Thursday, August 24, 2017

70.කතා පෙට්ටි




මං බස් එකේ ගෙදර යන ගමන්..මගෙ පොඩ්ඩා..මගෙ කතා පෙට්ටිය මගෙ පසෙකින්වාඩිවෙලා...

අපි දෙන්නාට පිටුපස සීට් එකේ අම්මෙක් එක්ක පැටව් දෙන්නෙක්..
ලොක්කාට අවුරුදු හතරක් පොඩ්ඩාට දෙකක් වගෙ ඇති...
තොර තෝංචියක් නැති කුරුලු හඬින් කොල්ලො දෙන්නා අම්මගෙන් එක එක ඒවා අහනවා....එක්කෙනෙක් ඉවර වෙනකොට අනික වෙනම ප්‍රශ්නයක්...අම්මා හෙම්බත් වෙලා වගේ...ටිකක් වෙලා යද්දි අම්මාගෙ නොරිස්සුම් උත්තර තමා ඇහෙන්න ගත්තෙ....

" මං දන්නෑ ලමයො"
" අනේ කට වහන් ඉන්නකො පුතේ"
" තව කියෙව්වොත් මේකෙන් බැහැල පයින් එක්ක යනවා"....
ඔන්න ඔහොම වචන...

අම්මලා දරුවන් එක්ක ගමන් යද්දි හෙම්බත් වෙනවා තමයි...මට මගෙ පොඩ්ඩො දෙන්නගෙ අතිතය මතක් උනා...
ළමා කාලය මහ විමසුම් ඇස් තියන හුඟාක් දේ වෙනස්ව හිතන කාලයක්..

දකින හැමදේකම ප්‍රශ්න කරන්න අලුත් සිතුවිලි දරුවන් ගාව තියෙනවා ..
මොන තරම් හෙම්බත් උනත්......ඔබෙන් කිසිවිටක අයහපත් නොරිස්සුම් සහගත ප්‍රතිචාර දරුවන්ට එන්න දෙන්න එපා....

එයින් ඔවුන් තමන් තුළට නැවෙන නිහඬ චරිත වෙනවා...
ඉඩ දෙන්න ලෝකය ගවේශනය කරන්න
ඉඩ දෙන්න ඒ ගැන විමසන්න
ඉඩ දෙන්න ...ඔබට යමක් උගන්වන්න...ඔව්..ඔවුන් පුංචි ගුරුවරු අපේ....

කතා පෙට්ටි වහන්න එපා......ඒ හැම කුරුලු හඬකම ලෝකයේ ලස්සනම දේ තියෙනවා....


~~~ විසිරි ~~~

21 comments:

  1. අවුරුදු හතරක දඟ පැටියෙක් එක්ක ඉන්න මටත් ඔහොමම තමා අක්කා... ප්‍රශ්න කෙලවරක් නෑ ඇත්තටම සමහර වෙලාවට හෙම්බත් වෙනවා ඒත් මම බොහොම ඉවසිලිවන්තයි ඒ වගේම මට එයා වෙනුවෙන් කැප කරන්න කාලය තියෙන නිසා මම ඒ කිසිම දෙයක් අවුල් කර ගන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. සමහරක් වේලාවට අම්මලට තරහත් යනවා තමයි ....කාලය තම ලොකුම අවුල වෙන්නේ

      Delete
  2. වටිනා උපදෙස්.

    ජයවේවා!!!

    ReplyDelete
  3. ඇත්තටම කතා පෙට්ටි වහන්න හොඳ නෑ. සමහර දාට මටත් බස් ඒකෙදී හම්බෙනවා ඔය ව පොඩ්ඩන්ව. එදාට නිදනවා බොරු ඉතිං.

    මේ උපදෙස් මසුරං.

    ReplyDelete
    Replies
    1. ඔයාටත් ඉතින් කතා කරන්නම බැහැ නේ නේද අනේ.....හිහි

      Delete
  4. ඇත්තටම කතා පෙට්ටි වහන්න හොඳ නෑ. සමහර දාට මටත් බස් ඒකෙදී හම්බෙනවා ඔය ව පොඩ්ඩන්ව. එදාට නිදනවා බොරු ඉතිං.

    මේ උපදෙස් මසුරං.

    ReplyDelete
  5. ඇත්තටම පොඩිවට පෙනුනට මේ උපදෙස් බොහෝම වටිනවා...මසුරං තමා...සුදූ

    ReplyDelete
    Replies
    1. පොඩියට ලියනවා ඉතින්..දිගට ලියන්න දැන් ටිකක් හොරවෙලා

      Delete
  6. Replies
    1. ඔය යසට වැහිලා ඉන්නේ මේ ටිකේ ...අනේ සාදු

      Delete
  7. // ඒ හැම කුරුලු හඬකම ලෝකයේ ලස්සනම දේ තියෙනවා.... //

    හරිම ආදරේ හිතෙන සටහනක් අක්කේ. මේ කතාව සහතික ඇත්ත. මේ මගේ කුරුලු පැටියාගේ කතා පෙට්ටිය. එයාට දැන් අවුරුදු හතර වෙන්න ළඟයි. :)

    ReplyDelete
    Replies
    1. මම ආසාවෙන් කියවනවා එක....සුන්දරයි නේද ජිවිතේ

      Delete
  8. පොඩි කාලෙට අපහු ගියා අපේ අම්මලටත් මෙහෙම තියෙන්ඩ ඇති.....

    ReplyDelete
    Replies
    1. කනක් ඇහිලා ඉන්න නැතුව ඇති නේද තඩියෝ

      Delete
  9. සාක්කි අහන්නෙ නැතුව නඩුවේ තීන්දුවත් දීල කියල මට හිතෙනවා. ඒ දරුව අර වගේ ප්‍රශ්ණ අහන්න ඇත්තෙ එහෙම ප්‍රශ්ණ අහන්න ඒ දරුවට අවස්ථාව දෙන නිසා කියලා මට හිතෙනවා. තරවටුවෙන් පාලනය වෙන ළමයෙක් එහෙම ප්‍රශ්ණ අහන්න පෙලඹෙන්නේ නැහැ. ඒ මවත් සාමාන්‍යෙන් ඒ අහන ප්‍රශ්ණ වලට හැකිතාක් පිළිතුරු දෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඒක නිසා තමයි දරුවා ප්‍රශ්ණ අහන්නේ. අපි හැමෝටම off days තියෙන්න පුළුවන්. ඔබේ දරුවා ප්‍රශ්ණ අහපු අවස්ථාවල මෙවන් හැසිරීමක් දක්වපු එකම එක අවස්ථාවක් නැත්ද? මෙහෙම හිතුවොත්. එදා අම්මාට හිතන්න පවුලේ හෝ මුදල් ප්‍රශ්ණයක්, කෙනෙකුට අසාධ්‍ය ලෙඩක්, වගේ දෙයක් තිබුණ කියල. එදා ප්‍රශ්ණ ඇසීම එයාගේ තිබෙන මනස යෙදෙවෙන වැඩේට බාධාවක් වෙන්න ඇති. ඒකෙන් ඒ මව හැමදාම එහෙමයි කියල තීරණයකට එන්න බැහැ. නමුත් ඒ අවස්ථාව යොදාගෙන ඔබ දුන් උපදේශය නම වටිනවා.

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඉයන්....සමහරක් විට මම ඒ පැත්ත නොහිතුව වෙන්න පුළුවන්....නමුත් මම එක මාර විදියට වින්දා

      Delete