Sunday, March 26, 2017

44. මම කවුද ...? ( දෙවනි කොටස )








මං කවුද කියලා හඳුන්වන සටහන් පෙලේ දෙවැන්න මේ....කලින් කොටස කියවලා එන්න ඕන නම් ...මෙතනින් ඒ පෝස්ටුවට යන්න පුලුවන්.....



දැන් රෝගියෙක් වෙනවා කියන්නේ අපි අපේ දෛනික කටයුතු වල ඉඳලා හැම දේකටම තවත් කෙනෙක් මත යැපෙන්න වෙන එකේ ඇරඹුම...ඒ කියන්නෙ අපි සාමාන්‍යයෙන් independent වෙන ඒවා dependent වෙන එක

ප්‍රතිකාර භාවිතයෙන් රෝගියාගෙ හැකියාවන් ලබා දෙන්න නොහැකි වුනොත් අපිට ඒ සඳහා ඔහු ජීවත් වන පරිසරය ඔහුට ගැලපෙන ආකාරයට වෙනස් කිරීමෙන් (  architectural modifications  ) හෝ ඔහු භාවිතා කරන උපකරණ ආදිය ගැලපෙන ලෙස හැඩ ගස්වා දීමෙන් (  adaptations )ඒ හැකියාව ලබා දෙනවා...

සාර්ථක අසාර්ථක භාවය විවිධාකාර වුනත් අපේ ප්‍රතිකාර වල මූලික ම අරමුණ වෙන්නෙ රෝගී පුද්ගලයා තමන්ගේ එදිනෙදා වැඩකටයුතු වල...සේවා ස්ථානයේ රැකියාවේ වැඩ කටයුතු වල..සමාජීය කටයුතු වල ආදී කුදු මහත් කාර්යයන්හි නැවත ස්වාධීන පුද්ගලයෙකු ලෙස නිරත කරවීමයි...


කිසිම දෙයක් බැහැ කියන සංකල්පයෙන් ඔබ්බට අපි ඒ නිසා ආබාධ සහිත පුද්ගලයාව රැගෙන යනවා...

මේ කාර්යයේදී අපිට රෝගියාට අමතරව ඔහුගෙ නිවැසියනුත් සහය වෙන්න ඕන..එවිටයි මේ ක්‍රියාවලිය සාර්තක වෙන්නෙ

නිවැසියන් වගේම සමහරක් වෙලාවට අසල්වාසීන්...සමාජ සංවිධාන..ඔන්න ඔය වගෙ අයත් මහත් සේවාවක් ඉටු කරනවා මේ දේට..


සීමාවන්ට පෙර හැකියාවන් දකින්න...අප ඔබට දෙන මුල්ම දිරිගැන්වීම එයයි..

see the potential beyond the limitations...







වෘත්තීය චිකිත්සාවේදි ප්‍රතිකාර ලබාගන්නා රෝගීන් වර්ග කලොත් ඒවා මෙන්න මෙහෙම කෙටියෙන් කියන්න පුලුවන්....නමුත් අපි ඕනෑම ආබාධයක් ගත්තාම ඒකට වෘත්තීය චිකිත්සාවේ යම් යම් උපකාර ලබාගන්නට උත්සුක වෙන්න ඕන..මොකද සැම විටම ඔබව නිවැරදි යොමු කිරීමකට ලක් වෙයි කියලා හිතන්න බැහැ...

ඒ නිසයි ඔබ දැනුවත් වීම වටින්නේ....

1. ස්නායු ආබාධ...ඒ කියන්නේ..අංශභාගය..එතකොට මොලය ආශ්‍රිත අනතුරු නිසා ඇති වන ආබාධ ...මොලේ උණ වගේ රෝග නිසා ඇති වන සංකූලතා...

බාහිර ස්නායු පද්ධතිය අදාල රෝග..ස්නායු කැපුම්...ආදිය...එහෙ

2. රක්තවාත රෝග...දන්නවනෙ ආතරයිටිස් වර්ග..බහුලවම රුමටොයිඩ් ආතරයිටිස්..ඔස්ටියෝ ආතරයිටිස්....වගේ සන්ධි සහ සන්ධි ආශ්‍රිත රෝගාබාධ

3. ළමා වියේ ආබාධ....

මේ යටතේ මස්තිෂ්ක ආඝාතය..(cerebral palsy-  CP   )  එතකොට ඉගනුම් ආබාධ තත්ව..( ඉස්සර මන්ද මාන්සිකත්වය කිව්වට දැන් ඒකට එහෙම කියන්නෙ නෑ )...ඕටිසම් ...ඩවුන්ස් සහලක්ෂණය...ඒ වගේම උපතේදි සහ උපතට පසු කාල වලදි මධ්‍ය සහ බාහිර ස්නායු වලට වෙන ආබාධ...ඔන්න ඔය වගේ රෝගාබාධත් තියනවා

4. අස්ථි බිඳීම්...( fractures - ex :- colles fracture ) එතකොට අස්ථි වලට අදාල ගැටලු නිසා වන රෝගාබාධ

5. දීර්ඝ කාලීන සහ කෙටි කාලීන මානසික රෝග

6. වියපත් වීමට අදාල සංකූලතා


7.සුවකල නොහැකි රෝග (cancer , AIDS) වලට මාන්සික සහ ශාරීරික ගැටලු සහගත අවස්ථා සඳහා සහය...

මේ රෝගාබාධයන්ට වෘත්තීය චිකිත්සාවෙන් සැලසෙන සේවය කුමන ඛාණ්ඩ යටතේද කියලා මම දැන් කියන්නම්...




ආබාධ නිසා රෝගීන්ට විවිධ කටයුතු වල ගැටලු ඇති වෙනවානෙ..

1. කායික එහෙම නැත්නම් චාලක ක්‍රියාවන්

ඇවිදීම, හිඳ ගැනීම ,  සමබරතාවය පවත්වාගැනීම, නිවැරදිව ශරීරය හසුරවා ගැනීම...අත් භාවිතය...වගේ ක්‍රියා

2. සංවේදනයන්ගේ ගැටලු

ඇසීම , පෙනීම , ස්පර්ශය..වගේ සංවේදනයන්ගේ එන ගැටලු වලට....වෘත්තීය චිකිත්සාවෙන් සහය ලැබෙනවා...

3. මානසික තත්ව...

කෙටි කාලීන සහ දීර්ඝ කාලීන මානසික ගැටලු සඳහාත් වෘත්තීය චිකිත්සක ප්‍රතිකාර ක්‍රම ලබා ගත හැකියි

4. අවබෝධාත්මක ගැටලු සහ ඉගනුම් අවශ්‍යතා වල ගැටලු

5. දෛනික කටයුතු කරගැනීමේ අසීරුතා

ලෙඩක් වෙච්ච කෙනෙක්ට තියන ලොකුම අභියෝගය මෙන්න මේක..තමන්ගේ සාමාන්‍ය එදිනෙදා වැඩ කරගන්නට හැම විටම තවකෙක් මත යැපෙන්න වෙන එක...හිතන්න,,,,අපිට එහෙම වුනොත් කොහොම වෙයිද කියලා...

වෘත්තීය චිකිත්සාවෙන් ඒ පුද්ගලයාව ක්‍රමානුකූලව තමන්ගේ වැඩ කරගන්න පුහුණු කරවීමක් කරදෙනවා...මෙයට සමහර වෙලාවට විශේෂිත උපකරණ ත්  ( adaptations )හදන්න වෙනවා...

6.රැකියාවේ ගැටලු...සහ කාර්යයන් කරගැනීමෙ දී ඇතිවන ගැටලු

ආබාධයකට පෙර රස්සාව කරන එකට වඩා පසුව ඒක කරන එකේ ලොකු අභියෝගයන් තියනවා....අපි මේ තත්ව ඇගයීමක්  ( assessment )කරලා ඒවාට අදාල විසඳුම් ලබා දෙනවා

7. ගෘහස්ථ පරිසරයේ දුශ්කරතාවයන්

ඒ කියන්නෙ දැන් ඔය අපේ ගෙවල් හදල තියෙන්නෙ අනාගත්යේදි ලෙඩක් දුකක් කරදරයක් වෙයි ආබාධයක් වෙයි කියලා හිතල නෙවෙයි නෙ...ඉතින් තියන කෘතිම නිර්මාණ සහ ස්වාභාවික පරිසර තත්ව එක්ක ආබාධයකදි අපිට ඒ නිවස්නය ටිකක් වෙනස් කර දෙන්න සිදු වෙනවා....

උදාහරණයක් ලෙස ගත්තාම....පඩි පෙල වෙනුවට ආනත තලයක් එක් කිරීම වගේ...මේවා නියමාකාර මිමි වලට අනුව සකසන්න ඕන...එහෙම නොවුනොත් ලෙඩාට වෙන්නෙ තියන ආබාධයට වඩා තව එකක් හදාගන්න

ආදී බොහෝ ප්‍රශ්න මෙහිදී වෘත්තීය චිකිත්සාවෙන් සහය ලබා දී පහසුවක් සලසනවා

ඉතින් මේ වගේ ගැටලු වලට බෙහෙත් බීමෙන් පමණක් සුවයක් ලබා ගත නොහැකි බව අපි දන්නවානෙ....


වෘත්තීය චිකිත්සාව කියන්නේත් අන්න ඒ වාගෙ ....ඖෂධ නොමැතිව කරනු ලබන ප්‍රතිකාරයක්..මෙහිදී කෙළින්ම ව්‍යායාම කරන්නේ නැහැ...ප්‍රතිකාරාත්මක ක්‍රියාකාරකම් තමයි ප්‍රධානම ප්‍රතිකාර මාධ්‍යය වෙන්නෙ.
ඒ හැරුණාම විවිධ රෝගාබාධ වලට ඒ ඒ අවස්ථානුකූලව ප්‍රතිකාරයන් සැපයෙනවා

ඉදිරි කාලයේදි විවිධ රෝග වලට ආබාධ වලට මේ මගින් සහය වන අන්දම මම කියන්නට එන්නම්....




බ්ලොග් සම්මාන උළෙල ගැන හෙමීට ලියන්නම්...මේ ටිකේ හැමෝම ලියන ඒවා කියවන ගමන් මේ ඉන්නෙ....


49 comments:

  1. නිවාස සැකසීමේදී විශේෂයෙන්ම බලන්න ඕනෙ නානකාමරය.ඇතුල්වීමට දොර ලංකාවේදී සාමාන්‍යයෙන් 750mm දොරක් තමයි දාන්නෙ.නමුත් ඔය දොරෙන් රෝද පුටුවක් ගෙනියන්න බෑ.දෙපැත්ත වදිනවා.රෝගියා ට පහසුවෙන්ම කොමඩ් එකට ලඟාවෙන්න පුළුවන් විදිහට 900mm වගේ දොරක් තියනවා නම් ඉතා හොඳයි.ඒ වගේම දොරත් එක්කම පොඩි පඩියක් හරි ලෙවල් ඩ්‍රොප් එකක් තියනවා.මේක 'ආරක්ශාකාරීව' ආනත කරගන්න එකත් වැදගත්.

    වටිනාම ලිපි පෙලක් විසිරි.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඔව් ...පරිසර සාධකයන් රෝගාබාධ වලට ගැලපෙන අන්දමට වෙනස් කිරීමේදි ඔයා කිව්ව කාරණා විධිමත් ව ප්‍රමිතියකට අනුව කරන්නට අපි වග බලා ගන්නවා...

      ඔයා ඒ ගැන හරිම දැනුවත් නේද....සතුටුයි ගොඩක්..

      Delete
    2. මේවා අත්දැකීම් වලින් දැනගත්තුවා

      Delete
    3. අත්දැකීම් කිව්වෙ...මේ සම්බන්දව වැඩ කරන ක්ශේත්‍රයකද ...එහෙමත් නැත්නම්...ආබාදයක් හෙම හැදුන කෙනෙක් උන්නාද ගෙදර

      Delete
    4. වෙන කාටවත් නෙමෙයි.. ගස්ලබ්බටම වෙච්ච එව්වා..

      Delete
  2. ඔබේ සේවය වගේම මේ ලිපි පෙළත් විශිෂ්ටයි අක්කි

    ReplyDelete
  3. මේක ඉවර වෙලා එක්සෑම් එකක් තියෙනවද මැඩම්? එහෙම එකක් තියෙනවනම් මාත් ලියනවා.. :)

    ReplyDelete
    Replies
    1. අපි සේෆ්ටි ගැන එකක් ලියලම විභාගෙ කරමු නේද....

      Delete
  4. මට අහුවුනොත් ඔය වෘත්තීය චිකිත්සා කාරයෝ , අම්මප හොම්බ රිවට් කරනවා ,

    ReplyDelete
    Replies
    1. කල ගුණයක් නැති මැට්ටා...ඕක මට කලින් කිව්වා නම් අත හදන්නෙ නෑ...කඩනව ඇත්තමයි...හිටුකො ඉවානයාගෙ අත සහ වෘත්තීය චිකිත්සාව කියල එකක් මම ලියන්න

      Delete
    2. එකනේ කලින් කිව්වේ නැත්තේ , හැක,
      කාරිය කෙරෙන තුරු කාගේත් රැවටිල්ල කියන්නේ අපි වගේ උත්තම පුරුෂයෝ ගැන හිතලා තමා හැක හැක

      Delete
    3. හූ තියල කෑ ගහපු හැටි ලියන්නද මං

      Delete
  5. තවත් තොරතුරු බහුල ලිපියක්,හරිම වැදගත්.

    ReplyDelete
  6. Replies
    1. thank you....i am really happy to being able to talk to you on that day..

      Delete
  7. හොද තොරතුරු ගොන්නක්

    ReplyDelete
  8. මම එදා කිව්වා වගේ මේ ලිපි හරිම වටිනවා. ආසාවෙන් කියවන්නේ.
    ලබාපු ජයග්‍රහනයටත් සුභ පැතුම්.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දුමී...එනකොට කියලා එන්නවත් සුබ පතන්නවත් නොහැකි වුනා කලබලයට....ඔබටත් සුබ පැතුම් මගෙන්

      Delete
  9. විසිරි මේ ලිපි පෙල තව සරළව ලියනවනං කියවන්න ලේසිවේවි...!

    ReplyDelete
    Replies
    1. සමහරක් වචන හා යෙදුම් තේරුම් ගන්න අපහසු නේද....ප්‍රශ්නෙ තියෙන්නෙ චෙෆ්...ඕවට ඔයිට වඩා සරල වචන හොයාගන්න මට බැරි උන එක...සමහර මෙඩිකල් ටර්ම්ස් වලට සිංහල වචන හොයන්න ගියාම ඊට වඩා අමාරුයි

      Delete
    2. Occupational Therapy කියන එක වෘත්තිමය චිකිත්සාව කියල යෙදුවම නොමග යැවෙනව කියවන්නාව..profession කියන එකයි occupation කියන එකයි වගේ..තව හිතල බලන්න...

      Delete
    3. චෙෆාකි එක්ක එකඟයි. විකිපීඩියා එකේ මේ ගැන පැහැදිලි කරන්නෙ මෙහෙමයි...

      /The term "Occupational therapy" can often be confusing. It carries the misconception that the profession’s focus is on vocational counseling and job training. The word occupation as defined in Webster’s Dictionary is "an activity in which one engages." Occupational therapists promote skill development and independence in all daily activities. For an adult, this may mean looking at the areas of self-care, home-making, leisure, and work. The "occupations" of childhood may include playing in the park with friends, washing hands, going to the bathroom, cutting with scissors, drawing, etc./

      මෙතනත් වෙලා තියෙන්නෙ මම හිතන්නෙ අර "Intelligence Unit" කියන වචනෙ "බුද්ධි අංශය" කියල පරිවර්තනය කලා වගෙ වැඩක්.

      "වෘත්තීමය චිකිත්සාව" කියනවට වඩා මම හිතන්නෙ "ජීවන සක්‍රියතා චිකිත්සාව" නැත්නම් නිකම්ම "සක්‍රියතා චිකිත්සාව" කිව්ව නම් වඩා නිවැරදියි කියලයි.

      Delete
    4. ඔය දෙන්නා කියපු හැම දේම ඇත්ත...
      ඒත් මොකක් කරන්නද...නාමකරණයේදී අවුරුදු හතලිහකට පෙර ලංකාවෙ හඳුන්වා දීල තියන නම මට වෙනස් කරන්න බැහැනෙ...
      ඔය කියන කාරණේ නිසා අපි අපහසුතාවයනට හරියට ලක් වූවා..කාලයක්ම...
      මොකද හැමෝම හිතන් උන්නෙ අපි වැඩ උගන්වන අය කියලා...
      රවී යෙදූ නමට මම හරි කැමතියි...ඒත් .....මොනව කරන්නද

      Delete
  10. මගේ අම්මට ඔස්ටියෝ ආතරයිටිස් හැදිල බෙලහීන තත්වයට පත්වුනේ අවුරුදු හතළිහකට කලින්. 1976 අවුරුද්දෙ. ඒ රෝගී තත්වය නිසාම ඇය තම රැකියාවෙන් නියමිත කාල සීමාවට පෙර විශ්‍රාම ගියා. ඒ කාලෙ මම හිතන්නෙ ඔය වෘත්තීය චිකිත්සාවක් කියල ප්‍රතිකාර ක්‍රමයක් තිබුනෙ නෑ.

    ඒ කොහොම වෙතත් ඇය හෙදියක් නිසා රෝගී තත්වයට සාර්ථකව මුහුණ දුන්නා. අදටත් ඇය බටහිර සහ දේශීය ප්‍රතිකාර දෙකම ගන්නවා.

    බොහොම ස්තූතියි විසිරි..ඉතාම අගනා ලිපි පෙළක්...:)

    ReplyDelete
    Replies
    1. ඔව් රවි...ලංකාවෙ වෘත්තීය චිකිත්සාව ඇරඹිලා අවුරුදු හතලිහක් පමණ වුනත්..ඒක මුල් කාලෙදි ඒ තරම්ම ප්‍රචලිත වෙලා තිබුනෙත් නෑ..

      ස්තුතියි ඔබට...

      ඒ වගේම දේශීය හෝ / සහ බටහිර ප්‍රතිකාර නිවැරදිව ලබා ඔබේ මෑණියන් සුවෙන් ඉන්නවා කියන එක ඉතාම ලොකු සතුටක්...

      Delete
  11. මනෝ චිකිත්සාව කියන දෙය ගැන නම් මගේ එච්චර පැහැදීමක් නෑ...
    මොකද මගේ ප්‍රශ්න එකකට වත් උත්තර එතන නෑනේ...

    හෙහේ...

    ReplyDelete
    Replies
    1. මනෝ චිකිත්සාව කියන්නේ ..... psychotherapy
      වෘත්තීය චිකිත්සාව කියන්නේ...occupational therapy

      මේ දෙක දෙකක් ...ඇත්තෙන්ම ඕනෑම ප්‍රතිකාර ක්‍රමයක අඩුලුහුඬු කම් තියනවා....ඒවා නිවැරදි කරන් යාවත්කාලීන කරගෙන දියුණු කරගෙන ඉදිරියට යා යුතුයි

      Delete
    2. දැන් මට තියෙන ප්‍රශ්නය තමයි මගේ ප්‍රශ්න වලට උත්තර හොයා ගන්නේ කොහොමද කියන එක...

      හෙහේ...

      Delete
    3. සමහරක් විට මේ ඔස්සේ බැරි වෙන එකක්ම නැහැ නේද....

      Delete
  12. වැදගත් ලිපියක්.සම්මානෙට සුභපැතුම් අක්කේ.යලි හමුවුනාට සතුටුයි

    ReplyDelete
  13. ගුරුවරයෙකුටත් වටින අදහස් ටික..අගනා ලිපි පෙලක්

    ReplyDelete
    Replies
    1. අධ්‍යාපනික හා අවබෝධතා ගැටලු සහිත දරුවන් ගැන ඉදිරියේදි ලියන්නම්...ඔයාට ඒක වැදගත් වෙයි

      Delete
  14. මේ ලිපි බොහෝ වැදගත් වෙන මගේ හිතවතුන් කීප දෙනෙක් ඉන්නවා මමත් ඇතුලුව.
    ස්තූතියි

    ReplyDelete
    Replies
    1. මට දුකාගෙ පෝස්ට් එකක් මතක් උනා මේවා කියවනකොට

      Delete
    2. ස්තුතියි දුකා...මට ඒ ලිපියෙ ලින්ක් එක දෙනවද ඔය දෙන්නගෙන් කවුරු හරි

      Delete
    3. ඒ ලිපිය මොකද්ද අප්පා මටත් හිතා ගනන් බෑ

      Delete
  15. බොහොම වැදගත් ලිපියක් අක්කේ... අපේ අය පෙති ගිලින්නම හැදුවට බොහෝ රෝග , විශේෂයෙන්ම ස්නායු සහ මාංශපේශී ආශ්‍රිත ආබාධ තත්වයන්ට ඉතා හොඳ ජීවන තත්වයක් උදාකරදෙන්න මේ අංශයෙන් පුළුවන් ! ලංකාවේ මිනිසුන් අතර මේ සම්බන්ද දැනුම අල්ප නිසා කොච්චර කීවත් ඒ දේවල් මග හරිනවා. විශේෂයෙන්ම කුඩා දරුවන් සම්බන්ධයෙන් මේ තත්වය එහෙම හරි දුකයි. දෙමාපියන්ගේ නොසැලකිල්ල නිසා මේවා ලැබිය යුතු කාලයේ නොලැබී යනවා. ඉන්පසු ඒ දරුවන් ගොඩ ගන්න හරි අමාරුවක් දරන්න වෙනවා. ස්තූතියි

    ReplyDelete
    Replies
    1. ඔයා වගේ වෛද්‍යවරුන් සමහර දෙනෙක් මේ ගැන අවබෝධයක් තිබුනත්...අදටත් අපේ සෞඛ්‍ය ක්ශේත්‍රයේ මේ ගැන තියන අවබෝධය මදි නංගී...ඒකට අනික් අයට දොස් කියලා වැඩක් නැහ...අපිමයි තමන්ගේ වෘත්තිය සමාජයට ප්‍රචලිත කල යුත්තේ

      Delete
  16. ගොඩක් දේවල් ඉගෙන ගත්තා විසිරි... ඔහොම්මම NIMH එක ගැනත් ලියන්න...

    ReplyDelete
    Replies
    1. NIMH එක ගැන ලියන්නට මට වඩා සුදුසු අත් දැකීම් බහුල කෙනෙක් ඉන්නවා මගේම වෘත්තීය කරන...අපි එයාට කියමු බලන්න...ස්තුතියි අරූ

      Delete
  17. හොද වටින දේවල් ගොඩක්... තාම හෙමීට ලියනවා ඇති නේ.....අද 29

    ReplyDelete
    Replies
    1. ආ...අර නෙලුම්යාය ගැනද...මං මේ තාම අනික් අයගෙ ඒවා කියවන ගමන්...අන්තිමේ නොලියා ඉඳීද මන්දා...

      Delete
  18. වැදගත් වටින ලිපියක්. ගොඩක් දේවල් දැනගත්තා.
    සුභ පතනවා සම්මානයට. ඒ ගැනත් ඉක්මනට ලියන්න බලාන් ඉන්නවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නංගී.....සම්මානෙ ගැන නම් ඉතින් කියන්න තියෙන්නෙ අහිංසක සතුටකින් ඔද වැඩුණ බව තමා....එදා හමුවුන අය ගැන තමා මට ලියන්න ඕන වුනේ

      Delete