Tuesday, November 1, 2016

06.ඒ අපූරු දවස් ( 4 කොටස ) (මතක)






අතීත මතක ඔස්සේ සැරිසරන කොට ආසම කාලයක් වෙන්නෙ පාසල් ගිය කාලෙ.දැන් ළමයින් වගේම තමා අපිත් ටික්ක උදේට නැගිටින්න හොරයි.මට ඒ කලෙ තිබුණ අනික් එපා කල වැඩේ තමයි උදේට මහ ලොකු එලකිරි වීදුරුවක් බොන්න වීම.....

අපේ ගෙදර ඒ කලෙ හරක් ඇති කලා...කිරි ගන්න පමණයි...කොහොමත් අපේ ගම් වල කිසිම දාක හරකෙක් මසට ගෙනිච්චෙ නැහැ.කෘෂි කර්මාන්තයට උර දෙන සම්පතක් වගේ ඉන්න ගවයෙක්ගෙ මස් කෑම පවා මහ පාපයක් ලෙස අපි දුටුවෙ.

ගමේ පාසලේ ඒ කලෙ අපි තුන් වන ශ්‍රේණියට යනකල් ඇන්දෙ පාට ඇඳුම්.ඉන් පසුව තමයි සුදු නිල ඇඳුමට මාරු උනෙ.බාටා සෙරෙප්පු කුට්ටමක් තමයි බොහොමයක් අයගෙ පා සැරසුවෙ.මට මතක කාලෙදි තරමක් ලොකු වයසෙදි පවා මම සෙරෙප්පු දෙකක්වත් නැතුව ගිහින් තියනවා කඩේට....සමූපකාරයට...ඒක ලැජ්ජාවක් ලෙස මමවත්..කිසිම කෙනෙක් වත් දැකලා නැහැ

පාසල ඉවර වෙලා ගෙදරට එන කෙටි දුර වෙල් යාය මැද්දෙන් හරි මහ පාර දිගේ හරි..ගඩාගෙඩි කමින් ...බොහොම නිදහසේ ගමන් කල යුගයක් අපිට තිබුණා....



පහෙ ශිෂ්යත්වය..සමත් වෙලා නගරයේ පාසලට ආවම....ජීවිතේ ටික්ක වෙනස් වුණා...
දැන් කාලෙ වගේ ශිෂ්යත්වය කියන මහ තරඟය අපිට ඒ කාලේ තිබුණෙ නැහැ..නමුත් ගමක ඉන්න අපට නගරයේ පාසලකට යන්න අවස්ථාව ලැබුණෙ ඒ හරහා....අපේ ගුරුමව් පිය වරුන් පාසලේ විශේෂ පන්ති දාල ඒ යුගයෙ අපිට ඉගැන්නුවා...ඒ මතකයන් හරිම අපූරුයි

ඉගනීම කියන දේ මහා තරඟයක් වුණෙ නෑ අපිට කිසිම දවසක.දෙමවුපියන් අපිව යොමු කලා මිසක...පස්සෙන් පන්න පන්න ඉගැන්නීමක් කලේ නැහැ...සමහරක් විට ඒ කාලේ අපෙ ලෝකය දැන් දරුවන්ගේ වගේ තාක්ෂණය මගින් ගිල ගෙන නොතිබීම ඒ නිදහසට හේතු වන්නට ඇති

ගමෙන් නගරයට පාසල් යන්නට ගිය කාලය...බොහොම සුන්දරයි...අපේ බස් රථයේ රියදුරු මහත්තයා අපිට සලකන්නේ තමගේ මුණුබුරු මිණිබිරියන්ට වගේ....බස් එකේ නලාව එකිනෙකාට බාරදීම තමා ඔහු කල අපූරුම දෙය...

නිල්වලා ගඟ මායිමට පිහිටි ගමක් වීමත්.....මාතරට යන තුරු නිල්වලා ගඟේ මායිම් හමුවීමත්...අපට ගx වතුර කාලෙදි අපූරු අත් දැකීම් ගෙන ආවා......බොහෝ වැසි කාලවල පාරට වතුර දමන නිසා...අපිට පයින් එන්නට තමයි සිදු වුණේ........සපත්තු දෙක ගලවලා කරට  දමාගෙන එන මග තොට පාරේ ගස් වැල්වල ගෙඩි පලදාවට වග කියමින් අපි ගෙදර ආවෙ.

ඒ කාලය පුදුම සුන්දර යුගයක්...
ඇල්මෙන් අකුරු උගන්නට.....ජීවිතය දිනන්නට ගමේ පාසලෙන් පටන් ගත් ඒ පාසල් දිවිය...සරලයි..සොඳුරුයි......

No comments:

Post a Comment