Sunday, June 25, 2017

65. වැස්ස විඳින්නට එන්න ඔබත්




some people feel the rain...others just get wet....


මෙන්න මේ කතාව හුඟක් වෙලාවට මුහුණු පොතෙත් තව එක එක තැන් වලත් පල වෙනවා මම දැකල තියනවා.....

මේක කියලා තියෙන්නේ බොබ් මාලේ....

ඇත්තෙන්ම ඔබ මේ දේ විඳලා තියද....

අපි හැම තිස්සෙම වැස්සෙන් ගැලවෙන්න දුවනවා මිසක වැස්සට තෙමෙන්න ඉඩ හැරලා ඒක විඳිනවද.....

ඔව් ඉතින් වැඩට යන වෙලාවක ගමනක් යන වෙලාවක ඔය කියන දේ කරන්න බෑ තමයි...

ඒත් ගෙදර ඉන්න වෙලාවක....නිකම් හිතෙන්නේ නැද්ද...වැස්සට පැනල පොඩ්ඩක් තෙමෙන්න.....


අද වහින දවසක්...නිවාඩු දවසක්....
ස්වාමිපුරුෂයා ට නිවාඩු නැහැ....උන්නත් ඕනනං අහයි...මනුස්සයෝ පිස්සුද කියල...

ගෙදර ඉන්නේ මම යි ළමයිනුයි බල්ලෝ දෙන්නයි....

ඉතින් කාගේ තහනමක්ද...කවුරු මේක විග්‍රහ කරන්නද...විවේචන කරන්නද....

දෙපාරක් නොහිතා බැස්සා මිදුලට....

කොල්ලෝ දෙන්න හිනාවෙනවා..බල්ලෝ දෙන්න මට හවුලට පැන්න මිදුලට....


වැහි බින්දු එකින් එක මුහුණට වැටෙන කොට...ඒ දැනෙන දේ ..අකුරු වලට හරවන්න අමාරුයි.....

සෙරෙප්පු නැතුව මිදුලේ තණකොළ ගොල්ලේ තෙමි තෙමි ඇවිදින්න....වැස්ස එක්ක හමන සුළං රැලි වල පහස විඳින්න.....මිට වඩා වෙලාවක් වෙන කොයින්ද....

මං කියනවට එක දවසක් ඔන්න ඔය අටෝරාසියක් තියන වැඩයි බරපතල සිතුවිලියි අමතක කරලා....මෙන්න මේ දේ කරන්න.....හිතේ ඇතුලේ පොඩි හරි පීඩනයක් තියේනම්....එක වැහි බිංදු එක්ක අතුරුදහන් වෙන හැටි බලන්න.....



විසිරි .......

22 comments:

  1. හිතක් වටකර තියෙන දුක්ගිනි නිවා ගන්නට වෙහෙසිලා
    ටිකක් මිදුලේ නතරවූවේ වැස්සෙ තෙමෙමින් නැහැවිලා
    මතක් වෙනකොට තාම රිදෙනව හෙම්බිරිස්සා ඇතිවෙලා
    මසක් ගෙවුණා කැස්ස තාමත් නැහැනෙ මටනම් අඩුවෙලා.....

    ජයවේවා!!!

    ReplyDelete
  2. අපිත් වැස්සේ ඕනි තරම් තෙමෙනවා.. හැබැයි රස්සාවට.. :)

    (මේ වගේ පිස්සුවට නං නෙවෙයි.. හැක් හැක් හැක.. )

    හැබෑට අද නිවාඩුද?

    ReplyDelete
    Replies
    1. නිවාඩු දවස් වලට වහින එක ශෝක්.....

      Delete
  3. ඔහොම කොරන්ට නම් නෝනෝ කාරණා දෙකක් සපිරෙන්ට ඕමනයි.

    1.නිවස වටා අවම වශයෙන් අඩි 10 උස තාප්පයක් ඉදිකර තිබිය යුතුයි.

    2.අසල්වැසියන්ගේ නිවාස තනි තට්ටුවේ විය යුතුයි.

    එහෙම නැත්තං වෙන්නෙ මොකක්ද දන්නවද?

    ට්‍රීං, ට්‍රීං, ට්‍රීං,

    "හෙලෝ. මේ පොලිස් හදිසි ඇමතුම් සේවය...කරුණාකර අපෙන් ඉටුවිය යුතු කුමක්ද පවසන්න.."

    "අනේ මිස් මේ අපේ අල්ලපු ගෙදර ගෑණු මනුස්සයට පිස්සු හැදිලද කොහෙද..අනේ මට ගෙදර ඉන්ටත් බයයි වගෙ.."

    "නෝනා කරුණාකරල සන්සුන් වෙන්න..අපිට පැහැදිලිව විස්තර කියන්න..කොහොමද ඔබ ස්ථිරවම කියන්නෙ ඒ තැනැත්තියට මානසික ආබාධයක්ය කියල.."

    "ඒක මට ස්ථිරයි..මිස්..මේ දබ වැස්සෙ ඒ මනුස්සය මිදුලට පැනල වැස්සෙ තෙමි තෙමි එහාට මෙහාට දුවනව. එහෙ ඉන්නවනෙ අර බලු නට්ටො දෙන්නෙකුත්. අන්න උන් දෙන්නත් උඩ පැන පැන ඒ පස්සෙ දුවනව"

    "හා එහෙමද? දැන් ඔය නෝනට පැහැදිලිව පේනව ඒ දර්ශනය... එහෙම නේද?"

    "මේ මොනව කියනවද මිස්? මම මේ ගෙදර දොරවල් ජනෙල් ඔක්කොම අගුලු දල වහගෙන ගේ ඇතුලට වෙලා ජනේලෙන් බලාගෙන කතා කරන්නෙ. අනේ මිස් කවුරුහරි ඉක්මනට එවල මේ මනුස්සයව අංගොඩටවත් යවන්න. මගෙ මහත්තයත් ගෙදර නෑ. පොඩි දරුවො දෙන්න විතරයි ගෙදර ඉන්නෙ. මට බයයි මිස්.."

    "හරි හරි අපි ඉක්මනට ඔය කිට්ටුව තියන හදිසි ඇමතුම් රථයට පණිවිඩයක් දෙන්නම්..එතකල් ඔහොමම බලාගෙන ඉඳල අපිට විස්තර කියන්න.දැන් මොකද ඒ ලේඩි කරන්නෙ?"

    "ආ..දැං ඔන්න අත්දෙකත් දෙපැත්තට විහිදගෙන උඩ බලාගෙන කැරකෙනව. ඒ අතරෙ මොනවද කියවනව. මේ වැස්සෙ සද්දෙ හින්ද මට හරියට ඇහෙන්නෙ නෑ.."

    "හරි හරි..මම දැන්ම පණිවිඩේ දෙන්නම්..මට මිස්ගෙ ලිපිනය දෙන්න..."

    "නොම්මර 18, ............. "

    "Ok, Calling Emergency response team no. 1, A category A situation is reported from the vicinity of no. 18......., A suspected deranged female is at large with two dogs, presumed dangerous,proceed with extreme caution...repeat proceed with extreme caution, If you need back up please inform and keep me posted live and good luck..."

    ReplyDelete
    Replies
    1. ඊට සමාන්තර අනික් ගෙදර:

      "ටුක් ටුක්... ටුක් ටුක්"

      ඉක්මනට වයිබරේ මැසේජ් එක බලනවා... අම්මටසිරි...

      "මොකද්ද බන්?"
      "අඩෝ නියමයි හලෝ.."
      "ඔව් ඔව්... බල්ලෝ දෙන්න හෙන හුරතල් බන්"
      "පිස්සුද හලෝ... බලනවා අර _____"
      "හුම්ප්"
      "අප්පටසිරි....! දැන්නේ දැක්කේ"
      "අඩෝ.. මමත් මෙහෙම හිටියට අහවල් රිපොටරයෙක්... හිටාන් මම මේක උන්ගේ පේජ් එකට අප්ලෝඩ් කරන්න"
      "පිස්සුද යකෝ තව පැය බාගයක් හිටපිය"
      "පැය බාගයක්?? ඒ මොකටද?"
      "විනාඩි දහයෙන් මම ඔතන.. ඊට පස්සේ විනාඩි විස්සක් ඕක බලනවා... ඊට පස්සේ දාන එකක් දානවා"

      Delete
    2. ෂැහ්, රවි ඉන්නෙ කාන්තාරෙනෙ

      Delete
    3. @ රවී...මගේ ගෙදර තුන් පැත්තකින්ම වට වෙලා තියෙන්නේ කොන්වන්ට් එකක තාප්පෙන්...ඒ නිසා අවුලක් වෙන්නේ නෑ

      Delete
    4. @ ලිඛිතා..... අත්දැකීමෙන් කිව්ව එකක් වගේ .....ඒ වගේ ඒවා නම් මෙතන වෙන්නේ නෑ..හිහි

      Delete
  4. මටනම් ඉතින් වහිනවා කියන්නේ එදා මෙදා තුරම බොහොම සුන්දර හැඟීම් අවදි කරන ක්‍රියාවක්.ඉස්කෝලෙ යන කාලෙ ඉදලම වැස්සට තෙමෙන්නෙ බොහොම මනාපයි.වහින දවසට කුඩයක්වත් අරන් යන්නෙ නෑ මොකද තෙමෙන්න තියෙන ආසාවට.දැණ් කියලත් එකේ වෙනසක් නෑ දැන්නම් මට සහයට ඉස්තලන් ඉන්නවා ධාරාණිපාතෙට වහිනකොට ගේ වටේ දුව දුව පීලි වලින් නාන එක අපි දෙන්නගෙම ආසාවක්.සත්තලන්නම් ඉතින් උදැල්ල දානවා අපි ඉතින් එයාට බය නෑනේ හි හී

    ReplyDelete
  5. අවුරුද්දයි මාස දෙකකින් වැස්ස දැකලා නෑ. මම මෙහාට ආවත් හරි, තාම එකදවසයි වැහැලා තියෙන්නේ. ඒකත් මම නිදියගන ඉන්න වෙලාවක

    ReplyDelete
  6. Remembering me this.. https://www.youtube.com/watch?v=ouxJ4GfC6JA

    ReplyDelete
  7. මටනම් ආසා උනත් වැස්සේ තෙමෙන්න බෑ. ඊට පස්සේ හච්චිං 1000 විතර යනවා

    ReplyDelete
  8. හ්ම්ම් හරිම ලස්සන සුන්දර දෙයක් , මාත් අනන්තවත් ඔහොම වැස්සේ තෙමිලා තියෙනවා ඔය දේ විදින්නම

    ReplyDelete
  9. මට වහින වේලාවට මිදුලට බහින්න වෙන්නැ. එත් ඕන තරම් වැස්සට තෙමෙනවා බයික් එකේ යදීදී නම්. එහෙම යද්දී ඉඩ ඉරිඟු වඩේ වගේ කැමක් දැක්කොත් අනිවාර්යෙන් ගන්නවාමයි. ගෙදර ආවට පස්සේ හොදටම බැනුම්. ඒ විතරක් නෙවෙයි සැහෙන දවසක් යනකම් හැංගිලා ඉන්නේ ගමේ ඇන්ටිලාට සිද්ධිය අමතක වෙනකම්ම

    ReplyDelete
  10. වහින්න ලැහැස්ති වෙද්දි මං කරන්නේ එළිය බලන් ඉන්න එක..පොඩ්ඩ පොඩ්ඩ වහින්න පටන් ගත්තම පොළව තෙමෙද්දි එන සුවඳට මම පුදුම ආසයි..
    නහස් වලින් ඇතුල් වෙලා පෙනහලු දිගේ පපුව පසාරු කර ගෙන යන සුවඳ..මම හැමදාම ආසා අමතක නොවෙන..ඊට පස්සෙ වහිනකොට ආසාම තෙමෙන්න කවුරු කොහොම හිතුවත්..තෙමෙන්න..

    ReplyDelete