Tuesday, February 5, 2019

132.. සපත්තු සහ ඔබේ දෙපා

සපත්තු සහ ඔබේ දෙපා





ඉතින් මේ සටහන ලියන්න මූලිකම වුණ කාරණාව වෙන්නෙ එදිනෙදා මගතොට දකින අයගෙ විස්තර...

මේක ලියන්න ගනිද්දි මට මතක් වුණ එක් දෙයක් සිහියට ආවා...මින් වසර බරගානකට ඈත....මම සෞඛ්‍ය සේවයට බැඳිලා පුහුණු වෙන්න ආව මුල් දිනවල අපේ ජ්‍යේෂ්ඨ සොහොයුරෙක් කිව්ව කතාවක්....

ඉස්සර අපි පාරෙ ගෑණු ළමයෙක් දැක්කම අපි බලන්නෙ කොණ්ඩෙ, ඉඟසුඟ , මුහුණෙ ලස්සන....ඒවද මේවද...
ඒ වුණාට මේ කෙහෙල්මලට ආව දවසෙ ඉඳන් පේන්නෙ ඇවිදින කොට කකුල ඇදද, කොන්දෙ ඇදයක් (scoliosis) වගේද ...මූණෙ facial palsy වගේද....දණිස්ස ඇදට ගිහින් ද...වගේ ඒවා නෙ බං......

ඇත්තෙන්ම විශේෂිත සේවාවකට ඇතුල් වුණාම ඒකෙ ප්‍රතිපලයක් ලෙස කෙනෙක්ගෙ ශාරීරික මානසික වගේම චර්‍යාත්මක සුලු වෙනසක් පවා ඉබේම ඇහැ ගැටෙනව....ඒ උගත් පාඩම් වල මහිමය.

ඉතින් මම ට්‍රේන් එකෙන් බැහැල යන ගමන් අපේ කන්තාවන්ගෙ විවිධාකාර ගමන් ශෛලියන් වගේම ඔවුන් ගෙ දෙපා වල ඇති පාවහන් ගැන විශ්ලේෂණයක් කලා...

අධික ලෙස අඩි උස සපත්තු දැමීම සහ ඒවායේ ඇඟිලි ප්‍රදේශය ඉතා ළංව පිහිටීම කෙනෙක්ගේ ඇවිදින ඉරියව්ව වෙනස් කරනවා...ගුරුත්ව කේන්ද්‍රය රැකගන්න ඕන නිසා කොන්ද ඒකට ගැලපෙන්න වක්‍ර වෙනව....මේකෙ පසු කාලීනව lordosis තත්වයක් ඇවිල්ලා ඒ වගේම කොන්දෙ අමාරු low back pains එන්න පුලුවන් ....කකුල ආශ්‍රිත ව වෙන විකෘතිතා ද එමටයි....ඉඳහිටක උත්සවයකට දැමීම ගැන නොවෙයි මේ කියන්නෙ....දිනපතා භාවිතයේ අහිතකර තත්ව...අනෙක පොදු වාහන වල දැඩි තදබදයක හිට ගෙන යන වෙලාවල්...ගමන දුර නම්....වේදනාව හා අතුරු ආබාධ වැඩියි

වැරදීමකින් අඩියක් ලිස්සා යාම අස්ථි භග්නයක් තෙක් පත්වීමේ අවදානමක් ද මෙහි තියනවා.....ඒ නිසා pointed heels දාන අය ඒ ගැන මඳක් සිතන්න....

ඒ වගේම ඔබේ සපත්තුවේ අඩිය ගෙවෙන අන්දම හ එක්ව නිරීක්ෂණය කරන්න ...ඒ ඔබ ඇවිදින ගමන් රටාව...මෙහිදි ඔබ වැරදි ක්‍රමයට පාද තබනවා නම් ඔබ ගේ සපත්තු ගෙවෙන්නේ සම්පූර්ණ ව නෙවෙයි ........එ නිසා දාර හෝ වම් හෝ දකුණු පස අනෙකට වඩා ගෙවෙනවා නම් ටිකක් සැලකිලිමත් වෙන්න

සාරියක් අඳින නෝනාලාට full flat සෙරෙප්පු නම් හැඩ නෑ...අනෙක ,ෆුල් ෆ්ලැට් සෙරෙප්පු භාවිතය සාරිය එක්ක අමාරුයි...කොන්දට හොඳම වෙන්නෙ පොඩි wedge heel එකක් තියන සෙරෙප්පු .....

ඒ වගේම සෙරෙප්පුවේ පටි තදට තිබීමත් ටිකක් හොඳ නැ....සෙරෙප්පු පටි මගින් ලේ ගමනට අවහිරතා ඇතිවෙන්න පුලුවන් ...ඒ වගේම තුවාල....

අන්න ඒ නිසා සෙරෙප්පු දෙකක් ගන්න වෙලාවට මෙන්න මේ කාරණාත් පොඩ්ඩක් හිතලා බලන්න.....අනික් දවසේ

විසිරි සිහින.

5 comments:

  1. අපූරු ලිපියක්. බොහොම ස්තුතියි.

    ඉස්සර නම් හීල්ස් ගොඩක් දැම්මට, දැන් නම් අනේ මන්ද වෝකින් ශූස් විතරයි දාන්න හිතෙන්නෙ. ඒකත් හොඳයි එහෙනම්.
    ඒක නෙවෙයි, අර වගේ, සපත්තුවේ එක පැත්තක් ගෙවෙනවා නම්, කරන්න ඕන මොනවද? මගේ යාලුවෙක් ගෙ එහෙමයි, මේ ලිපිය පෙන්නන්නම් එයාට. බොහොම ස්තුතියි.

    ReplyDelete
  2. මගුල් ගෙදට්ටත් සේෆ්ටි සූස් දැම්මනම් ඉවරනේ අපි වගේ.. මොන පොස් ද අප්පා.. පොකට් එකටත් කොච්චර සහනයක් ද? ඒක නෙවෙයි.. මටත් අර ලෙඩේ තදින්ම තියෙනවා.. කවුරු මක්ක කරනවා දැක්කත් ඒකෙ සේෆ්ටි අවුලක්මයි පේන්නේ.. එක්කෝ හරි ppe දාල නෑ.. wrong tool, bad posture, ergonomic issue එකක්, manual handling issue එකක්.. ඔය වගේ.. වෙලාවකට හෙන හිසරදයක්.. ඔය ලෙඩේට කියන විශේෂ නමක් නැද්ද? නැත්නම් අපි දාමුද නිකං mongalsis වගේ එකක්? හෙහ් හෙහ් ..

    ReplyDelete
    Replies
    1. Kami,

      You are a Safety Freak & you are suffering from Safetymania...:)

      Delete
  3. මමත් වෙලාවකට කල්පනා කරනවා ඇයි මේ ළදුන් අඩි උස සපත්තු දාගෙන අමාරුවෙන් ඇවිදින්නේ කියලා...

    ReplyDelete
  4. අපුරු ලියවිල්ලක්. ස්තුතියි

    ReplyDelete