Friday, March 31, 2017

46. රයිලිගෙ කතා 1









මගේ නම රයිලි....
ඇයි නිකම් කට ඇද කරන් බැලුවෙ...ඒක අහල නැති නමක්ද...ඔයාල දන්නෙ නැත්නම් ඒක ඔයාලගෙ දුර්වලකමක්...
මේ ලෝකෙ අපේ වර්ගයේ අයට නම් තබන ලිස්ට් බැලුවම ජනප්‍රියතම නමක් තමයි ඒක....
හරි...
ඒකෙන් මේකෙන් කමක් නෑ...ආයෙ එහෙම මේ විදියට කිසිම කෙනෙක් දිහා කට අද කරල බලන්නෙ නෑ කියලා මට පොරොන්දු වෙන්න ඕන...
නැත්නම් මගෙ හිතේ තියන මේ අටෝරාසියක් කතන්දර ...මෙහෙම ජනගත කරන්න මම කැමති නෑ

ඔයාලා මාව දන්නෙ නැති වෙන්න පුලුවන්....ඒත් අපෙ අම්මාගෙ ( දැන් ආයෙ කට ඇරන් බලනවා...ඔව් ඔව් මේ විසිරි සිහින ද මොකක්ද එකක් ලියන එක්කෙනාට මං කියන්නේ අම්මා කියලා....) ෆේස් බුක් ගිණුමෙ මම හරි ජනප්‍රියයි.....හරි ඔයාල එයාගෙ යාලුවො නම් ගිහින් වෙලාවක ඒකෙ බලන්නකො...

එයාටත් වෙලාවකට පිස්සු අනේ....මාව එහෙට මෙහෙට හරව හරව ෆොටෝ ගන්නව..ඕවා ෆේස් බුක් එකේ දැම්ම ම එයාගෙ යාලුවො කොමෙන්ට් දාන ඒවා මටත් ඇහෙන්න කිය කිය එයා හිනා වෙනවා....සමහර ගෑණු ලමයි අනේ එයා හරී ස්වීට් කියලා කියද්දි නම් මටත් පොඩි මෙව්වා එකක් එනවා

කොහොම හරි මේ කතා ටික ඔයාලට කියන්න ඕන වුණෙ එයාටමයි..මම කලේ අනුමැතිය දීපු එක විතරයි...ඒක දුන්නෙ නැට්ට වනලද කියල නේද අර හිතුවෙ.....මට නිකම් ඕන්නැති විහිලු එපා...මගේ ජාතියෙ අයට නැට්ටක් නෑ...මම ඔලුව හරෝලා මගෙ තාලෙට කැමැත්ත පල කලේ....

මම මෙහෙ ගෙදරට ඇවිල්ලා දැන් අවුරුදු දෙකකට වැඩියි...ඒ කාලෙ ඉඳන්ම වෙච්ච සමහරක් දේවල් මම කියන්න කැමතියි....අම්මා ඉඩ ඇති විදියට ඒවා ලියාවි...හැබැයි ඉතින් ඒ ලියන මනුස්සයා ගැන හිතලා..මටත් ආඩම්බරයක් දැනෙන්න ....කොමෙන්ට් එකක් එහෙම ඔයාල දෙන්න ඕනා...හොඳ ද...

මාව ඇක්වේරියම් එකක ඉඳලා තමයි ඔය අපේ අම්මාගෙ මහත්තයා...( එයාට මම තාත්තා කියන්නෙ නෑ...බුදු අම්මේ හතර හන්දි කඩාගන්න පොටක් ඒක..) මාව මෙහෙ ගෙදරට එක්ක ආවෙ...ආරංචියෙ හැටියට මෙහෙ උන්නාලු තඩි ඇරවානෙක්..අලි විසාල ටැංකියක...මේ ගෙදර ඉන්න කොලු ගැටව් දෙන්නා...( ඒ දෙන්නටත් මං අයියලා කියන්නෙ නෑ....)...මහ ලොකුවට ඔය ටැංකිය ගෙනාවට ඇහැක් ඇරල බලන්නෙ නෑ...ඒ නිසා අම්මට වැඩ වැඩි වුනා කියලයි අම්මා නම් කියන්නෙ

අන්තිමේදි ඇරවානයි ටැංකියයි වෙනුවට හුවමාරුව උනේ මම...මාත් එක්ක අපෙ අයියාත් එකම කූඩුවෙ උන්නා..ඒත් බලන්න ආව අරයා ( අම්මාගෙ මහත්තයා ) මාවයි තෝර ගත්තෙ...අම්මාට සප්‍රයිස් වෙන්න කියලා...ඔන්න දවසක් අම්මා ගෙදර එන වෙලාවට මෙයාල මාව එහෙට කූඩුව පිටින්ම අරන් ගියා...

මම හොඳාකාරවම දන්නවා අම්මා මාව ගේනවට එච්චර කමැත්තක් දක්වුවෙ නෑ කියලා....රස්සාවට යන්නයි ගෙදර වැඩයි එක්ක...ඒ මදිවට මෙහේ ලොකු හාදයෙක් උන්නා නෙ ජෙෆ් කියලා...එයා ජර්මන් ශෙපඩ් එක්කෙනෙක්....තව අය ඕන්නෑ කියලමයි අම්මා කිව්වෙ...ඒත් අනික් අයගෙ මතය උනේ...අම්මාට කොල්ලො දෙන්නා ලොකු වෙද්දි බල්ලෙක් හරි ගෙනල්ලා දෙන්න ඕන හුරතල් කරල හදන්න කියලා...ලු

සාරි පොටත් කරේ ගහන් ආව එයා මගෙ දිහා බැලුවෙ එච්චරම ලෙන්ගතු බැල්මකින් නෙවේද මන්දා ඉස්සරෝම දවසෙ...හ්ම්ම් නරකම නෑ..කියාගෙන ගෙට ගියාම මට අර කූඩුවෙ කම්බියකින් බෙල්ලෙ වැල දාගන්න හිතුනෙ...ඒ මදිවට අර ජර්මන් ශෙපඩ් ලොක්කා බෙල්ලෙ මයිල් පුම්බන් වටේට කැරකෙනව...හරියට අම්මාගෙ අය්තිකාරයා එයායි කියන්න වගේ...

මගෙ ඇස් වලට කඳුලු ආවෙ  මගෙ අම්මාව මතක් වෙලා...අම්මාගෙ උණුසුමේ මම උන්නෙ කී දවසද....අයියා එක්ක ඇක්වේරියම් එකේ ඉද්දි නම් අපි දෙන්නා ඒ ගැන ඉඳහිට කතා කලා...ඒත් අයියා මා එක්ක ඒ හැටි සුහදකමක් කොහොමත් දක්වුවෙ නෑ...


ටිකකින් ගෙදර ඔක්කොම අය ආවා කූඩුව ගාවට...අම්මා ත් ආවෙ නාලා ගවුමක් එහෙම ඇඳගෙන....කෝ බලන්න මෙයාව...කියාගෙන එයා කූඩුව ගාවට ආවම මට දත් විලිස්සුනා....අපේ ජාතියෙ අය හිනා වෙනව කියන්න එයාලට තේරෙනවයැ...මෙයා ටිකක් වස ජාතියක්ද මන්දා...අම්මා අඩියක් පස්සට ගියා...

ඔන්න එතකොටයි එයාගෙ මහත්තයා මගෙ වර්ණනාව කියවන්න ගත්තෙ...මගෙ වර්ගය කොකස්පැනියල් ලු...මගෙ ජාතියෙ අය ඔය බිම්බෝම්බ හොයන්න වගේ ඒවට යොදාගන්නවාලු....ඔන්න ඔහොම මහ අදාල නැති කතා ත් එයා කිව්වා....,මේ ගෙදර කොහෙද අනේ බිම්බෝම්බ කියලා මට අහන්න හිතුනා...

ඉතින් ඔන්න ඉලන්දාරි දෙන්නයි එයාලගෙ තාත්තයි අම්මයි වට වෙලා මගෙ ගැන කතාව...මම තාම කූඩුවෙ ඉඳන් එයාලව නිරීක්ෂණය....

ඒ අය ගැන ඉතින් වෙන වෙනම විස්තර ටිකක් මහන්සි ඇරල එහෙම කියන්නම්...




මම කතාව කිව්වට මේක මම ලියනවා වගේ ලියන්නෙ අම්මා...


විසිරි....ඔව් එයා තමයි

33 comments:

  1. මචං රයිලි.. උඹලෑ අම්මට නං හැබෑටම පිස්සු බං.. මං කියුව කියල අම්ම එක්ක එහෙම කියෝනවා නෙවෙයි. නැත්නං උන්දා මේක ලියන එහෙකුත් නෑ. එහෙම උනොත් අපිට උඹේ ඕපාදූප ටික අහගන්න බැරිවෙනවා.. වෙලාවක අම්මට හොරෙං සෙට්වෙමු. ජයවේවා !!

    ReplyDelete
    Replies
    1. අණ්ඩක් කඩාගන්න හිතුනැයි මචෝ

      Delete
    2. මොනා කරන්නද කලණ අයියා...ඒ එයාගෙ හැටිනේ...(මීට රයිලි )

      Delete
  2. මචං රයිලි උඹලගේ අම්මට කියපන්කෝ කසාදයක් කරලා දෙන්න කියලා එයා ඒවාා ගැන බලන්නේ නෑ නේද බොලා ගැන.

    ReplyDelete
    Replies
    1. මට තාම කසාදෙකට වයස මදිලු නලීන් අයියා ...අම්මා කියන්නෙ..( මීට රයිලි )

      Delete
  3. අනේ...සෝ...යි රයිලි...අයි ලව් යූ ඩාර්ලින්ග්.. ( බොලෑ අම්මට එහෙම කියනවා නෙවෙයි ඕං )

    ReplyDelete
    Replies
    1. ආන්න මෙහෙම ලස්සන ගෑණු ලමයි කොමෙන්ට් දාන කොට මටත් කතාව කියන්නම හිතෙනවා...ලව් යූ සඳු අක්කා ( මීට රයිලි )

      Delete
    2. අනෙ අරයිලි ඔන්න ඉතින් පුදනකොටම කාපි යකා කියලා අක්කා කිව්වනේ මට මම ඔයාට ටෝක් කලේ සහෝදර ප්‍රේමෙකට නෙවෙයි අප්පා ඉහි ඉහි ඇයි අනේ තේරුම් ගත්තෙ නැත්තේ ?

      Delete
    3. හරි හරි ඉතින් මේ ප්‍රසිද්ද සභාවල ඕවා කතා කරන්න හොඳ නෑනෙ....අපි ඒවා වෙනම කතා කරමුකො...අඬන්න එපා අනේ....මීට රයිලි

      Delete
  4. බලාගෙන රයිලියෝ අතපය

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්නෙපා අයියා...ඔයාගෙ අත හදල දුන්නෙත් අම්මා නේද ? (මීට රයිලි )

      Delete
  5. නම් ගත් රයිලි උඹටත් තනි දැනෙයිදෝ
    නිම් නැති කඳුලු උඹෙ ඇස්වල පිපෙයිදෝ
    බිම් බෝම්බ සෙල්ලම් පිටි මතකයිදෝ
    ගම් බිම් බලා එන්නට හිත තැවෙයිදෝ.....

    (රයිලිගේ ඥාතියෙක්)

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බොහොම...මට කවි ලියන්න තාම දැනුම මදි දුමී...( මීට රයිලි )

      Delete
  6. රයිලි,

    අපේ උන්දගෙ නම මෝඩ්ස්.. පොඩි කාලෙ ඉදන් මගෙ පුරුද්ද තමා ගෙදර ඉන්න සුරතලාට මටම ආවේනික නමක් දාගන්න එක.. ඒක ක්‍රමිකව හැදෙන එකක්. ඉස්සර අපේ ගෙදර හිටිය කළුම කළු පූසා කපූ වුනේ අන්න එහෙම.

    එතකෙට මේ මෝඩ්ස් ගෙ නම තමා බ්‍රවුන්. හැබැයි ඌ හෙන මෝඩයා..කන්න දුන්නම කෑම හංගනවා, නිතර එන අඳුනන අයට බුරනවා වගේ මෝඩ වැඩ ගොඩයි. ඉතිං මම එයාට දැම්මා මෝඩ බ්‍රවුන් කියලා.. පස්සේ බ්‍රවුන් කෑල්ල හැලිලා නිකන්ම මෝඩයා වුනා.. මෝඩයා මෝඩ්ස් වුනා...අනේ ඒ මෝඩයා මොනවා කිව්වත් නැට්ට වනනවා...

    ඔයා අපේ ගෙදර හිටියනම් මම ඔයාව රයිස් කරනවා..

    මේ විස්තර ඕයාගෙ ඔය මහලොකු අම්මා එක්ක නොකිව්වට කමක් නෑ..

    ගිහින් එන්නම්..

    ReplyDelete
    Replies
    1. මට නම තිබ්බ හැටිත් ඉස්සරහ පෝස්ටුවක කියන්නම් සෙන්නා...ඔයත් නියම නම් කාරයෙක්නෙ...( මීට රයිලි )

      Delete
    2. අපේ ගෙදර ඔයාලා වගේ අය නැහැ රයිලි. හැබැයි ඉස්සරහට ඉන්න ඉඩ තියෙනවා. එහෙම හිටියොත් මං එයාට තියන්න හිතාගෙන ඉන්න නම තමයි ඩියෝජි!

      එතකොට පූස් කෙනෙක් හිටියොත් එයාට මං තියන්නේ සියේටි!

      ඇයි කියලා අහන්න එපා. ඒක තේරුම් ගන්න බැහැ කියලා බිම්බෝම්බ ඉව කරන නෑයින්ට අගෞරව කරන්න එහෙම එපා ඕං

      Delete
    3. ඒ නම් ටිකත් හරි ශෝක් නෙ...හරි ප්‍රෞඪ බවක් එනවා.....

      Delete
  7. අද තමයි මේ පැත්තට ආවෙ.. සෝයි බලු පැටියා... අපේ ගෙදර ඉන්නවා බෘනා

    ReplyDelete
    Replies
    1. බෲනා...ලස්සන නම,...ඒකත් පොපියුලර් එකක් නේද....

      Delete
  8. ඈ බං රයිලි...(බං බොලං කියල කතා කලාට තරහ ගන්නව එහෙම නෙවෙයි ඕං හිතවත්කමටනෙ බොලේ..)

    මොකද උඹ අර ඇක්වේරියම් එහෙක කලේ?

    ReplyDelete
    Replies
    1. ආහ්...ඒක ඕකේ..මෙයා...හිතවත් කම් එහෙම තමා...

      මාර වැඩේ කියන්නෙ...අර හලාවත පාරෙ ඇක්වේරියම් එකේ ඩයිනසෝර්ලා හැර අනික් ඔක්කොම සත්තු ඉන්නව...කුරුල්ලො ..ලව් බර්ඩ්ස්ලා...නා නා ප්‍රකාර අපේ අය..එතකොට...පූස්ලා.....

      ( මීට රයිලි )

      Delete
  9. හරිම ෂෝක් රයිලි . අපේ ගෙදරත් ඉන්නව පිංකි. එයාට නම් පූසො පෙන්නන්න බැහැ. ඔයාට කොහොමද තවත් කතාවක් ඉක්මනටම කියන්නකො හොඳේ.

    ReplyDelete
    Replies
    1. ආපෝ මටත් පේන්න බෑ...ගෙදර පිටි පස්සට එන පූස් නාම්බො එලවන එකත් මගේ දෛනික රාජකාරියක්...( මීට රයිලි..)

      Delete
  10. රයිලි මං දවසක් ඔයාට කවියක් වගේ එකක් ලිව්වා, දවසක් දා හැන්දෑවක ඔයාගේ කනේ හිටපු මැක්කෙක් ගැන, අම්මා ඒක කිව්වාද?

    ඇක්වේරියම් එකේ ඉඳන් ආවා කිව්වහම මං ආයෙත් උඩට ගිහින් බැලුවා ඔයා ඉන්නේ වතුර ටැංකියකද? ඔයා මාලුවෙක්ද? කියලා. පස්සේ මතක් වුණේ ලංකාවේ ඇක්වේරියම් වල සමහර වෙලාවට මාලු හැර අනිත් හැම සතාම ඉන්නවානේ කියලා :D

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් අර අපේ අම්මා මගෙ ගාව ඉඳන් ගත්තු ෆොටෝ එකටනෙ...හැබැයි ඔන්න මැක්කො ගැන කිව්වම මට දුකත් හිතුණා...මොකද මගෙ ඇඟේ මැක්කො නෑ නෙ

      Delete
    2. රයිලි, රයිලි, රයිලි,

      අම්මා ඔයාව හදනවා අන්තිම නරකයි. මැක්කෙක් නැති හෝටලයක් හරියට පරිප්පු නැති බල්ලෙක් වගෙයි. මං කිව්වා කියලා අම්මාට කියන්න. ඔව්! :D

      Delete
    3. මට මේ කොමෙන්ටුව දැක්කම හිතට එන අදහස් කියා නිම කරන්න බෑ....කෝකටත් කලින් සම්මුතිය ගහපු ලෙස "ස්තුතියි "කියලා විතරක් කියන්නම්...
      මීට රයිලි

      Delete
  11. මිස්ටර් රයිලි

    ඔයාගේ කතාවනම් ඉතිං අම්මා ලස්සනට ලියලා තියෙනවා. එත් මම කල්පනා කලේ ඔයාට අයියා කියනවාද නැත්නම් දිගටම මිස්ටර් රයිලි කියනවාද කියලා අනේ. කමක් නෑ අපේ අක්කා දැන ගත්තොත් නම් කියයි ඕං මගේ තියෙන මනමාල කම කියලා. මොකද ඉතිං මට තාම මාස හතරනේ. ඒ හින්දා මිස්ටර් රයිලි කියලාම කියන්නම් නේ. ඉතිං මිස්ටර් රයිලි ඔයාගේ ඔය වෙච්ච කයි කතාන්දර ටික අම්මාට ලියන්න කියන්නකෝ. මම අපේ අක්කා එක්ක එව්වා බලන්නම්. එත් ඉතිං ඔය කොම්පියුටර් එකේ එයැයි ඔළුව ඔබන් ඉන්න වෙලාවට එයැයිගේ ඔඩොක්කුවේ ඉන්නේ මැක්ස් හාදයානේ. එයා මගේ මල්ලී තමා. ඒ වෙලාවට මම කරන්නේ අක්කාගේ කකුල් දෙකින් මගේ අත් දෙක තියලා ඉස්සිලා මල්ලීගේ කණ හපන එක. එතකොට මට පුළුවන් මල්ලීව බිමට බස්සව ගන්න. ඕං ඉතිං එතකොට මායි මල්ලීයි රණ්ඩුවක් පටන් ගත්තාම, මගේ සෝස කෙල්ල එන්න කියලා මාව ඔඩොක්කුවට ගන්නවා. ඕං ඔය වේලාවට බැරියැ මට රයිලි මහත්තයාගේ කතා කියවන්න. අක්කා වගේම මාත් කියවන්න හරි දක්සයි නොවැ. එහෙනම් මිස්ටර් රයිලි ඉක්මණට තව කතාවක් ලියන්න.

    ජෙනී

    ReplyDelete
    Replies
    1. ජෙනී...ඔයා ගැන ඔයාලගෙ අක්කා කියන ඒවා අපේ අම්මා මට කියනවා....ඔය අක්කා ට ටිකක් පිස්සු නේද ජෙනී...( මං කිව්වා කියනවා නෙවේ ඔන්න..)...

      Delete
  12. ඔයා හරි ශෝයි අනේ..ඔයාගේ හිනාවටත් මම කැමතියි...

    ReplyDelete
    Replies
    1. අපේ අම්මත් ආසයිලු මම කොයි වෙලෙත් හිනාවෙනවට..ඒත් මම බුම්මන් ඉන්න රවන් ඉන්න වෙලාවලුත් තියනවා අනේ ( මීට රයිලි )

      Delete
  13. //.ඕවා ෆේස් බුක් එකේ දැම්ම ම එයාගෙ යාලුවො කොමෙන්ට් දාන ඒවා මටත් ඇහෙන්න කිය කිය එයා හිනා වෙනවා....සමහර ගෑණු ලමයි අනේ එයා හරී ස්වීට් කියලා කියද්දි නම් මටත් පොඩි මෙව්වා එකක් එනවා//

    බලු පැටියට තියෙන තැන නෑනෙ මගේ ෆොටෝ එකක් එෆ්.බී එකටදැම්මම
    හව්වුනොත් ගහනවා රයිලියට වීසිවෙන්ඩ ෆුට් බෝලෙකට ගහනවා වගේ

    ReplyDelete
    Replies
    1. අයියෝ රොමා අයියා...ඔයා කොච්චර හැන්ඩිද...හැබැයි මට හිතෙන්නෙ ඔයාගෙ ප්‍රොෆයිලේ ෆොටෝ එක ක්ලියර් මදි කියලා....නැත්තන් කෙල්ලො පෝලිමේ ලයික් දාවි..මගෙන් තරහ පිරිමහ ගන්න වෙලේ අන්න එහෙම ප්‍රායෝගික දෙයක් කරන්න...( මීට රයිලි..)

      Delete