කොළ පාට ඉරිදාව.....
ඉරිදා කියන්නෙ අපූරුම දවසක්....
එක එක ඉරිදාවල් ජීවිතේ ට දැනෙන්නෙ එක එක පාටට...
අද උදේ ඉඳන්ම මට ඉරිදාව දැනුණෙ කොළ පාටට....
ඒ ගහකොළ අස්සෙ මම වෙනදාටත් වඩා උන්න නිසා වෙන්න පුලුවන් .....
.
මිදුලෙ සිමෙන්ති බැම්ම උඩ වාඩිවෙලා පහු ගිය ටිකේම වැහැපු වැහි ඇළි වලින් පණ ගහපු ගස් වැල් දිහා බලන් ...මම කල්පනාව දිගේ පුරුදු විදියටම ගමට ගියා....
.
අපේ ගම කොළ පාටට බැබලුණ ගමක්....අපෙ මහ ගෙදර තියෙන්නෙ පොඩි කඳු ගැටයක් උඩ නිසා....ගෙදරට එන වැලි පාර කෙළවරට ගියාම හතර වටේම පරිසරය පේනවා....
.
වැඩිම වපසරියක් අයිතිකරන් ඉන්නෙ නිල්ල නිලන කුඹුරු යාය...හරියට කොළ පාට සාගරයක් වගේ ..ඒ මැද්දෙ තියන පොඩි පොඩි දූපත් ටික ....පොල් ගස් දෙක තුනක් ..අඹ ගහක් ...අයින් වැට දිගට ගිනිතිල්ල...කිරිල්ල ...පඳුරු.....සමහරක් දූපත් වල පුංචි ගෙපැලක්.....ඇසට හුරුම ඒ කොළ පාට....
.
ඊට එහායින් ගලා යන ගඟ....ගඟ දෙපැත්තෙන් ගඟට නැමෙන අත්තික්කා ගස්....ගඟට නාන්න ගියාම අත්තික්කා ගහෙ දෙබලෙක වාඩිවෙලා කිරි රහට තියන අත්තික්කා ගෙඩි කාපු හැටි....ගඟ දෙපැත්තෙ තැනින් තැන කුමුදු ...මල් පිපෙන පඳුරු ...ගං දිය සැඩ නැති නිසා....අගේට එක තැන රැඳෙන්න ඒවට පුලුවන් ....
සමහර වෙලාවට ගඟ දිගේ ඉහලට පීනන කොට සීමාවල් වෙන් කරන උණ පඳුරු....එතනින් එහාට යන්න තහනම්....ගඟ ගැඹුරු මහ ගඟක් වෙන්න ගන්න තැනට ගොඩක් මෙහා අපි නාපු ඉසව්ව....
.
ගෙදර ඉඳන් ඉස්සර දන්නා අඳුනන නැන්දෙක්ගෙ ගෙදර අපි ගණන් පන්ති ගියා...ඒ ගිහින් අතර මැද්දෙ විවේකයෙ අපි එතන එහායින් තියන කඳු ගැටයක් උඩට නගිනව....ඈතම කඳු වලලු පේන ඉසව්වෙන් ගොං ගල කන්ද පේන්නෙ එහෙමත් විමසුම් ඇසකට....මං හැමදාම ඇස් අයාගෙන බලන් ඉඳලා ඒ කන්ද ඇහැට අල්ලාගන්නව....
සීයා කියා දුන්න කතාවක....දි...
නිල්වලා ගඟත් ගිංගඟත් පටන් ගන්නෙ ගොංගල කන්දෙන් කියල කීවා ....ඒ හීන් දිය සීරාව එක උල්පතකින් පටන් අරන්....මගක් එනකල් ඇවිල්ල දෙකට බෙදිලා මේ ගඟවල් දෙක හැදෙනවලු....මම මනසින් ඒ දේ දකිනව.....
.
කොළ පාට ගමක උදේම ඇස් ඇරෙන වෙලාවට ජනෙල් පියන් අස්සෙන් එන කෝපි මල් සුවඳ.....සීයා ගෙදරට ගෙනාව එළකිරි උණුවෙලා එද්දි....ඒකට කෝපි කුඩු දැම්මම එන අපූරු සුවඳ....ඒ මතක එක්ක ජීවිතේ අපූර්වම සුවදායක මතකයේ ගිලෙනවා......
.
ඉතින් ....කුදුමහත් කාර්‍යයන් අමතක කරමින් කොළ පාට මතකයේ සැරිසරන මං ආයෙ පියවි ලෝකයට එන්නෙ....කොළ පාට ඉරිදාව ඉවර වෙන රැයක ඒ සටහන තියන්න හිතාගෙන....
.
ඉතින් ....ලබන ඉරු දිනය....සමහරක් විට වෙන පාටක් එක්ක මට වෙන මතකයන් රැසක් අවුලයි....
විසිරි
Friday, December 21, 2018
Sunday, December 9, 2018
100. ලිවිම ඔසුවකි
කොහොම වුනත් යලට මහට ඇදට හරහට නැවතී නැවතී ලිව්ව විසිරි සිහින බ්ලොග් එකේ සිය වැන්නට ආවා...
ලිවීමට හොඳම තැන මොකක්ද ඇහුවොත් මම ඕනෑම කෙනෙක්ට කියන්නේ ඒ තමා බ්ලොග් එක කියලා.
ඒත් අපි මුහුණු පොතට තරම් බ්ලොග් කියන දේට සමීප වෙන්නේ නැහැ ..මං වුනත් ක්ෂණිකව මුහුණු පොතේ ලිව්වට බ්ලොගයට යන්නේ කාලයකින්.
මේ අද පෝස්ට් කීපයක්ම ලියලා සියවැන්නට ආවේ.....මාස ගානකට පස්සේ..
.
නමුත් බ්ලොග් එකක් කියන්නේ තමන් ලියපු දේ සුරක්ෂිත වෙන තැනක්...ඉස්සර මගේ කළු සහ සුදු බ්ලොගය මට අත හැරුනා..ඒත් ඒ ලිව්ව කාලය තමයි හොඳම කාලය...
ඉතින් මාසයකට ඒක පාරක් හරි ඇවිල්ලා පෝස්ට් දහයක් දොළහක් එකට ඇදල දාල හරි යන්න හිතාගත්තා.....
ඉතින් ජයවේවා....සිය වැන්නට .....
විසිරි
99. වියපත් වන දා
වියපත් වන දා.....
අද උදේ වැඩට යන වෙලාවෙ කණ වැකුණු දෙබසක් එක්ක මට ලියන්න සිතුණ මෙහෙම...
ඒ කථාව කල කෙනා කීවේ තමන්ගේ නැන්දම්මා ගැන..
ඉතාම වියපත් නැන්දම්මා ගෙ හිතුවක්කාර ක්‍රියාකලාපය නිසා සිදුව ඇති අවාසනාවන්ත තත්වය ගැන මේ කෙනා කතා කලා....
.
අසූ ගණන් වල අග භාගයේ ඉන්න වියපත් නැන්දම්මා රෑ තිස්සේ වැසිකිළි යාම නිසා ඇද වැටී ඇතිව ඇති තත්වය ගැන ඔහු කතා කලා....ඩයපරයක් ඇන්දවීමට ඉඩ නොදෙන බවත් ...මොන තරම් ඇවිදින්නට එපා කීවත් එයම කරන බවත් ඔහු තරමක කේන්තියෙන් කියා සිටිනු මා අසා සිටියා....
.
මිනිසුන් හැම කෙනෙක්ම වියපත් වීම වලක්වන්න බැහැ...ඒ වගේම වියපත් වන වැඩිහිටියන් ගේ ක්‍රියා කලාපයන් හරියට හිතුවක්කාර කුඩා ළමුන් වගෙ....ඒ තත්වය අපි මනාව අවබෝධ කරගන්න අවශ්‍යයි....
.
ඉතාම වයසට යන ඔබේම අම්මා තාත්තා වගේම මිත්තනිය හෝ සීයා....ගැන යම් විමසිලිමත් බවකින් කටයුතු කරන්න....අමතක වීම් ...dementia තත්වයන් ඔවුන්ට ඇති වෙන්න පුලුවන් ..එවන් විටෙක ඉවසීම කියන්නේ මහඟු ඔසුවක් වේවි......නොසලකා නොහැර ප්‍රතිකාර සඳහා යොමු වන්න...එය ඉතාම වටිනා දෙයක්....
.
වියපත් වැඩිහිටියෙක් රැකබලා ගැනීම අසීරුයි..එවන් විටෙක දිගටම එක් අයෙක්ට එසේ රැකබලා ගන්න එක පීඩනයක් වෙනවා...පවුලේ අය සමසේ එම වගකීම බෙදාගන්න එක ඉතාම අගනා විසඳුමක්...අද උදේ මෙම කතාබහ කල දෙදෙනාගෙන් පිරිමි කෙනා කියනු ඇසුණේත්...මායි නෝනයි විතරයි මේ සේරම කරන්නෙ ...අනික් දුවලා පුතාලා ඇවිල්ල බලල යනවා මිසක එයාව දවසකට දෙකකටවත් ගෙනියන්න කැමති නෑ...කියනෙක....
.
වියපත් වැඩිහිටි අයෙක් රැකබලා ගැනීමේ වැදගත් කම වෙන්නේ ...වැරදිලා හෝ ඇද වැටීමක් නිසා ඔවුන්ගේ උකුල් සන්ධිය විශේෂයෙන්ම කැඩීමට ඉඩ ඇති හෙයින්...ඉතාම වයස කෙනෙක් නම් සදාකාලිකවම ඇඳට වැටෙන්න තියන ඉඩ ඉතා වැඩියි....එවිට තවත් හිරිහැරයක්....
.
.
ඉතින් ....අපිත් කවදා හෝ වියපත් වෙන අය....ඒ වගේම අබල දුබලතා ඇතිවිය හැකි අය...ඒ නිසා...ඔබ ඔබේ වියපත් ඒ වැඩිහිටි අය ගැන මඳක් සිතන්න...ආදරය කරුණාව සහ ඉවසීම හුඟාක් වටින දෙයක්.....

98. අම්මා මතු බුදු වනු ඇත
අම්මා කෙනෙක් කියන්නේ...අනන්තාපරිමාණ විශ්වයක් වගේ පරතෙරක් නොපෙනෙන ආදරයක් ඉවසීමක් කැටිව ගත් උත්තම හදවතක්....
.
මට එහෙම හිතුණෙ...අද දවල් මගෙ සිසුන්ගෙ සායනික අවශ්‍යතාවයක් වෙනුවෙන් ජාතික රෝහල මැද්දෙන් ගමන් කරද්දි.....
.
ඒකට නිමිත්ත වුණෙ...නා ගස් හෙවනේ බිම් පඩියක හිඳගෙන උන්න වියපත් අම්මා කෙනෙක් දැකල...ඇගේ ඇස් වල තිබුණේ යම් කිසි අපේක්ෂාවක්...මං ඒ බලාපොරොත්තුව දැකල තියෙන්නෙ අම්මෙක්ගෙ ඇස් වල දරුවන් වෙනුවෙන්....
.
නමුත් සදාචාරාත්මක සහ ඇයට තිබිය යුතු ගෞරවනීය තත්වය ගැන හිතල මම ඇගේ සේයාරුවක් ගත්තේ නැහැ...
.
අම්මා කෙනෙක් ට දරුවෙක් වෙනුවෙන් නිදිමරන්න පුලුවන් කාලය කොච්චරක් ඇත්ද කියන්න කාටවත් ම බැහැ....ඒක මම මගෙ ජීවිතේ අත්විඳල තියනවා....දරු උපතේ ඉඳන් ගිලන් වෙන...සහ අනෙක් ඕනෑම අවශ්‍යතාවයක් වෙනුවෙන් අම්මෙක් තමන්ගෙ නින්ද කැප කරනව....
.
ජීවිතේ හුඟාක් අපේක්ෂාවන් අම්මල කැප කරන්නෙ තමන්ගෙ දරුවන් වෙනුවෙන්....සමහරක් වෙලාවට...ආස කරන හුඟාක් දේට දෙවනි තැන දීලා දරුවන් වෙනුවෙන් ඒ මූලිකත්වය දෙන්න අම්මා කෙනෙක් දෙපාරක් හිතන්නෙ නැහැ.....
.
දරුවෙක් ගිලන් වුණාම අම්මෙක්ගෙ ඉවසීම මහා පුදුමයි...සාමාන්‍ය ලෙඩ වලින් ඔබ්බට ගිය විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගෙ අම්මලා එක්ක අවුරුදු ගාණක් වැඩ කල මට ඒ අම්මලා මතු බුදුවෙන්න නම් පතන්නෙ නෑ කියන බව වැටහෙන්නෙ....මේ දරුවන් සුවපත් කරන්න සංසාරය පුරාම ප්‍රාර්ථනා එක්කාසු කරන හැටි දැක්කම....
.
ඒත්.....
මට අද හිතුනෙ...
මතු බුදුවෙන බුදුවරුන් .....නා ගසක් මුල වුව හමු වන බවක්......

97. ආදරයේ සුවඳ
ආදරයේ සුවඳ
උදේ ස්ටේශමේ කෝච්චිය එනකල් බලා ඉන්න මට මගෙ ඉහට උඩින් සිරි සිරි ගාල හැලුණ අපූරු සුවඳකට වටපිට බැලුණා....
.
ඇඳන් උන්න සාරියෙත් රේණු තුනහතරක් ඉතුරු කරන් ඒ සුවඳ ඉහිරවන් වැටිලා තිබ්බේ බෙලිමල්....
මගෙ මතකයේ ඉසව් ඈතට දුව ගියා එසැනින්ම ....
ඉස්සරෝම අපේ ගෙදර ලොකූ බෙලිගහක් තිබුණා...කන්ද ඉහත්තාවට වෙන්න....බෙලි මල් පිපෙන කාලෙට උදේම හමා එන අපූරු සුවඳක් වුණෙ ඒක....
.
ගෙදර ඉන්නව නම් ආත්තම්මාගෙ එක් පැවරුමක් තමා බෙලි මල් ඇහිලීම....කොලපොතක් අරන් ගිහින් තණකොල බිස්සෙ තියල සිඟිති බෙලි මල් එකින් එක අහුලනව...සමහර මල් පොහොට්ටු ...ඇස් ඇරලත් නෑ....අනේ වැටිලා....සමහරු පෙති දෙපෙති ඇහැරිලා.....
.
ඔය එක්කාසු කරන් එන බෙලිමල් වේලල ආත්තම්මා බෙලිමල් වතුර තම්බලා හකුරු කෑල්ලක් එක්ක බොන්න දෙනව.....බෙලිමල් අහුලන්න වගේම බෙලිමල් වතුර ටිකක් බොන්නත් ආසාව ඉස්සර ඉඳන්ම තිබ්බා.....
.
ආයෙම අපෙ ගෙදර තිබ්බෙ කෝපි ගාලක්...තද කොල පාට කොල හෙවිච්ච කොපි පඳුරු...මල් පිපෙන කාලේට සුදු පාට යායක්....කාමරේ ජනේලෙ ඇරියාම ඒ උදෙන්ම එන කෝපිමල් සුවඳ හරීම ආශ්වාදජනකයි...කෝපි ගෙඩි කොල පාටට හැදිල ඉන් පස්සෙ රතු පාට වෙලා ඉදුණම කඩන රාජකාරිය බාරගන්නත් ඕන අපි....
ඔක්කොම හොඳයි ...ඇඟ පුරා දුවන කලු කූඹි නැත්නම්....
.
ගමත් එක්ක බැඳෙන අනෙක් සුවඳ තමයි ඇට්ටේරියා මල් සුවඳ...ගෙදරට එන පාර කොණේ තියන ඇට්ටේරියා මල් හැන්දෑවට පොහොට්ටු ඇරෙන්නෙ.....ඒවා වට්ටියකට නෙලල ආත්තම්මාට බුදුන් පුදට ගෙනෙන්න ඕන...එක මල් නටුවක් වත් උඩට තියෙන්න බෑ.....උදේට ඉස්කෝලෙ යන්න බස් එක එනකල් ඉන්න ගමන්....මල්ලි කරන්නෙ ඇට්ටේරියා අතු හොලවන එක....ඔලුව වැහෙන්න මල් පෙති සිරි සිරි ගාල වැටෙන්න ගන්නව.....
.
ආයෙ අපෙ මිදුල මැද තිබුණ ඇහැල ගහ....රූස්ස ගහක්...ඇහැල ගහ මහ කරදර දෙන්න සමතෙක්....එක්කො කොල නැත්නම් මල්....මිදුල පුරා විසිරුවනව....උදේම මිදුල අතුගාන්න ඉදල අරන් බහිනකොට....ලා සීතල සුලඟ එක්කම මුසු වෙන්නෙ ඇහැල මල් සුවඳ....
.
මේ හැම එකක්ම මං හරි ආදරයෙන් විඳපු අපූරුම සුවඳවල්....මිනිස්සු ආදරය අරන් ජීවිතේ විඳිනකොට....ලෝකයම දැනෙන්නෙ හුරු සුවඳකින්.......
.
ඔව් ඒ තමයි ආදරයේ සුවඳ ...

96. කින්නර වලප
ගිණිකඳුත් පුපුරා හැලෙන්නැති
යමහලක ගිනි ඇවිලි හද බිම
ප්‍රේමයෙන් ආතුරවු සිත බිඳ
කින්නරා පිටගම් ඇදුණ දින.....
.
හොවා ළය හිස සෙනෙහ පෑ සඳ
කිසිත් නොදැනුණි විරස් කාරණ
වනේ තුරු අස අප්සරාවක
කැල්ම වැදුණිද කියන් හිමිසඳ.....
.
නුඹේ ලෙය කුස දරා උන්නෙමි
පැටුන් සරි කර නොමග නොගියෙමි
ජීවිතේ වල්මත් සුයාමය
අහවරව යළි එතැයි වැටහුණි.......
.
ඉතින් සීතාවක් ම වන්නෙමි
බුදුන් දැක මතු නිවන් නොපතමි
හිතේ සැනසුම් සුසුම් පා කර
ප්‍රේමයේ අස්වනු නෙළන්නෙමි......
විසිරි
යමහලක ගිනි ඇවිලි හද බිම
ප්‍රේමයෙන් ආතුරවු සිත බිඳ
කින්නරා පිටගම් ඇදුණ දින.....
.
හොවා ළය හිස සෙනෙහ පෑ සඳ
කිසිත් නොදැනුණි විරස් කාරණ
වනේ තුරු අස අප්සරාවක
කැල්ම වැදුණිද කියන් හිමිසඳ.....
.
නුඹේ ලෙය කුස දරා උන්නෙමි
පැටුන් සරි කර නොමග නොගියෙමි
ජීවිතේ වල්මත් සුයාමය
අහවරව යළි එතැයි වැටහුණි.......
.
ඉතින් සීතාවක් ම වන්නෙමි
බුදුන් දැක මතු නිවන් නොපතමි
හිතේ සැනසුම් සුසුම් පා කර
ප්‍රේමයේ අස්වනු නෙළන්නෙමි......
විසිරි
95. කවි
හෘදය ත් මොළයත්
ගැහෙන
පෙනහලුත් හෙමිහිට හූල්ලන
ඉසව්වක තනිවී සුසුම් ලමි....
.
හිතෙන් කෑලමල් අමුණමි
හරිත නිම්නෙක වැතිර සැතපෙමි
දිය කඳුරු තුළ ගිලී නැහැවෙමි...
නෙතු පියා නුඹෙ සුසුම් විඳගමි...
.
ඇස අරින මොහොතක සසැලෙමි
අස්ථි පංජර අසල තනිවෙමි
මගෙ සිහින නුඹ නොදත් බව දනිමි ....
එහෙයින්ම සිනා වී සැනසෙමි.....
විසිරි @ රෝහල ....
ගැහෙන
පෙනහලුත් හෙමිහිට හූල්ලන
ඉසව්වක තනිවී සුසුම් ලමි....
.
හිතෙන් කෑලමල් අමුණමි
හරිත නිම්නෙක වැතිර සැතපෙමි
දිය කඳුරු තුළ ගිලී නැහැවෙමි...
නෙතු පියා නුඹෙ සුසුම් විඳගමි...
.
ඇස අරින මොහොතක සසැලෙමි
අස්ථි පංජර අසල තනිවෙමි
මගෙ සිහින නුඹ නොදත් බව දනිමි ....
එහෙයින්ම සිනා වී සැනසෙමි.....
විසිරි @ රෝහල ....
Subscribe to:
Posts (Atom)