Saturday, November 25, 2017

78. ජීවිතය යනු ...අරුමයකි .....

මගේ පෙර පොස්ටුව හා සබැඳෙන තවත් කොටසක් මේක ...



ජීවිතය ...life..ගැන පූර්විකාව එක්ක...
කාලය හා ජීවිතය බැඳෙන ආකාරය ගැන කතා කරද්දි..
ඊලඟට අපි කතා කලේ ජීවිතයේ වැදගත් සංධිස්ථාන ගැන.. .
.
කෙනෙක්ට තමන්ගේ මුල්ම පැහැදිලි මතක එන්නෙ කොයි කාලෙ ඉඳන්ද ...කියලා මම ඇහුවා....
සාමාන්‍යයෙන් ....අවුරුදු තුනක වගේ කාලයේ සිට මතකයන් අපි ගාව රැඳෙනවා...
නමුත් ඒ මතකයන් කියන්නේ.....සාමන්‍ය ඒවා නම් නොවෙයි...
බොහෝ විට කුඩා කාලයේ අපිව කම්පනයකට ලක් කල...එහෙමත් නැත්නම් අතිශය වේදනාකාරී යමක් තමා ඒ වගේ සුලු වයසකදි හිතේ තැන්පත් වුණා නම් වෙන්නෙ....ඒකත් අර flash එකක් වගෙ එකක්.....
එහෙම නැතුව සතුටුදායක යමක්..පුද්ගලයන්...එහෙම ඒ ඉතාම ලාබාල කාලෙදි මතකයේ තැන්පත් වෙන්නෙ නෑ....
.
.මම එකිනෙකාගෙන් ඒ පැහැදිලි මතකයන් ඇහුවා....
බොහොමයක් අය මගේ පෙර අදහසට සමාන අදහසකින් උන්නා.......
.
.
ඉතින් ....මෙන්න මේ ජීවිත මතකයන් අපිට වැදගත් වෙන්න ට හේතු තියනවා.....
මොකද....අපි සෞඛ්‍ය ක්ශේත්‍රයේදී රෝගියෙක්ගෙන්.....එහෙමත් නැත්නම් රෝගියෙක්ගෙ භාරකාරයෙක්ගෙන් .....history එක....ඒ කියන්නෙ රෝගය හා එයට සම්බන්ධ ඉතිහාසය ගැන විමසන කොට....මෙන්න මේ මතකයන් වල වැදගත් කම පෙනෙනවා....
.
.
.ඉතින්....මේ වකවානු මතක ගැන ළමා කාලයෙ ඉඳන් අපි ආවා ඉදිරියට....
.
වයස ..හා ..කාලය එක්ක බැඳුණ ජීවන පියවරවල්....
.
.ශිශ්‍යත්වෙ 
ඕලෙවල්
ඒලෙවල්
මේ පුහුණුව....
.
ඔහොම ඔහොම කියනවා......ඔක්කොම ..
.
හරි ...දැන් ඒ හැරුණම ඕගොල්ලන්ගෙ ජීවිතේ වෙන විශේශ සිදුවීම මොනවද.....මම ඇහුවා.....
.
එක ප්‍රබල කටහඬක්වත් නෑ....ඔක්කොම මුමුණනවා....
.
.මට lip reading කරන්න බෑ.....කට ඇරලා උත්තරේ දෙන්න.....මම කීවා....
.
Puberty ..අමාරුවෙන් එක හඬක්....
.
ඉතින් ඇයි ළමයිනේ ඕක කෙලින් නැගිටලා කියන්න බැරි.....මම ඇහුවා....
ඔයාලා සෞඛ්‍ය ක්ශේත්‍රයේ කවදාහරි වැඩ කරන අය ....ඇයි මේ වචනය ගැන ඔච්චර බයෙන්.......
ආකල්පමය අතින් මේ දරුවන්ව හැඩගස් වන්න.....ලේසිම නෑ.......මට හිතුණා...ඒ වෙලාවෙ...........



Mile stones / boundary stones වගේම ජීවන අත්දැකීම් වයස එක්ක සම්බන්ධ කරලා කතාකරන පාඩමේ....ඊලඟ කොටස ආවෙ මෙහෙම....
..
Why we are discussing all these factors..?

මම ඇහුවා.......
ඇත්තෙන්ම ඇයි මේ දේ අපි ඉගන ගන්නෙ....
.
.
සෞඛ්‍ය වෘත්තිකයන් විදියට අපි ලඟා වෙන්නෙ මනුස්ස ජීවිත වලට....ඒ මිනිස්සුන්ගෙ ජීවිතය ඔබේ මගේ වගේම වටිනා ජීවිත....
.
රෝගයක් ආබාධයක් වැලඳෙන්නට පෙර ඔවුන් ඔබ හා මම වගේම ක්‍රියාකාරී අය....දැන් ඔබ නීරෝගිව ඉන්නවා ..ඔවුන් රෝගීව...
පෙර කල කිසිවක් කල නොහැකිව....
එතනදී ඔබ ජීවිතය ගැන පුලුල්ව නොහිතුවොත් ඔබට තව කෙනෙක්ගෙ ජිවිත අපේක්ශා වල වටිනාකම තේරෙන්නෙ නැහැ.....
.
.පාඩමේ මෙම අතරතුරට මම තව එක් ප්‍රශ්නයක් ඇහුවා.....
.
who is looking at your own face through the mirror at the beginning of the day......?

ඔබ දවස ආරම්භයේ දී කන්නාඩියකින් ඔබේ මුහුණ බලනවාද .....
.
ඔක්කොම වගේ අත ඉස්සුවා.....
.
මම ඇහුවේ.....
.
මුහුණ බලනවාද....මිසක් මුහුණ දකිනවාද කියල නෙවේ......
අත් දෙක තුනක් ආයෙම පහලට වැටුනා.....
.
මම මේ කොල්ලො කෙල්ලන්ගෙ ඒ අවංක කමට හරිම කැමතියි...අනික මෙයාලා දන්නවා බොරු කියලා මේ මාව තම්බන්නත් බෑ කියලා.....
.
හරි මෙතනින් කී දෙනාද...කන්ණාඩියෙන් මුහුණ බලල තමා එක්කම හිනා වෙන්නෙ.......

.
.තවත් අත් ටිකක් පහළට වැටුණා.......
මගෙ පාඩමේ ......
.
මෙන්න මෙතැනට මං ආවා.....
.ඇයි තමන් එක්ක දවස ආරම්භයේ හිනාවෙන්න බැරි ඔයාලට...ඔයාලට ඔයාල එක්ක හිනා වෙන්න බැරි නම්...ඔයාල කොහොමද කවදා හරි මහා ගැටලු ගොඩක් අරන් ඔයාලා ගාවට එන ලෙඩෙක්ව සතුටින් හිනාවක් දීලා පිලි ගන්නේ........

අන්න ඒ නිසා ...අද ඉඳන් හුරු වෙන්න ඒකට....
මම කිව්ව ඒ දේ ...
කොයි තරම් සාර්ථක ද අහන්න ඕන ලබන සතියෙ තමයි ....
.
ඉතින් ...මම ඔබෙන් අහනවා....
ඔබ ඔබ එක්කම හිනා වෙලා තියද.......ඇත්තෙන්ම ...හදවතින්ම....
එක පාරක් කරලා බලන්න....
.
ඒක හරිම සුන්දර දෙයක්.....

ඉතින් හිනාවෙන්න ....


විසිරි ....

Sunday, October 22, 2017

77.ජිවිතය යනු.....පාඩමකි...(life is a lesson)



ජීවිතය කියන්නෙ මොකක්ද...?

අද උදේ මගෙ පාඩම වුණෙ life span development ...
තදබල තියරි එකක් එකතු වෙන පාඩමක් කරන්න කලින් මම ඊට කලින් දවසෙ ඉඳලම ඒක ප්ලෑන් කරනවා...
ළමයින්ට ඒක ආකර්ශණයක් නොවුනොතින්...කිසිම න්‍යායාත්මක කරුණක් ඔවුන්ගෙ ඔලුවට යන්නෙ නෑ.....

අද මගෙ පැය දෙකේ පාඩමට පවර් පොයින්ට් භාවිත කලේම නෑ...interactive session එකක් විදියට ඒක කරන්න මට හිතුණා...ඇත්තෙන්ම ඒ පැය දෙක හරිම උද්‍යෝගමත් කාලයක් වුණා...

ඉතින් පාඩමට පෙර මං ඇහුවෙ...what is life ?...කියලා.....30කට වඩා සිසු කණ්ඩායමක් තිස් විදියක උත්තර දුන්නා මට.....
ඒ හැම එකම හරි.....
මොකද ...
ජීවිතය ......ඔබ ..මම..ඇය...ඔහු...අපි දකින්නේ වෙනස්ම ආකාර වලින්.......
ඒක අපේ අනන්‍ය ආකාරයන්.....
ඔබ ජීවිතය කියන්නෙ කුමකටද........

සමහරු ජීවිතය විග්‍රහ කලේ උපත හා මරණය අතර කාලය ලෙස ..
සමහරු ඒකට අඩුමකුඩුම එක්කලා
වගකීම් ...යුතුකම්...බලාපොරොත්තු ...අභියෝග....සම්බන්ධතා...වාගෙ ඒවයින්......
තව අය කිව්වා සතුටින් ඉන්න එකටයි ජීවිතේ කියන්නෙ කියල.......
....ඒ හැමඑකම හරි
.
.
මොකද ...ජීවිතය life කියන්නෙ අපි කාටත් අයිති එකක් වුනාට......ඒක අපි දකින ආකාරය වෙනස් වෙනව........ඒ නිසයි අපි එකිනෙකාට වෙනස් වෙන්නෙ.....

වෛද්‍ය විද්‍යානුකූලව ගත්තොත් ජීවිතය කියන්නේ උපතේ සිට මරණය තෙක් විවිධ අවස්ථා වල පෙල ගැස්මක්...
අපේ ජීවිතය පටන් ගන්නේ හිස් කඩදාසියක් වගේ....එයට අකුරු රටා එක් වෙන්න ගන්නේ ...කාලය එක්ක.....
.
.ඉතින් මගෙ දෙවනි ප්‍රශ්නය....ඔවුන්ට...

Human beings are bound by time.....

මෙන්න මේ වාක්‍යය මම ඔවුන්ට ඉදිරිපත් කලා....සාමාන්‍යයෙන් මගෙ සිසුන්ට මම සාකච්ඡා විනාඩි පහක් මෙවැනි වෙලාවක දෙනවා...එම සාකච්ඡාව තම යාබද සගයා සමග පමණක් .....ඔවුන් දෙදෙනාගෙම අදහස් එකතුව ඉන් පසු විමසනවා......

ඉහත වාක්‍යය විග්‍රහ කරන්න.....
.
.ඇත්තෙන්ම අපූරුයි....
අපි කාලය එක්ක බැඳුණ ජීවී කොට්ටාසයක්...එහෙම නේද.....
මේක විද්‍යාත්මකව එකිනෙකා දකින ආකාරය වෙනස්....
.නමුත් ..
.
.
හැම විටම ගුරුවරයෙක් තම සිසුන්ගෙන් ඉගන ගන්නවා.....
.
.කාලය අපිව කොහොමද අල්ලා ගෙන ඉන්නේ කියන දේ ඔවුන් මෙන්න මෙහෙම කිව්වා..මේ ඔවුන්ගෙත් මගෙත් අදහස් එකතුව....
.
.ඉපදුණ දා සිට මැරෙන තුරු අපි කාලයට අනුව කරන දේවල් ඒ ඒ කාල පරාසවලදී සිදුවෙන නියතයන් ලෙස සම්මත වෙනවා....
අපි උපන්දා පටන් ...මැරෙන තුරු කාලය බෙදා ගත්තාම ඒකෙ මුලම 1/3 තුළ මේ වෙන කායික මානසික වෙනස්කම් හුඟක් පෙනෙනවා...ඒ ඒ සිදුවීම් ඒ ඒ වයසට නොවුනාම අපි එතන ගැටලුවක් ඇතැයි ප්‍රකාශ කරනව...
.
.මෙය..හැම ජීවියාටම පොදු දෙයක්......මගෙ සිසුන් ගෙ වයස් පරාසය අවුරුදු 21 - 25 අතරෙ...ඒ අයගෙ වර්ධන රටාවල් කාලය එක්ක විමසන එක හරිම අපූරු අත්දැකීමක් වුණා......
.
.
අපි ජීවින් ලෙස කාලයෙන් බැඳිලා ඉන්නවා නියතයන් වලට....අන්න ඒකයි පැවැත්ම.....

දැන් ඔය කාලය එක්ක ජීවිතේ බැඳෙන කතාව..කතා කලාට පස්සෙ...අපි ඒ ඒ කාලවල අපේ life events ගැන කතා කරන්න ගත්තා....

..ජීවිතයේ මුල්ම අවුරුදු තිහ ගත්තම ...ඒ කාලය තමයි කාලය එක්ක අපේ ජීවිතයේ පැහැදිළි වෙනස්කම් වෙන කාලය....
.
.ඉනුත් මුල්ම අවුරුදු කීපය බැලුවොත්...වෙන වෙනස්කම් හරිම දර්ශීයයි.....
.දරුවෙක් උපත ලබපු දවසේ ඉඳන්....මුල්ම අවුරුදු කීපය තුළ විශාල පරිවර්තනයකට කායිකව සහ මානසිකව ලක්වෙනවා..
..
.
මෙන්න මේ කාල වකවානු නිශ්චිතයි..අපි ඒවාට boundary stones කියනවා..සමහර අය mile stone කියලත් කියනවා...ඒ ඒ කාල පරාස වල ඒ වර්ධනය නොවුන හොත් ඒක ගැටලුවක්.....පස්සේ කාලෙක වෙයි කියලා බලන් ඉන්න බෑ .....ඒක ඒ කාලෙට වෙන්නම ඕන. ...
.
කායික වෙනස්කම් දර්ශීය වුණත් කෙනෙක් මානසික වර්ධනයේ දුරවලතා හඳුන ගන්නෙ ප්‍රමාද වෙලා.....ඉතින් ඒ නිසා විමසිලිමත් වෙන්නම ඕන.....

.මම මේ පාඩම තුළ නිරීක්ෂණය කල එක දෙයක් තියනවා ..අද අපේ දරු පරම්පරාව බාහිරලෝකය සහ පුද්ගලයන් නිරීක්ෂණය කරන මට්ටම ඉතාම අඩුයි...
.දරුවෙක්ගෙ වර්ධන පියවර දකින්න නම් ඇත්තෙන්ම දරුවෙක් නිරීක්ෂණය කර තිබෙන්න ඕන...ඒකට තමන්ට දරුවෙක් සිටීම අත්‍යාවශ්‍ය නෑ.....කාගේ හෝ නෑයෙක්ගෙ මිතුරෙක්ගෙ වෙන්න පුලුවන් ...
.
.නමුත් ප්‍රායෝගික ව නිරීක්ෂණය බොහොම අඩුයි .මොකද දැන් දැන් බබෙක් බලන්න ගියත් එතනත් සෙල්ෆියක් ගන්න එක හැර ......නිරීක්ෂණයක් වෙන්නෙ නෑ නෙ......
.
.
අපේ අවට ලෝකය මොන තරම් අපූරුද කියන්න ....මම ඔවුන් ඒ නිරීක්ෂනයන් වෙත රැගෙන ගියා මනසින් ......

මේ සටහන මම මුහුණු පොතට ලියන එකක්...කොටස් තුනක් එකට දැම්මේ මේකට..එහෙනම්.....ආයේ කොටස් ටිකක් එක්ක හමුවෙන්නම්....

සුබ සතියක් වේවා....



මම 

විසිරි 

Thursday, October 19, 2017

76. ජිවිතේ සුන්දරද මෙතරම්





ජීවිතේ සුන්දර ද මෙතරම්......
ජීවිතේ කියන්නේ ත්‍යාගයක්....
ඒක ඔබ ඉල්ලාගෙන ආව දෙයක් නොවෙයි..
ඔබට ලැබුණ දෙයක්...
කාගෙන් ද කොහොමද මොකටද නෙවෙයි...
හිතන්න ඒ කිසිත් නොදැන ඔබට තෑග්ගක් ලැබුනම ඔබට හිතෙන්නෙ මොනවද ....
ජීවිතේ ගැනත් එහෙම හිතන්න...
.
.මම වෙලාවකට හෙම්බත් වෙනව...
තියන වැඩ හරියට කලමනාකරනය කරගන්න බැරිඋනාම..
රොබින් ශර්මාගෙ පොතක පේලි ටිකක් කියවල හරි මම ආයෙ ට්‍රැක් එකට එන්න බලනව....
එහෙම නැත්තං චිකන් සුප් ෆෝ ද ලයිෆ් සීරිස් එකේ කතාවක් දෙකක්....
ඒවා සමහර වෙලාවට රෙඩ්බුල් එකක් බිව්වම වගෙ ක්ශ්ණික ව අර හෙම්බත් බවින් ජීවිතේ මුදවනව......
.
.
ජීවිතේ විඩාවෙන් බර වෙලාවට..
මං ඔබට කියනව . .
කියවන්න අන්න එහෙම පොතක්...
නැත්නම් අහන්න සිංදුවක්....
ඒක වික්ටර් ගෙ මිසක් ඉරාජ්ගෙ එකක් නොවෙන්න ඔබ වග බලාගන්න...
ඒ වගේම ..
එහෙම හෙම්බත් වෙලාවට එෆ්බී එන්න එපා...
ඒක ....ගැටලු විසඳාගන්න..හෙම්බත් බවින් මුදවගන්න තැනක් නෙවේ...
.
.ඔබ...ඔබම වන්න....
මම
විසිරි.....

Friday, October 6, 2017

75. සඳුදා ව ....



උදෑසන ඇහැරෙමි
කුදු මහත් කටයුතු නිමවමි
දුම් රියට දිව එමි..
සටනෙන් අසුනකට පැනගමි....

මුහුණු පොත විමසමි
කවි එකිනෙකින් කියවමි
සිනහවක් විසුරමි
සෙනෙහසින් අදහස්ද පවසමි.....

හිස ඔසවා බලමි
වියැලි මුහුණුම විමසමි
හිනාවක් නොදිටිමි
වෙහෙසින් ඉවත හැරුණමි.....

යායට පිපී එන..
නම නොදත් කහ මල් යායක
දම් දියබෙරලියාවක
වල්මත් වූ බත් කූරෙකි ....
ගං දෑල අසබඩ
දියට නැමි එක පඳුරෙක
ලා කොළ කදුරු ගෙඩියක
වසා උන් සමනලෙකි වල්වැද.....

හිනාවක් දවටමි
ජීවිතය සොඳුරු යැයි පවසමි .......

(සතුට ඇත්තේ අතලඟය....ඔබ එය විමසන තුරු නොදකී )

~~~ විසිරි ~~~

Monday, October 2, 2017

74. තාත්තාගේ පාඩම


ඉස්සරෝම කාලෙක අපේ තාත්තා මට අපූරු රාජකාරියක් බාර දුන්නේය.
එවකට ඔහු අධිකරණ ක්ශේත්‍රයට අයත් රැකියාවක නිරත විය.ඔහුගේ රැකියාවට අදාල කාර්‍යය වූයේ දික්කසාද නඩු සඳහා පැමිණෙන යුවලවල් උපදේශනයයි.
ඇතමෙක් ඒ උපදේශන ලබා තීන්දු තීරණ වෙනස්කොට සමාදාන වු අතර බහුතරයක් දික්කසාදයටම ගියහ.
මේ සියලු කතා නඩු වාර්තා සඳහා ලිඛිතව සටහන් තැබිය යුතු විය.
තාත්තා මට ඒ රාජකාරිය පැවරුවේ මගේ අකුරු ලස්සන නිසා යැයි මම මුලින් සිතුවෙමි.
නමුත් තාත්තා ගේ අකුරු ඊට වඩාම හැඩය.
මම ලියන ගමන් ඒ කටු සටහන් කියවන්නට ගත්තෙමි.
ඒ තුල තාත්තා මට නොකියා කියා දුන් පනිවිඩය මට වැටහුනි.
විවාහය ගැන පොත් දාහක් කියෙව්වද ..මගේ තාත්තා ව්‍යංගයෙන් මට පෙන්වා දුන්නේ.....විවාහයක් ගැන තිබිය යුතු ගෞරවනීය භාවය...අන්‍යෝන්‍ය අවබෝදය සහ බැඳීම් ගැනය.
ජීවිතය යනු ...හැලහැප්පීම් නැති කාපට් පාරක් යැයි සුරංගනා ප්‍රේම කතා වල තිබුනද ....තාත්තා real life stories වලින් ....ඒ යථාර්ථය මට කියා දුන්නේය....
ඇත්තෙන්ම .......
තාත්තා මට මහා පොතකි.....
ඒ උගත් පාඩම් ජීවිතේ දිනන්නට අදත් මට සවිය වේ..

Thursday, September 21, 2017

73. සෙනෙහස නොමියේ....





මට ඒ කාලේ මතක් කරන්න පුළුවන් ජිවිතේ හොඳම කාලේ වගේම නරකම අසීරුම කාලේ විදියට...
මං එහෙම කියන්නේ ඒ කාලේ වෙනකොට මම හරිම සතුටින් මගේ පළවෙනිම දරු උපතට සුදානම් වෙලා උන්න...ඒත් එක්කම මගේ අම්මා....ඔව් ඇය එක කලකදී ලෝකේ උන්න දිරිමත් ම  කාන්තාව...ඇය මේ වෙද්දී උන්නේ ජීවිතය රඳවා ගන්න කරන සටනක පරාජය හමුවේ...ඔව්..ඒ මොලයේ හටගත් ගෙඩියක් නිසා.....

අවුරුදු දහයක් තිස්සේ මගේ අම්මා...ඔව්..ඇය හරිම ස්වාධින උත්සහවන්ත කාන්තාවක්....මේ අසනීපය එක්ක සටන් කළා.නමුත් සියලුම ප්‍රතිකාර, සැත්කම් හා පරීක්ෂණ සියල්ලම සාර්ථක වුණේ නැහැ.කෙතෙක් අසනීප වුවත් අම්මා ඇයගේ මුහුණේ පැවතුන ඒ සුන්දර සිනහව නම් නැති කරගත්තේ නැහැ කිසිම විටක.එහෙත්....ඔව්...එහෙත් වයස අවුරුදු පනස් පහ වනවිට ඇය පුර්ණ කාලීන ආබාධිත තත්වයට පත්වුනා....කතාකිරීමට, ඇවිදීමට,ආහාර ගැනීමට මෙන්ම තනිවම ඇඳුම් ඇඳ ගැනීමට පවා ඇයට හැකි වුණේ නැහැ.

අම්මා දිනෙන් දින මරණය වෙත ලඟා වනවාත් සමගම මගේ කුසේ උන් මගේ දරුවා උපත කරා දිනෙන් දින ලඟා වුණා.මට ඇතිවුන ලොකුම බය මේ ජිවිත දෙක අතර සම්බන්ධයක් ඇතිවන්නට පෙර අම්මා සමුගනිදෝ කියා යි....ඇත්තෙන්ම මේ එන්නට නියමිත ව තිබු සදාකාලික සමුගැනීම වගේම ....මගේ අම්මා සහ මගේ දරුපැටියා ඔවුනොවුන් දැන නොගෙන වෙන් වේද යන්න ගැන මම නිතරම වැලපුනා...

මගේ බිය තහවුරු කරමින් ප්‍රසුතියට නියමිත දිනට සති කීපයක් තියා අම්මා දරුණු කෝමා තත්වයකට පත්වුනා....වෛද්‍යවරුන්ට අනුව ඇය ගැන කිසිදු බලාපොරොත්තුවක් තබා ගැනීම නිෂ්ඵල වගේම ඇයට ආහාර ගැනීමට සවි කල බටය පවා තේරුමක් නැති එකක් වී තිබුණා....

අපි අම්මා ව ගෙදර රැගෙන ආවා...අයගෙම නිවහනේ ඇයගේ ඇඳ මත ඇය කිසිත් නොදැන වැතිර සිටියදී මම අම්මා ළඟ හිඳ ගෙන ඇයට හෙමින් හෙමින් දරුවා ගැන පැවසුවා...අම්මේ එයා දැන් දඟලනවා..මෙන්න පයින් ගහනවා...අම්මාට ඇහෙන්න නැතුව ඇති ඒ කිසිම දෙයක්..ඒත් මම විශ්වාස කරනවා ඇයට එය දැනුන බව....

මගේ ප්‍රසුත වේදනා ඇරඹෙන විටම අම්මා ඇස්දෙක ඇරලා තිබුණා...ඒ ගැන මට ගෙදරින් පවසන විට මම ඔවුන්ට කිවේ...අනේ ෆෝන් එක ඇයගේ කන ලඟින් තියන්න කියල...
අම්මේ...අම්මේ....මේ අහන්න...එයා එන්නයි හදන්නේ...ඔයා ඉක්මනින්ම ආච්චි අම්මෙක් වෙන්න යන්නේ...ඔයාට එක තේරෙනවද.....?
"ඔව් " මොන තරම් පුදුමයක් ද ඒ වචනය....මාස ගානකට පසුව ඇයගේ කටින් පිටවුණා එකම වචනය..මුල්ම වචනය...
මම නැවතත් පයකට පමණ පසු ඇයට අමතන විට ඇයව බලාගන්නා හෙදිය පැවසුවේ ..හිතාගන්නට බැරි දෙයක්...
අම්මා ඇඳ මත වාඩිවෙලා..ඇයගේ ඔක්සිජන් බටය පවා වෛද්‍යවරු ගලවලා....ඇය හිනාවෙනවා ආයෙමත්...

" අම්මේ...මෙන්න ඔයාට මුනුපුරෙක්..." මම කගහුව සතුටින්..

"ඔව්...ඔව් මම දන්නවා.." ඒ ලස්සන තෘප්තිමත් උද්යෝගමත් වචන හතර......

මම දරු පටිය රැගෙන නිවසට එන විට අම්මා ලස්සනට ඇඳ ගෙන ඇයගේ හාන්සි පුටුවේ වාඩිවෙලා ඔහුව / අපව පිළිගන්නට බලා උන්නා......මගේ ඇස් කඳුළු පටලයකින් වැසෙද්දී...මම ඇයගේ ඇකයෙන් පුතාව තිව්වා..ඒ ඇස් හතර එකිනෙක යාවෙන මොහොත තරම් සුන්දර මොහොතක් මට වෙන නැහැ...

ඔවුන් දෙදෙනා එකිනෙකා ඇසුරේ තවත් සති දෙකක් උන්නා....ඇය මගේ බිළිඳා බලන්නට ආ සියල්ලන් සමගම සතුටින් කතා බැහැ කළා....

නැවත සති දෙකකට පසු ඇය පෙර ලෙසම දීර්ඝ ගැඹුරු කෝමා තත්වයට පත් වුණා...අන්තිමේදී ...කිසිදු වේදනාවක් නොවිඳ ..සන්සුන්ව ඇය ජීවිතය අතහැරියා...

මගේ පුතාගේ මතකය...එක්තරා විදියක කටුක මිහිරියාවක් මට ගෙන ආ සිද්ධියක් .
මම ජිවිතේ ඉගන ගත් දේ .....ජිවිතයේ සතුට දුක කියන්නේ එකට බැඳී එන හැඟීම්....
ආදරය ඒ සියල්ලම අභිබවා යනවා....
ඇත්තෙන්ම ආදරය,...සෙනෙහස කවදාවත් මියැදෙන්නේ නැහැ.....


chicken soup for the soul
moms know best....කතා මාලාවෙන් 

පරිවර්තනය කලේ විසිරි 
2017/ 09/ 21 

Thursday, September 7, 2017

72. තෑගී




ජීවිතේ උපන්දවසෙ ඉඳන් විවිධ අවස්ථා වල ..විවිධ කාරනා වලට...විවිධ තෑගි අපිට ලැබෙනවා....

අපි ඕනම කෙනෙක් කැමතියි තමන්ට පුංචි හරි තෑග්ගක් ලැබෙනවට...
මොකද ඒ ලැබෙන දේ තුළ...හැම තිස්සෙම තියෙන්නෙ ලබන්නා කෙරෙහි තෑග්ග දෙන කෙනා තුළ ඇතිවන සුවිශේෂී හැඟීමක්...
ඒක ආදරය..දයාව..සැලකිල්ල ..අනුකම්පාව ...ඕනමදෙයක් වෙන්න පුලුවන් ......

මට ජීවිතේ ලැබුණ තෑගි අතරෙ...වටිනාම තෑගි දෙකක් තියනවා...

ඉන් පලවෙනි එක...මගෙ ලොකු පුතා තුන වසරෙදි පාසලින් ගිය අධ්‍යාපන චාරිකාවකින්..ගෙදර එද්දි මට අරන් ආව කොණ්ඩ කටුවක්.....(ඒක පරෙස්සමින් තියාගත්තා ...පස්සෙ ගෙදරට ආව කවුද ..ඒක අරන් ගිහින්.... :(  ....)

අධ්‍යාපන චාරිකාව ගිහින් අනික් දරුවො සෙල්ලම් බඩු අයිස්ක්‍රීම් කඩචෝරු ගනිද්දි....ලොක්කා මනිබඩු කාරයෙක් ගාව කැරකිලා....රුපියල් විස්සකට ඒ ලා රෝස පාට කටුව අරන්....දරුවන් බාරව ගිය අම්මලා ඇස් වල කඳුලු පුරවන් මට ඒ කතාව එදා කිව්වෙ....

ඒක ඇඹරි ඇඹරි මගෙ අතේ ගුලි කල හැටි තාමත් මට මතකයි........

දෙවැන්න.....චුට්ටා තුනේ හතරෙ පන්තියෙදි මගෙ උපන්දිනේකට මට අරන් දුන්නා ඔරලොසුවක්..එයාට ඒකට රුපියල් තුන් සියයයක් වැය වෙලා තිබුණා.එයාට ඉඳහිට අතට දෙන සල්ලි එක්කාසු කරල.ඒකගත්තෙ...ඒ ඔරලෝසුව මම පුලුවන් තරම් කල් අතේ බැන්දා....දැනටත් මම ඒක අරන් තියලා තියනවා......

ජීවිතේ ඉන් පෙරත් ..පසුවත් රුපියල් දහස් ගනනින් වටිනා තෑගි මට ලැබිලා ඇති....නමුත් ජීවිතේ තමන්ගෙ හිතට අමතන සංවේදී ම තෑගි මෙන්න මේවා.....

~~~ විසිරි ~~~