මම පොතක කියවපු සටහනක් තියෙනවා මෙහෙම ...
ඔබ උපදින වෙලාවේ මුළු ලෝකයම උද්දාමයට පත්වෙද්දී ඔබ හඬන්නට ඇති....ඔබ ඒ නිසා ජිවත් විය යුත්තේ...කවදා හෝ ඔබ සෙසු අය හඬා වැටෙද්දී ඔබ සතුටින් මිය යන ආකාරයටය....
ඇත්තෙන්ම හිතන්න මේ සටහනේ සත්‍යය....
අපි ජිවත් වෙන්නේ ජීවිතය කියන්නේ කුමක්ද කියලා අපිටම අමතක වෙන යුගයක.....
.
හිතන්න ...ඔබ සමහරක් වෙලාවට වචන වලින් කෙනෙක්ව හඳටත් එහා තැනක තියාවි....ඒත්..ඔබ පාරෙන් එහා පැත්තේ ගෙදර ඉන්න ඔබේම අසල්වැසියා ගැන කිසිවක් දන්නේ නැහැ
....අපිට ගණිත සංකල්ප භාවිත කරලා මුදූ ගානකින් එහාට මිසයිලයක් ටක්කෙටම යවන්න පුළුවන්...ඒත්,,,අපිට අපේ ආදරනියයන් එක්ක මොහොතක් ගෙවන්න ෂෝට් ලීව් එකක් දාගන්න වෙලාවක් නැහැ.....
අපිට ජංගම දුරකථන, විද්‍යුත් මේල, ෆැක්ස්..ඔය වගේ ඇති නවීන ඕන තරම් දේවල් තියන නිසා අපි ලෝකය එක්ක හරිම සමීපයි.....කියලා හිතුවත්....මේ කාලය තමයි මිනිසුන් එකිනෙකා අතරින් සැබෑවටම ඈත් වෙලා ඉන්න යුගය...අපි අපේ මානව බැඳීම් වලින් ඈත් වෙන්න අරන්...අපි අපේ අරමුණු ග්‍රහණය කරගන්න විදි වෙනස් වෙන්න අරන්....අපි කෙටියෙන් කිව්වොත් ලෝකය දකින විදිය එහෙම පිටින්ම වෙන ස් වෙන්න අරන්.....
මේ ගැටලුවට සරලවම උත්තර දෙන්න...
ඔබ කවදා හරි මැරුනොත් ඔබ වෙනුවෙන් කවුද අඬන්න ඉන්නේ...?
මේ ජිවත් වෙන කාලේදී ඔබ ස්පර්ශ කල මිනිස් සිත් සතන් ගණන ඔබට හිතන්න පුලුවන්ද......
ඔබ හිතන්න....
බර්නාඩ් ෂෝ මරණ මංචකයේ ඉද්දි කෙනෙක් ඇහුවලු ඔහුගෙන්..ඔබට යලුත් ජිවත් වෙන්න ලැබුනොත් ඔබ වෙන්නේ කවුරුද කියල...
ඔහු දුන්න උත්තරේ තමයි.....මම මේ තරම් කල් වෙන්න බැරි උන..ඒත් මට වෙන්න ඕනෑම වුන කෙනා බවට පත් වෙනවා...කියන එක.....
ඉතින් නැවත සිතන්න.....
ඔබ ජිවත් විය යුත්තේ කෙසේද....
ඔබ තුල ඇති සත්‍යය වටහා ගන්න....
ජීවිතය යන ගමන සුන්දර ගමනක් කරගන්න
ජීවිතය කියන්නේ ඉඩක් හසරක් නැතුව වැඩ කරන එකට නම් නොවේ...අපි හැමෝම එකම අරමුණකින් ලෝකයට ඇවිල්ලා ඉන් පසු විවිධ මාවත් වල යන අය ...
ඔබේ මාවත ඔබ සකසා ගන්න...
ඔබ සෙස්සන් ඔබ වෙනුවෙන් ලෝකය නිර්මාණය කරදෙන තුරු සිටින්නෙක්ද.....
එසේ නම් මෙන්න මේ වදන එක්ක ඒ ක්‍රමය වෙනස් කරන්න...
ඔබගේ ලෝකය තුළ ඔබ දකින්නට පතන වෙනස ඔබම වන්න
මහත්මා ගාන්ධි තුමා
Be the change that you wish to see most in your world
Mahatma gandhi
ස්තුතියි
මම
විසිරි
Saturday, January 27, 2018
83...ප්‍රේමය සුන්දරයි
සඟවන්න එපා හසරැල්
දල්වන්න එපා ගිනිදැල්
ඔබම කෙරේ සිත බැඳුණ දිනේ සිට
මගෙම හැඟේ ඔබ නම් ..
.
සමහරක් සිංදු ජීවිතේ ඊ සැරයක් වගේ වේගයෙන් මතක අවුලනවා..ප්‍රේමය කියන්නේ අපූරුම වස්තු විශයයක්....ඒක එක එක්කෙනා තමන්ට අයිති ආකාරයට වෙන වෙනම බාර ගන්නවා....
.
ඊයේ Charithaගෙ පෝස්ට් එකත්...මට මේක ලියන්න මතක රැසක් ගෙනාවා....
සමහරක් අය ලියද්දි....
ප්‍රේමයයි වෛරය යි අතරේ වෙනස කෙස් ගසකට සමයි ...කියල....
එහෙම නොවන අපූරු මානවීය බැඳීම් මිනිස්සුන්ගෙ ගාව ඉතුරු වෙනවා.......
.
ඉස්සරම බාලිකාවක් වෙලා උසස් පෙල කරන කාලෙ ......ජීවිතේ ට එක්කාසු වුණ ...මගදි කිසිත් හිතේ කහටක් නැතුව අත හැරී ගිය ...නමක් දෙන්නට අපහසු සුන්දර බැඳීමක් මටත් තිබුණා ...ඒකට මම ආදරය හෝ ප්‍රේමය කියන්නේ නෑ....සමහරක් වෙලාවට එතන යාලුකම ..සහෝදරකම...වගේම සෙනෙහසකුත් තිබුණා.......
.
මං තාම ඒ බාලිකා මතකයට ආස....
පුදුමාකාර සුන්දරත්වයක් ජීවිතේට එක් කල ඒ බැඳීම ....අත හැරුණත් ....කිසිම දාක ඔහු මට වෛර නොකල නිසා......සමහරක් විට ජීවිතේ තෝරා ගැනීම් වලදී......සමහර දේ අතහැරෙනව.......
..
කාලයක් ගතවෙලා ......අපි දෙමවුපියනුත් වෙලා.....වෙන වෙනම කුටුම්භ වල ජීවිත ගෙනියනවා.......අවුරුදු විසි ගානකට පස්සෙත්....ඉස්සර මතකයන්...මතක් කරලා හිනාවෙන්න .....ඔහුට වගේම මටත් හැකි........බැඳීම වගේම හිතේ කහටත් " අතහැරපු" නිසා........
.
අද කාලේ ඇතිවෙනවට වඩා කලින් බිඳෙන ප්‍රේම වෘත්තාන්ත දුටුවම .......පොඩ්ඩ එහාමෙහා වෙනවිට ...ආදරය අමතක වෙලා වෛරය පැසවන හැටි දකින කොට........
.
.
මට ඒ බැඳීම් ගැන දැනෙන්නෙ ඉස්සරම දවසක.....බාලිකා ඇසක් බිමට හැරුණාම ....අපූරු සෙනෙහස් බැල්මකින් ....බලපු යොවුන් ඇස් දෙකක මිහිර.....
.
එපමණයි........
මම
විසිරි
Subscribe to:
Posts (Atom)