Tuesday, June 29, 2021

2021 (14) ඔබෙන් ඒ වෙනස අරඹන්න

ඔබෙන් ඒ වෙනස අරඹන්න...




මෙම සටහන සොයා ගනු ලැබ ඇත්තේ westminster abbey හි ඇති ඇංග්ලිකන් බිෂොප් වරයෙකු ගේ සොහොන් කොතේ සටහන්ව තිබියදී ය.

" මා තරුණ අවධියේ දී නිදහස්ව ගත කළ අතර මගේ කල්පිතයන් ට සීමාවන් නොවීය .මට අවශ්‍ය වූයේ ලෝකය වෙනස් කිරීමට ය. මා වයසින් සහ නුවණින් වැඩෙත්ම මා වටහා ගත්තේ ලෝකය කිසිදා වෙනස් නොවන වගය .එහෙයින් මම මගේ කල්පිතය මඳක් කුඩා කර මගේ රට පමණක් වෙනස් කරන්නට තීරණය කළෙමි .

නමුදු එය ද වෙනස් කළ නොහැකි බව මට පසුව වැටහී තිබිණි .

ඉන් තවත් කලකට පසු මම මගේ පවුල පමණක්... ඔව්.. මගේ සමීපතමයන් වන පවුල පමණක් වෙනස් කළ යුතු යැයි සිතීමි. නමුත් ඒ කිසිවක් ම ඉටු නොවීය.

දැන් මා මගේ මරණ මංචකයේ පසුවෙමි ... එක් වනම මට වැටහිණි.මා විසින් පළමුව මාවම වෙනස් කලා නම්....එසේනම් එය උදාහරණ කොට ගෙන මට මගේ පවුල වෙනස් කරන්නට තිබුණි....
.
ඔවුන්ගේ එම සුබවාදී වෙනස සහ උනන්දුව මත මට මගේ රට ට වෙනසක් ඇති කරන්නට ඉඩ තිබුණා සේම ලෝකයද ඉන්පසු වෙනස් කරන්නට හැකිවන්නට ඉඩ තිබුණි."

ඉතින් වෙනස ඔබෙන් අරඹන්න....

මුල් සටහන chicken soup for the soul කෘතියකින්

පරිවර්තනය කලේ විසිරි ❤️

12 comments:

  1. ඒම වෙනස් වෙන්න පුළුවන්ද?
    පුලුවන් තරම් අනිත් එවුං වෙනස් කරන්න ට්‍රයි කරන්නෝන
    ඕයෑස්..

    ReplyDelete
    Replies
    1. අන්නේකයි...ඉවානයා ඉස්සෙල්ලම වෙනස් කරමුද ?

      Delete
  2. "Be the change that you wish to see in the world" කියා මහත්මා ගාන්ධි පැවසුවේ මෙයමද?

    ReplyDelete
    Replies
    1. එක සමාන අදහස් කියලා තියෙන්නෙ නේද ...?

      Delete
  3. ඔහොම එකක් මයිකල් ජැක්සන් සූරීනුත් කිව්වා... https://www.youtube.com/watch?v=PivWY9wn5ps

    ReplyDelete