ජීවිතය .....පාඩම් මාලාව අතරමැද්දෙ ටිකක් කාර්‍යබහුල වුනා මම....
රාජකාරිමය වැඩ එක්කම....
ඉතින්...
පසු ගිය දවසක මම සහභාගී වන වැඩ සටහනක් ගැන මං මේ කියන්නෙ....
.
ඒක public speaking skills වැඩිදියුණු කරන්නට සැකසූ පුහුණු පාඨමාලාවක්...
.
එහි එක් අංගයක් තමයි...
.
තමන් ගැන නිර්මාණාත්මකව සභාවට විනාඩි තුනක කතාවක් කිරීම.....
.
ආයෙ මොනවද තමන් ගැන ...නේද....
මේකෙ වැඩ දෙකයි
එකක් ..
මේක ඉංග්‍රිසියෙන් කෙරෙන්නෙ
අනික නිර්මාණාත්මකව කෙරෙන්නෙ
.
මං මං ගැන කිව්ව හැම දේම නෙවේ...
ඉන් එක දෙයක්..
ඔබට කියන්නම්....
.
ඔබ දන්නවා නේද ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පිනිය..ඒ වගේම ළමා කතාකාරිණිය සිබිල් වෙත්තසිංහ මහත්මිය . ..
ඇය බොහෝ ස්වයං විග්‍රහයකදි කියන එක දෙයක් තමයි....
හැම වැඩුණු කෙනෙක් තුළම වයසට නොගිය කුඩා ළමයෙක් ඉන්න බව.....
..
.දැන් මෙතන සිට සැතපුම් සිය ගාණකට ඈත ගමක වෙල් දෙනි වල තණකොල පෙත්තන් පසුපස ඇවිද දුවන....කුඹුරු යායවල් අතරේ ඇති ඇලමං වල නිල් මානෙල් කඩන...දිය වක්කඩවල දංඩි පැටව් එක්ක අටෝරාසියක් කතා කියන කෙට්ටු ගැහැණු දැරියක්...අවුරුදු හතළිස් ගාණක් වන මගෙ ඇතුළෙත් ඉන්නවා....
.
සත්තකින්ම ...ජීවිතේ පීඩන මතුවෙද්දි....කඩා වැටෙන්න නොදී....කාර්‍ය බහුල රස්සාවක වගකීම් අස්සෙ අතරමං වෙන්න නොදී...මාව රැකගන්නෙ අන්න ඒ දැරිවි....
.මොකක් හෝ විකාරරූපී කටයුත්තක් කරන්නට..ඒක විඳින්නට සහ අන්තිමේ ඒ වින්දනය අකුරු කරන්නට .....
ඒ දැරිවි අදටත් මාව පොලඹවනව......
.
අපි බොහෝ දෙනෙක් වැඩිහිටියන් වෙන කොට ඒ ළමා චරිතය අතහැරලා එන්න බලනව....
එපා...
ඒක වෙන්න දෙන්නම එපා...
ඔබට ලෝකයම නැතිව ගියත්...
තමන්ගේ ළමාකාලය...ඒ සරල බව...සුන්දරත්වය ..සහ මෙලෝ සංසාරයක් ගණන් නොගෙන ඉඳීම වගේ අපූරුම ගුණාංග එතනින් ඉතුරු වෙනව.....
.
..
.
.කොහොමින් කොහොම හරි අර තණකොල පෙත්තන් පස්සෙ දුවන ගෑනු ළමයා සභාවක් ඉස්සරහ සාරිකාරියෙක් ඇතුළට වෙලා....සභාවම අල්ලාගෙන විනාඩි තුනක කතාව සස් ගාලා ඉවර කලාලු......
ස්තුතියි එහෙනම්
මම
විසිරි