Thursday, March 16, 2017

35. සෞඛ්‍ය සටහන් මග හැරුණා නම්.....

විසිරිගෙ රැකියාව අයිති සෞඛ්‍ය ක්ෂේත්‍රයට....ටිකක් ආගන්තුක වෘත්තියක් ඒක....ඒත් විසිරි කැමතියි...ඒ හරහා කවුරුන් හෝ දැනුවත් කරන්නට..

ඒ නිසා කාලයක්ම සඟරා පුවත්පත් සහ වෙබ් අඩවි වලට විසිරි ලිපි ලිව්වා..ඒ ලිව්ව ලිපි වලින් දැනුවත් වුණ අය ගොඩක් ඉන්නවා...ඒ ලියපු සමහර සටහන් පෙලක් විසිරි...මෙන්න මේ බ්ලොගේට එක් කලා බ්ලොගේ පටන් ගනිද්දිම...

අපි ලෙඩ රෝග ගැන දැනුවත් වුණත්..ආබාධ ගැන දන්න ප්‍රමාණය ටිකක් මදි...ඒ නිසාම විසිරි ඒ ගැන ලිව්වා....තවත් තියනවා ලියන්නට....
ඉතින් මේ පොඩි ආපසු හැරී බැලීම...මගේ බ්ලොගේට යන එන අයට....පහත ලින්කු දිගේ ගිහින් ඕන් නම් කියවන්න ඉඩක් ඇති වෙලාවක...කම්මැලි හිතෙන එකක් නැහැ....

අනිත් දේ තමයි අපිට මේ හරහා කවුරුන් හෝ එක් අයෙක් හරි දැනුවත් කල හැකි නම්..ඒක ගොඩක් වටිනවා...
මොකද......
නීරෝගී කම හැර සැපතක් ලොව වෙන නැති හෙයිනුත්....
වලක්වා ගැනීම ....පසුව බෙහෙත් සෙවීමට වඩා අගනා හෙයිනුත්...

විසිරි හුඟක්ම වැඩ කලේ ආබාධ සහිත දරුවන් එක්ක...ඒ නිසා ඒවා ගැන ලිව්වා ගොඩක්....
මෙන්න මේ ලිපියෙන් කියවෙන්නෙ.... .ආබාධ සහිත දරුවෙක් හඳුනා ගන්නේ කොහොමද  කියලා



ස්පර්ශ සංවේදනය එහෙමත් නැත්නම් දැනීම ගැන ගැටලු ඇති දරුවන් හඳුනා ගන්න විදිය මෙන්න මෙතැනින්.....ස්පර්ශ සංවේදනය සහ ඔබේ දරුවා



හැම දරුවෙක්ම එක හා සමාන ව සුන්දරයි..ඒ ගැන හිතන කොට විශේෂ අවශ්‍යතා ඇති දරුවන් එහෙම නොවෙයි කියන්නෙ කොහොමද....මේ ඒ ගැන ලිපියක්..මෙතනින් බලන්න



ළමයි අකුරු ලියන්න හරිම කම්මැලියි..ඒත් සමහර දරුවන් එහෙම නොලියන්න විශේෂ හේතු තියනවා...මේ අකුරු ලියන්න කම්මැලි වෙච්ච දරුවෙක්ගේ කතාව


මග හැරුණ පෝස්ට් ටිකක් මතක් කරල දීලා යන්න කඩිනමින් ආවේ....කැමතියි ඔබ කියවලා...කාට හෝ මේ දැනුම අවබෝදය බෙදා දෙනවා නම්...

ස්තුතියි ඔබට


12 comments:

  1. විසිරි.
    මේ අපූරු ලිපිමාලාව හිමින් කියවන්න ඕන. මේ වගේ ලිපි බ්ලොග් අතරේ ලිවීම පිළිබඳව මගේ සතුට සහ ස්තූතිය ඔබට.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දුමී..මම හිතනවා කම්මැලි නැතුව කියවන්න හැකි වෙයි කියලා

      Delete
  2. විසිරි ගේ බ්ලිග් එක බුක් මාක් කරලා ගොඩක් කල්.. ඔන්න අද තමයි කොනක ඉඳල කියවන්නේ.. අර පාට දෙකේ බ්ලොග් එක ආයේ අප්ඩේට් කරන්න අදහසක් නැද්ද ?

    ReplyDelete
    Replies
    1. ඒක වෙනුවට මේක ලියන්න හිතුණෙ...දිගටම මේකෙම ලියන්නම්

      Delete
  3. හරි වටිනවා මේ ලිපි මාලාව. මම බොහෝ අය හා ඔබේ ලිපි බෙදා ගත්තා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔයාට..ඒ බෙදා හදා ගැනීමට

      Delete
  4. මේක හිමිහිට කියවන්න ඕනේ

    ReplyDelete
    Replies
    1. ඔව් හෙමින් කල් වේලා අරන් කියවන්න ...සමහරක් විට කාට හෝ ප්‍රයෝජනවත් වෙන යමක් ඇති

      Delete
    2. හුරේ මම හොයා ගත්තා ඔයාව මම දැකල තියෙනවදත් මන්දා ඔයාව

      Delete
    3. හොයා ගත්තට කමක් නෑ...ශ්..ශ්...ශ්...මාත් හොයා ගත්තා ඔයාව..ඔයාම කිව්ව නිසා...නෑ අපි හමුවෙලා නෑ තාම සඳූ

      Delete
  5. ඉතාම වටිනා ලිපි පෙලක්, ජය වේවා !

    https://nopalakatha.blogspot.com/

    ReplyDelete
    Replies
    1. කියෙව්වද ඈ...ස්තුතියි.සහෝදරයා

      Delete