Tuesday, January 3, 2017

23. මල් වැනි හිත් වෙනුවෙන් (හැඟීම්)

2017 ට පිවිසීම........



සුබ නව වසරක් වේවා කියමින් 2017 විසිරි සිහින වලින් මේ හමුවෙන්නෙ.....ඉතින්...පතනවා මේ ලබන්නාවූ නව වසර ඔබට මෙන්ම ලොවටත් වැඩදායී යමක් ඉටු කල හැකි වසරක් වේවා කියා.



කියවන හැමදේම ජීවිතයට එකතු කරන්නේ අලුත්ම අත්දැකීමක්...ඉතින් අන්තර්ජාලය ඔස්සේ කියවන ඇතම් දේ තුල බෙදා හදා ගන්න ලැබෙන සුන්දර දේවල් මම මගේ අත්දැකීම්ත් එක්කාසු කරන් ඔබට ලියන්න ගන්නවා.

දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් විදියට ඔබ ඔබේ දරුවා සම්බන්දව මෙන්න මේ සුලු සරල දේවල් කරනවාද කියා මඳක් සිතන්න.




1.මම ඔයා ගැන ආඩම්බරයි
2. ඔයා හැම විටම මා ආඩම්බරයට පත් කරන දේ කරනවා
3.ඔයාගෙ වචන වල හරිම අපූරු තේරුමක් තියනවා
4. ඔයා කියන දේවල තියන තේරුමට මම හරි කැමතියි
5.ඔයාගෙ අම්මා වීම ගැන මම හරිම ආඩම්බරයි
6.ඔයාගෙ අදහස් සහ යෝජනාමොනවද මේ ගැන...? මම ඒවා දැනගන්න කැමතියි
7.ඔයා මට / අපට හරිම වැදගත්
8.ඔයාට ආදරේ හිතෙනවා

9. මම ඔයාව විශ්වාස කරනවා
10.ඔයා නැතුව අපේ පවුල මේ වගේ වෙන්නෙ නෑ
11.ඔයාට ඕනම වෙලාවක "හා "කියන්නත් "බෑ"කියන්නත් පුලුවන්
12.ඔබ හරිම වටිනවා
13.ඔයා නිවැරදියි
14.මම දන්නවා ඔයාට ඒ දේ කරන්න පුලුවන්
15. මම දන්නවා ඔයා ඒ දේ උපරිමයෙන් කරාවි

16.මම ඔයාගෙ නිර්මාණශීලි බවට කැමතියි
17.මම ඔයාගෙන් අලුත් දෙයක් හමදාම ඉගන ගන්නවා
18.මට ඔයාව තේරුම් ගන්න පුලුවන්
19.මම ඔයාව විශ්වාස කරනවා
20. මට ඔයාට සමාව දෙන්න පුලුවන්
21.ඔව්.කිසිම කෙනෙක් අංග සම්පූර්ණ නැහැ
22 ඔව්..මම අහන් ඉන්නේ
23.ඔයා හරිම අපූරුයි

24.ඔයා පිටින් වගේම හිතෙනුත් ලස්සනයි
25.අපි හැමෝටම වරදින්න පුලුවන්




සමහරක් වචන හරි කෙටියි...ඒත් ඉතාම ප්‍රබල හැඟීම් රාශියක් ඒ වචන වලට දෙන්න පුලුවන්.....
කෙනෙක් ගේ හිත මොහොතකින් කෑලි කෑලි සිය දහසකට කඩන්නත්...ඒ වගේම අනිත් අතට....මල් යායක් සේම සුවඳින් පුරවන්නත් වචන වලට හැකියි.....
තෝරා ගැනීම ඔබ අතේ....







6 comments:

  1. බ්ලොගර් ෆලෝවර් ගැජට් එකත් එල්ලන්න. පස්සෙන් එන්න පහසුයි එතකොට.. ජය වේවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබට ...එය කල හැකි අන්දම හැකි නම් කියාදෙන්න

      Delete
  2. තව වත් හින දදකින්නට ලැැබේව

    ReplyDelete
    Replies
    1. සැබෑ වන හීන දකිමින්...ස්තුතියි අටම්පහුර

      Delete
  3. මෙහෙට ආපු පළවෙනි වතාව .. එත් මට හිතෙන්නෙම මං ඔබව කලින් කියවලා තියෙනවා
    Happy 2017

    ReplyDelete
    Replies
    1. සමහරක් විට කියවා ඇති....මේ අවකාශයේම මම කලිනුත් උන්නා...

      Delete