මම නිකම් ඉස්පාසුවක් නැතුව ලියන්න අරන් වගේ මට හිතෙනවා....නමුත් ඒ ආසාව වැඩි කලේ ඔබයි....මගෙ මතක ඇවිස්සෙද්දි ඔබ මාව තවත් දිරිමත් කලා...කාලයක් ගොඩක්ම ලිව්ව කෙනෙක් විදියට මගේ ලිවීම මගදි අඩපණ වුනේ..මුහුණු පොත නිසා....ඒකෙන් මිදෙන හොඳම මග ලෙස මම දැක්කෙත් ආයෙම පටන් ගත්තෙත් බ්ලොග් ලිවීම...
ජීවිතේ හැමදාම එක වගේ නැහැ..මම කාර්ය බහුල රස්සාවක යෙදෙන කෙනෙක්... සමහරක් විට ඉදිරි මාස වල මේ සීග්‍රතාවය අඩාල වේවි...ඒත් ලිවීමේ සා පිපාසාව නොසන්සිඳේවා කියලා මම මා වෙනුවෙන් පතනවා
ජීවිතේ හැමදාම එක වගේ නැහැ..මම කාර්ය බහුල රස්සාවක යෙදෙන කෙනෙක්... සමහරක් විට ඉදිරි මාස වල මේ සීග්‍රතාවය අඩාල වේවි...ඒත් ලිවීමේ සා පිපාසාව නොසන්සිඳේවා කියලා මම මා වෙනුවෙන් පතනවා
අර කියවන් ගිය කෑම ජාති වල රස අමතක වෙන්න කලින් ඔන්න මේ දෙවනි කොටසට ආවා....මුල් කොටස මෙතනින්
ඔය 70 දශකය තුළ උපත ලද අය ට මතක ඇති සීනි කූරු වගයක් තිබුනා...සුදු පාට හුණු කූරක් වගේ කූරෙ රෝස / කොළ වගේ පාටින් ඉරි වැටිච්ච...කන්න ගන්න කොටම දියවෙමින් යන....මට ඒකට සීනිකූරු කියනවට වඩා අනන්‍ය නමක් එන්නෙ නෑ...කොහොම හරි මට මතක කාල ඉවර වෙද්දි උඩ තල්ල හම ගිහින් කියන එක...
එතකොට අර හූණු බිත්තර / කඩි බිත්තර කියල කියපු සීනිබෝල ජාතිය..මැදට දුරු ඇටයක් දාල තිබුනෙ ..පාට පාටින්...ඉස්සර අපි දහම් පාසල් යද්දි...ලොකු හාමුදුරුවන් ගාව මේ තඩි බෝතලයක් තිබුනා...ලමයිටික පේලියට තියලා අල්ලට ටික ටික බෙදනවා....මට තාම මතකයි...
ඔය කඩවල් වල තිබුණ කෑම ජාති වලට අමතරව ගස් වල තිබ්බ නොකෑ දෙයක් තියේද කියල මම ආයෙම හිතුවෙ....අර මගේ අරපිරිමැස්ම පෝස්ටුවෙ ලිඛිතා දාල තිබුණ කොමෙන්ට් එකත් එක්ක...ගස් වල කුරුඳු පොතු ගහේ තියෙද්දිම උලාකෑව මතකය මටත් තියනවා...
අද කාලෙ අපේ ළමයින් මේව කියෙව්වොත්
හිතාවි...එක්කො මේ බඩජාරි කම කියල නැත්නම් හිතාවි අම්මලට ඒකාලෙ තිබුන බඩගින්න...ඇයි ගෙදරින් කන්න දුන්නෙ නැද්ද කියල...
අපේ ගම මැද්දෙන් ගලා ගියා ප්‍රධාන ගංගාවක අතු ගඟක්...ගඟේ නාන්න යන හැම විටකම ගඟට නැමුණ අත්තික්කා ගස් වල කිරි සහ කහට රස මුසු ගෙඩි කන්නත් අපි හරිම ආසයි....අත්තික්කා ගෙඩියක් දෙකට කැඩුවම ඒකෙ මැද රේනු අස්සෙ පොඩි පණුවො...කෝඳුරුවො නැතුවාම නෙවේ....ඉස්සර ගැමියො කිව්වලු කෝඳුරුවන් උපත ලබන්නේ අත්තික්කා ගෙඩි වලින් කියලත්....කට වහරෙන් අහුලා ගත්තු කතාවක් ඒක...
ගොඩපර කාල තියද....ඇඹුල්...කහට..හීන් පැනි රසක් එක්ක මුසු වුන ගොඩපර ගෙඩි කන්නෙ නිකම් ගහට වඳුරො වැහුවා වගේ..කටකලු පාට වෙන නිසාම කටකලුවා නමින් හැඳින්වුණ බෝවිටියා ගෙඩි ....දං පඳුරු වල පිරුණ දං ..කටු ගොඩේ සීරෙමින් කඩාගෙන කෑ එරමිණියා සහ ඇඹිල ....රස එකින් එක මනසට එකතු වෙනවා...
ගමේ ඇළදොළ වල පිපුණ නෙලුම්..ඕලු මල් වල ගෙඩි..( බට්ටො ) කන එක මම හිතන්නේ ඒ කාලෙ ඕනම ලමයෙක් ආසාම කල දෙයක්....ඕලු ගෙඩියෙ නම් පුංචි පුංචි ඇට ගොඩක් තිබුනෙ..කිරි රසට....නෙලුම් බට්ටා ඊට ලොකුයි..මැද තැනින් තැන තරමක ඇට...ඒවාත් කිරි රසයි......
අද ගමට ගියාම ඔය එක ගඩා ගෙඩියක් දකින්න ලැබෙන්නෙ නෑ.....කාලය එක්ක ගම ත් සංවර්ධනය වුනා...ගමේ සොබා සිරිය වැනසුනා...අද ඒක තවත් සීග්‍රයෙන් වැනසෙන බව ඇස් පනාපිටම අපි දකිනවා....
මතකයක අහුරා ගෙන පමණක් මේ අපූරු රසවත් අත්දැකීම් ලෝකයට දෙන්නයි දැන් අපට වෙලා තියෙන්නෙ
ජනවාරි මාසෙට සටහන් නවයක් ලියලා...මේ නව වැන්න...ඉතින් ආයෙම මාසෙකින් හමුවෙමු නේද...ඒ කියන්නෙ හෙටින් පස්සෙ පෙබරවාරි මාසෙනෙ