් බරද හිතට..
මහමෙරක් තරමටම බර වැඩියි නොකියමි..
ප්‍රේමයේ අනුහසින් මා වලාකුළක් සේ ඉගිල යන හෙයින්........
ඉතින් ඔබ අසයි...
ප්‍රේමය කෙතෙක් නම් උසද....
හිමගිරක සේ උස යැයි නොකියමි..
ඔබේ ප්‍රේමය අසල මා කුරාකුහුඹුවකු හෙයින....
ඉතින් ඔබ අසයි...
ප්‍රේමය කෙතෙක් නම් ගැඹුරුද...
කිසිත් නොපවසමි...
ඔබ දෑස් දෙසම ඇස් පිය නොහෙළා බලා ඉමි...
ඒ..ප්‍රේමයේ ගැඹුරයි..
අනන්තයටත් එහා අප අතරමං කොට තබන....
විසිරි ❤
ඒක ❤
ReplyDeleteබොහෝ ස්තුතියි
Deleteඑල ද බ්‍රා...මට නම් කවි බැරිය
ReplyDeleteබොහෝ ස්තුතියි....
Deleteබොහෝ ස්තුතියි
ReplyDelete++++
ReplyDeleteබොහෝ ස්තුතියි....
Delete