Wednesday, May 3, 2017

53. හිතන්නට යමක්








ඔබ ඔබම මිස මා නොවේ.....
මා මා මිස ඔබ නොවේ.....

මේ හැඟීම ඔබට දැනිලා තියද.....?

මගේ වෘත්තීය ජිවිතයේ වැඩිම කලක් ගත වුනේ ලෙඩ්ඩු එක්ක.....දැන් පුහුණු පාසලේ ආචාර්ය වැඩේ කලාට ලෙඩ්ඩු එක්ක උන්න කාලේ තාම අමතක නැහැ ....

හිටපු ගමන් අතීතය ට හිත දුවන කොට ....මතකයට එනවා...සමහරක් රෝගීන් එක්ක සබැඳුණු මතකයන්....

මේ එහෙම එකක් ....

සමහරක් විට හිතට එන සුළු නිමේෂය ඇති ...දීර්ඝ ව හිතලා....සටහනකුත් ලියා තබන්නට...

ඉස්සර මගේ අංශයට ආව රෝගීන් අතර උන්නා ...සුමනා කියලා කාන්තාවක්...මේක අන්වර්ථ නාමයක්...
මගේ අංශයෙන් ප්‍රතිකාර දුන්නේ ස්නායු ආබාධයන්ට ලක් වූ යට තමයි විශේෂයෙන්ම ...

ඇය පැමිණියේ...අංශභාග රෝගය නිසා ...

ඉතින් බාහිර පෙනුම ගත්තම සුමනා ටිකක් මහත කාන්තාවක්.....

අංශභාගය හැදුනම ශරීරයේ එක පැත්තක්ම අප්‍රාණික වෙනවනේ ...එතකොට මුල් අවධියේදී මේ ය ප්‍රතිකාර කටයුතු වලට ගේන්නේ රෝද පුටුවෙන් ...ව්‍යායාම ප්‍රතිකාර සඳහා තැනින් තැනට රෝද පුටුවෙන් මාරු කරන්න ගියාම රෝගියා ගේ සහය නැත්නම් ...පුදුම සටනක් කරන්න වෙනවා 

සුමනා අන්න එහෙම කෙනෙක්..කිසිම උවමනාවක් නැහැ...බලන් ඉඳලා බැරිම තැන මම ඇයට කිව්වා..." අනේ සුමනා මෙහෙම ඉඳල නම් බැහැ ....ඔයා ටිකක් උනන්දු වෙන්න ඕන .." කියලා....

සුමනා ගත් කටටම කිව්වේ....

" මිස් නම් කියයි...මිස්ට ඔය යස අගේට ඇවිදින්න පුළුවන්නේ..මගෙනේ ඇඟ පණ නැත්තේ....මිස්ට තේරෙනවය ...මගේ අමාරුව.." කියලා....

මේ වගේ ප්‍රතිචාර අපේ රැකියාවේදී හරිම සුලබයි...හෙන ගහන්නා වගේ මෙහෙම කිව්වම තරහ නොගෙන ඉන්නත් සංයමයක් තියෙන්න ඕන .....එක නම් කාලයක්ම වැඩ කරලා ඕනෑවටත් වඩා තියනවා......

මම ඉතින් සුමනාට මේක හෙමින් තේරුම් කරලා දුන්නා...

මම හිතන්න ගත්තේ ඉන් පස්සෙයි......

අනුන්ගේ ප්‍රශ්නයක් තමන්ගේ ඇසින්  දකින්න අපිට පුලුවන්ද ....?

ඒ දකින විදියේ තියෙන වෙනස් කම් මොනවද...? 
මේ දෙවිදිය සමාන කරගන්න නම් අපි තුළ තිබිය යුතු ගුණාංග මොනවද...?

මම දිගටම හිතුවා....




අද කාලේ මම වැඩ කරන්නේ...ඊළඟට රෝහල් වල සේවයට යන පරම්පරාවට දැනුම දෙන්න....කාලය එක්ක පරම්පරාව වෙනස්....ආකල්ප වෙනස්...ඒ නිසා මේ දේවල් ඔවුන්හට කියල දෙන්නම මේවා මට උදාහරණ වෙනවා...

ආබාධිත තත්වයට පත් වුවෙක්ගේ හැඟීම් තේරුම් ගන්නට නම් අපි ඒ ආබාධය ගැන පුළුල් අවබෝධයකින් සිටිය යුතුයි.....බොහොමයක් ආබාධ තත්ත්ව වලදී...ඒවා සහ සබැඳුණු...මානසික පසුබිමක් තියෙන බව අමතක නොකළ යුතුයි....
තමන් මුලින් හිටපු තත්වයෙන් බොහෝ පහලට වැටෙන්න වුනාම ..ඇති වන මානසික අව පීඩන තත්වය හුඟක් අයගේ සුලබ ලක්ෂණයක්..ඉන් මිදෙන්නේ බොහොම කීප දෙනයි......මේ තත්වය අපිට තේරුම් ගන්න බැරි නම් ...ඒ තත්වයට පත් වු කෙනාගේ හැඟීම් නිවැරදි ඇසින් දකින්න අපිට බැහැ ...

ආබාධිත බව තියන අයෙකුගේ පමණක් නොවෙයි සාමාන්‍යයෙන් ඕනෑම අයෙකුගේ හැඟීමක් නිවැරදිව නිසි ආකාරයෙන් තේරුම් ගන්න නම් අපි ඒ තත්වයට මනසින් ගොඩ වැඩිය යුතු වෙනවා..නැත්නම් අපි හැම විටම මේ හැඟීම් වලට දෙන්නේ වැරදි අර්ථකතනයක් වෙන්න පුළුවන්....
මම ආබාධ සහිත තැනැත්තන් ගැන ලියන්නේ මගේ වෘත්තීය එක්ක මට අත්දැකීම් තියෙන්නේ ඒ අංශයෙන් නිසි...ඇත්තටම මේ වගේ ය සමග කටයුතු කිරීමේදී මනසින්.....මෙහෙම දෙයක් මට වුනොත් කොහොම වෙයිද කියලා කියන හැඟීම ලබා ගත යුතු වෙනවා...

කෙනෙක්ගේ අතක් නැති වුනොත් අපි ඔහුට ප්‍රතිකාර කරද්දී හිතනවා....මේ දේ මට වුනා නම් මම කොහොමද ඉදිරි වැඩ ටික කරගන්නේ කියලා....කෙනෙක්ට රෝද පුටුවක් දෙන්න සිද්ද වෙන වෙලාවක ඒ කෙනාගේ මනස ඒකට හැඩගස්  වන්න කලින් අපි හිතන්න ඕන ...මේ දේ මට වුන නම් මට එන අභියෝග මොනවද කියන එක... 

ඒ නිසා කෙනෙක්ට ගැලපෙන ප්‍රතිකාර තීරණය කරන විට අපි ඒ රෝගියාගේ තත්වයට මනසින් ගොඩ වදිනවා....


ඉතින් ඔබ ඔබම වන තුරු....මා මා ම වන තුරු ...අපි කොහොම නම් අනෙක් අයගේ හැඟීම් ඒ අන්දමින්ම තේරුම් ගන්නද......?





26 comments:

  1. //තමන් මුලින් හිටපු තත්වයෙන් බොහෝ පහලට වැටෙන්න වුනාම ..ඇති වන මානසික අව පීඩන තත්වය හුඟක් අයගේ සුලබ ලක්ෂණයක්.//
    මේ වග වටහගන්නේ බොහොම ටික දෙනයි.
    අගනා සටහනක්. හිතන්නට දේ බොහෝයි.

    ReplyDelete
  2. //මෙහෙම දෙයක් මට වුනොත් කොහොම වෙයිද කියලා කියන හැඟීම ලබා ගත යුතු වෙනවා//


    මං හිතන්නෙ මේක වෛද්‍යවරයෙක් වගේම හැම මනුස්සයෙක්ම හිතන්න ඕන දෙයක්. එහෙම නොහිතන අවස්ථා වලදි ආභාද සහිත මනුස්සය මනසින් වැටෙන වැටිල්ල දන්නෙ ඒ මනුස්සයම විතරයි.

    හැම දෙනෙකුටම කියවන්න වටින සටහනක්

    ReplyDelete
  3. අන්න හරි. මිස්ගෙ අතපය හොඳට තියෙන නිසා මිස්ට මොකද. අපේ අතපය මිස්ගෙ වගෙ නවන්නෙ අපිට රිදෙන්නෙ නෑ කියල හිතාගෙනද, ඇයි යකෝ එහෙම නවන්න පුලුවං නං අපි නවනවනෙ. අල්ලලා නවනකං බලං ඉන්නවයැ. හොඳ වැඩෙ සුමනා තව බනින්න තිබ්බෙ

    ReplyDelete
  4. හැබැයි ඔය හිතුවිල්ල හුඟක් තැංවල වචනයක් විතරයි. කවුරුවත් අනික් කෙනාගෙ පැත්තට ගිහිං මොනව ප්‍රශ්නයක් දිහාවත් බලන්න ලෑස්ති නෑ

    ReplyDelete
    Replies
    1. ඒක හරි...නමුත් අපි රෝහල් වලදී ඒක කළ යුතුයි කියලා මම කියන්නේ..

      Delete
  5. හැබැයි ඔය හිතුවිල්ල හුඟක් තැංවල වචනයක් විතරයි. කවුරුවත් අනික් කෙනාගෙ පැත්තට ගිහිං මොනව ප්‍රශ්නයක් දිහාවත් බලන්න ලෑස්ති නෑ

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ...දැන් එක පාරක් ඔව් කිව්වනේ...හැක්

      Delete
  6. අන්න හරි. මිස්ගෙ අතපය හොඳට තියෙන නිසා මිස්ට මොකද. අපේ අතපය මිස්ගෙ වගෙ නවන්නෙ අපිට රිදෙන්නෙ නෑ කියල හිතාගෙනද, ඇයි යකෝ එහෙම නවන්න පුලුවං නං අපි නවනවනෙ. අල්ලලා නවනකං බලං ඉන්නවයැ. හොඳ වැඩෙ සුමනා තව බනින්න තිබ්බෙ

    ReplyDelete
    Replies
    1. එක පාරක් කියහංකො සෙද්ද... දෙපාර දෙපාර කියන්න ඕනැයි ඕක...

      Delete
    2. දුප් , කැමරා හොම්බා

      Delete
    3. දුප් , කැමරා හොම්බා

      Delete
    4. දුප් , කැමරා හොම්බා

      Delete
    5. ඒකනේ....රිපීට් ටෙලිකාස්ට්....

      Delete
  7. කෙනෙක් රටේ ආබාධිත වුණානම්
    දුකක් දැනෙයි නිරෝගි අය දකීවිනම්
    හිතක් සුහදවී ඔවුනට සලකයිනම්
    තුටක් ලැබෙයි ලෙංගතුකම රැඳේවිනම්......

    ජයවේවා!!!

    ReplyDelete
  8. හැමෝම කියවන්න ඕන ලිපියක් කියල මට හිතෙනවා මේක . ඉවාන්ගෙ කමෙන්ට් එකත් මරු

    ReplyDelete
    Replies
    1. ඉවාන්ට පිස්සු නෙව...මාරු තමා...

      ස්තුතියි සඳු

      Delete
  9. අපේ ජාතික ප්‍රශ්ණ වලටත් අදාල වෙන්නෙ ඔය තමන්ගෙ පැත්තෙන් විතරක් බැලීමනෙ

    ReplyDelete
    Replies
    1. ඕනෑම ප්‍රශ්නෙකදී ....මේ දේ ඇත්ත

      Delete
  10. වැදගත් ලිපියක් අක්කා

    ReplyDelete