විපරීත වූ කාලයකට පසු ඇහැරුණාය..
ගතවූ කාලය අයිති අතීතයටද අනාගතයටද එසේත් නැත්නම් තවමත් මේ වර්තමානයමදැයි...විපිළිසර මනසින් යුතුව නොසිතා සිතුවාය...
කාලය බොහෝ දුර ගොසිනි...සයනයට කෙළින්ම ඇති කන්නාඩියට නොඑබීම ...හිසේ මතුවූ සුදු පැහැති ගස් දෙක තුනක් දුටුවාය...
ආපහු ඇවිත්....තමන්ටම කියා ගත් ඈ හීන් සුසුමක් හෙළුවාය...එහෙත්...කරදර කාරී හැඟීමක් විනා...ශෝකයක් හෝ පසුතැවීමක් සුසුමට අයත් වූයේම නැත...
පෙර දා විටින් විට...මාරු කරමින් පාට ගැල්වූ කෙහෙ රොද...ඊලඟට පාට ගන්වන්නේ කුමකින්දැයි අද ඈ ට සිතන්නට අවැසි වූයේද නැත...එය එසේ ම තිබෙන්නට හරිනවාද...පාට ගල්වනවාද...ඔන්න ඔහෙ ඕන එකක්...ඈ නොසිතා සිතුවාය....
රාත්රිය ...නින්දත් නොනින්දත් අතර ගෙවී ගිය අන්දම ඈ යළිදු සිහිකලාය....
කිසිවක්ම නොවන...කිසිවක්ම නොදැනෙන රැයක්...ගෙවී පහන් වන විට...මනසේ පත් වූ එම විපිරියාසය කුමක්දැයි ඈ නොසිතාම සිතුවාය.ඇඳුම්වැටට අත පොවා ඇද ගත් සුදු පැහති තුවාය ද රැගෙන අලස ගමනින් නාන කාමරයට වැදුන ඇය...කරාමය විවර කර ගලා යන දිය දහර දෙස බලා උන්නාය...
එකකට පසුව එකක්...ආපසු එකක්....ජල බිඳිති ගලන අන්දම...මුලින් ආ ජලයද පසුව ආ ජලයද එකක්ම වන අයුරු..යළිදු වෙන්කල නොහැකි අයුරු කිසිම හැඟීමකින් තොරව බලා උන්නාය...ගත ට වැටී ගලා යන දිය පහර සිරුරේ තැන් තැන්හි....නොඇලී බිඳිති ලෙස නවතින අයුරු...නැවත තවෙකක් හා එක්ව ඔහේ ගලා යන අයුරු බලා උන්නාය...සිහින් මන්දස්මිතයක් මුවේ ඇතිවී නැතිව යන්නට ඇත...
සිරුරේ එවකට වූ කෝමල රේඛා බිඳෙන් බිඳ අතුරුදහන්ව ගොස් ඇති ආකාරය....ඒ වෙනුවට..මේද තට්ටුවක් එතැන ආක්රමණය කරන්නට සැරසෙන අන්දම .....කන්නාඩිය පෙන්වා දෙන දෙස ඔහේ බලා උන්නාය....ජිම් එකකට යා යුතුයැයි...කලින් සිතුන සිතිවිල්ල හිතට නොඑනා අන්දම ගැන නැවතත් මෙනෙහි කලාය...
එකින් එක නැගෙන වියපත් රැල්ලක් දෙකක් ඇති මුහුණේ...දිදුලන ස්වභාවය...අතුරුදහන් නොවී තවමත් තිබෙනයුරු දුටුවාය...
ඒ සියල්ලටම ඔබ්බෙන් ....කැඩපත තුළින් ඈ වෙතම හැරුණ ...ගැඹුරු තෙත් දෑස දෙස ....මඳක් බලා උන්නාය...
දේදුන්නක් සේ හැඩ කල බැමි වලට යටින්...කඳුලු ඇති නැති මට්ටමට හැමදාම ඉතුරු වූ දෑස කෙතරම්ම පැහැදිලිව අද තමා දෙස ම බලා හිඳීදැයි ඇය...අනායාසයෙන් සිතුවාය...
යන්තමට මදින ලද සුදු අත්දිග බ්ලවුසය හා කපු කලිසම...පුටුව මත හිඳ එනතුරා බලා සිටිනයුරු දුටුවාය...
ඇඳුම් ඇඟලා ගත් මුත්....ආලේපන දෙසට දිගුවන අත නිසොල්මන්ව බලා ඉන්නාඅයුරු හසරැල්ලක් සහිතව බලා උන්නාය...
හීනියට දැනෙන කුසගින්න ...මැඩ ගනිමින්...කුඩා කාමරයේ ගුරුලේත්තුවෙන් නවා ගත් දුඹුල් රසැති වතුර ජෝගුව දෙතොලට තබා එක්වරක් ගිල ගත්තාය...
කාමරය වසා යතුර ...මල්පෝච්චිය යටට පයින් තල්ලු කල ඇය...කරට එල්ලා ගත් රෙදි බෑගය...සකස් කර ගත්තාය..
බර පොදිය බිම තැබූ කල කෙතෙක් සැහැල්ලුදැයි ඇය ට වැටහුණි....
හීන් පටි දැමූ පාවහනට පය රුවා ගත් කල...තමා නොවන කවුරුන් හෝ තමා ඉදිරියට තල්ලු කරනා බව ඇයට නොදැනී දැනින...
ඇය....අඩක් නැමුණු හිසින්...ඉදිරියට ඇදුණාය...ඉදිරියට...ඔව්..ඉදිරියටම....දිගටම පිය ඔසවා ඇවිද ගියාය....තිතක් වී නොපෙනී ගියාය
!!!!!!!!!
************************************************
අපූරුයි විසිරි. නිර්මාණය පුරාවටම හුදෙකලාව, වියපත් බව ආදියට ගැළපෙන වචන හසුරුවලා. පුදුමයි. කියවද්දී වචනවල පවා ගැඹුරක් දැණුනේ නෑ.
ReplyDeleteවිසිරි වගේම තමයි මාත් බ්ලොග් එක පුරාවටම ලියලා තියෙන්නේ තාම කෙටි කතා තුනක් විතරයි. අනේ මන්දා කතාවක් ලියනවට වඩා කවියක් ලියන්නමයි හිත.
ජයවේවා!!!
ස්තුතියි දුමී...මාත් ලියන තරමක් ලියන්නෙ කවි වගේ එව්වා තමයි...පහු ගිය කාලෙ මුහුණු පොතේ නම් කවි සෑහෙන්න ලිව්වා...කවියට එහා ටිකක් ලියන්න හොඳම අවකාශය බ්ලොග් එක නිසයි මේකෙ එච්චර කවි නොලිව්වෙ...කතා ලියන්න ගියාම හිතන්න එපයි සෑහෙන්න....
Deleteහිත හිතා ලියන ඒවට වැඩිය මෙහෙම ඉබේම ලියවෙන ඒවා මාරම ගති.මේ කතාවෙත් ඒ අපූර්වත්වය තියෙනවා.
ReplyDeleteස්තුතියි සඳූ...
Deleteමේක ඉතින් දැන් මගේ වයසට එක්ක හරියාගෙන එන ඒවා නිසාම ඉබේම ලියවුණා...හිතෙන් තරුණ වුණාට දැන් අපි ඉලක්කමෙන් වයසට යන අය නේ
//එකකට පසුව එකක්...ආපසු එකක්....ජල බිඳිති ගලන අන්දම...මුලින් ආ ජලයද පසුව ආ ජලයද එකක්ම වන අයුරු..යළිදු වෙන්කල නොහැකි අයුරු කිසිම හැඟීමකින් තොරව බලා උන්නාය...ගත ට වැටී ගලා යන දිය පහර සිරුරේ තැන් තැන්හි....නොඇලී බිඳිති ලෙස නවතින අයුරු...නැවත තවෙකක් හා එක්ව ඔහේ ගලා යන අයුරු බලා උන්නාය...සිහින් මන්දස්මිතයක් මුවේ ඇතිවී නැතිව යන්නට ඇත...//
ReplyDeleteමම හිතාන හිටියේ මගේ මඤ්ඤං ඔලුවට විතරමයි වතුර දිහා බලාගෙන ඔහොම හිතන්න පුලුවන් කියලා..දියඇලි දිහා වරු ගනන් බලා ඉඳලා තියෙනවා මම එකක් පස්සේ එකක් ඇදෙන වතුර එකතුවෙලා ආපහු වතුර හැදිලා ඒ වතුර දිය ඇල්ලක් වෙනහැටි ගැන හිත හිතා...හිටපු ගමන් හිතෙන් ස්ලෝ මෝශන් කරගන්නවා එකක් පස්සෙ එකක් ගලන වතුර බිංදු...!
සුදු අත්දිග බ්ලවුසය සහ කපු නැත්තං ලිනන් කලිසම මටත් හරි ලෙන්ගතුයි...!!
තැන්කූ වේවා මේ ලියමනට...හැබවින්ම...!!!
මාත් ඔය දියඇළි වතුර පාරවල් ගැන පිස්සුවෙන් ඉන්න එක්කෙනෙක්...කොහේ ගියත් ඒවගේ තැනක් දුටුවොත්...එතනින් ගන්නවා බොරු...සමාධියකට සම වැදෙන්න පුලුවන්....
Deleteඑක ජාතියේ කුරුල්ලො කිරිල්ලියෝ බෝමයි චෙෆ්...
මේ කතාවට මම හරිම කැමති.
ReplyDeleteඔය විදිහටම හිතන මම දන්න කෙනෙක් ඉන්නවා. :) :)
ලියන්නෑ කියන්නේ පිස්සුද ?
ඒ කෙනාත් ලාවට වගේ ඔහොමලු....
Deleteස්තුතියි ඔයාට
පුදුම සැහැල්ලුවක්නේ ඒ ජීවිතය...කාළයත් එක්කම සැහැල්ලුව කොච්චර රසයක් එකතුකරනවද.......
ReplyDeleteකාලය ගෙවිලා වයසට එනකොට හීන දකින්නෙ අන්න ඒ වගේ ජීවිතයකට...අල්පේච්ඡයි...අත්හරින තරමට සැනසීම වැඩියි
Delete/////අල්පේච්ඡයි...අත්හරින තරමට සැනසීම වැඩියි///////
Delete++++++++++++++++++++++++
ඕවා හීනම විතරයි විසිරි....වයසට ගිහින් බලන්නකො....!
Delete@ චෙෆ්.....ඔව් ඔව් මේ එහෙට යමින් තමා දැන් ඉන්නෙ...( වයසට )
Delete\\යන්තමට මදින ලද සුදු අත්දිග බ්ලවුසය හා කපු කලිසම...පුටුව මත හිඳ එනතුරා බලා සිටිනයුරු දුටුවාය...//
ReplyDeleteමේ කොටස කියවපු ගමන් එක පාරටම මට හිතුණේ,
දික් කසාද නඩුවක තීන්දුව ගන්ට යන්ට ඉන්න කෙනෙක් වගේ හැඟීමක්...
ඔයාට සමහර විට මේකේ දිගුවක් දාන්ට පුලුවන් වෙයි ඒ අදහස දිගේ ටිකක් කල්පනා කළොත්...
එක්කො වෙන කාට හරි...
සමහරක් විට ....ඔව් නේද....
Deleteමට නිකම් හිතුණෙ...ඒක නික්ම යෑමක් වගේ එකක් ම තමා...
මට කතා ලියන්න නම් ටිකක් අමාරුයි...පේනවා නේද මේකත් නිකම් හදිස්සියට වගේනෙ ලියල තියෙන්නෙ
මොකක්ද ඕයි මේ ලියල තියෙන්නේ, කම්මැලි කමට බාගෙට ෆෝන් වලින් කොටාපුවා. අපි අහුවෙයි ඕවට,
ReplyDeleteමම එහෙම හරි ලියනව...කෝ තමුන්ගෙ ලියවිලි...
Deleteකම්මැලි කම අත ඇරලා තව කෙටි කතා ලියන්න
ReplyDeleteබලමු නේද හෙමිහිට කල් අරන් එකක් දෙකක් ලියන්න
Deleteතව මේ කතාව ලිව්වා නම් මීටත් වඩා හොඳ කතාවක් වෙන්න තිබුනා. නමුත් වියපත් බව ගැන ලියැවුන බව කතාව පුරාවට තියනවා. නැවත කතාවක් ලියන්න විසිරි..ජයවේවා
ReplyDeleteස්තුතියි අරු...කතා ලියන්න කම්මැලිකම පේනවනේ මේකෙන්ම
DeleteThis comment has been removed by the author.
ReplyDelete