Saturday, August 14, 2021

2021 ( 25 ) ඉතින් තනිමග යමි


සංසාර තීර්ථය මේ තරම් ගණඳුරුද

සුස්මකින් ගල්ගැහෙන තරමට

කිසිත් නොදැනෙන

කිසිත් නොහැඟෙන

හැඟීමක ඇවිද යමි

හැපි හැපී දිවෙන මිනිසුන් අතර


අර ඈත දිලි දිලෙන

ආලෝකයම නෙත රඳන

තරුවක්ව ඒ දිලෙන්නේ ...ඔබමද 

ඇස් වසා අඳුරටම හුරුවෙමි

කවියකට ගිනිතබා එළියගෙන 

මට පුරුදු ගමන් මග ම යමි


විසිරි 

4 comments:

  1. ලෝකයක් රුවිතෙට යද්දී ඔයයි විතරක් කොහොමෙයි පුරුදු විදියටම යන්නේ මෙයා? :)) ආ.. ඔයයි ඉස්සර ඉඳලම රුවිතෙටනේ ගියේ නෙහ්?

    ReplyDelete
    Replies
    1. කොණක ඉඳන් පෝස්ට් ටිකට කමෙන්ට් කරන් කරන් යනවනේහ්...ස්තුතියි ඈ....

      Delete