ගලන නිල් දිය දහරක
විසුල පිණි පොද සුවයක
හරිත වන ගුල්මයකද
පරව ගිය පත් විසිරෙත...
දෙතොල මී මදු වෑහෙන
තුරුණු බව ඔද වඩනට
සිතක සටහන් බොඳ වෙත
වියැළි පත් නෙතු රවටත....
අසුරු සැණ කල් විසිරෙත
දිවිය එ සැනින් වියැකෙත
සදා සැනසුම් ඉසිරෙත
පතා ඉමි ඒ සුවයම.......
...විසිරි කවි....
තුරුණු බව ඔද වඩනට
සිතක සටහන් බොඳ වෙත
වියැළි පත් නෙතු රවටත....
අසුරු සැණ කල් විසිරෙත
දිවිය එ සැනින් වියැකෙත
සදා සැනසුම් ඉසිරෙත
පතා ඉමි ඒ සුවයම.......
...විසිරි කවි....
මේ තියෙන්නේ මී විත වගේ මත් වෙන කවි
ReplyDeleteඒ වුනාට මටත් එනවා කාලයක්...මොකුත්ම නොලියවෙන හැමදේම හිස් වෙන..බ්ලෑන්ක් වෙන...
Deleteස්තුතියි සඳූ
ලස්සන කවියක් විසිරී...
ReplyDeleteජයවේවා!!!
ස්තුතියි දුමී...
Deleteනියමයි විසිරි...
ReplyDeleteස්තුතියි අරු....
Deleteකොහොමත් විසිරි ගේ කවි වල එයාටම වෙන්වුණු වෙනම අපුරුවත්වයක් තියෙනවා.
ReplyDeleteමේ කවියත් එහෙමයි ,
හරිත වන ගුල්මයකද
පරව ගිය පත් විසිරෙත
අපේ ජිවිතත් මොහෙමයි.
අපුරුයි විසිරි
ජීවිතය බොහොම අපූර්ව තත්වයක් වුණත් අපි ඒක දකින්නෙ එකිනෙකාට ආවේණික විදියට....ජීවිතේ යාත්‍රාව කියන්නෙ මගෙ දැක්ම ට ලඟින්ම යන කෙනෙක් කියලා මම හිතනවා...ඉතින් බොහොම ස්තුතියි මේ දෙන දිරියට
Delete:) අමදජපච
Deleteමොනවා කියන්නද මන්දා
ලස්සන නිර්මාණයක්.අපේ ජීවිත කියන්නේ උපන්දා ඉඳන් මැරෙන කාලය නෙමෙයි,ඒ අතර තැන තැන තියන නිමේශයන්.
ReplyDeleteමේ කවිය මම ඉස්සරෝම ලිව්ව දවසක...මේකට මම දැම්මෙ මා විසින් පිදුරුතලාගල කන්දෙදි ගත්තු පොගනාටුම් පැලෑටි ගොන්නක හිරවුන වියලි පතක පින්තූරයක්...මට මුහුණු පොතට එය එක් කලාට මේකට එක් කරන්නට හොයා ගන්න බැරි උනා....ඇත්තෙන්ම බක්කරේ....ජීවිතය අතරමග කොච්චර නම් සන්ධිස්ථාන තියද මිනිස්සු නොවිඳින
Deleteමගේ හීනත් විසුරුවලා දාන්න හිතෙනවා මේවා කියවනකොට.. :)
ReplyDeleteඅනේ ඇයි ඉතින් එහෙම නොකර ඉන්නේ...හිතක් විසිරෙන කොට තමා සුන්දර නිර්මාණ බිහිවෙන්නෙ...
Deleteලැබේවිද ඒ සුවය කිසිදාක ? අපූරුයි විසිරි !
ReplyDeleteඅපි දැන් විඳින සීමාවට එහා මේ දැනීම...බලා ඉමු ඒ සහන් සුව
Deleteස්තුතියි වාසිතය ( මිතිල )
ReplyDeleteඑක සිනාවෙන් මත්වෙන
ReplyDeleteරැවුමකින් හද ඉරි තැලී යන
වචනෙකින් හද ඔකඳ වී යන
ඒ ජීවිතය අන් තැනක !
හරි අපූරුයි දුකා.....ස්තුතියි ඔයාට
Deleteහොදයි විසිරි
ReplyDeleteස්තුතියි
Delete