Friday, August 5, 2022

2022 (2) නුඹ තරම් සෙනෙහසක්









කෙහෙකැරළි අතැඟිලෙන් කන්පෙතග රඳවමින
උණුසුම්ම සුසුමකින් ළං ළංව නෙතුසිඹින
දෝත පා මලක් සේ ළයට තුරුලුව තබන
නුඹ තරම් සෙනෙහසක් කොහේ කොහි නම් විණිද .....?

නෙත් පුරා නුහුරු හැඟුමන් ඉතින් අරන් එන
ලවන් උණුසුම් වෙමින් මුදු දෙතොල් තුළ රැඳෙන
හිස හොවා ගෙල මුලට ආදරේ කියාදෙන
නුඹෙ සුවඳ තවමත්ම මගේ ඇසුරෙම රඳන

අතැර යනු නොහී ලොබ බඳින සෙනෙහෙන් දැවෙන
ළය හොවා මහිස යළි සිඹ සෙමින් පිරිමදින
ළං ළං ව දෑස් තුළ කිමිද සෙනෙහස සොයන
අනේ නුඹ මා පැතූ සිහිනයම විය සබඳ......


කිත්මා වාසනා දහනායක 
විසිරි ❤️