Friday, July 30, 2021

2021 (24) අයෙමත් එක් වරක්




ඉස්සරම ඉස්සර දවසක වගේ
ඇයි අපිට බැරි හොඳම යාලුවො වෙන්න
අතෝරක් නැති කතාවන් හිනාවන්
ඇඬුම් එනකල් කරපු විහිලු..
ඔක්කෝම අමතකද දැන් ඉතින් ......

අතින් අත නොඅල්ලා ඇවිද ගිය
නොදන්නා මාවතක අතරමග
නෙත් දිහා බලා උන් ඒ දවස්
මට මිසක ඔබට දැන් අමතකද.....
ඉතින් අපි ආයෙමත්
හොඳම යාලුවො වෙමුද.....

ආදරය ආ දවස් වල පටන්
අපි අතර නුහුරු හැඟුමක් වෙමින්...
අර තිබ්බ යාලුකම කෝ කොහෙද
මං තාම හොයනවා ඇත්තටම
අනේ අපි අයෙමත් එක් වරක්
හොඳම හොඳ යාලුවන් වෙමු ඉතින් .....

විසිරි


4 comments:

  1. ඔව්! සත්තකින්ම නිවී යන්නට ඔන්න මෙන්න තිබී නැවතත් පන ගැහෙන ප්‍රේමයේ ඇත්තේ අතිශය සුන්දරත්වයක්!

    ReplyDelete
    Replies
    1. ඔබතුමා නිවැරදියි. දෙවන වර පණ ලබන ප්‍රේමය අතිශය ශක්තිමත්.

      Delete
  2. අනර්ඝ බව උතුරා යන නිර්මාණයක්. ජයවේවා!

    ReplyDelete