Thursday, November 30, 2017

79. ජීවිතය...සුන්දරයි....

මේ සටහනත් ජීවිතය ගැනමයි.....





අර ජීවිතය.... life..පාඩම් ටිකේ ඊලඟ අදියරට එන්න....තව ටිකක් දවස් යනවා...
ඒ අතරේ ජීවිතය හා සම්බන්ධ වුණ අතුරු කතාවක් මේක....
.
මේකත් මෙතනටම හරි ගියේ....ඒ පාඩමටම සම්බන්ධ වූ දෙයක් නිසා....
.
එදා...පාඩම ට අදාල දවසේ මම උදේ සේවයට එනවිට ...මට එනවා දුරකථන ඇමතුමක්..
.
ඒ මගෙ සිසුවියකගෙන්....
ඇය...ඇසුවේ ඇයට අද පාඩමට අදාල සටහන් ටික ගෙන එන්න අමතක වූ නිසා..නැවත බෝඩිමට ගොස් එය රැගෙන ඉක්මනින් එන්නද...කියායි...
.
මම ඇයට ....එයට අනුමැතිය හා අවසරය දුන්නේ නෑ.....අද පාඩම අලුත් දෙයක් හෙයින්...එයට සහභාගී වන ලෙස මම පැවසුවා....

Life span development දේශනයේ එක් තැනකදී..ජීවිතය ට සම්බන්ධ යුතුකම් සහ වගකීම් ගැන ඔවුන් කතා කරද්දී.....මට මේ කාරණය ගැන ඔවුන් හා කතාබහ කරන්නට අවස්ථාවක් ආවා...

How many of you plan your next day...?

මගෙ විමසුම ඒකයි....
අපි ඇත්තෙන්ම හිතනවා අපි සැලසුම් ඇතුව වැඩ කරන බව....නමුත් එය ක්‍රමානුකූලව කරනවද....
සිසුන් අතරින් විවිධ අදහස් ආවා...
කාලය කලමනාකරනය කරගන්නට.....to do list එකක වැදගත් කම ගැන අපි කතාකලා...
..
හැම දවසකම අවසානයේ හෙට වෙනුවෙන් සූදානම් වීම ඉතාම වැදගත්....අත්‍යාවශ්‍ය කරුණු කාරණා ගොනු කල කුඩා ලයිස්තුවක්...එහි කාරණා සම්පූර්ණ කල ගමන් ලකුනු කිරීමෙන් අපි දැනගන්නවා අපි එදා දිනය තුළ සම්පූර්ණ කල දේවල්...

ඔව්...අතහැරෙන මගහැරෙන...කරගන්නට බැරිවෙන දේවලුත් එතන තියේවි....ඒක ඉන් ඉස්සරහට ආයෙම ගෙනියන්න පුලුවන් ....
.
මේ ක්‍රමයෙන් අමතක වීම් අවම කරගන්න හැකියි...අනවශ්‍ය කාල නාස්තිය වලක්වාගත හැකියි...කාලය පමණක් නොවේ මුදල් පවා අනවශ්‍ය නාස්තියක් වෙන්නෙ නෑ.....
.
හැම දේටම නියමිත වේලාව සහ කාලය ...ජීවිතය සැහැල්ලු කරාවි.....

ඔබට තියද මෙහෙම ලිස්ට් එකක්..එහෙනම් කියන්න ඒ ගැන 

මම 
විසිරි 

6 comments: