Showing posts with label විසිරිගෙ සේයා රූ..... Show all posts
Showing posts with label විසිරිගෙ සේයා රූ..... Show all posts

Wednesday, April 12, 2017

49. අවුරුද්ද....

මේ ටිකේ ලියන්නත් බැරි උනා...කිය්වන්නත් බැරි උනා බ්ලොග් පෝස්ට්...මොකද කාර්ය බහුලම උන නිසා...එකක් රැකියාවේ මහ වැඩ අධික කාලයක්...පුහුණු සිසුන්ගේ අවසාන විභාගය අත ලඟටම එන නිසා...ඒ පැත්තට ටිකක් අවධානය යොමුකලා...

අනික මගෙ කොල්ලො දෙන්න ට ඉස්කෝලෙ නිවාඩු නිසා....දවල් වෙලාවට රවුටරේ ඩේටා ටික ඉවර වීමේ අවදානම ආවා....නයිට් ටයිම් ඩේටා භාවිතය අපහසු උන නිසා.....ටිකක් මෙහෙට ආවෙ නෑ....

ඒත් ඉතින් රටම සැරසෙන මේ කල එළි මංගල්ලෙට වැඩ අල්ලන්නත් එක්ක...ඔන්න මෙහෙට ඇවිල්ල පෝස්ට් දෙක තුනක් අමාරුවෙන් ලෝ ඩේටා මට්ටමේම කියවලා...මේ සුබ පැතුම එක් කර යන්න මම ආවෙ...

මගෙ මේ දිනවල ලොකුම වැඩේ මගෙ පුංචි වගා බිමේ වැඩ තමා...ඉතින් ....ඒ මොකක්ද කියල පෙන්වන්න මම ෆොටෝ ටිකකුත් එක් කරන්නම්....


ගමක උපන් මට මේ ගෙවතු වගාව කියන එක ඇඟේම තියන එකක්...නමුත් කිසිම බෙහෙතක් රසායන ද්‍රව්‍යයක් නැතුව...පලදාවට වඩා වියදම වැඩියි කියන අපේ මහත්තයා...ඉරිද ට අහන්නෙ අද බත් එකට මොනවද ඔයාගේ වත්තෙන් එක්කාසු කලේ කියලා....

ගහක් කොලක අස්සේ ජීවිතේ මඳ වෙලාවක් ගෙවන්න...ඒක මේ දුවන අපේ ජීවිත වලට මහඟු දායාදයක්...මහ පරිමාණ ආදායම් ගැන නෙවේ...මේ කියන්නේ....දවල්ට උයන්නට පලා මිටක්..මාලු මිරිස් කරල් කීපයක්...වගේ දෙයක්...හිතට එක්කරන සතුට ...හරිම අපූරුයි




මාලු මිරිස්...ඉඳහිට කරලක් දෙකක් ඉදෙන්න අරිනවා....ඇට ගන්නට



                                           කාබරංකා

අත දිග හරියෙ කොස්


අඹ...මේවා අර සීනි අඹ... රට අඹ කියන ජාතිය...මම ආසම වර්ගය..වැඩිය කන්නෙ ලේන්නු තමා






එලවලු වර්ග දෙක තුනකුත් තියනවා




ඉතින් අපි අලුත් අවුරුද්දෙ සුබ හැඟුම් ඇතුව හමුවෙමු....


සුබම සුබ නව වසරක් වේවා...මම එලවලු කොටුවට යනවා..එහෙනම්


Sunday, February 19, 2017

36. ඇස රැඳුණ තැන්


විසිරිගේ මගතොට දී දැක්ක රූ ගැන ඔන්න පෝස්ටුවක් දමන්නම් කිව්වනෙ.....ඒක ට ටිකක් කලක් ගියා..

සාමාන්‍යයෙන් ගමනක් යද්දි මග තොට දි දකින සමහරක් දේවල්....ජංගමයේ කැමරාවට තමයි ඉතින් හසු වෙන්නෙ...මොකද හොඳ කැමරාව මිනිස්සුන්ට මානන කොට ඒ ස්වභාවික පෙනුම එන්නෙ නෑ

අනික ...මේ ගන්නා හැම දේම කෙනෙක්ට හානිකර නොවිය යුතුයි කියන මතයේ මාත් ඉන්නවා....අපි කෙනෙක්ගේ තරාතිරම කුමක් වුවත් ඔවුන්ගේ පෞද්ගලිකත්වයට ගරු කරන්නට ඕන...

අපි ජීවත් වෙන ලෝකයේ කොච්චර සුන්දර දේ තියනවද..ගස් වැල් ..මල් ..කොල...සත්තු.....ඒ හැමදේම වගේම මේ මිනිස් ඉරියවු සහ මුහුණු...හරිම අපූරු ප්‍රකාශනයන්ගෙන් යුක්තයි...වචන වලින් කියවන්නට බැරි දාහක් දේ එක ඉරියව්වකින් ප්‍රකාශ කල හැකියි...


ඉතින් මම ඔබට ඇරයුම් කර සිටිනවා.....මේ රූප චාරිකාවේ මාත් එක්ක යන්න එන්න කියලා......

ළමා විය කියන්නේ මොන තරම් සුන්දර අවධියක් ද...ඒත් ඔබ මේ දකින් රූ දෙක සසඳන්න...වින්දනය වෙනස්.....සීමාවල් වෙනස්...මම පහදන්න යන්නෙ නහැ.
..ඔබට හිතන්න ඉඩ දෙනවා




මේ හැම සේයාරුවක්ම මගෙ ඇහැ ගැටුණෙ..හදිස්සියෙම ...එතකොට අතේ තිබෙන්නෙ ජංගම දුරකතනය..එවිට ගන්නා  රූ නිසා සමහර විට තාක්ෂණ්ය අතින් ගැටලු ඇති...නමුත් ඔබ මෙය විඳීවි

වියපත් භාවය කෙතෙක් අසරණද යන්නත් හුදෙකලාද යන්නත් මට මීට වඩා නිර්වචනයක් කරන්න බැහැ





සමහරක් අහම්බයන් ඇස දකින්නෙ ඉතාම දුරකින්...ඒත් සුන්දරත්වයේ කොහෙද අඩුවක්...
මේ ගාලු කොටු බැම්ම උඩ ඉඳන් මුහුදු වෙරලේ උන්න තාත්තෙකුයි පොඩි පැට්ටෙකුයි...සූම් කරලා නිසා පැහැදිලි මදි

මගතොට ජීවිත බොහොමයක් දකින්නට ලැබෙන්නෙ කොලඹ දි...මේ එයින් සමහරක්



පිරියම් කරන්නේ ජීවිතයමද...මට හිතුනා මෙතනදි



අන්තරාය....මිනිස්සුන්ට පමණයිද...



සරල වූත් කෙටිම වූත් රූප චාරිකාවෙන් මිදෙන්නට පෙර...ඉතින් ඔබෙන් අදහස් ඉල්ලනවා..මේ ගැන...
ජීවිතය බොහොම සුන්දරයි.....ඒක විඳින්න

මිටින් මුදා හැර බැලුවෙමි 
සත්තයි නුඹ නොගියා 

මවෙතින් ඉගිලී...