Monday, March 13, 2017

41. මං ආසම කරන දේවල්


ඉතින් සුබම සුබ දවසක් වේවා හැමෝටම


ඔන්න අද උදේ වැඩට එන්න බස් එකට නැග්ගම....පුරුදු පරිදි ජනේලයක් අයිනෙ ආසනේ ලැබුණම ...විසිරි සැරිසරන්න ගත්තා කල්පනා ලෝකෙ...
පැය එකහමාරක් විතර බස් ගමනෙ යෙදෙන කොට එක්කො පොතක් කියවන එක ,,...නැත්නම් මූණු පොතේ ඕපාදූප කියවන එක ...හැරුණාම ඉතින් කුකුල් නින්දක යෙදෙන එක තමා විසිරි කරන්නෙ

මේ දවස් වල අපේ රටේ මිනිස්සුන්ට තියන ලොකුම ප්‍රශ්නෙ වික්ටර් රත්නායක මහත්තයා කසාද බැන්ද එකනෙ.....ඒ නිසා මුලු මුහුණු පොතම ඒකෙ විද්වත් කිරා බැලීම් වල යෙදෙන්න අරන්

අනුන්ගෙ කසාද සහ පෞද්ගලික සම්බන්දතා ගැන වද වෙන්න මම බොහෝම අකමැතියි...ඒ නිසා ඔන්න මුහුණු පොත වහල දාල විසිරිගෙ අනන්තයට එහා යන කල්පනා ලෝකෙට හෙමීට ගොඩ වැදුණා....

එක ඉසව්වකින් පටන් අරන් ...කොහේ හෝ නිමාවක් නැති කල්පනා චාරිකාවල යෙදෙන මනසක් හිමි එකත් එකාතකට හරි වටිනවා.

කෙනෙක් ඉස්සෙල්ලම කල්පනා ලෝකෙ කිමිදෙන කොට මතකයට සිහියට එන පලවෙනි දේ තමන්ගැනම නෙ....
මම ඉතින් ඔන්න මගෙ ගැන ටිකක් හිතුවා....

මේ හිතද්දි...මට මතක් උනා...පහු ගිය දිනයක රසිකලොජි බ්ලොග් එකේ අහලා තිබුණා...අකමැතිම දේ දහයක් ලියන්න කියලා......මාත් ලිව්වා...රසික ඒක කියවලා ....ඒ ඔස්සේ ලියන්නත් කිව්වා...ඒවත් ඉඩ ඇති අන්දමකට ලියන්න හිතාගෙන ඉද්දි ,.....මම මේ කල්පනා කලේ මම කැමතිම දේ මොනවද කියලා

අනුපිලිවෙලකට එකේ සිට ගොඩ ගහන්නට බැරි උනත්...මම කැමති දේවලුත් සෑහෙන්න තියනවනෙ බලන් යද්දි....ඉතින් ඒ දේවල් ගැන මම මෙහෙම ලියනකොට මේක කියවන ඔබත්...හිතන්න ඔබ කැමති දේ කොච්චර ඇත්ද කියලා....

1. මම ඉතින් ආස එක දෙයක් තමා කියවන එක...

කියවනව කියන්නෙ මේ නිකම් කට කහනවට ඔහේ වල්පල් කියවන එක නම් නෙවේ...( ආයෙ බොරු ඕන්නෑනෙ...ඒකත් බැරිම නෑ..හොඳ මුඛරි කටකුත් නැතුවාම නෙවේ...).....

ඉස්සරම පොඩි කාලෙ ඉඳන් විසිරි ආස කල දෙයක් තමා පොත් කියවීම...විසිරිගෙ තාත්තා කියන්නේ පත්තරයක් පොතක් අතට දුන්නා නම් ගේ දොර හොරු අරන් ගියත් විසිරි දන්නෙ නෑලු..ඒ ඉස්සර....ඒ වගෙම බත් පිඟාන එක අතකිනුත් පත්තර කෑල්ල තව අතකිනුත් ගත්තාම විසිරි කාල තියෙන්නෙ මොනවද විසිරිම දන්නෑලු...

මොනවා වුණත් ඒ දෙමවුපියන් වගේම පාසල ඇතුලු උන්න යාලු මිත්‍රයන් ඔක්කොම එක තාලෙ නිසා විසිරි අදටත් පොත් කියවනවා බොහෝම ආසාවෙන්.....

විසිරි ඒ ගැනත් බ්ලොග් පෝස්ටු ටිකක් ලියන්න ඉන්නෙ පොත්ගුල්ලියකගේ මතක කියලා...ඉදිරියෙදි

2. ලිවීම

 ඊලඟට ආස තව දෙයක් තමා ලියන එක...ඉස්සරම ඉස්කෝලෙ යන කාලෙ කොපි පොත් පිටු හත අටක් එක් කරල මල් කතා ලියලා පාඨක සමාජයක වැජඹිච්ච විසිරි...අම්මට හොරෙන් පත්තර වල කවි එහෙමත් ලිව්වා...
ඒ කාලෙ ඉතින් අම්මා ඔය බොලඳ වැඩ අනුමත කලේ නෑ....න්මෞත් පසු කාලීනව...විසිරි දිගටම කවි ලිව්වා...ඔය කාන්තා පත්තර ..සති අන්ත පුවත්පත්..වලට..

සෞඛ්‍ය ක්ශේත්‍රයට ආවම ....ඒ සම්බන්ධ ලිපිත් ලිව්වා...බ්ලොගෙත් ලිව්වා...තාමත් මේ ලියන්නෙ ඒ නොනවතින ලිවීම් පිපාසෙ නිසාමයි

විසිරි ලියපු සින්දුවක් ඔයාලට අහන්න මං වෙලාවක මේකෙ දාන්නම් කො

3. තෙවෙනි ඇස

ෆෝන් කට්ට අටවන් ෆොටෝ ගන්න එකෙන් පටන් ගත්ත විසිරිගෙ චායාරූප කරනය....අන්තිමේදි...කැමරාවක හිමිකාරියෙක් වුනාම තව වැඩිවුන ආසාවක් උනා...කොහෙන්වත් විධිමත් ඉගනුමක් නම් ලබලා නෑ...නමුත් ඇහැයි හිතයි එක්ක ඉඳ හිට ඒ සුන්දර දේ ඇසට අල්ලගන්න විසිරි ආසයි...
මේ තියෙන්නෙ අන්න ඒවගේ ගත්තු සමහර ෆොටෝ දෙක තුනක්





4. වගාව...ඔන්න ඊලඟ එක

හිතේ හැටියට සැරි සරන්න වත්තක් තිබුණ විසිරිගෙ ගම් පළාත ගත්තම දැන් ඉන්නෙ අල්ලක් තරම් ඉඩක....

නමුත් ඔන්න විසිරිගෙ ආසාව නිසාම ඒකෙ පොඩි ඉඩකත් විසිරි පොඩ්ඩක් වගා කර ගන්නවා...

උදේ හවස කොලඹ දුවන්නියෙක් වෙච්චි මට...උදේ වැඩට දුවන්න කලිනුයි...හවස වැඩ ඇරුණාම ගෙදර ඇවිල්ලායි... විනාඩි දහයක් දොලහක්..මේ වත්තෙ  ගත කරන්න ලැබෙන එකත් මානසික සුවයක්

ගහක් කොලක් අතගාන්න...ඒ හෙවනේ ජීවත් වෙන්න උරුම කම් කියපු ගැමියො විදියට දැනුත් මෙහෙම සුලුවෙන් හරි විඳින්නෙ ඒකයි...


5. ඇවිදිල්ල

අතිශයින්ම කාර්යබහුල රස්සාවක්...මහ වගකීම් ගොඩක්..එක්ක උන්නට...පිස්සුවෙන් වගේ ආස කරන දෙයක් තමයි ඇවිදින්න යන එක....මේ ලංකාව මොන තරම් සුන්දරද කියලා ඇවිදින කොටයි හිතෙන්නෙ....
කාන්තාවක්..මවක්..විදියට තනිව ගමන් බිමන් සංචාර කරන්න ඉඩක් නැතත් හැකි හැම විටම විසිරි ආසයි ඇවිදින්න...

මේ ලංකාව තුළ නොගිය තැන් නම් කොච්චරද....මේ ආත්මෙ නම් ඒවා ඉවර කරගන්න බැරි වෙයි....




6. ඉගැන්නිල්ල

විසිරිගෙ අම්මා ගුරුතුමියක්...විදුහල්පතිනියක්...විදියට වසර තිස්ගානක් ඉගැන්නුවා....ඒත්..ඇය විසිරි ඒ අංශයට යොමු වෙනවට මනාපයක් දැක්වුවෙ නෑ කියල විසිරිට හිතෙනව.....සමහරක් විට ඇගේ අත්දැකීම් එක්ක වෙන්න ඇති...
නමුත් ජීවිතේ තිබ්බ එක ආසාවක් තමයි උගන්වන එක....ඒක අන්තිමේදි එළි දුටුවෙ මේ රැකියාවට ආවම...

සේවා ස්තානයට එන විවිධාකාර සිසුන්ට කියාදෙන්න පටන් ගත්තු එක...අද විසිරිව පූර්ණකාලීන ආචාර්යවරියක් බවටම පත් කලේ නව පත්වීම එක්ක
උගන්වන එක තුලින් තමනුත් හැම විටම දැනුමෙන් යාවත්කාලීන වෙනවා...




7. ලෙඩ්ඩු බැලිල්ල

තෝරගත්තු ක්ශේත්‍රය අනුව විසිරි කලේ ශාරීරික ආබාධ නිසා රෝගී වුණ අයට ප්‍රතිකාර කරන එක...ඒක සමහරක් විට...හුඟ දෙනක් නොදන්න ප්‍රතිකාර ක්‍රමයක්...නම නම් ටිකක් වෙනස්...ඒ ගැන වෙලාවක ලියන්නම්කො..
අවුරුදු දහ අටක්ම විසිරි වැඩ කලේ ශාරීරික ආබාධ නිසා ඔත්පල වෙච්ච ලෙඩ්ඩුන්ට ප්‍රතිකාර කරන ලංකාවේ ප්‍රධානම රෝහලේ...
ගොඩක් අය නොදන්නා ආබාධයන් හා සබැඳුණු ප්‍රතිකාර ගැන හෙමි හෙමින් ලියන්නට විසිරි හිතාගෙන ඉන්නවා....
ඒ වගේම විසිරිගේ වඩාම කැමතිම සහ විසිරි ප්‍රවීණත්වයක් ලබලා කැමැත්තෙන්ම වැඩ කරන්නේ....උපතින්ම හා පසු කාලීනව ආබාධයන්ට ලක් වූ දරුවන්ට ප්‍රතිකාර කරන්නටයි



8. කල්පනා කිරීම 

ඔය චෙෆ් ලා අරුණ ලා එහෙම දන්නවා නෙ ඉස්සර පත්තර සඟරා වල තිබ්බා මිතුරු හවුල්...
ඒවායෙ තමන්ගෙ පොටෝ කෑල්ලක් එක්ක ඔන්න දානවා විනෝදාංශ කියලා...
ඕකෙ තිබ්බ එකක් තමා කල්පනා කිරීම...ඒ කාලෙ මට ඕක මහ ප්‍රශ්නයක්...කොහොමද අප්පේ මේ ක්ලප්නා කිරීම කියන එක විනෝදාංශයක් වෙන්නෙ කියලා....


නමුත් කාලයක් ගෙවිලා ඔන්න දැන් මට හිතෙනවා ඒකත් මහ අපූරුම විනෝදාංශයක් කියලා
කල්පනා කිරිල්ල කියන එක නිමක් නැති චාරිකාවක් වගේ...නිකම් සරලවම හිතුවොත් මට මේ පෝස්ට් එක ලියන්නට නිමිත්ත ආවෙත් ඒ කල්ප්නා ලෝකෙක ගිලීම නිසයි...

සමහරක් විට උදේ බස් එකේ කෝච්චියේ යද්දි දකින සුලු සිද්දියකින් මම යන කල්පනා සවාරිය නවතින්නෙ....මාතර අපේ ගමේ වෙල් දෙනියක..හරි..ගං ඉවුරක හරි...

ඉතින් හිතන්න කල්පනා කිරීම කෙතරම්ම අපූරුද කියලා




9. වේලුණ මල් වලින් සිතුවම් මැවීම

ඉස්සර ඉඳලා විසිරි ආසම කල දෙයක් මෙන්න මේක...

විවිධාකාර මල් කොල පොත් පිටු අස්සෙ දමලා වියැලුනාම රටා මවලා නිමැවුම් හැදීම..ඒක හරියටම භාවනාවක් වගේ දෙයක්..හිත එක් තැන් කරන...කාලෙකින් අතහැරුන මේ දේත් ආයෙම පටන් ගන්න ඕන කියලා විසිරිට හිතුනෙ...පරනම පරන පොත් වගයක් අවුස්සද්දි ඒකෙ ඇතුලෙ තිබිලා හමුවුන මල් වල වියැළුණු කොටස් වගයක් දැකලා...
මේ රුව නම් විසිරි කල එකක් නෙවෙයි..නමුත් බලන්නකො කොච්චර ලස්සනද මේව කියලා



10. බ්ලොගේ ලිවීම

දහවෙනි තැනට ඒක ලිව්වට ඒක අන්තිමටම කැමති එක නම් නෙවේ...මේ කැමති ලිස්ට් එකේ අනු පිලිවෙලක් නෑ..හැම එකටම එක වගේ කැමතියි

කාලයක්ම කලු සහ සුදු බ්ලොග් එකෙන් මම බ්ලොග් ලෝකෙ උන්නෙ..නමුත් කලු සුදු පාට වගේම තවත් පාට ජීවිතේට තියන නිසා මම විසිරි සිහිනයට ආවෙ....


කාලයක්ම බ්ලොග් එක නොලියා උන්න මට දැන් බ්ලොග් එක ආයෙම හුරුයි...ඒ වගේම මට කියවන්න අපූරු බ්ලොග් එකතුවකුත් ලැබුනා....ඉතින් ...මේක අර ලිවීම කියන මාතෘකාවෙන් එලියට අරන් වෙනම ලිව්වෙ ඒ නිසයි... 

ඉතින් සති දෙකක් විතර කල් ගියා ටික ටික මේක ලියන්න...


යළි හමුවෙමු එහෙනම්

30 comments:

  1. Poth kiyawanna nam maath asayi..ape dkole pusthakalayak thibune na.man kiyewwema mata wadiya ihala panthiwala ayage poth .sinhala potha dawas deken kiyawala iwara karanawa e kale..passe pradeshiya සභාවේ pusthakale ta set wela kiyewwa.a a/l karana kale.e awurudu deka iwara wennath kalin pusthakale poth iwara wuna

    ReplyDelete
    Replies
    1. මටත්වුනේ ඔයිට සමාන දේවල්ම තමා...ඒ කාලෙ කියවීමේ වේගය සෑහෙන වැඩියි...පසු කලකදි රෝහලේ පුස්තකාලෙ පොතුත් ඒ වේගෙන්ම කියෙව්ව...

      Delete
  2. 2, 3, 4, 5, 7, 8 සහ 10 මගෙත් ප්‍රියතම දේවල්. කියවන එකනම් ටිකක් විතර මගහැරෙනවා.



    මේ තියෙන්නේ වගාව ගැන මම කලින් ලියපු පෝස්ටුවක්.
    http://dumimda.blogspot.com/2016/10/blog-post_25.html#comment-form


    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දුමී...මම ඒක කියවන්න ඕන...

      Delete
  3. වැඩේ කියන්නෙ ඔය විසිරිගේ ලිස්ට් එකේ 1, 2, 3, කියන්නෙ මගෙත් ලිස්ට් එකේ උඩම තියෙන ජාති තුනමනෙ.මේකත් මරු වැඩේ වෙලාවක මමත් මෙහෙම ලිස්ට් එකක් හදන්න ඔනේ මම කැමතිම මොනාද කියල.

    ReplyDelete
    Replies
    1. විසිරි කියල තියෙන්නේ එහෙම අනුපිලිවෙලකට නෙවෙයි කියලනේ මේ ලිස්ට් එක හැදුවේ...?

      Delete
    2. අනු පිලිවෙලහිටපු ගමන් උඩ යට යනවා....එක එක කාල වලට එක එක විදියයි....
      ඒත් සඳූ ලියනවා නම් ආසයි කියවන්න මග බලන් ඉන්නවා මං

      Delete
  4. මං ආසම කරන දේවල්....!

    මෙන්න මගේ ලිස්ට් එක:
    1. චොක්ලට්
    2.චොක්ලට්
    3.චොක්ලට්
    4.දුම්බීම
    5.මිතුරන් සමග සාදයන්
    6.මිතුරන් සමග සාදයන් සඳහා ඉවීම
    7.ගස් සමග කථා බහ කිරීම
    8. සුරතලේට සතුන් ඇති කිරීම
    9. සතුන් සමග කථා කර කර සිටීම
    10. උදෙන්ම ඒ කියන්නේ 9ට විතර නැගිට ඉවීම
    ඕවා ආසම දේවල් වෙලා තියෙන්නේ ඒවා කරන්න හම්බවෙන්නේ නැති නිසා වෙන්නැති...නැද්ද....ඒ කිව්වේ කොළඹදි..
    ඉතින් මම කරන්න කැලේ පැනලා ඔය ඔක්කොම ටික කරනවා....අටම් අයියාගෙන් අහන්න බොරුනං.....!

    ReplyDelete
    Replies
    1. මගෙ අම්මේ චොකලට් වලටම ස්ථාන තුනක්...ඒ ලිස්ට් එක නම් මාරයි...මමත් ඔය ගස් වැල් සත්තු එක්ක හිටපු ගමන් කයිවාරුවක් ගහනව....

      Delete
  5. අහිංසක ආසාවන්...
    අංක හත ගැන දැඩි උනන්දුවෙන් බලාගෙන ඉන්නෙ.එක්කන් කොල්ලා ලියල්ල..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ගස්ලබ්බ ගේ ඉල්ලීම මත සමහර විට එහෙනම් ඒක ඊලඟ පෝස්ටුව වෙන්න ඉඩ තියනවා....
      ස්තුතියි හොඳේ

      Delete
  6. මේක මරු! මම මේ දැන් කල්පනා කරන්නේ මම මේ ලිස්ට් එකේ තියෙන ඒවයින් අකමැති මොනවටද කියලා..

    ReplyDelete
    Replies
    1. නෑ...නෑ...ඔයාගෙ ලිස්ට් එකේ තව එව්ව ඇති....ලියන්නකො බලන්න

      Delete
  7. මමත් ආසමකරන දෙයක් තමයි කියවන එක.පොඩිකාලේම කෑම කනකොට පොතක් කියවන්න පුරුදුවුනා,පුටුව උඩට කකුල තියල දණහිස උඩ පොතයි බත් පිඟාන්යි බැලන්ස් කරගෙන කන ගමන් කියවීම computer එක ජිවිතේට එනකම් තිබ්බා.

    ReplyDelete
    Replies
    1. මටත් හිතෙනවා බක්කරේ මේ කම්පියුටර් යුගය...අපේ පොත් කියවීම අපෙන් ටිකක් ඈත් කලා කියලා.....දැන් කියවීමේ වේගය සෑහෙන්න අඩුයි මගෙත්

      Delete
  8. මේ මම ආසම දේවල් දහය
    01. පොත් කියවීම
    02. නිදා ගැනීම
    03. චිත්‍රපටි බැලීම
    04. බයික් රයිඩින්
    05. හුදකලා වීම
    06. සත්තු ඇති කිරීම(බල්ලන්)
    07. තේ බීම
    08. ඇවිදින්න යාම
    09. ලීවීම
    10. නුඩ්ල්ස් කෑම

    ඔන්න ඕවයි මම කැමතිම දහය වෙන්නේ

    ReplyDelete
    Replies
    1. නූඩ්ල්ස් කියන්නෙ මැගී වගේ ක්ෂණික ඒවා නේද...හොඳම නෑ...
      අනේ ඔව් ලියනවා කියල මට පේනවා....බයික් රයිඩින් ගිහින් නෙ ගිය සතියෙත් අත ලෙලි ගිහින් තිබුණෙ

      Delete
    2. හම්මේ ඔන්න අදයි ප්ලාස්ටර් කැල්ල ගැලෙව්වේ.

      නෑ නෑ මැගී නෙමෙයි නුඩ්ල්ස් වලින් කැමතිම නම් රස හරි එකට තමයි හැබැයි ඉතිං අපේ තාලේට හදපු පැස්ටා එකක් ස්පැගති එකක් උනත් අවුලක්ම නෑ

      Delete
  9. මගෙත් ලිස්ට් එකෙත් ඕයින් ගොඩක් තියෙනවා
    4 ට කැමැතියි ඒත් වෙන් නෑ
    6,7,9 නම් ලිස්ට් එකේ නෑ
    ඒ වෙනුවට
    කොම්පීතරේ ෆිල්ම් බැලීම, නිදා ගැනීම...වගේ ඒවා එනවා

    ReplyDelete
    Replies
    1. නිදාගැනීම සාමාන්ය දේකට වඩා කට්ටිය විනෝදාංශයක් ලෙස කරන බව පෙනෙයි....

      Delete
    2. එහෙනම් රස්තියාදුවක යමු

      Delete
    3. නිදාගන්න එක විනෝදාංශයක් විදිහට තමයි වෙන්නේ
      මෙහෙමනේ.. සාමන්‍යෙයන් අපි හැමෝම රැ දහයත් හතරත්, පහත් අතර නේ. විනෝදාංශයක් විදිහට මම නම් උදේ දහයත් එකොළහත් අතර වෙනකම් නිදා ගන්නවා.

      Delete
    4. වැඩට යනකොට කොහොමද එහෙම නිදාගන්නෙ....ඈ

      Delete
  10. ඔයැයිගෙ ලිස්ට් එකේ කියවිල්ලයි, ඇවිදිල්ලයි, කල්පනා ලෝකෙ අතරමං වෙන එකයි, ෆොටෝ කෙරුවාවයි මගෙත් ආසම හතරක්..
    පොත් වලින් පටන්ගත්ත කියවිල්ල දැන් නම් බ්ලොග්, බුකිය සහ ජාලෙ තියෙන එක එක එව්වට මාරු වෙලා පොත් කියවිල්ල අඩුවෙලා

    ඊට අමතරව ෆිල්ම්, ටීවී සීරිස් වලට පිස්සු වැටීම, බෝතලයක් සමග මිතුරුහවුල ආසම දේවල් වලින් උඩින්ම තියෙනවා

    ReplyDelete
    Replies
    1. චූලෝදරගෙ අර අන්තිම වාක්‍යයෙ එන කැමති කතන්දර මට නොකෙරෙනම ඒවා...
      අපේ ලොකු කොල්ලාත් ඔය ටීවී සීරීස් වලට වහ වැටිලා මට ඕක බැලෙන්නෙම නෑ...කොටින්ම කිව්වොත් මට ටීවීත් අරහං

      Delete
  11. බොහොම සතුටින් ඔබගේ ලිපි කියෙව්වෙමි ,

    ReplyDelete