Saturday, December 31, 2016

22. අරණකට සම වදිමින්






සමහරක් පොත් කියවන්නට ගියාම ජීවිතේ බොහෝ සුන්දර ඉසව් මතක් වෙනවා....සිහිනයෙන් වගෙ හිත ගාව දැවටෙන සමහරක් මතක ......අපූර්ව පරිසරයන්..එක්ක ජීවත් වෙනවා වගේ දැනෙනවා......

කාලයක් තිස්සේ අත හැරිලා ගියපු පොත් කියවීම ට ආයෙ ඇබ්බැහි උනාම මටත් උන් හිටි තැන් අමතක වෙනවා වගේ....උදේට හවසට බසයෙ හෝ දුම්‍ රියේ අසුනකට බර වෙලා ලෝකයම අමතක කරලා කියවන්නට මම ආපහු පටන් ගත්තා.....

සමාරම්භය ලෙස අතට ගත්තේ  චින්තා ලක්ෂ්මී සිංහ ආරච්චි මහත්මිය වංග බසින් සිංහලට පරිවර්තනය කරපු විභූතිභූෂණ බන්ද්‍යෝපාධ්‍යාය විසින් ලියන ලද ආරණ්‍යක් නවකතාවෙ " අරණකට පෙම් බැඳ " කෘතියෙන්.....

පුස්තකාලයෙන් මින් පෙර කියවා තිබුණ මෙම පොතට මම ආයෙත් ඇලුම් කල නිසා එය පසු ගිය දවසක මිළ දී ගත්තා....සමහරක් පොත් වලට අපි ලෝබයි....සතු කරගන්න ආසයි....

උදෑසන කලබල කොළඹට බසය..දුම්‍ රිය හැල්මෙ ඇදෙද්දි ...මම මනසින් ඒ සුන්දර
වන අරණට ගොඩ වදිනවා...මනසින් ධ්‍යානගත වෙන්න අපහසු කඨෝර බස් සංගීත මැද්දෙ ලොබ්ටූලියාවේ පිපෙන මල් හිතෙන් මවා ගන්නට මම උත්සාහ කරනවා......

*******************************************************************************


සොබා දහම් රැජිනිය තමා කෙරෙහි භක්තිමත් වූවන්ට දෙන්නේ අමිල ධනයකි.කාලයක් තිස්සේ නොකඩවා ඇයට සේවය කලොත් මිසක කිසිවෙකුට එම ධනය නොලැබේ.සොබා දහම් රැජිනිය ඊර්ෂ්‍යා සහගත බවක්ද පලකරයි....ස්වභාවික පරිසරයට ඇලුම් කරන තැනැත්තා ඒ සමගම විසිය යුතුය....ඒ අතර වෙනත් අතකට හිත යොමු කලොත් අමනාපයට පත් වන ඇය තමාගේ මුහුණ ඔහුට නොපෙනෙන්නට සලු පොටකින් සඟවා ගනියි.
එසේ වුවත් යමෙකු සියල්ල අමතක කොට ස්වභාව සෞන්දර්‍යයේම ඇලී ගැලී සිටී නම් ඇය ඒ තැනැත්තාට ආනන්දයේද , සෞන්දර්‍යයේද , ශාන්තියේද , වරප්‍රසාද නොමඳව ලබා දෙයි.කෙනෙකු උමතු කරවන තරම් වූ සුන්දරත්වයක් පෙන්වා දිවා රෑ දෙකේ විවිධාකාරයෙන් ඔහුව වශී කරවයි.ඔහු තුළ නව දෘශ්ටියක් අවදි කරවයි.මනසේ ආයුෂ වැඩි කරවයි.සුර ලොවක සීමාවන් කරා ඔහුව කැඳවාගෙන යය

********************************************************************************
මේ මා මහත් අභිරුචියකින් කියවූ ...නැවත නැවත කියවූ...එක් පරිච්ඡේදයකි....
ජීවිතේ ඇතැම් කාලවල ඉඳහිටක ඇවිද ගිය නිස්කලංක බිම් කඩවල් මේ සටහන් සමග හිතේ යළි උත්පාද වේ....එහෙත්....මේ තරම් නිහඬ නිසල පරිසරයක තනිව හිඳින්නට පිනැත්තෝ අල්පය....
එහි තවත් එක් පරිච්ඡේදයක මෙලෙස කියවේ....

********************************************************************************
කිසිවෙකුට පවුල් පන්සල් වී තැන්පත් වීමට අවශ්‍ය නම් ස්වභාව ධර්මයේ ස්වරූප නොදකින එක වඩා හොඳය.ස්වභාව ධර්මයේ මෝහනීය වූ මායාකාරී බව මිනිසා නිවසින් ඉවත් කිරීමට සමත්වේ.එය ඔහු උදාසීන , හුදෙකලා., විරාගී ,ඉබාගාතේ යන කෙනෙකු  බවට පත් කරයි.....හැරී ජොන්ස්ටන්,මාර්කෝ පෝලෝ ,හඩ්සන් ,ෂැකල්ටන් වැන්නෙකු බවට ඔහු පත් කරවයි....සොබා දහම් රැජිනිය එවැන්නෙකුට පවුල් පන්සල් වී සිටින්නට ඉඩ නොදෙයි...

******************************************************************************
මේ පරිච්ඡේද තුළ ජීවිතයේ සියලුම කියවීම් ඇතැයි...මට සිතෙයි....
මේ එවන් වූ උන්මාදනීය කියවීමකි....

6 comments:

  1. බ්ලොගර් ෆලෝවරය දාන්න

    ReplyDelete
    Replies
    1. මම එක් කලා ..එය හරිද බලන්න පුලුවන්ද

      Delete
  2. අරණකට පෙම් බැඳි කියන්නේ මාත් පෙම්බඳින කතාවක්... දෙවරක්ම කියෙවුවා... ආහෙත් කියවන්න ආසයි..
    මටත් දැනෙන්නේ මේ කතාව කියවනකොට ඒ පරිසරයේ ජීවත් වෙනවා වගේ.. ඒ වගේම ඒ වගේ පරිසරයක ජීවත් වෙන්න තිබුනනම් කොච්චර හොඳ ද කියලා හිතුනා..

    මේ කතාවේ පරිසරය වගේ එහි එන චරිතත් හරිම අපූරුයි... කතාව අවසානයට දැනුනේ හැර යාමේ දුක මටත් දැනුනා....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නිර්මාණි...ඇත්තෙන්ම ඔව්

      Delete
  3. මම ආසම පොතක්.
    හරිම ආසාවෙන් කියෙව්වේ.ආයෙමත් මතක් උනා මේ අපුරු ලියවිල්ල නිසා.

    ReplyDelete
    Replies
    1. සමහර පොත් එහෙමයි..හෙමි හෙමින් කාලයක්ම කියවන්න පුලුවන්

      Delete