Sunday, April 2, 2017

47 . යාලුවෙක් කියන්නේ





යාලුවෙක් කියන්නේ මහ රණ්ඩු කෙක්කකට
ඉඳහිටක නැති දාක පාලුවක් වෙන එකට
කොහේ හරි ඇති දේක ඇදයක්ම හොයනෙකට
යාලුවෙක් කියන්නේ ජීවිතේ කොටසකට

නිහඬ මොහොතක් ගානෙ කම්මැලිද අහනෙකට
හිතේ මහ බර පොදිය ඉවත විසි කරනෙකට
දයාබර තරවටුද නෝක්කඩු එමට දෙන
යාලුවෙක් කියන්නේ නැතුව බැරි ඇසුරකට

නොරිස්සුම් වෙලාවක හිනාවක් වෙන එකට
කාන්සිය අරන් නිති සැනසුමක් වෙන එකට
යාලුවෙක් කියන්නේ ඔන්නොහොම ළමයෙකුට
ජීවිතේ මහ ඉඩක් ඉතුරු කර ඇති කමට

**** විසිරි ***

17 comments:

  1. කිව් නිසා මේ කවිය දැනෙනවා හදවතට
    රැව් දෙනා මතකයක් කඳුළු දෙයි නෙත් අගට
    කව් රු කාහට වුණත් යහලුවෙකි ජීවයට
    ඔව් යාලු කියන්නේ හදවතේ කොටසකට

    විසිරී, ලස්සන කවිය ඔස්සේ මම අතීතෙට ගියා. අදටත් හේතුවක් නැතිව තරහ වුණු මිතුරෙක් ( තරහ වුණත් මට මිතුරෙක් ) මට මතක් වුණා.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දුමී...ඔව් එහෙම යාලුවො ඉන්නවා...උන්නා මටත්

      Delete
  2. මේ අපි වගේ අවංක අහිංසක යාළුවො නේ

    ReplyDelete
    Replies
    1. අහිකුංටික?

      Delete
    2. අපෝ ඔව්....ඒ ගැන කියලා මොකටද....

      Delete
  3. මාළුවෙක් වගේ කෙනෙක්ට...!

    ReplyDelete
  4. යාලුවෝ යාලුවෝ විදිහට ඉන්න කම් නම් පට්ටයි.
    උන් මාලුවෝ වෙච්චි දාට තමා ඉතින්

    ReplyDelete
  5. යාළුවො යාළුවො විදියට මරු

    ReplyDelete
  6. අපි නම් අහිංසකම අහිංසක යාළුවෝ වේ.

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නෙ අහිංසක කම උතුරනවා

      Delete
  7. Replies
    1. මාලු......?
      මොකෝ මූදු ගියායැ

      Delete
  8. යාළුවෝ අපිට හම්බෙන වටිනම දෙයක්

    ReplyDelete