දවසකට එක් වතාවක් හෝ අපේ කලූ අප වෙත පැමිණෙන්නේ හරියටම ඒ මොහොත අපේ විශේෂ වූ අවශ්‍යතාවයක් ලෙස සලකා මෙනි.
ආ...කලූ .ඒ තමයි අපේ ගෙදර ඉන්න වයසක කලු පූසා.
එයින් හැඟෙන්නේ ඔහු අප වෙත එන්නේ ඒ මොහොතේ අපි ඔහුට කෑම දියයුතුයි හෝ ඒ සමාන කාරණාවකට නම් නොවෙයි.ඔහුට අවශ්‍ය වන්නේ හාත්පසින්ම වෙනස් දෙයක්.
අප විසින් උකුලට අතක් තබා තට්ටු කල විට ඔහු උකුලට පැන ගනී.එසේ නොකලහොත් ඒ දේ අප විසින් කොයි මොහොතේ හෝ කරනු ඇතැයි යන බැල්මෙන් බලා හිඳී.ඉන් පසුවත් අප විසින් ඔහුගේ පිට අතගෑමත්, බෙල්ල කැසීමත්, නැවත නැවත ඔහු කෙතරම්ම හොඳ අයෙක්දැයි පුන පුනා කීමත් අවශ්‍ය වේ.
ඉන් පසු ඔහු ක්‍රමයෙන් සන්සුන් වන අතර පුරුපුරුවෙන් ඇරඹෙන සිහින් ශබ්දය ගෙරවීමක් බවට පත්වෙයි...ඔහු අප වෙත බලන්නේ විසල් කරගත් දෑසිනි.එහි ආදරය උතුරා යයි. ඒ සමගම බළලෙක් සතුවන දිගු එහෙත් සෙමින් කරනා ආදරණීය ඇස් ගැසීමක් ද අපට ඔහුගෙන් ලැබේ.
ඉන් පසු ඔහු කෙමෙන් සන්සුන් වී උකුල මත සුවපහසු නින්දකට වැටේ.
මෙවන් විටක මගේ දියණිය මෙසේ කියයි.
" කලූට පුරුපුරුවක් ඕන වෙලා වගේ."
මා මේ කතාව පවසන්නේ ඇත්ත වශයෙන්ම මෙය අවශ්‍ය වන එකම කෙනා කලූ නොවන බව කීමටය.ඕනෑම වයස් කාණ්ඩයක අයෙක් මෙයට මනාපය.
ඉදින් මා වැඩිහිටියෙකි. මවකි.මා බොහෝ විට මා සමග මුසුවන දරුවන්ගේ වැලඳ ගැනීමකට, අත්දිගු කොට තුරුලු කරගැනීමකට කැමැත්තෙන් සිටිමි.
දරුවන් වෙනුවෙන් බොහෝ දේ කිරීමට මා ඉතා කැමතිය.ඕනෑම දරුවෙකු තවත් " කලූ" කෙනෙකි.
ඇත්තෙන්ම දරුවන්ටද අර කලූට මෙන් පුරුපුරු කාලයක් අවශ්‍යමය.
මුල් සටහන chicken soup for the soul කෘතියකිනි..
අනුවාදය : විසිරි ❤️
Wisiri Sihina
https://www.amazon.com/Chicken-Soup-Cat-Lovers-Soul/dp/1623610869
ReplyDeleteඅපේ එකාට දැන් අවුරුද්දයි. ඇත්තටම කියනවනං දැන් අපි ජීවත්වෙන්නේ බළලෙකුගේ ගෙදර.
ReplyDeleteHe is the owner. We are just residents.
ජයවේවා!