Wednesday, June 14, 2017

63. රයිලිගෙ කතා 2





ඔයාල ඔක්කොටම මාව අමතක වුණත් ....සොඳුරු සඳවතී අක්කාට මාව අමතක වුනේ නැහැ..එයා අපේ අම්මට මගේ ගැන ලියන්නම කියල බල කරනවලු....

මෙහෙ ගෙදර අය ගැන මට දැනෙන හැටි ලියලම දෙවනි කොටස මම පටන් ගන්න හිතුවා....එහෙම නේද හොඳ....පලවෙනි කොටස කියෙව්වෙ නැති අය ඕන්නම්    මෙතනින් ගිහින් කියවල එන්න මගෙ ගැන

අපෙ අම්මගෙ එයා...මහත්තයා...මට එයා ව ඒ හැටි අල්ලන්නෙම නෑ...මාව නිකම් විහිලුවකටමයි ගන්න හදන්නෙ...මුලදි ටිකක් ශේප් එකේ උන්නට...පස්සෙ පස්සෙ මම වත්තෙ තැන තැන ශරීර කෘත්‍යය කරන එකෙන් තමා එයා මා එක්ක අමනාප වෙන්න ගත්තෙ...
අනික එයා වැඩට ගිහින් එන වාහනේ රෝද වල තියන බලු ගන්ධයට ඉතින් ජෙෆුයි මායි ප්‍රතිචාර දක්වනවා..ඒක අපේ වර්ගයාගෙ ගතියනෙ...

උදේ නැගිට්ට වෙලේ ඉඳන් මේකට එයා අපිට බනිනවා,....ජෙෆ් කාලයක් තිස්සෙ ඒ ගෙදර උන්න නිසා එයාට ටිකක් පිලිගැනීම වැඩියි....ජර්මන් ශෙපර්ඩ් කියන්නේ බුද්ධිමත් වර්ගයක්ලු....අනෙ මගෙ කට..ඉතින් ජෙෆ් චූ දාන ඒවටත් මේ අහිංසක මමයි පළි...මේකා නිසා මාත් බැනුම් අහනවා

නරකම කෑල්ල මේකෙ ලියලත් බෑ...නොලියත් බෑ...දැන් මගෙ නැට්ට නෑ කියල මං කිව්ව නෙ...ඉතින් මගෙ පස්ස වැහෙන්නම දිගට මයිල් පිරිලා....ඔය අස්සෙන් මගෙ පශ්චාත් බාගෙ ලාවට පේනවා...

ඉතින් අපේ අම්මගෙ මහත්තයා මා එක්ක මල පැන්නම කියන්නෙ..."-ට හැලෙන්න දෙන්නෙ...ආයෙ චූ කලොත් කියල..."ශරීරයකට අත්‍යාවශ්‍ය අවයවයක් වෙච්චි...මං තාම පොඩි එකා වෙච්චි..එයාට වටින්නෙ නෑ..මට ඒ වගේ තර්ජනයක් කරන්න...මම ඉතින් එවෙලෙට කරබාගෙන බිම බලන් යන්න යනවා...

එයා ගැන මේ ඇති...දැන් අපෙ ඉලන්දාරි දෙන්නා ගැන ලියමුකො

ඔය මෙහෙ ගෙදර ඉන්න ලොකු ඉලන්දාරියා ඉන්නවා නේද....දැක්කම හිතෙන්නේ කන්න බොන්න නැති දේශයක ඉඳන් ඇවිල්ල කියල.....ඒකාට වඩා මට පුළුවන් කන්න....මාත් එක්ක කෝලමට එන්න නම් කියාපු මෑන්..වෙලාවකට රෙස්ලින් ගහනවා කියලා මාව බිම පෙරලනවා.....එහෙම නැත්නම් මාව මැෂින්ගන් එකකට අරන් මගෙන් වෙඩි තියනවා ...ඕව ෆොටෝවකින්ම මිසක් කෙනෙක්ට කිව්වට තේරෙන්නේ නැහැ ....

පොඩි මෑන් නම් මගේ ෆොටෝ ගන්න තමයි ආස...මාත් පවුනේ කියල ඕන ඕන විදියට අරගන්න දීලා බලන් ඉන්නවා....ඒවා ඉතින් ඉන්ස්ටග්රාම් වල එහෙම දානවා කියන්නේ...ඒ ගන්න ඒවාට අඩු ගානේ මට මාරි බිස්කට් එකක් වත් ලැබෙනවා නම් දුකක් නෑ.......( ඒ කියන්නේ මම මාරි කන්න ආසයි කියන එක...කවදාහරි මාව බලන්න එන අයට සිහි කිරීමක් මේ ...)

ඔය කවුරු ගැන කොහොම ලිව්වත් අම්මා ගැන ලියන ටික තමා රහම....ඔයාලත් බලන් ඉන්නේ ඒ ටික අහගන්න නේ...නේද ...

හැබැයි මේවා කියවලා..අම්මට අනම් මනම් කියල ..ඔයාල මගේ ස්වෛරී භාවය හා භෞමික අඛණ්ඩතාවය එහෙම නැති කරනවා නෙවෙයි හරිද.....මොකද එයා හොඳම හොඳ වගේම තමා තරහ ගියාම...වෙන මොකුත් නැහැ...මුණ වත් බලන්නේ නැහැ ...හප්පේ එයාව යාළුකරගන්න මම ඉන් පස්සේ මිදුල වටේ දුවන්න නටන්න කෝලම් ඔක්කොම දාන්න ඕන.....

අපේ අම්මා කියන්නේ ඉතින් අම්මා ම තමා.....එයා ගේ ඉලන්දාරි දෙන්නා දැන් ටිකක් ලොකුත් වෙලා...ජෙෆ්ගෙනුත් එච්චරම අරියාදුවක් මට නැතිත් නිසා....මම හිතන්නේ අම්මාගේ තනි අයිතිය තියෙන්නේ මට කියලා.....අනික් අයට කෙසේ වෙතත් මම අම්මා ළඟ ඉන්නකොට මම ජෙෆ්ට නම් එයා ලඟට එන්න දෙන්නේ නැහැ....පුදුමයකට වගේ ජෙෆ් ඒවා ගණනකට ගන්නෙත් නැහැ...ඒ වුනාට මම පැහැදිලිවම දන්නවා.....ජෙෆ් අම්මාට මාරම ආදරෙයි.....එයා දවසක් මා එක්ක කතා කරන කොට එයාගේ පුංචිම කාලේ ගැන කියපු කතාවලින් මම දැනගත්තා ......මටත් වඩා චූටි කාලෙයි ජෙෆ්ව ගෙනල්ලා තියෙන්නේ කියලා....ඉතින් එයාත් අම්මාට ආදරේ ඇති...හැබැයි මට ඉරිසියා හිතෙන නිසා මම අම්මා ලඟට එයාට එන්න දෙන්නේ නැහැ .....

ඔයාලට ජෙෆ්ව බලන්න ඕන නම් මෙන්න අපි දෙන්නා....



ජෙෆ් ඔය පාඩුවේ උන්නට..මම නම් ඉන්නේ මේ වලක් හාරන ගමන්....මෙතන තිබුණා ගහක්...මම ඒක ගලවලා පැත්තකට දාලයි මේ වල හැරුවේ.....
පස්සේ බලද්දී දන්නේ සීයා ගෙනාව හොඳම වර්ගයේ ගස්ලබු පැලයක්ලු ඒක....කවුද දන්නේ ඉතින්.....


අපේ අම්මා නම් දමන්න නම් කොහෙන් ඉගන ගන්නවද මන්ද ...  මට රයිලි බුයිලි කියනවා ...මල්ලී බබා කියනවා....බුට්ටෝ කියනවා....තුටි බෝලේ කියනවා....එයාට ආදරේ හිතෙන හිතෙන වෙලාවට නමේ හැඩේ වගේම ස්වරය ත් වෙනස් වෙනවා...අම්මා කෙනෙක් කියන්නේ කතාවෙන්   විතරක්  නෙවේ ඇස්වලින් අතින් පයින් පවා ආදරේ පෙන්වන එක්කෙනෙක් ...ඒ කියන්නේ මට ගහනවා කියල නම් නෙවෙයි....

පාරක් ගැහුවත් රිදෙන්න ගහන්නේ නැහැ...හැබැයි මම නරකම වැඩක් කලොත් නම් එයා මාව ගණන් නොගෙනම ඉන්නවා...ඒක ඔක්කොටම වඩා අමාරුයි....මම එවෙලෙට එයා ලඟට ගිහින් එයාගේ ගාව කකුල් දෙකෙන් හිටගන්නවා....ඇයි බෑ කියල හිතුවද...? මට පුළුවන් පිටිපස්සේ කකුල් දෙකෙන් හිටගෙන ඉන්න...මොකක් හරි අල්ලාගෙන ඕනෑතරම් වෙලා ඉන්න පුළුවන්....ඉන් පස්සේ එයාගේ උරිස්සට ඔලුව තියන් ටිකක් වෙලා සද්ද නැතුව උන්නම එයාගේ තරහ නිවෙනවා.....අත්දැකීමෙන් දන්නේ....අම්මලා කියන්නේ එහෙම අය....

හා එහෙනම් අදට මේ ඇති.....සොඳුරු සඳවතී අක්කා ( අක්කා කියනවට එයා කැමති නෑ කියල මං දන්නවා...) කියනකල් නොඉඳ මම ආයෙම ඊලඟ ටික ලියන්න අම්මට කියන්නම්......

එතකල් සුබ දවසක්...


මම රයිලි..
මම කියන කතාව ලිව්වේ ....විසිරි...


28 comments:

  1. අනේ රයිලි ඔයා හලී සෝයි.... උම්මා උම්මා උම්මා.... ඔයාගෙ අම්මා වගේ නෙවෙයි මම ඔයාට ආදරේ කරන්න ගියොත් එහෙම ඔයාට හුස්ම ගන්නත් අමතක වෙයි ඕන් හරිද...

    ReplyDelete
    Replies
    1. අනේ ඔව් මෙයා.....උම්මා ඈ...(මීට රයිලි..)

      Delete
  2. //ඔය මෙහෙ ගෙදර ඉන්න ලොකු ඉලන්දාරියා ඉන්නවා නේද....දැක්කම හිතෙන්නේ කන්න බොන්න නැති දේශයක ඉඳන් ඇවිල්ල කියල.....ඒකාට වඩා මට පුළුවන් කන්න....මාත් එක්ක කෝලමට එන්න නම් කියාපු මෑන්//

    රයිලි ඔය කියන ලොකු ඉලන්දාරියා වෙන්න ඇති එදා නෙලුම් යායට එක්කගෙන ඇවිත් හිටියේ. කෝලමක් වගේ කියලා කියන්න එපා රයිලි ඒ අහිංසක දරුවාට.....:)

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. වැඩක් නෑ දුමී...අම්මා ඔය කොල්ලට කෑම කවන්න දරන මහන්සිය දැක්කම මේවා නොකියා බෑ...

      Delete
  3. ඔය ජෙෆා එක්කනම් පරිස්සමෙන් කොල්ලො. ඕකුං සත පහකට ෂුවර් නැති උං. මහ පැසිස්ට් වාදියො.

    ReplyDelete
    Replies
    1. එහෙමෙයි....කෝකටත් පරෙස්සමින් ඉන්න ඕන.....

      Delete
  4. මචං රයිලි

    උඹ එපාම කියන නිසා නැත්තං බොලා අම්මව ටිකක් අවුස්සා ගත්තම දවසටම ඇති.. හෙක්.. උඹට වැඩිය මනාප නැති උනාට මට නම් හිතෙන්නේ බොලා ලොකු බොස් එල කොල්ලෙක් කියල.. මටත් පේන්න බෑ රෝද වලට චූ කරන උන්.. කෝකටත් උඹ ටිකක් කල්පනාවෙන් හිටපං නැත්තං වැඩි කල් නොගොස් උඹට -ට අහිමි වෙනවා සුවර්..

    මීට-
    කමියා.. (අපේ පැතිවල බල්ලොන්ට දාන්නේ සිංහල නම් බං.. මම කමියා අපේ අයියා කඩියා.. :))))

    ReplyDelete
  5. ඔයානම් හරිම ශෝයියෙක් අනේ.

    ReplyDelete
  6. එල ද බ්‍රා ..ලිපිය , බලු පැට්ටෝ

    ReplyDelete
    Replies
    1. පොඩි මෙන්ඩ ව මතක් කළා කියන්න

      Delete
  7. අම්මාට හැර ගෙදර හැමදෙනාටම අපහාස වන අන්දමින් රයිලි අදහස් දක්වා තිබීමෙන් පැහැදිලිවන්නේ අම්මා විසින් අතින් පයින් ආදරය දක්වන බවට තර්ජනය කිරීමෙන් අනතුරුව මෙම ප්‍රකාශය ලබාගෙන ඇතිබවයි .

    ReplyDelete
    Replies
    1. ඕවා ප්‍රසිද්දියේ කියන්න එපා...මොනවා උනත් ගෙදරටම ඉන්න එකම ගෑනු පරනේ එයා නේ...

      Delete
  8. පුදුම ආදරයක් තමයි ඔය, අක්කා කියලම කියහන් කොල්ලො සදවතියට. නැත්තම් නංගි කිවෝතින් උඹවත් දාගනියි දපනේ.

    ReplyDelete
    Replies
    1. ආයෙ දාන්න දෙයක් නෑ අනේ මම රයිලිට ලවි.. එයත් මට ලව්

      Delete
    2. රොමාට ඉරිසියයි නේ

      Delete
  9. යකෝ... ඉස්පිරිතාලෙදි මිසින්වුන සොසඳගේ මල්ලී විසිරි ලඟ කියලා දැන්නේ දන්නේ....

    ReplyDelete
  10. අද තමයි මේ පැත්තට ගොඩ උනේ . අපේ පැත්තටත් ගොඩ වෙලා යන්න
    http://snimalka.blogspot.com/

    ReplyDelete
    Replies
    1. බොහොම තුති..එන්නම් එන්නම්

      Delete
  11. මම ජෙෆ්ට තමයි කැමතී එයා ගැන ලියන්න අප්පා

    ReplyDelete
  12. උම්මා....මාත් ආදරෙයි එයාට...මොනා කලත්...❤️❤️❤️❤️❤️ තව වලල් හාරන්න අනේ

    ReplyDelete