.
අද දවසේ හුඟක් මුහුණු පොත් බිත්ති වල හමුවන්නේ එකම පුවතක්.. සිය දිවි නසා ගැනීමක්...තරුණ නලුවෙක්....සිත්වල කම්පනය විවිධාකාර ලෙසින් ලියවෙනවා....
ඔබ අඩුමගානේ දවසකට එක අයෙක්ට හෝ සවන්දෙනවද?
ඔව් අපි ඇහුම්කන් දෙන්නෝ.....නිවසෙදි..රැකියාවෙදි... සමාජයේදි...මගතොටදි....විවිධාකාර ලෙස අපිට ඇහුම් කන් දෙන්න වෙනව....ඉතින් එතනිනුත් චුට්ටක් ඔබ්බට හිතන්න ඕන අපි....
.
යමෙක් ඔබ වෙතට ඒ නම්....
" මට චුට්ටක් කතාකරන්න පුලුවන් ද ....?" කොයිම හෝ වෙලාවක අන්න ඒ වචන ඔබට අහන්න ලැබුණොත් ඒ මොහොත මග හරින්න එපා....සමහර විට ඔබ ඉතාම කාර්‍යබහුල වෙන්න පුලුවන් ....ඒත් ඔබෙන් අර විදියට අසන්නාට වචනයක් දෙකක් කියන්න....ඒ වචන වලින් එකම මොහොතක් අංශක180ක්ම හරවල දාන්න පුලුවන් වෙනව....
.
සමහර අය වාචිකව කියන දේ සමහර අයගෙන් එන්නෙ අවාචිකව....
ඒක තේරුම් ගන්න අපිට ඕන කරන්නෙ පොඩිම අවධානයක් පමණයි....මගෙ සිසුන් මට කියන්නෙ...
" මැඩම් එක්ක හැරෙන්න වත් බෑ හොරෙන්...." කියන කතාව ඇතුලෙ මම මගේ සිසු දරුවන්ව නිරීක්ෂණය කරල තියන බව මටම සාක්කි දෙනව...ඒ බොහොම අවදානම් වයස් වල ඉන්න ලොකු විවිධත්වයක් ඇති සිසුන් සමූහයක්. කොරෝනා සමයේ ඔවුන් සියල්ල එක පොකුරක රැඳවීම තුළ ඔවුන් මානසිකත්වයෙන් නොවැටෙන්න ලොකු ක්‍රියාදාමයක අපි නියැලුණා.....
Whatsap ගෲප් එකේ ....
How are you all...hope all of you stay safe and happily ...කියලා දවසකට දෙකකට පාරක් උදේම යැව්වම...ඔය පනහම රිප්ලයි කරනව....බොහොම කැමැත්තෙන් ......
අනෙක ඔබ සහ මම අවශ්‍යම විට ඒ සඳහා ඇහුම්කන් දෙන්න සුදුසු අයෙක්ව හඳුනාගන්නත් ඕන...ඒක හරියට ඇහුම්කන්දෙන්න වගේම එහෙම කෙනෙක් තමාට හොයාගන්න යන කාසියෙ දෙපැත්ත .....
.
ඔබ කෙනෙක් ගැන විශේෂම අවධානයකින් ඉන්න බව දැනුනම ඔවුන් ඔබව විශ්වාස කරන්න ගන්නව..... සාමාන්‍යයෙන් කෙනෙක්ගෙ නමින් ඒ කෙනා හඳුනගන්න...අමතන්න...ඔබේ අකුරු වල වචන වල ඔබේ ස්වරයේ ආදරය කරුණාව දයාව ඉතුරු කරන්න.....
.
සිදුවීමක් සිදුවෙලා පැය විසි හතරක් යනවිට ඒක සාමාන්‍ය කරණය වෙනව...ඕනම සියදිවි නසා ගැනීමක් එහෙමයි....ඒ නිසා....ජීවිතේ ගෙවෙන හැම දවසම තව අයෙක්ට ඇහුම්කන් දෙන්න ඉඩක් තියාගන්න....ඒකෙන් හුඟාක් අනාගත ව්‍යසන ඇහිරිලා යාවි....ඉතින් ඒ නිසා මේ සිදුවීම සිදුවුණ උණුසුම් මොහොතේ පමණක් මේ කාරණය ගැන කතාකරල ඒක අමතක උනාම ආයෙම අතෑරල නොදා ඇහුම් කන් දීම පුරුද්දක් කරගන්න....
.
ඔබ දන්නවද.... ඔය ඕනම දේකට ලොකුම බෙහෙත තියෙන්නෙ අපේ ආදරය ඇතුලෙ....එතනින් පටන් ගන්න .....ඔබ ට එය කල හැකියි .....
.
මම
කිත්මා වාසනා දහනායක
විසිරි ❤️












