Tuesday, September 27, 2022

2022(04) ඔබ නොදුටු මසිත




ඉතින් පවසමි
ඔබට නොව
හිස් අහසට
කෑල මල් පිරි ගොමුවට
බටිති කූජන අහුරට
මම ඔබට පෙම් කල වග....
.
ඉතින් සසැළෙමි හිත මත
කියාගත නුහුණු මේ පෙම ගැන
ලියා තබනෙමි ඉතින් රහසෙම..
ඒ සොඳුරු වූ ඔබ ගැන ..
.
ඔබ ....කිසිදු විට නොකියවන
මේ මගේ සිතමය....

විසිරි ❤

Sunday, September 25, 2022

2022(3) අනේ නුඹ කවියක් වුනා නම්



දෙතොලතර හෙමි හෙමින්
පැටලී සිටින්නට
නෙතු අතර ඉසියුම්ම කඳුලක රැඳෙන්නට
හස බිඳක ජීවිතේ මේ යයි කියන්නට
අනේ නුඹ කවියක්
වුනා නම් සිතෙයි මට.......

පදරුතක නෙතු දවටමින් සිත දවන්නට
මියැසියක තත් සුසර කරමින් ගැයෙන්නට
සෙනෙහසේ මුදු ස්වර දැහැන් වී රැඳෙන්නට
අනේ නුඹ කවියක්
වුනා නම් සිතෙයි මට.....

විසිරි ❤️