Thursday, January 5, 2017

24. අතිර දිවි (කවි )

                                                   මිනී කපන කාමරයේදී......




සමහරක් විට මේ දෑත්
පැටලි පැටලී තියෙන්නට ඇති
උණුසුමින් සෙනෙහසින්
තවත් දෑතක සොඳුරු...

මේ ධමනි...මේ ශිරා
ගැහි ගැහී තියෙන්නැති
නුහුරු සුසුමන් අසල
අදිසි එක් ඉසුඹුවක...

සෙනෙහසින් නෙත් හෙලූ
සවන් යුග මුදු සිපුම්
කෙතෙක්  නම් තියෙන්නට
ඇත් ද මේ හැම තැනෙක...

කිසිත් නැති..ඔව්
හැඟුම් කිසිවක්ම නැති
සැතක් ගෙන පලා ලමි
ඒ සිරුර
ජීවිතේ ...
කිසිත් නැති බව
හැඳින

6 comments:

  1. අරලිය ගහකින් චූටි ලස්සන මලක් නෙලනවා දැක්ක අද උදේ බුදු පහන තියන්න ඈ..
    මේ වියම්න කියවද්දී ඇයි මට ඒක මතක් උනේ....?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.සමහර සිතුවිලි හිතට නැගෙන අන්දම විග්‍රහ කරන්න අමාරුයි නේද..මේකත් එක්ක ඒක කොහොම සම්බන්ධ වෙනවද...?

      Delete
  2. කිසිත් නැති..ඔව්
    හැඟුම් කිසිවක්ම නැති
    සැතක් ගෙන පලා ලමි
    ඒ සිරුර
    ජීවිතේ ...
    කිසිත් නැති බව
    හැඳින

    ඇත්ත එයයි ජිවිතේ

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ජීවිතේ යාත්‍රාව...

      Delete