Showing posts with label සෞඛ්‍ය. Show all posts
Showing posts with label සෞඛ්‍ය. Show all posts

Sunday, January 12, 2025

2025 (1) . නොවැටී ඉන්න ( fall prevention)

 2025 ජනවාරියේ ඉඳන් ආපහු බ්ලොග් එක ලියන්න ඕන කියල ඔන්න එක හිතින් හිතාගත්තා. අඩුගානේ සතියකට එකක් වත් ලියන්න තමයි හිතේ නම් තියෙන්නේ...බලමු ඉතින්...

**************************************************************************

                                Fall and fall prevention 




මම දැනට වැඩ කරන්නේ Inpatient rehabilitation hospital එකක.

මේකට වැඩිපුරම ඇතුල් කරගන්නේ වයසට ගිය අම්මලා තාත්තලා තමයි. ඒ හුඟක් දෙනෙක් එන්නේ වැටීම් නිසා අස්ථි බිඳීම් හේතුවෙන්. දන්නවනේ වයසක ප්‍රජාව ලෝකේ කොහේ කියලත් වෙනසක් නැහැ..වැටෙන්න තියන ඉඩ වැඩියි..ඒ වගේම අස්ථි බිඳීම් වෙන්න තියන ඉඩත් වැඩියි.

ඉතින් මම හිතුවා මේ අස්ථි බිඳීම් සහ වැටීම් අවම කරගන්න එක ගැන ටිකක් ලියන්න. දීර්ඝ ලිපි නම් නෙවෙයි කෙටි ඒවා කිහිපයක්. 

මේ දවස්වල එංගලන්තයටත් සීතල ..හිම ත් වැටෙන කාලේ. ඉතින් අපිට වැටීම් නිසා එන ලෙඩ්ඩු ටිකක් වැඩියි.ඒක සාමාන්‍යයෙන් සීත සෘතුවේදී මෙහෙ පොදු කාරණයක්.

මොකක්ද වැටීමක් (fall) කියන්නේ?

එංගලන්තයේ දත්ත අනුව නම් වසරකදී අවුරුදු 65ට වැඩි පුද්ගලයන් තුන්දෙනෙක්ගෙන් එක අයෙක් වැටීම් වලට (fall) ලක් වෙනවා.වයස අවුරුදු අසූවකට වැඩි නම් මේ අගය දෙන්නෙක්ට එක අයෙක් දක්වා වැඩි වෙනවා. ඉතින් එහෙම බැලුවාම වැටීමක් කියන්නේ තදබලම සෞඛ්‍ය ප්‍රශ්නයක් මෙහෙට. ලංකාවේ වුනත් මේ අගයයන් මේ ආකාරයටම ඉතින් සෞඛ්‍ය අවශ්‍යතාවයක් ලෙස පවතිනවා ඇති.

වැටීමක් කියන කාරණය ආබාධිතතාවයක් එන්න මුලිකම හේතුවක් විදියටත් සැලකෙනවා.ඒ වගේම පුද්ගලයෙක්ගේ මරණය පවා ඇතිකරවන්න මේකට පුළුවන්.

ගෘහස්ත පරිසරයකදී ඇතිවන අනතුරු අතර ප්‍රධාන එකක් ලෙසත් වැටීම් හඳුන්වන්න පුළුවන්.

රටක ජාතික සෞඛ්‍ය පද්ධතියට අධික වියදමක් ඇතිකරන කාරණයක් ලෙස වැටීම් සලකන්නේ ඒකයි.


                                    WHO definition of falls

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව වැටීමක් කියන්නේ යම් පුද්ගලයෙක් තමන්ගේ අනුදැනුමකින් තොරව තමා ඉන්නා තැනින් බිමට (පොලවට) හෝ වෙනත් පහල ස්ථානයකට පතිත වීම.


මගේ වර්තමාන සේවා ස්ථානයේදී රෝගියෙක් බිම හදිසියේ සමබරතාවය නැතුව ඉඳ ගත්තත් ඒක ගණන් ගැනෙන්නේ වැටීමක් ආකාරයටම තමයි. Controlled fall 

වැටීම් ගැන වගේම වැටීම් වලක්වාගැනීම ගැනත් මිනිස්සු දැනුවත් වෙන්න අවශ්‍ය ඒකයි.

වැටීමක් සම්බන්ධයෙන් ගත්තාම ඒක ලිස්සා යාමක් , පය පැකිලීමක් වෙන්න පුළුවන්. වයසක ප්‍රජාව ගත්තාම ඔවුන් අනෙක් අයට වඩා මේ අවදානමට ලක්වන්නට තියන ඉඩ වැඩියි.

සරලවම කිව්වොත් පුර්ව අනතුරු වලට ලක්ව ඇති අය , වෙනත් රෝගාබාධ වලින් පෙලෙන අය වගේම දිර්ඝකාලින ගැටළු හේතුවෙන් ක්‍රියාකාරිත්වය අඩු අය වැටීම් වලට ලක්වන්න තියන ඉඩ වැඩියි.

ඒ නිසා සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක ඇති ප්‍රධානම වගකීමක් තමයි රෝගියෙක් තමන් හමුවන මුල් අවස්ථාවේදීම මේ වැටීම් සම්බන්ධ මුලික ඇගයීමක් කිරීම.

වැටීමකින් වෙන්න පුළුවන් අනතුරු මොනවද?

වැටීමක් නිසා සුළු වගේම විශාල අනතුරු වෙන්න පුළුවන්. පහත සඳහන් වන්නේ එවන් අනතුරු 

01. උකුල් අස්ථි බිඳීම්  (Hip fractures)
02. මැණික් කටුව ආශ්‍රිත බිඳීම් (wrist fractures)
03. කැපුම් සහ ඉරීම් (cuts and lacerations)
04. ගැඹුරට ඇතිවන සීරීම් ( Deep bruising)
05. සියුම් පටක වල ඉරීම් ( soft tissue injuries)
06. සන්ධි භග්නයන්   / සන්ධි පැනීම් ( dislocations)
07. මාංශ පේශි ඇදීම් (sprains)
08.සන්ධි ආශ්‍රිත වේදනාවන් (Increase in joint pain)
09. දීර්ඝ වෙලාවක් වැටුන තැන ඉන්නට සිදුවීම. ( A long lie) **
10.තව අයෙක් මත තමන්ගේ කටයුතුවෙනුවෙන් යැපෙන්නට සිදුවීම. (dependency)
11.හුදෙකලාවීම ( isolation)
12. මානසික ගැටළු  ( depression)වැනි 
13. ක්‍රියාකාරිත්වය අඩුවීම් ( reduction in activity)

**(කෙනෙක්ට වැටුනාට පසුව තනිවම නැගී ඉන්නට බැරි නම් සහ නිවසේ කවුරුන් හෝ නැත්නම්)

වැටීමකට හේතුවෙන ප්‍රධාන කාරණා මොනවද කියල ඔබ දන්නවද?

01. වයසට යාම එක්ක ඇතිවන ඇසීම සහ පෙනීමේ දුර්වලතා 
02.ඒ පුද්ගලයා භාවිතා කරන ඖෂධ වර්ග 
03. පාකින්සන් රෝගය සහ ආඝාතය වැනි රෝග තත්ත්ව.
04. ඩිමෙන්ෂියාව  

රෝගියෙක් ගන්න බෙහෙත් සම්බන්ධව තමන්ගේ වෛද්‍ය වරයා සමග මනා පැහැදිලිකිරීමක් ඇතුව ඉන්න එක හරිම වැදගත්.සමහරක් බෙහෙත් වර්ග වල අතුරු පල නිසාත් වයස්ගත් පුද්ගලයන්ගේ වැටීම් වැඩිවෙන්න පුළුවන්. ඒ නිසා තමන්ගේ වෛද්‍ය වරයා එක්ක ඒ බෙහෙත් ගැන හොඳ අවබෝධයකින් ඉන්න හැමෝම වගබලා ගන්න ඕන. 

පාකින්සන් රෝගය කියන්නේ ස්නායු පද්ධතියට සම්බන්ධ රෝගී තත්වයක් බව ඔබ දන්නවනේ. ඉතින් මෙවන් තත්වයකින් පෙලෙන අයෙක්ගේ වැටීම නිතර වෙන්න පුළුවන්. මේ වගේ රෝගීන්ගේ අතපය වල ඇති වෙවුලන සුළු ස්වභාවයන්, මාංශ පේශිවල තද බව, ක්‍රියාකාරිත්වයේ වේගය අදාළ වීම වගේ කාරනා මේකට හේතුවෙන්න පුළුවන්. 

**************************************************************************
දීර්ඝව මේ වගේ සටහනක් කියවන කොට ටිකක් කම්මැලි ත් හිතෙන නිසා මම පොඩි කතාවක් ලියන්නම් මේ වගේ රෝගියෙක් සම්බන්ධව.




අපි එයාට බොබ් කියමුකෝ. අන්වර්ථ නාමයක් තමයි මේ .

බොබ් ඉන්නේ එයාගේ නෝනා එක්ක ගෙදරක. බොබ්ගේ  නෝනා ත් ටිකක් රෝගී අයෙක්. අසනීප වෙන්න කලින් බොබ් තමයි එයාගේ නෝනාගේ වැඩ වලටත් උදව් කලේ. මේ වැටීම් සම්බන්ධ කාරණය වෙන්න කලින් බොබ් ගේ ඇතුලේ කිසිම ආධාරයක් නැතුව ඇවිද්දා වගේම එලියේත් සැරයටියක් එක්ක ඇවිද්ද.

පාකින්සන් රෝගය උත්සන්න උනාට පස්සේ බොබ් ට බොහොමයක් දේ අමතක වෙන්න ගත්තා. කොටින්ම කිවොත් නිදාගන්න ඇඳට යාම පවා මතක වෙලා සාලයේ සෝපාවේ නිදාගන්න එයා හුරුවෙලා තිබුනා. නෝනා ගේ වැඩ වලටත් කලින් උදව් කල බොබ්ට තමන්ගේ එදිනෙදා කටයුතු පවා අමතක වෙන්න ගත්තා. එක සතියක් ඇතුලත වාර කිහිපයක් එයා වැටෙන්න ගත්තාම එයාව වෛද්‍ය වරයා ගාවට එක්කන් යන්න සිදුවෙලා තිබුනා.

බොබ් ගේ රෝග ඉතිහාසය බැලුවාම එයා පාකින්සන් රෝගයට ක්‍රමයෙන් ගොදුරු වෙමින් උන්නා. එයාගේ පසුගිය වසර තුල කිහිප පාරක්ම බිම ඇදවැටීම් අනතුරුදායක සලකුණු පෙන්වා දෙමින් තිබුනා. සන්වෙදනයන්ගේ දුබලකම්, වැඩිවෙලා උන් තැනින් නැගිටිනකොට එන ක්ලාන්ත ස්වභාවය...අපි මේකට   postural hypotention කියලා කියනවා...ඒ වගේම එයාගේ ශරීර බර වේගයෙන් අඩුවෙලාත් තිබුනා ..නින්ද මන්දකමතවත් කාරණයක්..ඒ වගේම බෝබ්ගේ hallucination වගේ භින්නෝන්මාද ලක්ෂනත් මතුවෙලාතිබුනා.

බොබ්ගේ රෝගයත් එක්ක අනතුරුදායක ලක්ෂණ ලෙස හඳුනාගත්තේ මෙන්න මේවා 

01. නිතර නිතර වූ වැටීම් 
02. විජලනිය තත්වය 
03. බර අඩුවීම 
04. නිදාගෙන හෝ ඉඳගෙන ඉන්නා තැනින් නැගිටිනවිට ආ ක්ලාන්ත ගතිය වගේ දේවල්.
05. නින්ද මඳකම 
06.භින්නෝන්මාද ලක්ෂණ 
07.සමබරතාවයේ අඩුකම 
08.පෝෂණය අඩුකම 
09.මානසික අසමතුලිතතාවය.

ඉතින් මේ වගේ රෝගියෙක් වෙනුවෙන් ප්‍රතිකාර සටහනට වැටීම් අවම කරන එක එක්කාසු වුනේ පහත ආකාරයට 

01.මුලිකවම එයාගේ වැටීම් සම්බන්ධ පුර්ණ ඇගයීමක් කරන්නට සිදුවුනා.
02. බොබ් එක්ක එයාගේ නිවෙස් පරිසරයේ ඇති වැටීම් වලට හේතුවෙන්න පුළුවන් කාරනා කතාබහ කරනු ලැබුවා.
03.බොබ් සම්බන්ධව ප්‍රතිකාර වැඩ සාටහනක් තීරණය වුනා.
04. ඇස් පෙනීම සහ කන් ඇසීම නිවැරදිව පරික්ෂා කොට ඊට අදාළ සායන වලට යොමු කිරීම සහ ඇස් කන්නාඩි සහ ශ්‍රවණ ආධාරක ලබාදීම සිදුකරනු ලැබුවා. ඒ වගේම බොබ් ඒවා නිවැරදිව භාවිත කරනවද යන්න සොයා බැලුවා.
05. බොබ් ව භෞත චිකිත්සක වරයෙක් වෙතට යොමු කොට නිසි ඇවිදීම් ආධාරකයන් ලබාදෙනු ලැබුවා.
06.ඔහුගේ ඇවිදීම චිකිත්සක වරුන් විසින් අධීක්ෂණයට ලක් කළා.
07.ඔහුගේ පෝෂණය සහ පානයන් ලබාගැනීම ට උනන්දු කරවා ඒ සඳහා අවශ්‍ය යොමු කරවීම් කරනු ලැබුවා.
08.බොබ් ගේ ඇඳ සහ එයට අවශ්‍ය රාමු ගැන ඇගයීමක් කළා.
09.ඔහුගේ වැසිකිලි යාම කාලසටහනකට අනුව සකසා උනන්දු කරවීම කළා.අවශ්‍ය විටක මුත්‍රා බඳුන් , ඩයපර් භාවිතය ට උනන්දු  කළා.
10. පාකින්සන් රෝගයට අදාල බෙහෙත් නොකඩවා ගැනීම ට උනන්දු කරවූවා.
වෘත්තීය චිකිත්සක වරයා විසින් නිවාස ඇගයීමක් කර අවශ්‍ය උපකරණ ලබාදෙනු ලැබුවා. 
11. සමාජ සේවා නිලධාරියා සම්බන්ධ කොට සහායකයන් ගේ සේවාව ලබාදෙනු ලැබුවා. 

මේ කාරනා ගත්තාම මේ හැමදේම ඉතා පහසුවෙන්  බොබ් නැවත වැටීම වලක්වා ගන්නට යෝජනා කළා මෙන්ම ඒවා ලබාදෙන්නටත් මේ රටේදී පුළුවන්. සති කිහිපයක් ඇතුලත වැඩ සටහන නිමා කරන්නත් පුළුවන්. 

නමුත් අපේ රටේ මෙහෙම පහසුකම් නැති බව මමත් පිලිගන්නවා. නමුත් මේ රටේ වගේ නෙවෙයි අපේ රටේ හුඟක් වෙලාවට වයසක ප්‍රජාව රක බලා ගන්නට පවුල් දායකත්වය ලැබෙන නිසා මේ ලිස්ට් එකෙන් සමහරක් කාරනා කරගන්න පුළුවන්.

කෙනෙක් වැටෙන්නට පෙර ඔවුන්ගේ පරිසරය සකසන එක ඉතාම වැදගත් වන්නේ..වැටුනාට පස්සේ එන ආබාධ සහිත තත්වයන් ගෙන් ගොඩ ඒම පහසු නොවෙන නිසා...

******************************************************************** 

වැටීම් සහ ඒවා වලක්වා ගන්න ආකාරයන් , උපදෙස් එහෙම එක්ක 
සම්බන්ධයෙන් තවත් තොරතුරු ටිකක් තවත්  පොස්ට් එකකින් අරන් එන්නම් .

ස්තුතියි කියෙව්වාට 

මම 
විසිරි සිහින ලියන,
කිත්මා වාසනා දහනායක 


Tuesday, February 5, 2019

132.. සපත්තු සහ ඔබේ දෙපා

සපත්තු සහ ඔබේ දෙපා





ඉතින් මේ සටහන ලියන්න මූලිකම වුණ කාරණාව වෙන්නෙ එදිනෙදා මගතොට දකින අයගෙ විස්තර...

මේක ලියන්න ගනිද්දි මට මතක් වුණ එක් දෙයක් සිහියට ආවා...මින් වසර බරගානකට ඈත....මම සෞඛ්‍ය සේවයට බැඳිලා පුහුණු වෙන්න ආව මුල් දිනවල අපේ ජ්‍යේෂ්ඨ සොහොයුරෙක් කිව්ව කතාවක්....

ඉස්සර අපි පාරෙ ගෑණු ළමයෙක් දැක්කම අපි බලන්නෙ කොණ්ඩෙ, ඉඟසුඟ , මුහුණෙ ලස්සන....ඒවද මේවද...
ඒ වුණාට මේ කෙහෙල්මලට ආව දවසෙ ඉඳන් පේන්නෙ ඇවිදින කොට කකුල ඇදද, කොන්දෙ ඇදයක් (scoliosis) වගේද ...මූණෙ facial palsy වගේද....දණිස්ස ඇදට ගිහින් ද...වගේ ඒවා නෙ බං......

ඇත්තෙන්ම විශේෂිත සේවාවකට ඇතුල් වුණාම ඒකෙ ප්‍රතිපලයක් ලෙස කෙනෙක්ගෙ ශාරීරික මානසික වගේම චර්‍යාත්මක සුලු වෙනසක් පවා ඉබේම ඇහැ ගැටෙනව....ඒ උගත් පාඩම් වල මහිමය.

ඉතින් මම ට්‍රේන් එකෙන් බැහැල යන ගමන් අපේ කන්තාවන්ගෙ විවිධාකාර ගමන් ශෛලියන් වගේම ඔවුන් ගෙ දෙපා වල ඇති පාවහන් ගැන විශ්ලේෂණයක් කලා...

අධික ලෙස අඩි උස සපත්තු දැමීම සහ ඒවායේ ඇඟිලි ප්‍රදේශය ඉතා ළංව පිහිටීම කෙනෙක්ගේ ඇවිදින ඉරියව්ව වෙනස් කරනවා...ගුරුත්ව කේන්ද්‍රය රැකගන්න ඕන නිසා කොන්ද ඒකට ගැලපෙන්න වක්‍ර වෙනව....මේකෙ පසු කාලීනව lordosis තත්වයක් ඇවිල්ලා ඒ වගේම කොන්දෙ අමාරු low back pains එන්න පුලුවන් ....කකුල ආශ්‍රිත ව වෙන විකෘතිතා ද එමටයි....ඉඳහිටක උත්සවයකට දැමීම ගැන නොවෙයි මේ කියන්නෙ....දිනපතා භාවිතයේ අහිතකර තත්ව...අනෙක පොදු වාහන වල දැඩි තදබදයක හිට ගෙන යන වෙලාවල්...ගමන දුර නම්....වේදනාව හා අතුරු ආබාධ වැඩියි

වැරදීමකින් අඩියක් ලිස්සා යාම අස්ථි භග්නයක් තෙක් පත්වීමේ අවදානමක් ද මෙහි තියනවා.....ඒ නිසා pointed heels දාන අය ඒ ගැන මඳක් සිතන්න....

ඒ වගේම ඔබේ සපත්තුවේ අඩිය ගෙවෙන අන්දම හ එක්ව නිරීක්ෂණය කරන්න ...ඒ ඔබ ඇවිදින ගමන් රටාව...මෙහිදි ඔබ වැරදි ක්‍රමයට පාද තබනවා නම් ඔබ ගේ සපත්තු ගෙවෙන්නේ සම්පූර්ණ ව නෙවෙයි ........එ නිසා දාර හෝ වම් හෝ දකුණු පස අනෙකට වඩා ගෙවෙනවා නම් ටිකක් සැලකිලිමත් වෙන්න

සාරියක් අඳින නෝනාලාට full flat සෙරෙප්පු නම් හැඩ නෑ...අනෙක ,ෆුල් ෆ්ලැට් සෙරෙප්පු භාවිතය සාරිය එක්ක අමාරුයි...කොන්දට හොඳම වෙන්නෙ පොඩි wedge heel එකක් තියන සෙරෙප්පු .....

ඒ වගේම සෙරෙප්පුවේ පටි තදට තිබීමත් ටිකක් හොඳ නැ....සෙරෙප්පු පටි මගින් ලේ ගමනට අවහිරතා ඇතිවෙන්න පුලුවන් ...ඒ වගේම තුවාල....

අන්න ඒ නිසා සෙරෙප්පු දෙකක් ගන්න වෙලාවට මෙන්න මේ කාරණාත් පොඩ්ඩක් හිතලා බලන්න.....අනික් දවසේ

විසිරි සිහින.

Wednesday, May 3, 2017

53. හිතන්නට යමක්








ඔබ ඔබම මිස මා නොවේ.....
මා මා මිස ඔබ නොවේ.....

මේ හැඟීම ඔබට දැනිලා තියද.....?

මගේ වෘත්තීය ජිවිතයේ වැඩිම කලක් ගත වුනේ ලෙඩ්ඩු එක්ක.....දැන් පුහුණු පාසලේ ආචාර්ය වැඩේ කලාට ලෙඩ්ඩු එක්ක උන්න කාලේ තාම අමතක නැහැ ....

හිටපු ගමන් අතීතය ට හිත දුවන කොට ....මතකයට එනවා...සමහරක් රෝගීන් එක්ක සබැඳුණු මතකයන්....

මේ එහෙම එකක් ....

සමහරක් විට හිතට එන සුළු නිමේෂය ඇති ...දීර්ඝ ව හිතලා....සටහනකුත් ලියා තබන්නට...

ඉස්සර මගේ අංශයට ආව රෝගීන් අතර උන්නා ...සුමනා කියලා කාන්තාවක්...මේක අන්වර්ථ නාමයක්...
මගේ අංශයෙන් ප්‍රතිකාර දුන්නේ ස්නායු ආබාධයන්ට ලක් වූ යට තමයි විශේෂයෙන්ම ...

ඇය පැමිණියේ...අංශභාග රෝගය නිසා ...

ඉතින් බාහිර පෙනුම ගත්තම සුමනා ටිකක් මහත කාන්තාවක්.....

අංශභාගය හැදුනම ශරීරයේ එක පැත්තක්ම අප්‍රාණික වෙනවනේ ...එතකොට මුල් අවධියේදී මේ ය ප්‍රතිකාර කටයුතු වලට ගේන්නේ රෝද පුටුවෙන් ...ව්‍යායාම ප්‍රතිකාර සඳහා තැනින් තැනට රෝද පුටුවෙන් මාරු කරන්න ගියාම රෝගියා ගේ සහය නැත්නම් ...පුදුම සටනක් කරන්න වෙනවා 

සුමනා අන්න එහෙම කෙනෙක්..කිසිම උවමනාවක් නැහැ...බලන් ඉඳලා බැරිම තැන මම ඇයට කිව්වා..." අනේ සුමනා මෙහෙම ඉඳල නම් බැහැ ....ඔයා ටිකක් උනන්දු වෙන්න ඕන .." කියලා....

සුමනා ගත් කටටම කිව්වේ....

" මිස් නම් කියයි...මිස්ට ඔය යස අගේට ඇවිදින්න පුළුවන්නේ..මගෙනේ ඇඟ පණ නැත්තේ....මිස්ට තේරෙනවය ...මගේ අමාරුව.." කියලා....

මේ වගේ ප්‍රතිචාර අපේ රැකියාවේදී හරිම සුලබයි...හෙන ගහන්නා වගේ මෙහෙම කිව්වම තරහ නොගෙන ඉන්නත් සංයමයක් තියෙන්න ඕන .....එක නම් කාලයක්ම වැඩ කරලා ඕනෑවටත් වඩා තියනවා......

මම ඉතින් සුමනාට මේක හෙමින් තේරුම් කරලා දුන්නා...

මම හිතන්න ගත්තේ ඉන් පස්සෙයි......

අනුන්ගේ ප්‍රශ්නයක් තමන්ගේ ඇසින්  දකින්න අපිට පුලුවන්ද ....?

ඒ දකින විදියේ තියෙන වෙනස් කම් මොනවද...? 
මේ දෙවිදිය සමාන කරගන්න නම් අපි තුළ තිබිය යුතු ගුණාංග මොනවද...?

මම දිගටම හිතුවා....




අද කාලේ මම වැඩ කරන්නේ...ඊළඟට රෝහල් වල සේවයට යන පරම්පරාවට දැනුම දෙන්න....කාලය එක්ක පරම්පරාව වෙනස්....ආකල්ප වෙනස්...ඒ නිසා මේ දේවල් ඔවුන්හට කියල දෙන්නම මේවා මට උදාහරණ වෙනවා...

ආබාධිත තත්වයට පත් වුවෙක්ගේ හැඟීම් තේරුම් ගන්නට නම් අපි ඒ ආබාධය ගැන පුළුල් අවබෝධයකින් සිටිය යුතුයි.....බොහොමයක් ආබාධ තත්ත්ව වලදී...ඒවා සහ සබැඳුණු...මානසික පසුබිමක් තියෙන බව අමතක නොකළ යුතුයි....
තමන් මුලින් හිටපු තත්වයෙන් බොහෝ පහලට වැටෙන්න වුනාම ..ඇති වන මානසික අව පීඩන තත්වය හුඟක් අයගේ සුලබ ලක්ෂණයක්..ඉන් මිදෙන්නේ බොහොම කීප දෙනයි......මේ තත්වය අපිට තේරුම් ගන්න බැරි නම් ...ඒ තත්වයට පත් වු කෙනාගේ හැඟීම් නිවැරදි ඇසින් දකින්න අපිට බැහැ ...

ආබාධිත බව තියන අයෙකුගේ පමණක් නොවෙයි සාමාන්‍යයෙන් ඕනෑම අයෙකුගේ හැඟීමක් නිවැරදිව නිසි ආකාරයෙන් තේරුම් ගන්න නම් අපි ඒ තත්වයට මනසින් ගොඩ වැඩිය යුතු වෙනවා..නැත්නම් අපි හැම විටම මේ හැඟීම් වලට දෙන්නේ වැරදි අර්ථකතනයක් වෙන්න පුළුවන්....
මම ආබාධ සහිත තැනැත්තන් ගැන ලියන්නේ මගේ වෘත්තීය එක්ක මට අත්දැකීම් තියෙන්නේ ඒ අංශයෙන් නිසි...ඇත්තටම මේ වගේ ය සමග කටයුතු කිරීමේදී මනසින්.....මෙහෙම දෙයක් මට වුනොත් කොහොම වෙයිද කියලා කියන හැඟීම ලබා ගත යුතු වෙනවා...

කෙනෙක්ගේ අතක් නැති වුනොත් අපි ඔහුට ප්‍රතිකාර කරද්දී හිතනවා....මේ දේ මට වුනා නම් මම කොහොමද ඉදිරි වැඩ ටික කරගන්නේ කියලා....කෙනෙක්ට රෝද පුටුවක් දෙන්න සිද්ද වෙන වෙලාවක ඒ කෙනාගේ මනස ඒකට හැඩගස්  වන්න කලින් අපි හිතන්න ඕන ...මේ දේ මට වුන නම් මට එන අභියෝග මොනවද කියන එක... 

ඒ නිසා කෙනෙක්ට ගැලපෙන ප්‍රතිකාර තීරණය කරන විට අපි ඒ රෝගියාගේ තත්වයට මනසින් ගොඩ වදිනවා....


ඉතින් ඔබ ඔබම වන තුරු....මා මා ම වන තුරු ...අපි කොහොම නම් අනෙක් අයගේ හැඟීම් ඒ අන්දමින්ම තේරුම් ගන්නද......?





Sunday, March 26, 2017

44. මම කවුද ...? ( දෙවනි කොටස )








මං කවුද කියලා හඳුන්වන සටහන් පෙලේ දෙවැන්න මේ....කලින් කොටස කියවලා එන්න ඕන නම් ...මෙතනින් ඒ පෝස්ටුවට යන්න පුලුවන්.....



දැන් රෝගියෙක් වෙනවා කියන්නේ අපි අපේ දෛනික කටයුතු වල ඉඳලා හැම දේකටම තවත් කෙනෙක් මත යැපෙන්න වෙන එකේ ඇරඹුම...ඒ කියන්නෙ අපි සාමාන්‍යයෙන් independent වෙන ඒවා dependent වෙන එක

ප්‍රතිකාර භාවිතයෙන් රෝගියාගෙ හැකියාවන් ලබා දෙන්න නොහැකි වුනොත් අපිට ඒ සඳහා ඔහු ජීවත් වන පරිසරය ඔහුට ගැලපෙන ආකාරයට වෙනස් කිරීමෙන් (  architectural modifications  ) හෝ ඔහු භාවිතා කරන උපකරණ ආදිය ගැලපෙන ලෙස හැඩ ගස්වා දීමෙන් (  adaptations )ඒ හැකියාව ලබා දෙනවා...

සාර්ථක අසාර්ථක භාවය විවිධාකාර වුනත් අපේ ප්‍රතිකාර වල මූලික ම අරමුණ වෙන්නෙ රෝගී පුද්ගලයා තමන්ගේ එදිනෙදා වැඩකටයුතු වල...සේවා ස්ථානයේ රැකියාවේ වැඩ කටයුතු වල..සමාජීය කටයුතු වල ආදී කුදු මහත් කාර්යයන්හි නැවත ස්වාධීන පුද්ගලයෙකු ලෙස නිරත කරවීමයි...


කිසිම දෙයක් බැහැ කියන සංකල්පයෙන් ඔබ්බට අපි ඒ නිසා ආබාධ සහිත පුද්ගලයාව රැගෙන යනවා...

මේ කාර්යයේදී අපිට රෝගියාට අමතරව ඔහුගෙ නිවැසියනුත් සහය වෙන්න ඕන..එවිටයි මේ ක්‍රියාවලිය සාර්තක වෙන්නෙ

නිවැසියන් වගේම සමහරක් වෙලාවට අසල්වාසීන්...සමාජ සංවිධාන..ඔන්න ඔය වගෙ අයත් මහත් සේවාවක් ඉටු කරනවා මේ දේට..


සීමාවන්ට පෙර හැකියාවන් දකින්න...අප ඔබට දෙන මුල්ම දිරිගැන්වීම එයයි..

see the potential beyond the limitations...







වෘත්තීය චිකිත්සාවේදි ප්‍රතිකාර ලබාගන්නා රෝගීන් වර්ග කලොත් ඒවා මෙන්න මෙහෙම කෙටියෙන් කියන්න පුලුවන්....නමුත් අපි ඕනෑම ආබාධයක් ගත්තාම ඒකට වෘත්තීය චිකිත්සාවේ යම් යම් උපකාර ලබාගන්නට උත්සුක වෙන්න ඕන..මොකද සැම විටම ඔබව නිවැරදි යොමු කිරීමකට ලක් වෙයි කියලා හිතන්න බැහැ...

ඒ නිසයි ඔබ දැනුවත් වීම වටින්නේ....

1. ස්නායු ආබාධ...ඒ කියන්නේ..අංශභාගය..එතකොට මොලය ආශ්‍රිත අනතුරු නිසා ඇති වන ආබාධ ...මොලේ උණ වගේ රෝග නිසා ඇති වන සංකූලතා...

බාහිර ස්නායු පද්ධතිය අදාල රෝග..ස්නායු කැපුම්...ආදිය...එහෙ

2. රක්තවාත රෝග...දන්නවනෙ ආතරයිටිස් වර්ග..බහුලවම රුමටොයිඩ් ආතරයිටිස්..ඔස්ටියෝ ආතරයිටිස්....වගේ සන්ධි සහ සන්ධි ආශ්‍රිත රෝගාබාධ

3. ළමා වියේ ආබාධ....

මේ යටතේ මස්තිෂ්ක ආඝාතය..(cerebral palsy-  CP   )  එතකොට ඉගනුම් ආබාධ තත්ව..( ඉස්සර මන්ද මාන්සිකත්වය කිව්වට දැන් ඒකට එහෙම කියන්නෙ නෑ )...ඕටිසම් ...ඩවුන්ස් සහලක්ෂණය...ඒ වගේම උපතේදි සහ උපතට පසු කාල වලදි මධ්‍ය සහ බාහිර ස්නායු වලට වෙන ආබාධ...ඔන්න ඔය වගේ රෝගාබාධත් තියනවා

4. අස්ථි බිඳීම්...( fractures - ex :- colles fracture ) එතකොට අස්ථි වලට අදාල ගැටලු නිසා වන රෝගාබාධ

5. දීර්ඝ කාලීන සහ කෙටි කාලීන මානසික රෝග

6. වියපත් වීමට අදාල සංකූලතා


7.සුවකල නොහැකි රෝග (cancer , AIDS) වලට මාන්සික සහ ශාරීරික ගැටලු සහගත අවස්ථා සඳහා සහය...

මේ රෝගාබාධයන්ට වෘත්තීය චිකිත්සාවෙන් සැලසෙන සේවය කුමන ඛාණ්ඩ යටතේද කියලා මම දැන් කියන්නම්...




ආබාධ නිසා රෝගීන්ට විවිධ කටයුතු වල ගැටලු ඇති වෙනවානෙ..

1. කායික එහෙම නැත්නම් චාලක ක්‍රියාවන්

ඇවිදීම, හිඳ ගැනීම ,  සමබරතාවය පවත්වාගැනීම, නිවැරදිව ශරීරය හසුරවා ගැනීම...අත් භාවිතය...වගේ ක්‍රියා

2. සංවේදනයන්ගේ ගැටලු

ඇසීම , පෙනීම , ස්පර්ශය..වගේ සංවේදනයන්ගේ එන ගැටලු වලට....වෘත්තීය චිකිත්සාවෙන් සහය ලැබෙනවා...

3. මානසික තත්ව...

කෙටි කාලීන සහ දීර්ඝ කාලීන මානසික ගැටලු සඳහාත් වෘත්තීය චිකිත්සක ප්‍රතිකාර ක්‍රම ලබා ගත හැකියි

4. අවබෝධාත්මක ගැටලු සහ ඉගනුම් අවශ්‍යතා වල ගැටලු

5. දෛනික කටයුතු කරගැනීමේ අසීරුතා

ලෙඩක් වෙච්ච කෙනෙක්ට තියන ලොකුම අභියෝගය මෙන්න මේක..තමන්ගේ සාමාන්‍ය එදිනෙදා වැඩ කරගන්නට හැම විටම තවකෙක් මත යැපෙන්න වෙන එක...හිතන්න,,,,අපිට එහෙම වුනොත් කොහොම වෙයිද කියලා...

වෘත්තීය චිකිත්සාවෙන් ඒ පුද්ගලයාව ක්‍රමානුකූලව තමන්ගේ වැඩ කරගන්න පුහුණු කරවීමක් කරදෙනවා...මෙයට සමහර වෙලාවට විශේෂිත උපකරණ ත්  ( adaptations )හදන්න වෙනවා...

6.රැකියාවේ ගැටලු...සහ කාර්යයන් කරගැනීමෙ දී ඇතිවන ගැටලු

ආබාධයකට පෙර රස්සාව කරන එකට වඩා පසුව ඒක කරන එකේ ලොකු අභියෝගයන් තියනවා....අපි මේ තත්ව ඇගයීමක්  ( assessment )කරලා ඒවාට අදාල විසඳුම් ලබා දෙනවා

7. ගෘහස්ථ පරිසරයේ දුශ්කරතාවයන්

ඒ කියන්නෙ දැන් ඔය අපේ ගෙවල් හදල තියෙන්නෙ අනාගත්යේදි ලෙඩක් දුකක් කරදරයක් වෙයි ආබාධයක් වෙයි කියලා හිතල නෙවෙයි නෙ...ඉතින් තියන කෘතිම නිර්මාණ සහ ස්වාභාවික පරිසර තත්ව එක්ක ආබාධයකදි අපිට ඒ නිවස්නය ටිකක් වෙනස් කර දෙන්න සිදු වෙනවා....

උදාහරණයක් ලෙස ගත්තාම....පඩි පෙල වෙනුවට ආනත තලයක් එක් කිරීම වගේ...මේවා නියමාකාර මිමි වලට අනුව සකසන්න ඕන...එහෙම නොවුනොත් ලෙඩාට වෙන්නෙ තියන ආබාධයට වඩා තව එකක් හදාගන්න

ආදී බොහෝ ප්‍රශ්න මෙහිදී වෘත්තීය චිකිත්සාවෙන් සහය ලබා දී පහසුවක් සලසනවා

ඉතින් මේ වගේ ගැටලු වලට බෙහෙත් බීමෙන් පමණක් සුවයක් ලබා ගත නොහැකි බව අපි දන්නවානෙ....


වෘත්තීය චිකිත්සාව කියන්නේත් අන්න ඒ වාගෙ ....ඖෂධ නොමැතිව කරනු ලබන ප්‍රතිකාරයක්..මෙහිදී කෙළින්ම ව්‍යායාම කරන්නේ නැහැ...ප්‍රතිකාරාත්මක ක්‍රියාකාරකම් තමයි ප්‍රධානම ප්‍රතිකාර මාධ්‍යය වෙන්නෙ.
ඒ හැරුණාම විවිධ රෝගාබාධ වලට ඒ ඒ අවස්ථානුකූලව ප්‍රතිකාරයන් සැපයෙනවා

ඉදිරි කාලයේදි විවිධ රෝග වලට ආබාධ වලට මේ මගින් සහය වන අන්දම මම කියන්නට එන්නම්....




බ්ලොග් සම්මාන උළෙල ගැන හෙමීට ලියන්නම්...මේ ටිකේ හැමෝම ලියන ඒවා කියවන ගමන් මේ ඉන්නෙ....


Saturday, March 18, 2017

42. මම කවුද....?

මම කවුද කියන එක තරම් ලෝකෙ තියන ලොකුම හා උත්තර දෙන්න අමාරු ප්‍රශ්නයක් තවත් තියද මන්දා....තමන්ට තමන් හඳුන්වා දෙන්න අමාරුයි කියන්නෙ බරපතල ප්‍රශ්නයක්....




මම මේ කියන මගෙ ගැන විස්තරය....මේ ඔස්සේ කියවන කාට හරි වැදගත් වේවි කියලා මට හිතෙනවා....මොකද මම මේ ලියන්නේ පෞද්ගලිකව මම කවුද කියන එක නම් නෙවෙයි..මගේ වෘත්තිය ගැන ඉතාම සරල කෙටි සටහනක්...

මේක ගැන කියන්න අවුරුදු විසි දෙකක අතීතෙට යන්න වෙනවා...මොකද ඒ අතීතේ ගත්තාම එතැන ඉඳන් තමයි මගෙ වෘත්තීය ජීවිතේට අඩිතාලම වැටෙන්නෙ,....
උසස්පෙල ඉවර වෙලා...ගත කරන්න වුන කාලයෙදි අනිත් ලමයින්ට වගේම මටත් තිබුනෙ අවිනිශ්චිත බවක් අනාගතය ගැන...
88 -89 කාලෙ සාමාන්‍ය පෙල කරලා 92 උසස් පෙල කල අය දන්නවා ඒ තත්වෙ ගැන...

දකුණු පලාත වගේම රටම ගිල ගත්තු භීෂණය නිසා විශ්ව විද්‍යාල පද්ධතියම අඩාල වෙච්ච කාලයක්...එතනට තේරුණ අයත් පෝලිමේ සිටිය යුතු වුන යුගයක්

ජීව විද්‍යාව විශය ධාරාව කරන්න එක්කාසු වෙන හැම ලමයෙක්ටම වගේ මටත් තිබුණා ඒ කාලෙ දොස්තර හීනයක්...ඒ හීනෙ කොහොම ආවද දන්නේ නෑ...නමුත් එක්කො මම දක්ෂ මදි වෙන්න ඇති...නැත්නම් උනන්දුව මදි ඇති...ඒ හීනෙ බොඳ වුණා...

නමුත් ඉස්පිරිතාලෙකට ගිහින් ඒ ආවේණික ගන්ධය ආඝ්‍රාණය කරන්න වත් බැරි වෙච්චි මට...( ඒ කාලෙ හොස්පිටල් වල ආවේණික ඝන්ධයක් අනිවාර්යයෙන්ම තිබුනා...) මේ රෝගීන් එක්ක වැඩ කරන උණ කොහෙන් ආවද මන්දා

කොහොම නමුත් ඒ කාලෙ අයදුම් කල විවිධ පාඨමාලා අතරෙ තිබුණ මෙන්න මේකට මාව තේරුණාම අපෙ අම්මලා ටිකක් හොයල බලල තිබ්බා මොකක්ද මේ  " වෘත්තීය චිකිත්සාව " කියන්නෙ කියලා

අම්මාගෙ පාසලේ ගුරුතුමියකගෙ සහෝදරියක් උන්නා මේට්‍රන් කෙනෙක්...එයා අම්මට කියලා තිබුණෙ..ආ ඕක අර අංගොඩ වගේ හොස්පිටල් වල මානසික ලෙඩ්ඩුන්ට වැඩ උගන්වන එක නෙ ...කියලා...වැඩ කියන එකෙන් එයා අදහස් කලේ මැහුම් ගෙතුම්..මල් හදන ...වගේ ඒවා...


අපෙ අම්මායි තාත්තයි මට තීරන වලදි බල කලේ නෑ...නමුත් අම්මා කිව්වෙ...හරියකට කෙලින් මැස්මක් මහගන්න වත් කඩදාසි මලක් හදාගන්නවත් ඔයාට බෑනෙ...ඕක හරියාවිද මන්දා කියලා

කොහොම හරි ගිහින්ම බලමු කියලා....රුහුණ්ට ජීව විද්‍යා උපාධියට තේරුණ එකත් පැත්තකට දාල මං කොළඹ ආවා..ජාතික රෝහලට මෙන්න මේ දේ ඉගන ගන්න....ආවම තමා මේක ඔය කියන මල් හැදිල්ලට එහා යන කෝස් එකක් කියලා මටම තේරුණෙ....

කොලඹ ඇවිල්ලා දෙවසරක කාලයක් බෝඩිම් වල කටු කාගෙන නිවාඩු නැතුව ඉගන ගන්නට උනා...ඒක මං හිතන්නෙ ලෝකෙ කොහෙවත්ම නැති තරම් ටෆ් කෝස් එකක්....ඒකෙ ඇතුලෙ තිබ්බ අත්දැකීම් කියන්න ගියොත් මේ පෝස්ටුවෙ මුඛ්‍ය අරමුණ යට යන නිසා....මම ඒ ඉසව් වලට නොයා එන්නම්...

කොහොමින් කොහොම හරි මම ඉගන ගත්තු දේ රැකියාවකට වඩා ලං වෙන්නෙ සේවයකට කියලා දැන් මම අවුරුදු විස්සක සේවා කාලය තුලින් අවබෝධ කරන් ඉන්නවා....








වෘත්තීය චිකිත්සාව කියන්නෙ ඉංග්‍රිසියෙන්  occupational therapy වලට...මේ occupation  කියන වචනෙන් එන අදහස රැකියාවක් හෝ වෘත්තියක් කියන එක නම් නෙවෙයි....නියැලීම යෙදීම කියන එකයි....අපි ජීවිතයේ යම් යම් ක්‍රියාකාරකම් වල උපතේ සිට මියෙන තුරුම නියැලෙනවා

මේ නිරත වීම..සමහර විට අධ්‍යාපන කටයුතු..ව්‍යාපාරික කටයුතු ,...රැකියාවේ කටයුතු ඒ වගෙම විනෝදාංශ වගේ දේවල් ..ආ...තව ආගමික කටයුතු...ඔන්න ඔය වගේ කොයි තරම් නම් දේවල් වල අපි නියැලෙනවද

අපිට අසනීපයක් සරලවම කිව්වොත් උණක් හෙම්බිරිස්සාවක් හැදුණත්...අපිට වෙන්නෙ අපේ සාමාන්‍ය ජීවන රටාව අඩාල වෙන එක...එතකොට වෙනදා වගේම කන්න බොන්න බෑ...ඇඳෙන් නැගිටගන්න බෑ...තමන්ගෙ වැඩ වලට කවුරු හරි උදව් වෙන්න ඕන ..රස්සාවට පාසලට යන්න බෑ...ඔහොම එකින් එක සම්බන්ධ වෙන ගැටලු මහ ගොඩයි...එතකොට මේ අඩාල වෙන්නෙ අපේ ජීවන රටාව

මම සරලම උදාහරණය්කින් මේ නියැලීම ගැන කිව්වට මගේ වෘත්තියෙන් උපකාර ලබා ගන්න එන්නෙ ඊට වඩා බරපතල ආබාධ සහිත වන අය

හොඳයි අපි එහෙනම් මේ වෘත්තීය චිකිත්සාව කියන්නේ මොකක්ද කියලා ටිකක් බලමුද...



වෘත්තීය චිකිත්සාවෙන් කෙරෙන්නේ දීර්ඝකාලීනව හෝ කෙටි කාලීනව ශාරීරික හෝ මානසිකව එහෙමත් නැත්නම් අවබෝධාත්මක පැත්තෙන් ආබාධ සහිත වන අයට නැවත ක්‍රියාකාරී පලදායී දිවියක් ලබා දීම

මේ කාර්‍යය පහසු නැහැ...මෙහෙම කරද්දි අපිට සිද්ධ වෙනවා...ඒ රෝගියාගෙ නොහැකියාවන් මෙන්ම හැකියාවන්ද සලකා බලන්නට....මොකද සමහරක් රෝගීන් ගත්තාම ඔවුන් ගෙ ක්‍රියාකාරිත්වය මුලින්ම ඇත්තේ හුස්ම වැටෙන එක එහෙමාත් නැත්නම් ඇස් කරකවා වටපිට බැලීම පමණක් වෙන්නට පුලුවන්...


ඒකත් මනුස්සයෙක්ට කොච්චර වටිනවද කියලා අපිට තේරෙන්නෙ නැහැ...නේද...නමුත් ජීවිතයෙ එල්ලී සිටීමට අවශ්‍ය වන එකම අපේක්ෂාව එය වන්නටත් පුලුවන්..

මේ සියලු හැකි නොහැකි කම් විවිධාකාර පරීක්ෂණ හරහා...රෝගියාගේ ඇගයීම් පරීක්ෂාවක් කරල..අපි ඔහුට ප්ලෑන් එකක් හදාගන්නව...ඉදිරි වැඩ කටයුතු වලට...




වෘත්තීය චිකිත්සාවේ එන ප්‍රධානම ප්‍රතිකාර ක්‍රමය තමයි ....ක්‍රියාකාරකම්...නිකම්ම නිකම් ක්‍රියාකාරකම් නොවෙයි...ප්‍රතිකාරාත්මක ක්‍රියාකාරකම්......
කිසිම යන්ත්‍රයකට උපකරණයකට කල නොහැකි බොහෝ දේ අපිට මේ හරහා ජීවිතයකට ලබා දෙන්න පුලුවන්...



ඉතින් අදට සමු දෙන්න මට...ඉක්මනින් ඉතිරි කොටස ලියාගෙන එන්නම්...


ස්තුතියි...

Thursday, March 16, 2017

35. සෞඛ්‍ය සටහන් මග හැරුණා නම්.....

විසිරිගෙ රැකියාව අයිති සෞඛ්‍ය ක්ෂේත්‍රයට....ටිකක් ආගන්තුක වෘත්තියක් ඒක....ඒත් විසිරි කැමතියි...ඒ හරහා කවුරුන් හෝ දැනුවත් කරන්නට..

ඒ නිසා කාලයක්ම සඟරා පුවත්පත් සහ වෙබ් අඩවි වලට විසිරි ලිපි ලිව්වා..ඒ ලිව්ව ලිපි වලින් දැනුවත් වුණ අය ගොඩක් ඉන්නවා...ඒ ලියපු සමහර සටහන් පෙලක් විසිරි...මෙන්න මේ බ්ලොගේට එක් කලා බ්ලොගේ පටන් ගනිද්දිම...

අපි ලෙඩ රෝග ගැන දැනුවත් වුණත්..ආබාධ ගැන දන්න ප්‍රමාණය ටිකක් මදි...ඒ නිසාම විසිරි ඒ ගැන ලිව්වා....තවත් තියනවා ලියන්නට....
ඉතින් මේ පොඩි ආපසු හැරී බැලීම...මගේ බ්ලොගේට යන එන අයට....පහත ලින්කු දිගේ ගිහින් ඕන් නම් කියවන්න ඉඩක් ඇති වෙලාවක...කම්මැලි හිතෙන එකක් නැහැ....

අනිත් දේ තමයි අපිට මේ හරහා කවුරුන් හෝ එක් අයෙක් හරි දැනුවත් කල හැකි නම්..ඒක ගොඩක් වටිනවා...
මොකද......
නීරෝගී කම හැර සැපතක් ලොව වෙන නැති හෙයිනුත්....
වලක්වා ගැනීම ....පසුව බෙහෙත් සෙවීමට වඩා අගනා හෙයිනුත්...

විසිරි හුඟක්ම වැඩ කලේ ආබාධ සහිත දරුවන් එක්ක...ඒ නිසා ඒවා ගැන ලිව්වා ගොඩක්....
මෙන්න මේ ලිපියෙන් කියවෙන්නෙ.... .ආබාධ සහිත දරුවෙක් හඳුනා ගන්නේ කොහොමද  කියලා



ස්පර්ශ සංවේදනය එහෙමත් නැත්නම් දැනීම ගැන ගැටලු ඇති දරුවන් හඳුනා ගන්න විදිය මෙන්න මෙතැනින්.....ස්පර්ශ සංවේදනය සහ ඔබේ දරුවා



හැම දරුවෙක්ම එක හා සමාන ව සුන්දරයි..ඒ ගැන හිතන කොට විශේෂ අවශ්‍යතා ඇති දරුවන් එහෙම නොවෙයි කියන්නෙ කොහොමද....මේ ඒ ගැන ලිපියක්..මෙතනින් බලන්න



ළමයි අකුරු ලියන්න හරිම කම්මැලියි..ඒත් සමහර දරුවන් එහෙම නොලියන්න විශේෂ හේතු තියනවා...මේ අකුරු ලියන්න කම්මැලි වෙච්ච දරුවෙක්ගේ කතාව


මග හැරුණ පෝස්ට් ටිකක් මතක් කරල දීලා යන්න කඩිනමින් ආවේ....කැමතියි ඔබ කියවලා...කාට හෝ මේ දැනුම අවබෝදය බෙදා දෙනවා නම්...

ස්තුතියි ඔබට


Friday, February 3, 2017

33. උගත් පාඩම්






ජීවිතේ කියන්නෙ මහ අරුම පුදුම දෙයක්....විසිරි එහෙම හිතන්න ගත්තෙ අද ඊයෙ නෙවේ..ඒත්..දැන් ඔන්න ආයෙම හිතන්න වෙලා...දැන් නම් අවධානය ජීවිතේ ට දෙන්න ඕන කාලයක්...

අවුරුදු විස්සකට නොඅඩු කාලයක් ලෙඩ්ඩු එක්කම වැඩ කල විසිරි ....තමන්ගෙ සෞඛ්‍යය ගැන බරපතලෙට හිතන්න මේ ගත්තමද කොහෙද.......

විසිරි අවුරුදු විස්සක් ම ප්‍රතිකාර කලේ නිකම්ම නිකම් ලෙඩ්ඩුන්ට නෙවේ...කෙටි හා දීර්ඝ කාලීන ශාරීරික ආබාධ සහිත ලෙඩ්ඩුන්ට....අංශබාග රෝගය...ආතර්‍යිටිස්..මොලයට හානි වූ අය...සුෂුම්නා ආබාධ...උපතින්ම ආබාධ සහිත දරුවන්....එකී නොකී මෙකී හැම ජාතියම.....

අපේ මිනිස්සු ලෙඩක් වෙනකල් තමන්ගෙ සෞඛ්‍යය ගැන හිතන්නෙ නෑ..මේ විසිරි කියන මමත් කයිවාරු ගැහුවට එමමයි...ලෙඩ්ඩුන්ට එක වේලක් මගහරින්නෙ නැතුව බේත් බොන හැටි නාට්‍යානුසාරයෙනුත් කියා දෙන විසිරි....පැනඩෝල් පෙත්තක් බොන්නත් අමු හොරයි....

අපි හැමදාම එකම වයසේ එකම නීරෝගී බවින් ඉන්නෙ නැහැනෙ....විශේශයෙන්ම මේ  non communicable disease...අපිට අතවනන වයසක් එනවා...දියවැඩියාව..කොලෙස්ටරෝල් ...අධි රුධිර පීඩනය...වගේ එව්වා...මේ තත්ව ප්‍රවේණිගත ව එනව වගේම අපේ ජීවන රටාවේ යම් යම් අඩු පාඩු නිසාත් එන්න පුලුවන් නෙ...

අවුරුදු දහ අටක් විතර ලෙඩ්ඩු එක්කම හොඳට දුවල පැනල වැඩ කල විසිරි..පුහුණු පාසලට පත්වීම ලබල ආවම ඔන්න ජීවන රටාව එහෙම පිටින්ම වෙනස් උනා....කම්පියුටර් එක ඉස්සරහයි ...දේශන ශාලාවෙයි....කාලය ගෙවන්න උනා....

ඉස්සර ලෙඩ්ඩු එක්ක වැඩ කරන කොට තේ එකක් බොන්නවත් ඉඳගත්තද මතක නෑ...දවල් කෑම වෙලාව තමයි එහෙම විවේකයකට ආවෙ...ඒත් දැන් ඒ තත්වෙ වෙනස්..මොලේ අධිකව වෙහෙසෙනවා...ඇඟ හොරවෙලා...
හුලං ගහපු බැලුමක් වගේ විසිරි මෙන්න මහත් වෙන්න ගත්තා...කන ප්‍රමාණය සෑහෙන්න අඩු බව ඇත්තෙ..

ඒත් මේ මහත් වෙන එක...nolimit.....ඉස්සර ගිනිකසයා වගේ බස් කෝච්චි වලට දිව්වට දැන් බොහෝම අමාරුයි ඒක....කකුල් හිරි වැටිල්ලක් එනකොට තමා ඔන්න විසිරිට තරු පෙනුනෙ.....

හිත හිත ඉන්නත් වෙලාවක් නෑනෙ....ඔන්න ඉතින් ගියාලු පෝෂණ වේදී තුමෙක් හම්බ වෙන්න....එතනට ගියාම උසයි බරයි මැන්නලු...බර කිලෝ 72 පැනලා..උසත් එක්ක බැලුවම BMI එක උපරිම සීමාවට එහා....මදැයි වෙච්ච දේ.....



පෝෂණ වේදී තුමා බාර දුන්නා කාර්‍යයක්...සතියක්ම කන බොන දේවල්..වතුර ටික පවා.ප්‍රමාණ හා වෙලාව එක්ක....සටහන් කරන් ඇවිල්ලා හමු වෙන්න කියලා...
ඉතින් ඔන්න ආපහු සේවා ස්තානයට ඇවිල්ලා ඊයෙ කාපු බීපුවයින් පටන් ගත්තා...ටිකක් ලියාගෙන යද්දි...විසිරිටම ලැජ්ජයි වගේ......කන්නෙ නෑ කියල හිතන් උන්නට සෑහෙන්න කාලා.....අනවශ්‍ය දේවල් කාලා හරියට...ප්‍රමාණ ගැනත් හිතුවම එහෙමයි...

මේක ලිය ලියා ඉද්දි ආයතන ප්‍රධානිතුමා එතනට ආවා....සිද්දිය අහලා එතුමා කිව්වෙ මෙහෙම කතාවක්....
කෙනෙක් records තියන එක වටිනවා කියලා දැනෙන්නෙ  ඔන්න ඔහොම දේවල් වලදි...අපි අපි ගැනම ස්වය්ං විෂ්ලේෂණයක යෙදෙනවා...අපි expert කෙනෙක්ගෙන් උපදෙස් ගන්න යනකොට අපිම අපේ ගැන පාලනයකට එන්න පටන් අරන්......

ඇත්තෙන්ම දින දෙකක් ලියද්දිම හිතුනා....තමන් ස්වයං විෂ්ලේෂණයක යෙදෙන්න ගන්නවා....තමන් කෑ අනවශ්‍ය දේ අඩු කරන්න පටන් ගන්නවා...එක්කො වලක්වාගන්නවා...අත හැර දමනවා.....කාල පරාසය හදාගන්නවා....

අනවශ්‍ය දේ ජීවිතෙන් අත හරින්න කොච්චර අමාරුද කියනෙක තේරෙන්නෙ...අත හරින්න පටන් ගන්න මුල්ම දවසෙ....කන බත් ප්‍රමාණය වැඩියි කියලා අත හරිද්දි...මොළයයි හිතයි ඔන්න මහ ගට්ඨනයක....එන්න එන්නම ඇඟේ අපහසුතා එන්න අරන්...ඈනුම් යනවා...ඇඟට පණ නෑ..එක එක ලකුණු....හිත කතා කරන්නෙම පරණ පුරුද්දට ආපහු අනුගත වෙන්න.....බලෙන් හිත හයිය කරන් දින දෙකක් ඉන්න බලන්න....ඉබේම මේ තත්වය සමනය වෙනවා....

මේ අර කලින් කිව්ව රෙකෝඩ් තබන එක නම් අපි ජීවිතේ ට හුරු කරගත යුතු දෙයක් කියලා මට හිතෙනවා.ඉස්සර අය දිනපොත් ලිව්වා...අපේ මුත්තාගෙ අල්මාරි ලාච්චුවේ තිබුන 1930-40 , කාලවල ඉඳන් තිබුන දිනපොත් වල අය වැය සටහන්...ඒ වගේම වැදගත් තොරතුරු සටහන් වෙලා තිබුනා....දිනපොතක් පවත්වා ගත යුත්තේ එදිනෙදා කල කී දේ ලියන්නට වඩා සැලසුම් සහගත ජීවිතේකට පෙර / පසු  සටහනක්  ලෙසටයි.....

කෑම චාට් එක පටන් ගත්තු විසිරි ත්...ඉබේම අනවශ්‍ය කෑම වලින් මිදෙන්න අඩියක් ඉස්සරහට තිව්වා...සමහර විට හැම පියවරම එක වගේම සාර්ථක නොවෙන්න පුලුවන් ......



මේ එක්කම එදිනෙදා ව්‍යායාම කිරීම ගොඩක් වැදගත් වෙනවා..

ලෙඩ්ඩුන්ට ඕවා කියලා දුන්නාට තමන් නොකල එකේ විපාක විඳින්න පෙර ඔන්න ඒකත් සීරුමාරුවෙන් පටන් ගත්තා මම..ව්‍යායාම වල වැදගත්කම අපි වෙනම පෝස්ට් එකකින් කතා කරමු..විසිරි ගෙ ප්‍රගතිය..අපි ඒ ගැන විශ්ලේෂණයක් කරමු.....තව මාස දෙකකින්...

Thursday, December 22, 2016

19. අංශභාගය සමග ජීවිතය ඉදිරියට






අංශභාගය සැදුන කෙනෙකුට මුලිකවම කල යුතු දේ..

මතක තබා ගැනීමේ පහසුව තකා අපි මේ ප්රතිකාර කොටස් වලට වෙන් කරලා කතා කරමු..

1. රෝගය සැදුන මුල්ම අවධියේදී....

මේ අංශභාගය සැදිලා  ගතවන මුල්ම කාලය..මේ අවධිය මුලිකවම ගත වෙනේ රෝහලේ වෙන්න පුළුවන්.. වගේම ගෙදර තියාගෙන ඉන්න අයත් ඇති...

මේ අවධියේදී  බොහෝවිට අත් සහ පාද වල ක්රියාකාරීත්වය ඇත්තෙම නැහැ...ප්රධාන වශයෙන්ම සිදු වන්නේ ...අප්රාණික පැත්ත නොසලකා හැරීමයි...මෙහෙම වන්නේ.. අංශයෙන් මොලයට යන සංවේදන නිසි ආකාරව නොලැබෙන නිසා.. වගේම මොලයෙන් අවයව පාලනය සඳහා දෙන පණිවුඩත් හරියාකාරව ලැබෙන්නේ නැහැ...

මම මුලින් පොස්ටුවේ කී පරිදි ..නිවැසියන් සියලුම දෙනා වගේම වෛද් කාර්ය මණ්ඩලය පවා දැනුවත් විය යුතු දෙයක් තමයි..මෙවන් රෝගීන්ට අදාළ පැත්තෙන් සංවේදන ලැබෙන පරිදි...කටයුතු කිරීම..

මෙය කල හැකි විවිධ විධි තියනවා...

1. කාමරය මේ අවශ්යතාවයට අනුව සැකසීම..

රුපවාහිනිය , ජනේලය , ලොකරය...ආදිය රෝගියාගේ සංවේදන අඩු පැත්තෙන් තැබීම...

2. හැම විටම රෝගියා වෙත ලඟා වන විට හා..කතා කරන විට..රෝගියා ගේ අප්රාණික පසින් ලං වී කතා කිරීම..

මේවා තරම් අමාරු ඒවා වත් ..තේරුම් ගත නොහැකි ඒවා වත් නෙවෙයි..නමුත්..නිවැසියන්.මේ සම්බන්ධ දැනුවත් කරවීම ..වෛද් කාර්ය මණ්ඩලයෙන් වෙනවා කියා නම් සැකයි..

මේ ප්රතිකාර වලට අමතරව..චිකිත්සක ප්රතිකාර කල යුතු වෙනවා...

රෝගියා ගේ අප්රාණික අංශය..සමහර විට කිසිදු චලනයක් නොමැතිව...බුරුල් එල්ලා හැලෙන ස්වරුපයෙන් තිබීමට ඇති ඉඩ කඩ වැඩියි..මේ අවස්ථාවේ සිටම ප්රතිකාර නොකළ හොත් වෙන්නේ..සන්ධි තද වීම්..සමහර සන්ධි..( උරහිස් සන්ධිය)..පැනීමට පවා පුළුවන්..

නිසා..භෞත චිකිත්සාව සහ වෘත්තීය චිකිත්සාව මෙහිදී ඉතා වැදගත් වෙනවා..
සරලම බසින් කිව්වොත් ව්යායාම කල යුතු වෙනවා...


මුලදී...අන් කෙනෙකුගේ සහයෙන් කරනු ලබන මේ ක්රියාකාරකම් සහ ව්යායාම..පසුව රෝගියා විසින් තනිවම කල යුතු වෙනවා..

මෙහිදී..රෝගියෙකුට වඩා වැදගත් වෙන්නේ..තමන්ගේ අනිත් පස අංශයයි.. අංශය ක්රියාකාරී නිසා...එයින් ලැබෙන සහය ඉතා වැදගත්...

ලෝකයේ පිළිගත් mirror therapy කියන සංකල්පය මේ මුලික අවස්ථාවේදී වැදගත් වෙනවා



තෙල් ගෑම සහ තැවීම ගැන ..මට කතා කරන්නට බැහැ...

මොකද මගේ ප්රතිකාර ක්රමය නොවන නිසා...

නොදන්නා දෙයක් ගැන කීමට හෝ විවේචනය කිරීමට හෝ ..මට බැහැ..

නමුත්..මේ දෙකෙහි යම් යම්..පරස්පර විරෝධී අදහස් ඇති නිසා...මම දෙන උපදෙස නම්..කරන ඕනෑම ප්රතිකාර ක්රමයක් අනික සමග පටලවා නොගන්නා ලෙසයි..

කියන්නේ..සිංහල වෙදකම් කරන විට..මේ මා කියන ප්රතිකාරද සමග කිරීම තරම් වැඩකට ඇතැයි කියා මා නම් සිතන්නේ නැහැ..

පසු කාලීනව..මා ඉහත සඳහන් කරන ලද රෝගීන්..ගේ සන්ධි සහ මාංශ පේශි ආශ්රිතව..යම් යම්..තද වීම් ඇති වෙන්න පුළුවන්..

මෙය ප්රතිකාර පටන් ගත්ත කාලය අනුව..ඇති වීමට හෝ නොමැති වීමට පුළුවන්..

කියන්නේ..කාලයක් ව්යායාම් නොකර ඉඳලා එන කෙනෙක් ගත්තම ඔවුන් ගේ අත් සහ පා වල තද ගතියක් දකින්න පුළුවන්...

වෘත්තීය චිකිත්සාව යටතේ මෙය වලක් වන්න අපි පතුරු ආධාරක..(splints) හදනවා..

මේ මගින් අත් වල නිවැරදි ඉරියව් පවත් වාගත හැකි වනවා මෙන්ම ...තව දුරටත් තද වීම වලක්වනු ලබනවා....

 
කථනය පිලිබන්ධ ගැටළු විවිධාකාරයි..සමහර අයට..කියන දෙය මොළයෙන් තේරුම් නොගන්න අතර...තවත් සමහර අයගේ..කථනය කියන දේ ගැටළු සහිත වෙනවා...

සමහර අය කතා කලත්..පැටලිලි සහිතයි..

මෙයට විශේෂ ප්රතිකාර කථන හා භාෂා චිකිත්සාවෙන් ලබා ගත හැකියි..


සමහර අයගේ මතකය..(memory)....දැනුම හා අවබෝධය ..(cognition)... ලෝකය හා සංවේදන ග්රහණය කිරීමේ හැකියාව..(perception) ආදියත් දුර්වල වෙනවා...

මෙය ප්රධාන ලෙසම වෙන්නේ...ශරීරයේ දකුණු පස පණ නැති වෙන අයගේ...

මොළය බෙදී ඇති අන්දම වෙනස්...

මේ බලන්නකෝ..



මොලයේ දකුණ සහ වම විවිධ ක්රියා පාලනය කරන්නේ මෙන්න මේ අනුවයි...ඉතින් ගැටළු තියන තත්වය අනුව තමයි ප්රතිකාර තීරණ වෙනස් වන්නේ...

අත් පා වලට ප්රතිකාර කිරීම පමණක් මදි වෙන්නේ ඇයි කියලා දැන් වැටහෙනවා නේද..?

මතකය සහ අවබෝධය වගේ දේවල් වල ගැටළු ඇති වුනාම...වෘත්තීය චිකිත්සක නිලධාරීන් ඒවාට ප්රතිකාර කරනවා..

මේ සඳහා..ලෝකයේම පිළිගත් විවිධ ප්රතිකාර කට්ටල මේ රටේ වෘත්තීය චිකිත්සක නිලධාරීන් භාවිතා කරනවා..LOTCA කියන්නේ එයින් එකක්...මේ මගින් අවබෝධය සමග ඇති වන ගැටළු සොයාගෙන ප්රතිකාර කරනු ලබනවා..

 
මෙයින් කෙරෙන සමහර ප්රතිකාරාත්මක ක්රියාකාරකම් පහත රුප වලින් පෙන්වන්නේ..

.



කුමන හෝ වේවා...ආබාධයකට ලක් වන කෙනෙකු
ගේ අන්තිම අපේක්ෂාව..ඇවිදීම සහ තමන්ගේ වැඩ කටයුතු වල ස්වාධීන වීම...එහෙම නේද..?

කාටවත් බරක් නොවී තමන්ගේ වැඩ ටික කරගන්න පුළුවන් නම් ඒත් ඇති කියන මතයේ තමයි..අපි හැමෝම ඉන්නේ..

ඉතින් අංශභාග තත්වය පත් වෙන අයවත් මේ වගේ ස්වාධීනව තමන්ගේ වැඩ කරගන්න පුහුණුවක් අපි ලබාදෙනවා...

අතේ ක්රියාකාරීත්වය හොඳට ආවොත්..ඒක ලේසියි..නමුත් බොහෝ දෙනෙකුගේ මේ තත්වය ටිකක් ප්රමාදයි..එවිට අපිට සිදු වෙනවා...එක අතකින් වැඩ කරගන්න පුහුණු කරවන්නට.. කියන්නේ අසනීපය වැළදුණු අත භාවිත කරන්නට බැරි නම් අනිත් අතින් වැඩ කරගන්න...
මේක තරම් ලේසි නැහැ





නමුත් අවශ්යතාවය තියේ නම් බැරිත් නැහැ...

සමහරක් විට අපිට සාමාන් තත්ත්ව යටතේ රෝගීන්ට මෙහෙම පුහුණු කරවීම් බැරි වෙන්නට පුළුවන්..එවිට විශේෂ ලෙස විකරණය කරන ලද උපකරණ භාවිත කරන්නට සිදු වෙනවා..

මේවාට කියන්නේ adaptation කියලා...





අංශභාගය  සැදුන ඕනෑම කෙනෙකුව ඇවිද්දවන්නට බැරි වෙන්නට පුළුවන්..එවිට විශේෂ ආධාරක මත හෝ ඔවුන් චලනය සඳහා උදව් වෙන්නට භෞත චිකිත්සක නිලධාරීන් පුහුණු කරනවා..
මෙයට අමතරව...සමහර අවස්ථාවල...රෝද පුටුව භාවිතා කරන්නටත් වෙනවා...වයස..රෝගයේ බරපතල කම අනුව..
ඒත්...දැන් ගැටළුවක් තියනවා නේද..?
රෝද පුටුව කොහොමද පදවා ගෙන යන්නේ එක අතක් වැඩ නොකර...
මේ සඳහා...විශේෂ රෝදපුටු වර්ගයක් තියනවා..අංශභාග රෝගීන්ටම තියන..



හොඳින් බැලුවොත්...මෙහි පේනවා නේද..රෝදයේ රවුම් කීපයක් ( pushing wheels) තියන බව..එක අතකින් රෝද දෙකම හසුරවන්නට මේ මගින් පුළුවන්...
මේ වගේම ..රෝගියාට ලියන්නට ..හා..අනෙකුත් වැඩ වලටත් පුහුණු කල යුතු වෙනවා..



 
උයන්නට...ගෘහණියක් නම්...



 
ඉතින් අංශභාගය කියන්නේ..සරල එක රෝගයක් නොවෙයි..මෙහි පැති ගොඩක් තියනවා.. සඳහා විවිධ වූ ප්රතිකාර තියනවා..මේ සඳහා..විශේෂ පුහුණු වූ කෙනෙකුගෙන් ප්රතිකාර ගැනීම කල යුතු වෙනවා..
ව්යායාම විතරක් මදි කියන්නේ ඒකයි...
ඉතින්...සාමාන් මනුස්සයෙකු ලෙස කාලයක් ජීවත් වෙලා...ඉන්පසු ආබාධ සහිත තත්වයට පත් වෙන කෙනෙක් තමන්ගේ කලින් ජීවිතයේ කල කී දෑ වලට නැවත යොමු කල යුතුයි...



එය යහපත් සෞඛ්යයක මුල්ම අදහසයි...

ඉතින්...අවශ් දෙයක් ඇත්නම් අහන්න..සියලුම දේ පෝස්ටුවක ලියන්න අමාරුයි..නේ