Showing posts with label හැඟීම්. Show all posts
Showing posts with label හැඟීම්. Show all posts

Sunday, November 7, 2021

2021 (29) අහන් ඉන්න අහගෙන ඉන්න




අපි හැමෝම ජීවිතේ හැල්මෙ දුවන අය....ඒත් සමහර වෙලාවට අපිට මග නැවතිලා බලන්න සිද්ද වෙන අවස්ථාවන් ජීවිතේ එමට එනවා ....
.
අද දවසේ හුඟක් මුහුණු පොත් බිත්ති වල හමුවන්නේ එකම පුවතක්.. සිය දිවි නසා ගැනීමක්...තරුණ නලුවෙක්....සිත්වල කම්පනය විවිධාකාර ලෙසින් ලියවෙනවා....

ඔබ අඩුමගානේ දවසකට එක අයෙක්ට හෝ සවන්දෙනවද?


ඔව් අපි ඇහුම්කන් දෙන්නෝ.....නිවසෙදි..රැකියාවෙදි... සමාජයේදි...මගතොටදි....විවිධාකාර ලෙස අපිට ඇහුම් කන් දෙන්න වෙනව....ඉතින් එතනිනුත් චුට්ටක් ඔබ්බට හිතන්න ඕන අපි....
.
යමෙක් ඔබ වෙතට ඒ නම්....
" මට චුට්ටක් කතාකරන්න පුලුවන් ද ....?" කොයිම හෝ වෙලාවක අන්න ඒ වචන ඔබට අහන්න ලැබුණොත් ඒ මොහොත මග හරින්න එපා....සමහර විට ඔබ ඉතාම කාර්‍යබහුල වෙන්න පුලුවන් ....ඒත් ඔබෙන් අර විදියට අසන්නාට වචනයක් දෙකක් කියන්න....ඒ වචන වලින් එකම මොහොතක් අංශක180ක්ම හරවල දාන්න පුලුවන් වෙනව....
.
සමහර අය වාචිකව කියන දේ සමහර අයගෙන් එන්නෙ අවාචිකව....
ඒක තේරුම් ගන්න අපිට ඕන කරන්නෙ පොඩිම අවධානයක් පමණයි....මගෙ සිසුන් මට කියන්නෙ...
" මැඩම් එක්ක හැරෙන්න වත් බෑ හොරෙන්...." කියන කතාව ඇතුලෙ මම මගේ සිසු දරුවන්ව නිරීක්ෂණය කරල තියන බව මටම සාක්කි දෙනව...ඒ බොහොම අවදානම් වයස් වල ඉන්න ලොකු විවිධත්වයක් ඇති සිසුන් සමූහයක්. කොරෝනා සමයේ ඔවුන් සියල්ල එක පොකුරක රැඳවීම තුළ ඔවුන් මානසිකත්වයෙන් නොවැටෙන්න ලොකු ක්‍රියාදාමයක අපි නියැලුණා.....
Whatsap ගෲප් එකේ ....
How are you all...hope all of you stay safe and happily ...කියලා දවසකට දෙකකට පාරක් උදේම යැව්වම...ඔය පනහම රිප්ලයි කරනව....බොහොම කැමැත්තෙන් ......

අනෙක ඔබ සහ මම අවශ්‍යම විට ඒ සඳහා ඇහුම්කන් දෙන්න සුදුසු අයෙක්ව හඳුනාගන්නත් ඕන...ඒක හරියට ඇහුම්කන්දෙන්න වගේම එහෙම කෙනෙක් තමාට හොයාගන්න යන කාසියෙ දෙපැත්ත .....
.
ඔබ කෙනෙක් ගැන විශේෂම අවධානයකින් ඉන්න බව දැනුනම ඔවුන් ඔබව විශ්වාස කරන්න ගන්නව..... සාමාන්‍යයෙන් කෙනෙක්ගෙ නමින් ඒ කෙනා හඳුනගන්න...අමතන්න...ඔබේ අකුරු වල වචන වල ඔබේ ස්වරයේ ආදරය කරුණාව දයාව ඉතුරු කරන්න.....
.
සිදුවීමක් සිදුවෙලා පැය විසි හතරක් යනවිට ඒක සාමාන්‍ය කරණය වෙනව...ඕනම සියදිවි නසා ගැනීමක් එහෙමයි....ඒ නිසා....ජීවිතේ ගෙවෙන හැම දවසම තව අයෙක්ට ඇහුම්කන් දෙන්න ඉඩක් තියාගන්න....ඒකෙන් හුඟාක් අනාගත ව්‍යසන ඇහිරිලා යාවි....ඉතින් ඒ නිසා මේ සිදුවීම සිදුවුණ උණුසුම් මොහොතේ පමණක් මේ කාරණය ගැන කතාකරල ඒක අමතක උනාම ආයෙම අතෑරල නොදා ඇහුම් කන් දීම පුරුද්දක් කරගන්න....
.
ඔබ දන්නවද.... ඔය ඕනම දේකට ලොකුම බෙහෙත තියෙන්නෙ අපේ ආදරය ඇතුලෙ....එතනින් පටන් ගන්න .....ඔබ ට එය කල හැකියි .....
.
මම 

කිත්මා වාසනා දහනායක 

විසිරි ❤️

Sunday, July 25, 2021

2021 (23) සිතුවිලි




උදේම රැකියාවට ඇවිල්ලා කතාබස් කරන අතරෙ...

මිනිස්සුන්ගේ ජීවිත වල ඇති පීඩනය ගැන අපි කතා කලා....

ඇත්තෙන්ම .....දුවන ජීවිත අස්සේ...අපි මෙහෙම සැනසීමෙන් ඉන්න එකත් කොච්චර දෙයක්ද....කියලා මට ඒ වෙලේ හිතුණා.....

වගකීම් බහුල රැකියාවක..ගෙදර දොර කුටුම්භයෙ මහා වගකීම් ගොන්නක හිර වුණත්...ඒ හැම එකක්ම මැදහත් සිතින් ඉවසා දරාගෙන....හිනාවකින් ජීවිතේ ගෙවන්න තියන එක අපූරූම දෙයක්......

කොහොම නමුත් කවි පද ටිකක් ලියන්න හැකි වුණා..ඒ ඔස්සේම හිත දුවන කොට......

අසෙනි වරුසා කඩා හැලෙනා
දවස් බෝ ඇත ජීවිතේ
එවන් දවසට සෙවන දෙන්නට
නුඹයි මට අවැසිම ප්‍රියේ...

විඩාපත් හිත දරා ඉවසන
වෙහෙස රැඳි මේ මාවතේ
නිවා සනසන උරහිසක් වන
නුඹයි මට මගෙ ජීවිතේ .....

වසත් කල හෙමිහිට ඉකුත් වන
ප්‍රේමයෙන් පිරි ජීවිතේ
ඉතින් අපි යමු ඉසුඹුවක් ගෙන
නිවී සැනසෙන දා ලොවේ......

විසිරි


Tuesday, June 29, 2021

2021 (13) මට මාව දැනුන තැන


ජීවිතේ ගැන ආපස්සට හිතුවොත් ස්තුතියි කියන්න හිතෙන තැන් හුඟාක් හමුවෙනව....
.
ඒත් මම කියන මනුස්සයා පරිසර ජීවියෙක් කරන්න අඩිතාලම මට වැටුනෙ අපේ ගමේ මහ ගෙදරින් ......
.
ඉතින් නිස්කාංසුවේ කල්පනා ලෝකෙක ගිලෙන වෙලාවක අන්න ඒ සුන්දර කුඩා ජීවයෙන් පිරිලා තිබ්බ අපේ ඒ නිවහනට මම ස්තුති වන්ත වෙනව...
.
නිල්වලා ගං මිටියාවතට නුදුරු බිමක මීට දශක ගණනාවකට එහා මතකයක ඇවිදිනකොට මට හමුවෙනව කෙට්ටු කෙසඟ කෙල්ලක්....එයා උන්න ඒ නිවහන විදුලි බලය නැති ලාම්පු එලියෙන් පොත් බලන ගෙදරක්....
.
රෑ හත වෙද්දි අම්මා තාත්තා මල්ලිල ආච්චි සීයා එක්ක කෑම කාල සීයාගෙන් කතා අහල නිදාගන්න යන අපූරු උණුසුම් නිවහනක්....
.
උදේ ම කාමරේ ජනේලෙ ඇරියම හීන් හීතල හුලඟක් එක්ක කෝපි ගස් වල මල් පිපෙන කාලෙට ඒ සුවඳ මුසු වෙන .....
මිදුල ඉස්සරහ කහ රෙද්දක් එලපුව වගේ ඇහැල මල් හලන රූස්ස ඇහැල ගහකුයි....ගෙදරට එන වැලිපාර කෙලවර ඇට්ටේරියා මල් ගහකුයි තිබ්බ ගෙදරක්.....
.
උදේට නැගිටලා මල් සුවඳ ඉහිරුණ උදේම සුදු වැලි මිදුල පොල්ලතු රටා තියෙන්න අතුගාපු, හැන්දෑවට පාට පාට හෙන්දිරික්ක මල් වට්ටි නෙලල ආත්තම්මා ට බුදුන් වඳින්න හදල දීපු නිවහනක්.....
.
ගේ වටේට තියන වපසරියෙ අඹ , පේර, ලාවුලු, දොඩං, අනෝදා ඈ කී නොකී පල දරන...උදේම උඩින් කෝපි ඉහුණ උණු එළකිරි වීදුරුවක් බොන්න ලැබුණ ගෙදරක්.....
.
ඉතින් ...ජීවිතේ සුන්දරම හැඟීම් එක්ක ඒ නොස්ටාල්ජියානු මතක වල ඇවිදින්න තාමත් මට ඉඩ හසර සලසන අන්න ඒ ආදරය පිරි නිවහනට....ස්තුති නොකර කොහොමද.....?

මං පරිසරයට අනුගත වෙන ජීවියෙක් කල ඒ නිවහන තමයි මං ස්තුති වන්ත වෙන පළමු තැන....

විසිරි ❤️

Saturday, February 13, 2021

2021(7) හද විලේ ඔබ පිපුණා





උදෙන් ම වැඩට යන්න එළියට බැහැල වෙලාව ටිකක් වැඩි නිසා මම සුපුරුදු අවන්හලේ නවතිනව....

වෙනද හැන්දෑවට උණු කෝපි එකක් එක්ක මුහුද දිහා බලන් විනාඩි කීපයක් ගතකල තැන....අද මට උදේ වාහනේ ඇතුලෙ ඉඳන් විඳින්නට වෙන්නෙ....
.
උණු බිත්තර රෝල්ස් එකක් එක්ක නෙස්කැෆේ එකක් අරන් මම වාහනය තුලට ගොඩ වෙනව....
.
ඈත මුහුදු රළ නැගෙන්නෙ හෙමින්.... හරිම නිස්කලංකයි....මම සිංදු ගොන්නට යොමුවෙමින් නෙස්කැෆේ එක තොල ගානව.....
.
සමහරක් සිතුවිලි දෙතොල් අතරට ම ඇවිත් හිනාවක් වෙලා ගිලිලා යනව.....
.
ඒ සියුම් හැඟීම් ජීවිතේ ට එන්නෙ හරියට අර සියුම් රළ නැගෙනව වගේමයි.....
.
කාලය ගෙවෙනව....මම නැවත අධිවේගී මාර්ගයට අවතීර්ණ වෙනව....
.
වාහනයේ සිංදු අතරෙ ක්ලැරන්ස් විජේවර්ධන ගෙ හඬින් මට මෙහෙම ඇහෙනව ....
.
" හද විලේ ඔබ පිපුණා..
නිසසලේ පෙති සැලුණා...
දුනුකේ මල සේ යාවී... "
.
මගේ දෙතොලතර ඒ ගී පද හෙමින් මිමිණෙනව

......ඉතින් ජීවිතේ සුන්දර බව මම ආයෙම ආයෙමත් අදහනව.....

විසිරි ❤

Friday, April 3, 2020

141. අලුත් දවසක්

අද අලුත් දවසක්.....

උදේ ම ස්ටේශන් එකට ආවාම හුඟක් අයගෙ මූණු ඇද වෙලා වගෙ දැක්කා....බලන කොට කලින් ට්‍රේන් එක පරක්කුයි..ඒ නිසා ඉන් පස්සෙ එන ඔක්කොම ට්‍රේනුත් පරක්කුයි.....
.
ඔන්න ඉතින් අර පමා වුණ දුම් රිය ආවා....බලද්දි ඇත්තෙන්ම වැඩට සහ ගමන් යන අය මේ 🚆 පමා නිසා විකල්ප ක්‍රම භාවිතා කරල.....🚆 නිකම් පෞද්ගලික වාහනයක් වගෙ ඉඩකඩ.....
.
මම හැමදාම හැම දේම වෙන්නෙ හොඳට කියල නෙ හිතන්නෙ...ඉතින් බොහොම සැපට ඉඳගෙන මල් එක්ක පොඩි සංවාදයකුත් දාලා ...මුහුණු පොතෙත් එහෙ මෙහෙ ටිකක් ගියා....
.
රාගම 🚆 ස්ථානය ට එනකොට සෙනග සූ ගාල...කපල එකක් පිරුණා...කොහොමින් කොහොම නමුත් ....අච්චර සෙනග පිරිලත් තනි කකුලෙන් හිටගෙනත් දාඩිය ඉහින් කනින් නාගෙනත් මිනිස්සු තමන්ගේ ජංගමයෙන් නම් මිදිල නෑ කියන දේ නම් මොනවට ඔප්පු වුණා....
.
රාගම පහු වෙද්දි මං ඉන්න අවට ආසන වල අය ගැන පොඩි ස්කෑන් එකක් කලාම දෙන්නෙක් හෙඩ්සෙට් එක ගහන් චැට් කරනව...තව කෙනෙක් සැපට නිදි...මට යාබද කෙනා හිටගෙන ඉන්න අයට රවමින් මුහුණු පොතේ .....ඒ මගෙ වම් පස සහ ඉදිරිය....
.
ඉතින් මගෙ දකුණු පස ඇති දේ ලියන්නම්කො....ජනේලය අයිනෙ අසුනෙ මම ඉන්නෙ...තරමක වේගයෙන් ඇදෙන දුම් රිය රාගම හොරපෙ හරියෙ වේගය අඩු කරනවා...මේ ඒ පැත්තෙ මං දුටු දේවල්...
.
පොඩි පැල්පතක මිදුලෙ ළමයෙක් දුවනවා...ගෙදර 🐕 එයා වටේ දුවනවා....
මුතුරාජවෙල ට අයත් වගුරු බිමේ හුළඟට වැනෙන තණ පඳුරු වල වී 🐦 තරමේ පොඩි කුරුල්ලො එහෙට මෙහෙට පනිනවා....
ඉන් එහාදි කදුරු ගස් උඩ සුදු කොක්කු තුන් හතර දෙනා නිදිකිරනවා....
තණකොල වලින් පිරි වගුරු බිමේ....වතුර තියන තැන් වල ඕලු මල් පිපිලා....
කඩොලාන ගස් වල කොළ පාට පත්‍ර අස්සෙ තැඹිලි පාටින් කොළ ඉදෙන්න අරන්....චිත්‍රයක් වගේ....
ඉඳහිටක පහු වෙන ගෙදරක මිදුලෙ නා නා ප්‍රකාර මල් පිපෙන ගස් වවලා...
රේල් පාර අයිනෙ කුසීතව නිදන බල්ලෙක්....
උදේ දත් මදින ගමන් ...🚆 දිහා බලන් ඉන්න සීයා කෙනෙක්....
චූන් පාන් වාහනයක්....
.
තව හුඟාක් දේ....
.
ඉතින්....වම බැලීම ද හොඳ දකුණ බැලීම ද .....?.
.
අපි 🌎 දකිනවා.....ඒත් 👀 (බලන්නෙ) නෑ.....එතනයි වෙනස

මම 
විසිරි සිහින

Tuesday, March 31, 2020

130. මේ අසීරු කාලය ඉක්මනින් ඉවර වෙයි

උදේ පුරුද්ද ට පාන්දරින් ඇහැරුණා....
අමුතුම ලෝකෙක ද මං මේ ඉන්නෙ කියල හිතුණා...
හරියට ඉස්සර ගමේ ඉන්නව වගේ.....
කිසිම වාහන සද්දයක් නෑ....කුරුල්ලොන්ගෙ ලේනුන්ගෙ හඬ...
ඉස්සරහ අඹ ගහට කොට්ටෝරුවා ඇවිල්ල වඩුවැඩ පටන් අරන්...
.
යාන්තමින් එළිය වැටෙන කොට පරිසරයෙ වෙනදට වඩා නැවුම් බවක් පේන්න අරන්...ඔව් ලෝකය විවේකයක් අරන්....
.
ඊයෙ පෙරේදා හිටවපු ගස් ප්‍රාණවත් ව ඉන්නව තාම...අදත් වත්තේ වැඩ ටික අරඹන්න කලින් එයාලට ලොකු වතුර සාත්තුවක් දුන්නා...
.
බක් මහට පිපෙන්න එන තොලබෝ  පඳුරු යායම පොහොට්ටු පුරවලා... තොලබෝ පඳුරු හරියට මිනිස්සුන්ගෙ ජීවිතේ වගේ කියලයි මට හැමදාමත් හිතෙන්නෙ....මුලු අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කරන එයාල එක කාලෙකදි කොල සේරම හලල මියැදුණා වගේ ඉන්නව....එක පාරටම වැහි ඇල්ලක් එක්ක පොහොට්ටු පුරාගෙන පොලවෙන් මතුවෙලා මල් යායක් වෙනව...

අපේ ජීවිත වල දුෂ්කර කාලත් අන්න එහෙමයි...
ඉක්මනින් මල් පූදිනව...ඉවසීමෙන් බලාඉන්නයි ඕන....ආදරය හිතේ පුරවගන්න...සමස්ත ලෝකයටම ආදරය මේ වෙලාවේ අවැසියි...ඒ ගහට කොලටද...සතා සීපාවාටද...මනුස්සයාටද කියලා වෙනසක් නෑ....හැකි හැම මොහොතකම ඔබේ සිනහව්කින්...වචනයකින්...අකුරකින්..බැල්මකින් ඔබේ දයාර්ද බව ලෝකයට දෙන්න....
.
මේ අසීරු කාලය ඉක්මනින් ඉවර වෙයි.....

127. හිනාවෙන්න පුරුදු වෙන්න...



ජාතික රෝහලේ සායනයකට මඳකට ගියේ නෑදෑ කෙනෙක් ගේ උදව්වට....
අතිශය කාර්‍යබහුල තැනක්...ඔව්...සිය දහස් ගණන් මිනිස්සු හැමදාම සායන වලින් බෙහෙත් ගන්න එනවා...
.
අතිශය අවිවේකී කාර්‍ය මණ්ඩලයක්...එක මිනිත්තුවක් හුස්මක් කටක් ගන්න බැරි තරම් ඔවුන් කාර්‍ය බහුලයි....
.
ඒ නිසාමදෝ මන්දා කේන්ති යනවාත් වැඩියි....සායන වලට එන හුඟක් අය බලන්නෙත් තමන්ගේ වැඩේ කරගෙන දුවන්න...ඉතින් පෝලිමක ඉන්න එක කොහොමත් අපේ රටේ මිනිස්සුන්ට හුරු නෑ...කොහොම හරි කඩා පැනල දුවන්නම තමා බලන්නෙ...
.
නමුත් ඇත්තෙන්ම සායන පරිශ්‍රය ටිකක් ඉඩකඩ සහිත වෙනවා නම් ...මිනිස්සුන්ට ටිකක් පහසුයි...ජාතික රෝහලේ සායනයක් කියන්නේ අධික ලෙස අසීරුතා එක්ක මිනිස්සු පැමිණෙන තැනක්...අත් කකුල් කඩාගෙන එන හුඟක් අය...රෝදපුටුවකට ගෙදර කෙනෙක් දාගත්තාම ඒ අයට ඔය " වාහනේ " ගෙනියන හැටි හුරු නෑ...ඉතින් යන්න තියන පුංචි සීමාවේ ඔහේ යනවා...ඉතින් සිකියුරිටි නෝනා කෑගහන්න ගන්නව....පැත්තකට වෙලා බලන් ඉන්න මට හිතුණෙ...පලවෙනිම අවුල ඉඩ නැතිකම....දෙවැන්න මිනිස්සුන්ට නිසි අවබෝධයක් නැති කම ..තුන්වැන්න අපේ මිනිස්සු තව කෙනෙක් කියන දෙයක් නොඅහන කම....
මේවට උත්තර හොයන එක අසීරුයි....නමුත් බැරි නෑ...
.
කාර්‍ය මණ්ඩල වරප්‍රසාදය අහකට දාලා සාමාන්‍ය විදියට නොම්මරෙන් ලෙඩා එක්ක ඇතුළට ගියත් මම කිසිම කාර්‍ය මණ්ඩල සාමාජිකයෙක්ගේ මුහුණෙ හිනාවක් නම් දැක්කෙ නෑ...
.
ලෙඩෙක් එක්ක මඳ සිනහවක් පෑම එච්චරකට අපේ සමාජය නොවටිනා දෙයක් කරලාද කියලා මට හිතුණා...නමුත් ඒ මඳ සිනහවක කාරුණික වදනක...අර එන අසරණ ලෙඩෙක්ට ලොකු හයියක් තියන බව අපි මතක තියාගන්න ඕන....
.
සමහරක් විට මේක කියවන ඔබ සෞඛ්‍ය කාර්‍ය මන්ඩලයෙ නම් මට විරුද්ධ වෙයි...ඒ තියන වැඩ ගොඩ එක්ක හිනාවෙවී ඉන්නද කියන්නෙ කියල....නෑ...මම ඒක කියන්නෙ විසි වසරක අත්දැකීමෙන්...කොච්චර කාර්‍යබහුල වුණත් ඔබට ඔබේ ප්‍රසන්න පෙනුම , මුවෙහි ඇති සිනාව සඟවානොගෙන ඉන්න පුලුවන් ....ඒක ඔබෙන් ප්‍රතිකාර ලබන රෝගී ජනතාවට වගේම ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ට ඔබ ගැන වගේම සමස්ථ සෞඛ්‍ය සේවාව ගැනම යහපත් ආකල්පයක් ඇති කරනවා....
.
ඔබ හරිම වෘත්තිකයෙක් නම් ....
ඔබ පිළිවෙලට අඳිනවා.පිරිසිදුවට ඉන්නවා...වගේම ඔබේ ඉරියව් වලින් පවා රෝගියාට ඔබ ගැන විශ්වාසයක් ඇති කරනවා....ඒ වගේම ඔබේ සුහදශීලී බව ...කාරුණික බව වගේම ඇහුම්කන් දීමද ඉතාම වටිනා වෘත්තිකයෙක්ගේ කුසලතාවයන්....
.
ඉතින්...
කොයි තරම් කාර්‍ය බහුල වුණත්...
ඔබ ...ඔබේ මුවෙහි ඇති මඳ සිනහව නැති කරගන්න එපා....
ඒ ගුණාංගය ඔබට ඉතාම වටිනා ආභරණයක්....
.

මම
විසිරි සිහින

124 . ආදරය කිසිදින නොමියෙයි....

ආදරය කිසිදින නොමියෙයි....




මම ක්‍රීඩා ගැන බොහොම අඩුවෙන් උනන්දු වන අයෙකි....පැසිපන්දු ක්‍රීඩාව ගැන මා දන්නා යමක් වේ නම් ඒ අපේ ඉලන්දාරියන් දෙන්නා කියන කරන දෙයක් පමණි.... ඒ තනිකර පැසිපන්දු ලෝලීන් දෙදෙනෙකි........

පැසිපන්දු ගැන මෙලෝ හසරක් නොදන්නා මගේද හිත සසල කල පින්තූර ගොන්නක්  අන්තර්ජාලයේ එහෙමෙහෙ සැරිසරන විට නෙතට හසු විය....

ඒ ආදරය පිරුණු තාත්තෙක් සහ දුවෙක්ගේ නික්ම යෑමය......ඒ තාත්තා සහ දුවගේ ආදරණීය වැළඳ ගැනීම් සහ රූප රාමු සිත මහා ලෝබ කමකින් පුරවා ලන්නට විය.

ගෙදර ආ පසු කොල්ලන් දෙන්නාගෙන් මේ සිදුවීම සහ අනතුරේ වීඩියෝව දැක අසා ගතිමි....
ඒ තාත්තා තමන්ගේ ප්‍රියතම වූ දෝණිය සමග සමු ගන්නට ඇත .....

ජීවත් ව සිටිනා කාලයේදී වැළඳ ගත් තරම්ම ආදරයෙන් මරණයේදීද වැළඳ සිටින්නට ඇත....අඬද්දී අස් වසා ලන්නට ඇත....ඔහුගේ බසින් මං ඔයා එක්ක ඉන්නවනේ පැටියෝ කියන්නට ඇත....

ඉතින් ආදරය මියගියේ යැයි අපිට කිව හැකිද.....


මඳක් නැවතී සිතන්න....ඔබ ඔබට ආදරය කරන්නට ...ඔබේ ප්‍රියතමයන්ට ආදරය කරන්නට .....තවත් මොහොතක් හෝ පමා වේ නම් ......ඒ සදාකාලික පමාවක් වීමට හෙට දවසේ ඉඩ ඇත.....ඉතින් එවිට පසු තැවෙන්නට වත් අපිට වෙලාවක් ඉතුරු නොවනු ඇත.....

ඔබේ ආදරය.....නොසඟවා පවසන්න....විශේෂයෙන්ම ඔබේ...දරුවන්ට ..... ඒ kobe bryant නමැති ආදරණීය තාත්තා ලෝකයට කියාදී ගිය පණිවිඩයයි......

ඒ තාත්තා ගෙ ආදරය සදාකාලිකව ඒ සුන්දර දෝණියට තනි රකිනු ඇත.....

ආදරය කිසිම දාක මියයන්නේ නැත.....

120. ආදරය කියන්නේ

ආදරය කියන්නේ ඉසියුම්ම හැඟීමකට




ඒක හරියට පේන සීමාවෙ ඔබ ඉන්නව....ඒ දැක්මෙන්ම මගේ ඇස් පිරෙන්න ආදරය උත්පාද වෙනව ... වගේ හැඟීමක්.....

සමහරක් විට....ඔබ මගේ අසලින්ම හිඳගෙන ඉන්නවා....බිඳකුදු ස්පර්ශ නොවීම....ඒත් හිතම පිරී යනවා අප්‍රමාණ ආදරයකින්....අන්න එහෙම හැඟීමක්....

ඔබ ඔබේම ලෝකයක ඔබේම වැඩ කටයුතු ගොන්නක සැරිසරනව....මම ඈතක සිට ඔබට නොදැනී බලා ඉන්නව....ඔබේ සිනහව...ඉරියව්...හැම එකක්ම ඇස් වලින් උකහා ගනිමින් ...ඔව් අන්න ඒ මොහොතෙත් මම ඔබට අපරිමිත ව බැඳෙන්න ගන්නව.....

කිසිම මොහොතක කිසිම දවසක ඔබ ට නොකියන මේ හැඟීම්...
ඔව් අන්න ඒ තමයි ආදරය..
මං ඔබ වෙනුවෙන් අරන් ආව...
සමහර විට ඔබ නොදැනිම ඔබෙන් අත හැරෙන....

ඔබ දන්නව නම්.....
මේ තරම්ම ප්‍රේමයක්
මිහිමත ඇති බව පමණක්ම....
ඔබ වෙනුවෙන්....
එක අතකට
එය ඔබ නොදැන ඉන්න තරමට මං කැමතියි...
ඒ...
ඔබත් මාත් දෙදෙනාම
ආදරය බරක් කොට නොගන්නා හෙයින්....

Tuesday, August 13, 2019

115. ක්ෂේම භූමියක්




එකම එක මොහොතකට ක්ෂේම භූමියක නවාතැන් ගනිමුද..... ?

අපි හැමෝටම ජීවිතයේ අවශ්‍ය වන එක දෙයක් තියනවා...ඒ තමා place of peace කියන තැන...මට ඒකට දෙන්න පුලුවන් සරලම වචනය ක්ෂේම භූමියක් කියන එක....
.
මෙන්න මේ තැන අපිට අවශ්‍ය වෙන්නේ ....අපි ජීවත් වෙන ආතතීන්ගෙන් බහුල ජීවිතේ ට සැනසුමක් සැහල්ලුවක් වෙන්නයි....අපි දවස පුරාම අනේක විධ වැඩ රාජකාරි වලට අපේ කාලය, ශක්තිය සහ අවධානය කැප කරල හෙම්බත් වෙලා ඉන්නෙ....
.
අන්න ඒ වෙලාවට නවාතැන් ලන්නට අවශ්‍ය වෙන්නෙ මෙන්න මේ වගෙ තැනක්....ඒක බොහොම සරල සුන්දර තැනක් කරගන්න එක තමන්ට භාරයි...
.
සමහරක් විට ඒ කියන තැන ඔබේම කාමරයේ නිහඬ තැනක් වෙන්න පුලුවන් ...හොඳට බිමට කුෂන් දෙක තුනක් දාල පහසුවෙන් ඉන්න තැනක්...ලස්සන ට මල් ටිකක් දාපු මල් වාස් එකක්...එහෙම නැත්නම් මම තාම හීන දකින අන්දමේ සමර් හට් එකක්....මිදුලෙ කොණක...(මට මදුරු ප්‍රශ්නෙ නිසයි ඒක තාම හදාගන්න බැරි උනෙ...)
.
අන්න ඒ වගෙ තැනක ඔබට ඔබේ මනස යළි සකසා ගන්න ..reboost කරගන්න හැකි අන්දමට සකස් කරගන්න ඕන...එතැන ඉඳන් සිංදුවක් අහන්න....ආසම කෑමක් කන්න...පොතක් කියවන්න..ආසම කවියක් අලුතින්ම ලියන්න......ලෝකයම මඳකට අමතක කරල ඔබ වෙනුවෙන් ඒ තනාගත් තැන තනිවෙන්න....
.
එහෙම මොකුත්ම නැත්නම් ඇස් දෙක වහගෙන deep breathing ටිකක යෙදෙන්න....ඔබ සන්සුන් වෙන්නෙ හරිම පහසුවෙන්..
.
තමන් වෙනුවෙන් තමන් ට කාලය කැප කරනවා කියන්නෙ අරුමයක් නොවෙයි....ඒක ආත්මාර්ථකාමී දේකුත් නෙවෙයි..
අනෙක් අයට වගෙම ඔබ ඔබටත් කාලය දෙන්න....
.
මෙන්න මේ වදන් පෙල නිවි සැනසිල්ලේ වරක් දෙකක් කියවන්න....
.
Youth is not a time of life...
It is a state of mind
People grow old only by deserting their ideals and by outgrowing the consciousness of youth...
Years wrinkles the skin...
But to give up enthusiasm wrinkles the soul.....
.
You are as old as your doubt, your fear, your despair .

The way to keep young is to keep your faith young.
.
Keep your self - confidence young.
.
Keep your hope young

~~~ L.F.Phelan ~~~

මම

විසිරි සිහින

Sunday, December 9, 2018

94. පරෙස්සමින් ගිහින් එන්න

අපේ ජීවිතයේ හෘදයාංගම වචන වලට තියෙන තැන ගැන මම නිවාඩුවෙ කල්පනා කලා...
.
ඉස්සරම දවස් වල ඉස්කෝලෙ පන්ති යනකොට අම්මාට වඳින වෙලාවට අම්මා කියන්නෙ...බුදුසරණයි ...පරෙස්සමින් ගිහින් එන්න ඕන තේරුනාද....ඒක ටිකක් තදින් ඒත් ආදරයෙන් දෙන අණක්....
.
ඒත් තාත්තාගෙ ගාවදි ඒක කියවෙන්නෙ ඊට වඩා මෘදුව...තාත්තා ලා එහෙමයි.....අදටත් තාත්තා ට උදේ වැඩට යන ගමන් කතා කලාම ...බස් එකේද දෝණි එහෙනම් පරෙස්සමින් යන්න කියනවා....ඒක මුලු දවසටම ජීවිතේ ආශීර්වාදයක් වෙලා තියෙනවා වගෙ දැනෙනවා.....
.
මමත් කොල්ලො දෙන්න බයිසිකලේ අරන් එළියට බහිද්දි කෑගහනවා...පරෙස්සමින් හරිද...කියල...ඒ අම්මෙක්ගෙ tone එක....කොහෙ ගියත් අම්මාට කියල යන පුරුද්ද ඇති වෙන්නෙ ඒ හරහා කියලා ඉබේම මට දැනෙනවා...
.
අපේ ගෙදර ඉතින් මගෙන් ඇරෙන්න මට ඕක ආයෙ කියන කෙනෙක් නම් නෑ....මොකද ස්වාමිපුරුෂයා සහ ළමයි දන්නව ....එළියට බැස්සොත් හරි පරෙස්සමට ආයෙ ගෙදර එන වගකීම අම්මා අත ඇති බව....ඉඳහිට උඩ බලන් ගිහින් ලයිට් කණුවක හැප්පෙන එක...බස් එකේ බ්‍රේක් ගහන කොට විසිවෙලා වැටෙන එක වගෙ ඒවා නෙවේ මේ කියන්නෙ...
.

සාමාන්‍යයෙන් කෙනෙක්ට කටපාඩමට පරෙස්සමින් යන්න...බුදුසරණයි ...take care, god bless...ඕනම එකක් කියලා දාන්න පුලුවන් ....ඒත් හෘදයාංගම ව ප්‍රාර්ථනා කරන දේක ඊට වඩා ලොකුම ගැම්මක් හයියක් තියෙනවා....ඒ කියන කෙනා තමන්ගෙ කවුරුවත් වෙන්න ඕන නෑ ඒ වෙලාවට......
.
අපි ජීවිතේ හෙම්බත් වෙන කල් වැඩ කරන මිනිස්සු...ඒ ජීවිතේ තමන්ට ආශීර්වාද කෙරෙන සමහර වචන හරියට සෙත් පිරිත් වගේ.....

.
විසිරි

92. ජිවිතය නම් එයමය

ජීවිතය කෙතරම් වෙනස් ද....?

ජීවිතය ‍යනු කෙතෙක් වෙනස් අන්දමේ පැවැත්මවල්ද යන්න ඉගනගන්නට නම් මේ ඉන්නා ඉසව්වෙන් ඔබ්බට යා යුතුය..
ඌව වෙල්ලස්සේ දුෂ්කර පළාතක සායනයක් හමාර වී....
මිදුලේ තබා තිබූ පුටු පෙළක හිඳිමින් මම ජීවිතය ගැන සිතමි.....
.
ඉරිඟු යායවල් වල...කුඹුරු හේන් වල දවසම ඔට්ටු වන අපේම මිනිසුන් ගේ හෙම්බත් මූණු අතරේ හිනාවන් උපදින්නේද වෙහෙස තුළින්මය....
.
මගේ යාබද අසුන් දෙකක සායනයට පැමිණි අම්මලා සමග ආ කෙළි පොඩ්ඩියන් තුන් දෙනෙකි...අවුරුදු දොළහ දහතුන වයස් වල වුවත් එතරම් නොවැඩුණු සිරුරු ඇති කෙසඟ කෙල්ලන්‍ ය ....උවමනාවකින් කොණ්ඩ පීරා නැත...ඇඟලූ ඇඳුම් ද ඔහේ අඳින්නන් වාලේ ඇඳගෙනය....ලෙල්ලට ගෙවුණ බාටා කුට්ටම් පය ලා තිබුණත්...කකුල් පුරා දූවිලි පුරෝගෙනය....
.
නම ගම පන්තිය අසා පටන් ගත් කයිවාරුව හවස තුනට සායනය අහවර වන තුරුම ඇදෙන්නේ ....මා සමග ආ සෙසු අය තවමත් රෝගී පරීක්ෂාවල හෙයිනි....මුහුණු වල ඇත්තේ අධික හෙම්බත් බවකි...අසල වූ වෙලඳසැලකින් බිස්කට් සහ යෝගට් ගෙනවිත් තුන් දෙනාට බෙදා නුහුරු බසින් කියැවෙන තැන්ක්‍යූ වචනය අසා හිත පුරෝගතිමි....
.
නැන්දා කොහෙද....
මාව පරීක්ෂණයට ලක් වන්නේ කටට පණ ආ ගිරා පැටික්කන් ගෙනි...
කොළඹ...
කොලඹ කොහෙද ?
එහෙ ඉස්පිරිතාලෙ ...
.
සාරි පොට එක අතක පැටලිලාය..මම හෙමින් එක් හිසක් අතගෑමි....
දින ගණනාවකින් නොනෑ හැඩපලු කොණ්ඩයකි..යාන්තමට මුඩු තෙල් සුවඳකි...
.
ඔයාල ලොකු වුණාම කවුද වෙන්න ආස ...?
.
ඩොක්ටර් කෙනෙක්...
.
ඇත්තෙන්ම ඒ මගේ ළමාවියයි...මගේ ඒ වයසේදී මුවින් පිටවු පිළිතුරයි....
.
සායනයේ දී....අවුරුදු තිස්පහක් හතළිහක් වන සමහර අම්මලාට අත්සන් කරන පෝරමයේ තමන්ගේ නම ලියාගන්නටද ඉමහත් වෙහෙසක් දරන්නට විය ..එවන් අම්මලා ගේ දරුවන් මේ දකින සිහිනයද.......බොහෝ දුරට සිහිනම වී බොඳ වී යන්නේ....කාගේ වරදින් දැයි සිතාගත නොහැක.....
.
ජීවිතය වේදනාත්මකය....
හිස දවන ගිනි හිරු ට යටින්...ඉරිඟු හේන් පුරා නින්නාද වන අර ළමා සිහිනයන් ගැන මට අප්‍රමාණව දුක සිතේ.....
.
යන්නට පෙර බුදුසරණයි නැන්දේ කියා දණ නමා වැන්ද කෙල්ලන් මගක් දුරට යන තුරු බලා උන්නෙමි....එක දැරිවියක් ආපසු හැරී සිනා වූවාය...මම අත වනා සමුදුනිමි......
.
අනේ.....ඒ සිනහවන් බොහෝ සොඳුරුය....

විසිරි

Sunday, May 6, 2018

88. ඔබේ ඇස්දෙක ඔබේ දරුවන්

මේ දවස් ටිකේ තියෙන්නෙ දුවන ජීවිතයක්...

විසිරිත් ඉතින් බල්ලට හැතැම්ම නෑ වගේ ..ගමනෙමයි...
ඒත් ඒ අස්සෙත් ලියන්න කියවන්න කප්පරක් දේවල් එක්කාසු වෙනව....
.
කොහොමත් ගෙදර ඇවිල්ලා හුස්මක් කටක් ගන්නත් කලින් ...සමාජ සේවා වැඩ කටයුතු දුරකතනය දිගේ ගලාගෙන එනවා..තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉතින් මාත් දන්න කියන උදව් කරගෙන ....විස්තර එහෙම හොයල දීල ඉවර වෙලා ...

මං ගැන වද වෙන්නත් වෙලාවක් තිබ්බොත් හොයාගන්නවා...  :D
.
පහු ගිය දවසක ඔන්න ඔහොම අපෙ නංගි කෙනෙක් මට කතා කරනවා...අසල්වාසී අයෙක්ට උදව් කරන්න කියල...

ඒ අම්මා මං දන්න තරමින් සැලකිය යුතු රැකියාවක වගකීම් සහිත තනතුරක් දරන්නියක්...පසුගිය කාලයේ සිදු වූ හදිසි අනතුරකින් ඇයගෙ ස්වාමියා මියගියා දැන් ඉන්නෙ දරු දෙන්නා සහ ඇය...
මෙයින් එක් දරුවකුගේ චර්‍යාමය ගැටලු සහිත තත්වයක් ගැන මගෙන් විස්තර අහගන්නයි මගේ සොහොයුරිය හරහා ඇය මා ඇමතුවෙ...
.
අදාල උපදෙස් දුන්නාට පසුව ඇයගෙ අනෙක් ගැටලුව ලෙස මගෙ සොහොයුරී කීවෙ " අනේ අක්කෙ එයාට ඔය කියන ඒවා කරන්න වෙලාවක් නෑ කියල...සල්ලි ගෙවලා කොහේ හරි ප්‍රයිවෙට් හරි කරගන්න තැනක් තියද අහනව" .

මම නිහඬවම දුරකතනය තැබුවා...පසුව මම මගේ සොයුරියට මේ ගැන කතා කලා...

අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් කියන්නේ අතිශය කාර්‍ය බහුල අය වෙන්න පුලුවන් ..රැකියාවල් ඉතාම වගකීම් සහිත වෙන්නත් පුලුවන් ..ඒත් ඔබට ඒ සියල්ල එක්ක ඔබේම දරුවා බලාගන්න බැරි නම් දරුවාට අවශ්‍ය රැකවරණය සත්කාර ඔබේ අතින් දෙන්නට අපහසු නම් ...දවසේ පැය ගණන් වැඩ කරල උපයන දේත්...එයින් ලබන ආත්ම තෘප්තිය හෝ වෙන ඕනම ප්‍රතිලාභයකිනුත් ඇති වැඩක් තියද ?
.
ඉස්සර විශේෂ අවශ්‍යතා සහිත දරුවන් එක්ක සේවා ස්ථානයේ සහ සමාජයේ වැඩ කල කාලයේ....මම දෙමවුපියන්ට මඳක් තදින් උන්නෙ...ඒ නිවැරදි ක්‍රමවේදයකට දරුවන් ට ප්‍රතිකාර කල යුතු නිසා..ඒ වගේම පෞද්ගලික ප්‍රතිකාර වලදීත් (බේරෙන්න බැරිම වෙලාවට කල ) මගෙ home programs වලට ඔවුන් වැඩ කලයුතු වුණා...ඇත්තෙන්ම ඒවායෙ ප්‍රතිපල සාර්ථකයි...
.
දරුවා සාමාන්‍ය දරුවෙක් උනත් විශේෂ අවශ්‍යතා සහිත අයෙක් උනත්....දෙමවුපියන්ගේ නිවැරදි කැපවීම ඔවුන්ගේ අධ්‍යාපන සහ කායික, මානසික සංවර්ධනයට පිටිවහලක් වෙනවා.....
.
ලෝකයේම බර ඔලුවෙ තියන් ගෙදර එන අම්මලා තාත්තලාට මං ආයෙ කියන්න කැමතියි...

ගේට්ටුවෙ එල්ලන්න පොඩි මල්ලක්..අන්න ඒකෙ අර ඔලුවෙ තියන බර එල්ලල ගෙට ගොඩවෙන්න....
ඔබේ ඇස් ඉස්සරහ තියෙන්නෙ ...ලෝකෙ තියන ලස්සනම දේ....ඒ ඔබේ දරුවන්...

විසිරි

Friday, February 16, 2018

84. ජීවිතය ත්‍යාගයක්



ජීවිතය කියන්නේ තෑග්ගක්...ඒක අපිට උපදින කොටම ලෝකය..ස්වභාව ධර්මය දීලා එවන්නේ...
මම සඳුදා උදේ මගේ ජංගමයේ තියන ඩයරියේ ලිව්වා......I will work hard to keep this week more effective....කියලා...
ඒක මම ලිව්වෙ ස්ටේශන් එකට ආව ගමන්...
නමුත් අද කෝච්චිය පරක්කුයි..බලද්දි ඒ එන අතරමග කෙනෙක් බෙල්ල තියලා....
ඒ තමයි ඒ කෙනා තමන්ගෙ ජීවිතය කියන ත්‍යාගය ප්‍රතික්ශේප කල අන්දම...
සිය දිවි නසා ගැනීමක් කල කෙනාට ලෝකයම ඇඟිල්ල දිගු කරන්නේ මෝඩයෙක්..අනුවණකමක් කල කෙනෙක්...ආත්ම ශක්තිය නැත්තෙක්...ලෙසට..
නමුත් .....අපි ඕනම කෙනෙක්ට එවැනි අවස්තා එනවා..දරාගන්න උච්ඡම සීමාව පැන්නම වෙන්නෙ තමන් ගෙ ජීවිතය ත්‍යාගයක් ලෙස නොව හිරිහැරයක් ලෙස පෙනීම....
මිනිස්සු ඒ මිය ගිය කෙනා ගැන විවිධ කතා...රස කරමින්..නමුත් ..හෙට නෑ අද හවස වෙද්දි කාටත් ඕක මතක නෑ....
ඔබ ජීවත් විය යුත්තේත් මිය යායුත්තේත්...මිනිසුන්ගේ සිත් සතන්වලට සතුටක් දෙන මතකයක් ලෙස...ඇත්තෙන්ම ඔබ එසේ කරන්නේ නැත්නම් ඔබ ජීවත් වුණත් ඒක ත්‍යාගී ජීවිතයක් වෙන්නෙ නැහැ..
ඔබ ජීවිතය ත්‍යාගයක් ලෙස බාරගන්න...එය ලැබුණෙ ඔබට...කිසිම අයෙක්ට එය උදුරාගන්න ඉඩ දෙන්න එපා...
හැම දවසක්ම .....ඔබේ ඒ ත්‍යාගී ජීවිතයෙන් යමක් ලෝකයට දෙන්න.....
.බලන්න
ලෝකය හරිම ලස්සනට ඔබ එනකල් බලන් ඉන්නවා ......
..
මම
විසිරි

Friday, December 22, 2017

81. නිදහස .....






ඔබ ජීවිතයේ ලබන්න කැමතිම දේ කුමක්ද කියලා යමෙක් ඇහුවොත්...
.
ඔබ වැඩි දෙනෙක් කියාවි...ඒ තමා නිදහස කියල....
ඇත්තෙන්ම ...ඇයි මිනිස්සු නිදහසට එච්චර කැමති....
.
මම මේ දිනවල මගෙ පුතා එක්ක වාර විභාගයට පාඩම් වැඩ කරනවා.....අපේ ඉතිහාසය ගත්තාමත් මිනිස්සු නිදහසක් ලබන්න...මොන තරම් කැප වෙලා තියද කියලා ආයෙ ආයෙම හිතෙනවා....
.
.ජාතියක් විදියට 
ආගමක් විදියට
රටක් විදියට.

ඒ ලබන නිදහස කියන්නෙ බහුතරයකට අවශ්‍ය දේ...අනුන්ට යටත් නොවී ඉඳීම...අනුන්ගෙන් යැපෙන මානසිකත්වයේ නොසිටීම....වගෙ දේවල් ....ඒ නිදහසේ ලකුණු..
.
නමුත් ...අපි ආධ්‍යාත්මික අතින් ගත්තාම....මානසික අතින් ගත්තාම ...අපි ඇත්තෙන්ම නිදහස් ද ......

මම සහභාගි වන එක් වැඩමුලුවක අපි කතා කල මාතෘකා අතරින් එකක් මේක....
සහභාගි වන අය එක එක අදහස් දුන්නා....
.
ඇත්තෙන්ම ඒ හැම අදහසකම එකතුව ...අපි ඉතාම නිදහසට කැමති බව...
නමුත් එතන උන්න අය කිසිවෙක්..නිදහස කියන්නෙ සීමා බැමි සංස්කෘතිය කඩාගෙන යැම කියන එක සනාථ කලේ නෑ.....
.
ඇත්තෙන්ම නිදහස කියන දේ අපි එකිනෙකා දකින අන්දමට අනුව වෙනස් ...
අම්මා කෙනෙක් ...නිදහස කියන දේ හුඟාක් වෙලාවට දරුවන් සහ කුටුම්භය වෙනුවෙන් කැප කරනවා....ඒත් එතන මට නිදහසක් නෑ කියලා කන්කෙඳිරි ගෑමක් නම් නෑ......
.
සීමා කඩාගෙන යැමට කලින් සීමාවල් ගැන ගෞරවනීය අන්දමට හිතන්න කෙනෙක්ට පුලුවන් නම් ....අන්න එතනදි....සැබෑම නිදහසක් අපිට හමුවෙන බව මට හිතෙනවා....
.
මම ආයෙ ටික දිනකින් එනතුරු....
ඔයාලගෙ අදහස් මට මෙතන ලියා තබන්න..
සංවාදයට විවෘත අදහසක්....


මම 
විසිරි 

Thursday, October 19, 2017

76. ජිවිතේ සුන්දරද මෙතරම්





ජීවිතේ සුන්දර ද මෙතරම්......
ජීවිතේ කියන්නේ ත්‍යාගයක්....
ඒක ඔබ ඉල්ලාගෙන ආව දෙයක් නොවෙයි..
ඔබට ලැබුණ දෙයක්...
කාගෙන් ද කොහොමද මොකටද නෙවෙයි...
හිතන්න ඒ කිසිත් නොදැන ඔබට තෑග්ගක් ලැබුනම ඔබට හිතෙන්නෙ මොනවද ....
ජීවිතේ ගැනත් එහෙම හිතන්න...
.
.මම වෙලාවකට හෙම්බත් වෙනව...
තියන වැඩ හරියට කලමනාකරනය කරගන්න බැරිඋනාම..
රොබින් ශර්මාගෙ පොතක පේලි ටිකක් කියවල හරි මම ආයෙ ට්‍රැක් එකට එන්න බලනව....
එහෙම නැත්තං චිකන් සුප් ෆෝ ද ලයිෆ් සීරිස් එකේ කතාවක් දෙකක්....
ඒවා සමහර වෙලාවට රෙඩ්බුල් එකක් බිව්වම වගෙ ක්ශ්ණික ව අර හෙම්බත් බවින් ජීවිතේ මුදවනව......
.
.
ජීවිතේ විඩාවෙන් බර වෙලාවට..
මං ඔබට කියනව . .
කියවන්න අන්න එහෙම පොතක්...
නැත්නම් අහන්න සිංදුවක්....
ඒක වික්ටර් ගෙ මිසක් ඉරාජ්ගෙ එකක් නොවෙන්න ඔබ වග බලාගන්න...
ඒ වගේම ..
එහෙම හෙම්බත් වෙලාවට එෆ්බී එන්න එපා...
ඒක ....ගැටලු විසඳාගන්න..හෙම්බත් බවින් මුදවගන්න තැනක් නෙවේ...
.
.ඔබ...ඔබම වන්න....
මම
විසිරි.....

Sunday, June 25, 2017

65. වැස්ස විඳින්නට එන්න ඔබත්




some people feel the rain...others just get wet....


මෙන්න මේ කතාව හුඟක් වෙලාවට මුහුණු පොතෙත් තව එක එක තැන් වලත් පල වෙනවා මම දැකල තියනවා.....

මේක කියලා තියෙන්නේ බොබ් මාලේ....

ඇත්තෙන්ම ඔබ මේ දේ විඳලා තියද....

අපි හැම තිස්සෙම වැස්සෙන් ගැලවෙන්න දුවනවා මිසක වැස්සට තෙමෙන්න ඉඩ හැරලා ඒක විඳිනවද.....

ඔව් ඉතින් වැඩට යන වෙලාවක ගමනක් යන වෙලාවක ඔය කියන දේ කරන්න බෑ තමයි...

ඒත් ගෙදර ඉන්න වෙලාවක....නිකම් හිතෙන්නේ නැද්ද...වැස්සට පැනල පොඩ්ඩක් තෙමෙන්න.....


අද වහින දවසක්...නිවාඩු දවසක්....
ස්වාමිපුරුෂයා ට නිවාඩු නැහැ....උන්නත් ඕනනං අහයි...මනුස්සයෝ පිස්සුද කියල...

ගෙදර ඉන්නේ මම යි ළමයිනුයි බල්ලෝ දෙන්නයි....

ඉතින් කාගේ තහනමක්ද...කවුරු මේක විග්‍රහ කරන්නද...විවේචන කරන්නද....

දෙපාරක් නොහිතා බැස්සා මිදුලට....

කොල්ලෝ දෙන්න හිනාවෙනවා..බල්ලෝ දෙන්න මට හවුලට පැන්න මිදුලට....


වැහි බින්දු එකින් එක මුහුණට වැටෙන කොට...ඒ දැනෙන දේ ..අකුරු වලට හරවන්න අමාරුයි.....

සෙරෙප්පු නැතුව මිදුලේ තණකොළ ගොල්ලේ තෙමි තෙමි ඇවිදින්න....වැස්ස එක්ක හමන සුළං රැලි වල පහස විඳින්න.....මිට වඩා වෙලාවක් වෙන කොයින්ද....

මං කියනවට එක දවසක් ඔන්න ඔය අටෝරාසියක් තියන වැඩයි බරපතල සිතුවිලියි අමතක කරලා....මෙන්න මේ දේ කරන්න.....හිතේ ඇතුලේ පොඩි හරි පීඩනයක් තියේනම්....එක වැහි බිංදු එක්ක අතුරුදහන් වෙන හැටි බලන්න.....



විසිරි .......

Saturday, May 6, 2017

54. ලිවීම




මම මේ දවස් වල බ්ලොග් එකේත් විසිරි සිහින මුහුණු පොතේත් ලියාගෙන ලියාගෙන යනවාය...

ඒ ලිවිල්ල බලාගෙන ඉන්න අයට වෙලාවකට මං මේ පිස්සෙක් වගේ ලියන්නේ ඇයිද යන ප්‍රශ්නය ඇතිවෙන්නට ඉඩ ඇත....

ඊයේ එක්කෙනෙක් මගෙන් ඕක ඇහුවාම මම කටට ආ උත්තරේ ලෙස දුන්නේ .... වෙන කරන්න දෙයක් නැති නිසා එන ස්ට්‍රෙස් එක අඩු කරගන්න ලියනවා " කියාය.. ..  

ඒත් ඊට පස්සෙ මම ම කල්පනා කලේ මට ලියනවා හැර කරන්නට ඕන තරම් වැඩ තියනවා නේද කියාය.....උදේ 4ට නැගිට රෑ 11 ට නිදාගන්න...ගෙදරත් රැකියා ස්ථානයේත් අටෝරාශියක් වැඩ තියන මට ....කරන්න දෙයක් නැති කමට ලියනවා කීම අමු බොරුවක් බව මම නොදන්නවා නොවේය.

නමුත් ලිවීම කියන්නේ ස්ට්‍රෙස් අඩු කරන්නට කියාපු බේතකි...මට සම්බන්ධව එය එසේමය...තරහක් සතුටක් දුකක් විනෝදයක්..ඔය එකී මෙකී නොකී ඕනම හැඟීමකට ලිවීම මාර උත්තේජනයක් සපයයි..එය තරහ සමබ්න්ධයෙන් releasing factor එකක් වන අතර සන්තුශ්ටි දායක වෙලාවකදී....bursting factor එකකි.....

මම පරණ බ්ලොගෙන් මිදී විසිරි සිහින ලියන්නට ආවේද...පසු කාලයක විසිරි සිහින මුහුණු පොත් ගිණුමකට ආවේද මෙන්න මේ ලිවීමේ අභිලාශයෙන්ම පමණි...

මට ලිවීමේදී නිදහස ඕනෑමය..සමහරක් විට නන්නාඳුනන චරිතයක්ව සිටීම ඒ නිදහසට backup එකකි.....

නැත්නම් ලියන සේරම මටත් මගෙ ගෙදර අයටත් අදාල කරගෙන රස්සාවටත් අදාල කරගෙන විස්සෝප වන්නෝ එමටය....ලිවීම යනු එලෙස විය යුත්තක් නොවෙන නිසා මම මෙසේ ලියමි......

ලිවිම ගත්තාම ඉස්සර අපේ ආච්චි කිව්වේ..මොනවා ලිව්වත් මැල්ලුම් මිටියක් ලියාගන්නත් ගෑනු ළමයෙක් උනාම පුළුවන් වෙන්න ඕනය කියාය...ඒ කාලේ බැරි උනත්...දැන් නම් හීනියට මැල්ලුම් මිටියක් ලියන එකත් සිම්පල්ය ....අත ලියාගන්නේ නැතුව  කොළ මැල්ලුම් ලියනවා මෙන්ම.....හිතට එන අදහස් ද පරෙස්සමින් ලිවිම කලාවකි...පොඩ්ඩ එහෙමෙහෙ උනොත් ලියවෙන්නේ හිත්ය....

පාරේ ඇවිද එන විට ...බස් එකක කෝච්චියක යන විට....පොතක් පතක් කියවන විට...මිනිසුන් සමග කතා කරන විට....ලියන්නට එක එක නිමිති එනවාය...ඒවා සමහරක් විට ෆෝන් එකේ එවෙලෙම කොටාගන්නා අතර...සමහරක් ඒවා මනසේ කටු සටහනක් ඇඳගන්නවාය.....

ෆෝන් එකට බ්ලොගර් ඇප් එක දමා ගත්තාම ටික ටික මෙන්න මෙහෙම සටහන් දමා ගත හැක....මගෙ ලියවිලි ලියවෙන්නේ එහෙමය.....

ලිවීම ගැන කියන විට කොළවල ලිවීම අතහැරීද නැත...මම මේ අවුරුද්දේ අරමුණ කරගත්තේ පොතක් ලියන්නය...ඒක තාම පරිච්ඡේද තුනකට සීමා වී ෆයිල් එක තුළටවී නිසොල්මනේය....බෝල බෝල අකුරු වලින් සටහන් තබා ගන්නට ආස නිසා...පොත් කීපයක කවි ටික මම ලියා තබනවාය....තවත් වයසට යනවිට බෝල අකුරු හැකියාව නැති වුණ කාලෙක බලා සතුටු වන්නට හැකි අකුරු ගොඩක් මගෙ එකතුවේ ඇත.......

ලිවීම මගේ ජීවිතය ට බොහෝ දේ ලබා දෙයි...
ඒකාකාරී ජීවිතය පීඩනයෙන් මුදවන්නට ලිවීම මට සහය වේ.....

මගේ සමහර ලියවිලි ....මුහුණු පොතෙන්..බ්ලොගෙන් එහාට ගොස් පත්තර වල වෙබ් අඩවි වලට යනවිට ...විශේෂයෙන්ම සෞඛ්‍ය ලිපි....මම එයින් තවකෙකු දැනුවත් වන දෙස බලා තෘප්තිමත් වෙමි....

හාස්‍යය ..විනෝදය සඳහා එදිනෙදා දකින..සහ...අත්දකින...දේ ලිවීමද අපූරුම දෙයකි.....මම ආසම දේ මටම හිනා වෙන්නට කුමක් හෝ ලිවීමය...

ඉතින්...මේ මගේ ලිවීමය ......

Wednesday, April 12, 2017

49. අවුරුද්ද....

මේ ටිකේ ලියන්නත් බැරි උනා...කිය්වන්නත් බැරි උනා බ්ලොග් පෝස්ට්...මොකද කාර්ය බහුලම උන නිසා...එකක් රැකියාවේ මහ වැඩ අධික කාලයක්...පුහුණු සිසුන්ගේ අවසාන විභාගය අත ලඟටම එන නිසා...ඒ පැත්තට ටිකක් අවධානය යොමුකලා...

අනික මගෙ කොල්ලො දෙන්න ට ඉස්කෝලෙ නිවාඩු නිසා....දවල් වෙලාවට රවුටරේ ඩේටා ටික ඉවර වීමේ අවදානම ආවා....නයිට් ටයිම් ඩේටා භාවිතය අපහසු උන නිසා.....ටිකක් මෙහෙට ආවෙ නෑ....

ඒත් ඉතින් රටම සැරසෙන මේ කල එළි මංගල්ලෙට වැඩ අල්ලන්නත් එක්ක...ඔන්න මෙහෙට ඇවිල්ල පෝස්ට් දෙක තුනක් අමාරුවෙන් ලෝ ඩේටා මට්ටමේම කියවලා...මේ සුබ පැතුම එක් කර යන්න මම ආවෙ...

මගෙ මේ දිනවල ලොකුම වැඩේ මගෙ පුංචි වගා බිමේ වැඩ තමා...ඉතින් ....ඒ මොකක්ද කියල පෙන්වන්න මම ෆොටෝ ටිකකුත් එක් කරන්නම්....


ගමක උපන් මට මේ ගෙවතු වගාව කියන එක ඇඟේම තියන එකක්...නමුත් කිසිම බෙහෙතක් රසායන ද්‍රව්‍යයක් නැතුව...පලදාවට වඩා වියදම වැඩියි කියන අපේ මහත්තයා...ඉරිද ට අහන්නෙ අද බත් එකට මොනවද ඔයාගේ වත්තෙන් එක්කාසු කලේ කියලා....

ගහක් කොලක අස්සේ ජීවිතේ මඳ වෙලාවක් ගෙවන්න...ඒක මේ දුවන අපේ ජීවිත වලට මහඟු දායාදයක්...මහ පරිමාණ ආදායම් ගැන නෙවේ...මේ කියන්නේ....දවල්ට උයන්නට පලා මිටක්..මාලු මිරිස් කරල් කීපයක්...වගේ දෙයක්...හිතට එක්කරන සතුට ...හරිම අපූරුයි




මාලු මිරිස්...ඉඳහිට කරලක් දෙකක් ඉදෙන්න අරිනවා....ඇට ගන්නට



                                           කාබරංකා

අත දිග හරියෙ කොස්


අඹ...මේවා අර සීනි අඹ... රට අඹ කියන ජාතිය...මම ආසම වර්ගය..වැඩිය කන්නෙ ලේන්නු තමා






එලවලු වර්ග දෙක තුනකුත් තියනවා




ඉතින් අපි අලුත් අවුරුද්දෙ සුබ හැඟුම් ඇතුව හමුවෙමු....


සුබම සුබ නව වසරක් වේවා...මම එලවලු කොටුවට යනවා..එහෙනම්


Tuesday, March 28, 2017

45. ප්‍රේමය කෙතරම් සොඳුරුද...






ප්‍රේමය කියන්නෙ අති සුන්දර මනෝ භාවයක්...ඒක වයසක් තරාතිරමක් ජාතියක් කුල මලයක් නැතුව විඳින්න පුලුවන් දෙයක්...තමන් සතු වන හිමි වන හා අහිමි වන ප්‍රේමයන් වගේම ඇහැට හසු වන ...විඳිය හැකි ප්‍රේමණීය සටහන් ඕනාම තැනකදි අපිට හමුවෙන්න පුලුවන්...

අද...අපුරු ම දවසක්...


ගිය සෙනසුරාදා බ්ලොග් සමරුවෙ මතක අරන් ගෙදර ඇවිල්ලා..ඉරිදා දවස නිස්කාන්සුවේ...(  දාහක් වැඩ අස්සෙ වුණත් මං ඒ දවසට කියන්නේ නිස්කාන්සු දවස කියලා...)....ඉඳලා.....ඔන්න සඳුදා උදේ වැඩට යන්න කෝච්චියට නැග්ගා....

සාමාන්‍යයෙන් මම මුල්ම ස්ටේශමකින් නගින නිසා ඉඳගන්න ඉඩ පහසුකම් ලැබෙනවා...මගදි ආසනය පරිත්‍යාග කරන්නට වෙන වෙලාවල් අමතක කරමුකො...

ඔන්න කටුනායකට එද්දි...අද කෝච්චියේ සීට් වල ඉඩ කඩ තියෙනවා...සාමාන්‍යයෙන් නම් මේ වෙද්දි ඉඩ තියෙන්නෙ අඩුවෙන්...අද පොඩි එහා මෙහා වීමකින් ඉඩ තිබුණා....


මගෙ ලඟට අහම්බෙන් වුණත් ඒ ආවෙ අද මගේ කතාවේ කථා නායිකාව

ඇය...දුටු මනතින් බොහොම ගැමි පෙනුමක් තිබුන අවුරුදු විසි හතක් අටක් වගේ වයස ඇත්තියක්...කෙසඟ සිරුරක්...ඒ වගේම ටිකක් මෝදු වුන බඩක්...මට මතක් වුණෙ අපෙ අත්තම්මා ඉස්සර ඔය වගෙ අයට කියන්නෙ..."අනේ හැබෑටම තුත්තිරි ගහේ දෙබරෙ බැන්දා වගේ..."කියලා....හාස්‍යයකට නෙවෙයි...ඒ සිරුරට ඒ බර බර වැඩි නැතත් පෙනෙන්නෙ එහෙමයි....


සාමාන්‍යයෙන් කොලොම් තොට ගැබිණි මවු වරුන් පවා විච්චූර්ණ කරන කාලෙක යාන්තම් රැළි වැටුන බෝරිච්චි අත් දාපු ගවුමක් ඇඳන්...ඇය ආවෙ...

සායන කාඩ් පත් දාපු බෑගයක් සහ..හෑන්ඩ් බෑගයක් සමග ඇය මා ලඟට ඇවිල්ලා ඉඳ ගත්තා...මුහුණෙ තිබුණෙ අහිංසකම හිනාවක්....( විසිරිටත් අනේ ඉතින් අපරාදෙ කියන්න බෑ...හිනාව නම් උප්පත්තියෙන්ම ලැබිලා තියෙන්නෙ බැන්නත් හිනාවෙන තරමට...)...

යාන්තමට දෙපැත්තට හිනා දෙකක් හුවමාරු උනා...විසිරිගෙ ෆෝන් එකේ ඩේටා ඉවර වුණෙ ඒ පොඩි අම්මාගෙ වෙලාවටම වෙන්න ඇති...නත්නම් මේ විසිරි කෝච්චියෙදි බ්ලොගේ කියවන්නයි ලියන්නයි ගත්තාම ආයෙ ඔලුව උස්සන්නෙ නෑ

ටිකකින් අර අපේ කථා නායිකාවට එනවා කෝල් එකක්...

 ඔව් ඔව් නැග්ගා නැග්ගා අයියා....නෑ...නෑ ඉඳගන්න ඉඩ තියේ...

--------------------------------

ඔයා කෑවා නේද......


----------------------------------

මං හොයන් යන්නම් අයියා...මට යාන්තමට මතකයි නෙව....කාගෙන් හරිත් අහගන්නම්කෝ...බය වෙන්න එපා ඔයා...


-----------------------------------------


ඔව් ඔව්...මොකක්ද...හා හා පේරකනත්ත ද...හා හා...මං එතැනින් නැගිටින්නම්කො...

පේර ලන්ද ඈට ඇහුණ හැටි තමා ඒ...මට එතනදි වැටහුණා..මේ කාන්තාවට මග තොට ගැන අවබෝධයක් නෑ කියලා

( පේර ලන්ද කියන්නෙ රාගමට කලින් ස්ටේශන් එක )

දැන් මේ යන්නෙ දෙන්නගෙ සංවාදෙ...සාමාන්‍ය ම පොඩි ෆෝන් එකක් නිසා මට එහා පැත්තෙ කටහඬත් ඇහෙනවා...කියන දේ නෑහුණත්....ඒ පිරිමි කටහඬ හරිම ආදරණීය බවකින් කතා කරන්නේ...


ඔන්න ඉතින් මේ වෙන්ඩ අම්මා...ෆෝන් එකත් බෑග් එකට දාගෙන....වතුර උගුරක් දෙකක් බීලා ආයෙ මා එක්ක හිනා වුණා...

සීදුව පහු වෙද්දි දැන් මෙන්න මෙයා නැගිටින්න සූදානම...විසිරිට ඉතින් කතාව ඇහුණ නිසාත් මේ සියලු සංසිද්ධීන් සමාලෝචනය කලාමත් විසිරි දන්නවා...මේ අම්මා යන්නෙ රාගම  රෝහලේ මාතෲ සායනයට කියලා....


ඉතින් අතකින් අල්ලලා එහෙම "තව ගොඩක් දුරයි...මම බහින්න ඕන තැනදි කියන්නම් ..."කියලා එයාව ඉන්දෝගත්තා

ඒ ඇසුරෙන් පටන් ගත්ත කතාව බොහොම සංවේදී වුණා.....

මේ ඇයගෙම කතාව...ඒ වචන වලින්...


අපි මෙහේ නෙවෙයි නෝනා...වාරියපොල...මම බබා හම්බවෙන්න කලින් ගියෙ කුරුණෑගල ඉස්පිරිතාලෙට...ඒත් අයියා මෙහේ වැඩ කරන නිසා කවුරුත් කියනවා රාගම ඉස්පිරිතාලෙ හොඳයි කියලා...ඒක නිසා අපි මේ මෙහේ ක්ලිනික් එකට රෙජිස්ටර් වුනා...

අද මට ලේ දෙන්න තියන නිසා ඊයෙ රෑ දහයෙ ඉඳන් කන්න බොන්න එපා කිව්වනෙව...බඩත්ගිනියි...අනේ නෝනා අයියා උදේම නැගිටලා මට සුප් එකකුත් හදලා බත් එකකුත් උයලා බැඳලා දුන්නා...එයා හරිම හොඳයි නෝනා

මගේ ඇස් වලට හීන් දැවිල්ලක් එන්න ගත්තේ එතන ඉඳන්...මේ කතාව අහන් ඉද්දි මට දැනුන හැඟීම් මට ඒ විදියටම ලියාගන්න බැරි වෙයි

ඇයි ඉතින් ඔයා තනියම යන්නෙ...මහත්තයා එක්ක යන්න තිබුණානෙ ක්ලිනික්....


නිහඬවම ඉන්න හොඳ නැති නිසා මම ඇහුවා

ගිය සතියෙ තමා අපි ඉස්සෙල්ලම ක්ලිනික්ගියෙ ...අයියා ආවා...අනේ නෝනා ගිය සතියෙ ක්ලිනික් ගිහින් ගෙදර යන කොට අයියගෙ පර්ස් එක පොකට් ගහලා..ඒකෙ සල්ලි නම් තිබුනෙ නෑ..ඒත්...අයිඩෙන්ටිය ඒකෙ...එයා රස්සාව කලෙ යකඩ වැඩ කරන තැනක ...දැන් ඒකට යන්න බෑ අයිඩෙන්ටිය නැතුව.....


ඒ නිසා දැන් දවසෙ කුලියට මේසන් වැඩ කරන අයට අත් උදව් දෙන්න යනවා...ඒක හරිම අමාරුයි නෝනා...බාස්ලා තුන් දෙනෙක්ට අත් උදව් දෙන එක ලේසි වැඩක් නෙවේ නෙ

මිනිස්සුන්ගෙ ජීවිත ගැන හිතන්න ...මේ කෙටි නිමිත්ත පවා ඇති...

අදත් ආවොත් එතන වැඩත් නැති වෙයි නෝනා...ඒ නිසා මං යන්නම් කිව්වා..ඒත් එයා බයයි නෝනා....

මේ වෙද්දි කෝච්චිය ජාඇල පහු කරනවා...

තව ටිකක් දුර තියනවා බය වෙන්න එපා...තව ස්ටේශන් තුනක්ම තියනවා....  ඒ මම

මම ඇයගෙ කතාව අහන්න ඕන කමින් කියන කොටම ඔන්න ආයෙම ඇයගෙ ජංගමය නාද වෙනවා

ජංගමය කනේ තියාගත්තාම ආයෙ එන්නෙ ඇගේ ස්වාමියාගෙ කටහඬ...

නෑ...නෑ අයියා...මේ දැන් ජාඇල..මෙතන නෝනා කෙනෙක් ඉන්නවා..එයා මට බහින තැන කියන්නම් කිව්වා...

---------------------------

හානේ....ඔයා මාව දක්කා...හානේ....

----------------------

අනේ ඇයි ඉතින් ඒ වෙලාවෙ කෝල් නොකලේ.....හානේ..ඔයා මාව දැක්කා..?...මම ඔයාව දැක්කෙ නෑනෙ ඒ වුනාට...හරී නරකයි ඔයා....

---------------------


හා හා මම ගිහින් කෝල් එකක් දෙන්නම්කෝ...

මූණෙ මල් හතක් පිපිලා...ජංගමය බෑග් එකට දමමින් ඇය මා වෙත ආයෙම හැරුනා....

අපේ අයියා මාව මගදි දැකලලු නෝනා...අනේ මම එයාව දැක්කෙ නෑනෙ..එයා පාර අයිනෙ ඉඳන් බලන් උන්නලු....

එයා හරිම හොඳයි නෝනා...


එයා ආමි එකේ උන්නේ කලින්.. අවුරුදු දහ අටෙන්  එයා ආමි එකට ගිහින්...ඒ කාලෙ එයා වෙන එක්කෙනෙක් එක්ක යාලුවෙලා උන්නලු...ඒ ගෑනු ලමයා මෙයාට ආමි එකෙන් අස් වෙන්නම කියනවලු නෝනා...ඉක්මනට එන්න කියනවලු..බඳින්න ඕන කියලා...අන්තිමේ මෙයා ආමි එකෙන් පැනලා අවිල්ලා...ඒ ඇවිල්ලා අන්තිමට බලන කොට අර ගෑනු එක්කෙනා මෙයාව අතහැරලා වෙන එක්කෙනෙක් එක්ක ගිහින්ලු නෝනා

අන්තිමේ මෙයාට රස්සාවත් නෑ...බඳින්න උන්න කෙනත් නෑ...පව් නේද නෝනා...එයා හරිම හොඳයි නෝනා....


කාටවත් එහෙම වෙන්න දෙන්න හොඳ නෑ නේද නෝනා

මේ කතාවේ අව්‍යාජ කමත් එක්ක මම සෑහෙන්න බැඳිලා...එයා හරිම හොඳයි නෝනා...කියන වචන ටික මම සෑහෙන වාර ගානක් ඇහුවා...


කෙනෙක් තමන්ගේ සහකරු හෝ සහකාරිය ගැන එහෙම අව්‍යාජ ප්‍රකාශනයන් ඉදිරිපත් කරනකොට ඇත්තෙන්ම අහන් ඉන්න ආසයි...මේ අපූරු අහිංසක කතාවේ මම නිකම් අතරමං වෙලා වගේ මට දැනෙන්න ගත්තා...

අපිට හම්බ වෙන්න ඉන්නෙ දුවෙක්ලු නෝනා...අපි ගමට ගිහින් දරුවා එක්ක ඉන්න වුනත් දැන් අතට මිටට කීයක් හරි එයා හම්බ කරගන්න ඕනනෙ....

ඒ හැම හැඟීමක්ම එක්ක ඇයගෙ මුහුණෙ තිබුනෙ හරිම සුන්දර ප්‍රේමාන්විත බවක්.....මම ඒ දසුන බලන් උන්නෙ හරිම ආසාවෙන්

විසිරි එක්ක ඒ ඇය  කල කතා බහත් එක්ක විසිරි ප්‍රේමය ගැන මුහුණු පොතේ පුංචි සටහනකුත් තිව්වා....ඉතින් ප්‍රේමය මොන තරම් සුන්දරද.....

***************************************************

පසු සටහන

මිනිස්සුන්ගේ මානුශික බන්ධනයන් වල දිග පලල සහ ගැඹුර බලන්නට මිම්මක් නැතත්...මට මේ වචන දිගේ ජීවිතය පුරාම පැතිරෙන අප්‍රමාණ ස්නේහයක් හසුවිණ.....
සමහරක් විට මේ කාන්තාව හද්ද පිටිසර නූගත්ම කතක් වන්නට ඉඩ ඇත... 

නමුත් ප්‍රේමය නම් වූ වස්තු විශයයෙහි...උගත් කමට වඩා මානුශිකත්වයට ලොකු තැනක් හිමිය.....ඒ කාන්තාව ඇගේ ස්වාමියාගෙ අතීතය තුලින් පවා ඔහුගේ ගුණම දකින්නීය...ඒ ආදරය තුළ ඇය රැජිනකි...ඔවුන්ගේ ලෝකය හිතෙන් මවා ගන්නට මට නිරායාසයෙන්ම පුලුවන

මිනිසුන්ගේ පරි බාහිරව පෙනෙන සුන්දරත්වයට වඩා ඇතුලාන්තය කෙතෙක් අපූරුදැයි මම තවමත් සිතමි....

ඇයට බසින්නට මග කියූ පසුත්....මම ඔවුන්ගේ ලෝකය තුළම බොහෝ වේලාවක් සිටින්නට ඇත...


 ****  විසිරි ***